bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Exodus 38
Exodus 38
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 37
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 39 →
1
ඔහු ෂිටිම් ලීයෙන් දවන යාග පුදන පූජාසනය සෑදී ය. එහි දිග මීටර් දෙකයි දශම දෙකක් ද පළල මීටර් දෙකයි දශම දෙකක් ද උස මීටර් එකයි දශම තුනක් ද වූ අතර එය චතුරස්රාකාර විය.
2
එහි කොන් හතරේ පිටතට නෙරා ගිය අං හතර සාදා, පූජාසනය සමඟ ඒකාබද්ධ වන සේ ඒවා පාස්සා ලෝකඩයෙන් ආලේප කෙළේ ය.
3
ඉන්පසු එහි උපකරණ වන බඳුන් හා ඉස්කෝප්ප හැඳි ද පාත්ර හා අඬු ද ගිනි කබල් ද යන සියල්ල ලෝකඩයෙන් ම නිම කෙළේ ය.
4
තවද, ඊට දැලක අයුරින් ලෝකඩයෙන් මැස්සක් සාදා, පූජාසනයේ පහළ සිට එහි මැද හරියට වන තරම්, එහි ගැටිය යට එය තැබී ය.
5
පසුව පොලු රිංගවන පිණිස ලෝකඩ මැස්සේ හතර කොනේ වළලු හතරක් යෙදී ය.
6
ෂිටිම් ලීයෙන් පොලු ද සාදා ඒවා ලෝකඩයෙන් ආලේප කෙළේ ය.
7
ඉන්පසු පූජාසනය උසුලාගෙන යෑමට එහි පැතිවල තිබූ වළලු තුළින් පොලු දැමී ය. පූජාසනය තුළ ද කුහරයක් ඇති වන සේ එය ලෑලිවලින් සෑදී ය.
8
ඉන්පසු ඔහු සම්මුඛ කූඩාරමට ඇතුළු වන දොරටුව ළඟ සේවා කළ කාන්තාවන්ගේ ලෝකඩ කැඩපත්වලින් වතුර භාජනය සහ එහි ලෝකඩ අඩිය සෑදී ය.
9
ඔහු මළුව ද තනා එහි දකුණු පැත්තට මුහුණ දුන් දක්ෂිණ අංශයේ තිර සිහින් ව ගෙතූ හණවලින් සෑදී ය. ඒවායේ දිග මීටර් හතළිස්හතරක් විය.
10
ඊට ලෝකඩයෙන් නිම කළ කුළුණු විස්සක් හා තවු විස්සක් ද විය. කණුවල කොකු සහ පොලු රිදීයෙන් සෑදිණි.
11
මළුවේ උතුරු පැත්තට ද මීටර් හතළිස්හතරක් දිග තිර සාදන ලදී. ඒවාට කුළුණු විස්සක් ද ලෝකඩ තවු විස්සක් ද වූ අතර කුළුණුවල කොකු සහ පොලු රිදීයෙන් නිම විය.
12
එහි බටහිර පැත්තට ද මීටර් විසිදෙකක් දිග තිර සෑදු අතර ඒවාට කුළුණු දහයක් ද තවු දහයක් ද සාදන ලදී. කුළුණුවල කොකු සහ ඒවායේ පොලු රිදීයෙන් විය.
13
නැගෙනහිර පැත්තට මුහුණ දුන් නැගෙනහිර අංශයේ තිරයේ දිග ද මීටර් විසිදෙකක් විය.
14
දොරටුවේ එක පැත්තකට මීටර් හයයි දශම හයක් දිග තිර විය. ඒවාට කුළුණු තුනක් හා තවු තුනක් ද විය.
15
මළුවට ඇතුළු වන දොරටුවේ අනික් පැත්තටත්, එලෙස ම තව දෙපැත්තකටත් මීටර් හයයි දශම හයක් ද දිග තිර විය. ඒවාට කුළුණු තුනක් හා තවු තුනක් ද විය.
16
තවද, මළුව වටේට ම සෑදූ තිර සිහින් ව කටින ලද හණවලින් විය.
17
කුළුණුවල තවු ලෝකඩයෙනුත් ඒවායේ කොකු සහ පොලු ද ඒවායේ පේකඩ වැස්ම ද රිදීයෙනුත් විය. මළුවේ කුළුණු සියල්ල රිදී පොලුවලින් යා කරන ලදී.
18
මළුවට ඇතුළු වන දොරටුවේ තිර ගෙත්තම් කොට මල් වැඩ දැමූ, නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් ද සිහින් ව කටින ලද හණවලින් ද විය. ඒවායේ දිග මීටර් නවයකි, උස මීටර් දෙකකි. ඒවා මළුවේ තිර හා සමාන විය.
19
ඒවාට කුළුණු හතරකි, ලෝකඩයෙන් පොලු රිංගවන පිණිස ලෝකඩ මැස්සේ හතර සෑදූ තවු හතරකි. ඒවායේ කොකු ද පේකඩ වැස්ම සහ පොලු ද රිදීයෙන් විය.
20
තවද, මණ්ඩපයේ සහ මළුව වටේට ම වූ කූඤ්ඤ සියල්ල ලෝකඩයෙන් විය.
21
සාක්ෂි ගිවිසුම් කරඬුව තැබූ මණ්ඩපය සෑදීමට ගත් ලෝහ වර්ගවල ප්රමාණය මෙසේ විය. මේ ලැයිස්තුව මෝසෙස් විසින් අණ කරන ලදු ව, ආරොන්ගේ පුත් ඊතාමාර් යටතේ වැඩ කළ ලෙවීවරුන් විසින් පිළියෙළ කරන ලදී.
22
තවද, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට සෑදීමට අණ කළ සියල්ල, ජුදාගේ ගෝත්රයේ හූර්ගේ පුත්රයා වන උරීගේ පුත් බෙශලෙල් විසින් සාදන ලදී.
23
තවද, ඔහු සමඟ දාන්ගේ ගෝත්රයේ අහිසාමක්ගේ පුත්ර ඔහොලියාබ් ද විය. මොහු කැටයම් වැඩ කරන්නෙකි, ගෙත්තම්කරුවෙකි, නිල් පාට, දම් පාට, තද රතු පාට නූල් සහ සිහින් ව කටින ලද හණ ගෙත්තම් කොට මල් වැඩ දමන්නෙකි.
24
සමිඳාණන් වහන්සේට කැප කළ, ශුද්ධස්ථානයේ කර්මාන්ත සියල්ලට භාවිතා කළ රත්රන්වල ප්රමාණය, කිලෝග්රෑම් දාහක් හා ශුද්ධස්ථානයේ කිරුම් බර අනුව කිලෝග්රෑම් තුන්දාස් හාරසිය තිහක් ද විය.
25
ජන සංගණනය අනුව ලබාගත් රිදී ප්රමාණය ශුද්ධස්ථානයේ කිරුම් බර අනුව කිලෝග්රෑම් තුන්දාස් හාරසිය තිහක් විය.
26
සංගණනයට ඇතුළත් වූ වයස අවුරුදු විස්සක් හා ඊට වැඩි වූ සෑම කෙනෙකුගෙන් ම ශුද්ධස්ථානයේ කිරුම් බර අනුව නියම මිල ගන්නා ලදී. මෙසේ සංගණනයට ඇතුළත් වූ පිරිමි හයලක්ෂ තුන්දාස් පන්සිය පණහක් වූ හ.
27
ශුද්ධස්ථානයේ හා තිරවල තවු සඳහා, එනම් තවු එකකට කිලෝග්රෑම් තිස්හතර බැගින් තවු සියයකට රිදී කිලෝග්රෑම් තුන්දාස් හාරසිය තිහක් පාවිච්චි කරන ලදී.
28
ඉතිරි වූ රිදී කිලෝග්රෑම් තිහ කුළුණුවල කොකු සෑදීමටත්, කුළුණුවල පේකඩවල මුදුනේ ගෑමටත්, ඒවායේ පොලුවලටත් භාවිතා කරන ලදී.
29
සමිඳාණන් වහන්සේට පිදූ ලෝකඩවල ප්රමාණය කිලෝග්රෑම් දෙදාස් හාරසිය විසිපහක් විය.
30
එයින් ඔහු සම්මුඛ මණ්ඩපයේ දොරටුවට තවු ද ලෝකඩ පූජාසනය සහ ලෝකඩ මැස්ස ද පූජාසනයේ සියලු උපකරණ ද
31
මළුව වටේට තිබූ තවු ද මළු දොරටුවේ තවු ද මණ්ඩපයේ හා මළුව වටේ තිබූ කූඤ්ඤ සියල්ල ද සෑදී ය.
← Chapter 37
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 39 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40