bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Exodus 32
Exodus 32
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 31
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 33 →
1
මෝසෙස් කන්දෙන් බැස ඒමට ප්‍රමාද වන බව සෙනඟ දුටු විට, ඔව්හු ආරොන් වට කර, රැස් වී ඔහුට කතා කොට, “එන්න, අපට පෙරටුව යන පිණිස දෙවියෙකු සාදා දෙන්න. මිසර දේශයෙන් අප පිටතට ගෙනා මේ මෝසෙස් කියන මිනිසාට කුමක් වූයේ ද කියා අපි නොදනිමු”යි කී හ.
2
ආරොන් ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබේ භාර්යාවන්ගේ ද දරුදැරියන්ගේ ද රන් කුණ්ඩලාභරණ ගලවා මා වෙත ගෙනෙන්නැ”යි කී ය.
3
සෙනඟ සියල්ලෝ තම තමන්ගේ කන්වල තිබූ රන් කුණ්ඩලාභරණ ගලවා ආරොන් වෙත ගෙනාහ.
4
ඔහු ඔවුන්ගේ අතින් ඒවා ගෙන, උණු කොට, අච්චුවක වත් කර, වස්සෙකුගේ රූපයක් වාත්තු කෙළේ ය. මේ දුටු සෙනඟ, “ඉශ්රායෙල් මේ අප මිසරයෙන් ගෙනාවා වූ අපගේ දෙවියන් වහන්සේ ය”යි කීවෝ ය.
5
ආරොන් එය ඉදිරියේ පූජාසනයක් ඉදි කොට, “හෙට, සමිඳාණන් වහන්සේගේ ගෞරවයට පවත්වන මංගල්‍යයකි” කියා ප්‍රසිද්ධ කෙළේ ය.
6
සෙනඟ ද පසු දින අලුයම නැඟිට, දවන යාග පූජා පුදා, සහභාගිකමේ පූජා ගෙනාහ. පසුව ඔව්හු කන්න බොන්න වාඩි වී විනෝදයට ලකලෑස්ති වූ හ.
7
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “යන්න, හනික කන්දෙන් බසින්න. නුඹ මිසර දේශයෙන් පිටතට ගෙනා නුඹේ සෙනඟ තමන් ම දූෂ්‍ය කරගෙන සිටිති.
8
මා ඔවුන්ට අණ කළ මාර්ගයෙන් ඔව්හු ඉක්මනින් බැහැර ගියහ. ඔව්හු වාත්තු කළ වස්සෙකු සාදාගෙන ඊට නමස්කාර කරමින් ද පුද පූජා කරමින් ද, ‘ඉශ්රායෙල්වරුනි, මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනා ඔබේ දෙවියෝ මෙන්න’ කිය කියා සිටිති”යි වදාළ සේක.
9
තවදුරටත් උන් වහන්සේ මෝසෙස් අමතමින්, “මේ සෙනඟ මුරණ්ඩු සෙනඟක් බව මට පෙනේ.
10
දැන් ඉතින්, මාගේ කෝපාග්නිය ඔවුන්ට විරුද්ධ ව වේගවත් ව ඇවිලෙයි. මම ඔවුන් වනසාලන්නෙමි. එහෙත්, මම නුඹෙන් මහත් ජාතියක් සාදන්නෙමි”යි වදාළ සේක.
11
එහෙත්, මෝසෙස් තම දෙවි සමිඳාණන් වහන්සේට කන්නලව් කරමින්, “ස්වාමීනි, ඔබ මහත් බලය පාමින් ද ඔබේ බාහු බලයෙන් ද මිසර දේශයෙන් පිටතට ගෙනා ඔබේ සෙනඟට විරුද්ධ ව ඔබේ උදහස වේගවත් ලෙස අවුළන්නේ මන් ද?
12
‘දෙවියන් වහන්සේ ඔවුන් පිටතට ගෙනාවේ දුෂ්ට අදහසකින්, කඳුකරයේ ඔවුන් මරාදමා, මිහි පිටින් ඔවුන් තුරන් කිරීමට ය’යි කීමට මිසර වාසීන්ට ඔබ ඉඩ තබන්නේ මන් ද? ඔබ මේ ඇවිලෙන කෝපාග්නිය නිවාගෙන ඔබේ සෙනඟට විරුද්ධ ව කරන්න යන මේ නපුර ගැන සිත වෙනස් කරගනු මැනව.
13
ඔබේ සේවකයන් වූ ආබ්‍රහම්, ඊසාක් සහ ඉශ්රායෙල් සිහි කළ මැනව. ඔබ ඔබේ නාමයෙන් ම දිවුරමින්, ‘අහසේ තරු මෙන් නුඹේ පෙළපත මම වර්ධනය කරන්නෙමි. නුඹට පොරොන්දු වූ මේ දේශය මම මුළුමනින් ම නුඹට දෙන්නෙමි. තවද ඔව්හු එය සදහට ම උරුම කරගන්නෝ ය’යි කියා ඔබ නොවදාළ සේක් දැ”යි විචාළේ ය.
14
එවිට සමිඳාණන් වහන්සේ තම සිත වෙනස් කොට සිය සෙනඟට කරන්න අදහස් කළ නපුර අත් හළ සේක.
15
මෝසෙස් හැරී කන්දෙන් බැස එන විට සාක්ෂි ගල් පුවරු දෙක තම අතේ විය. ගල් පුවරු දෙකේ, එක පැත්තක මෙන් ම අනික් පැත්තේ ද ලියා තිබිණි.
16
ඒ ගල් පුවරු දෙවියන් වහන්සේගේ නිර්මාණයක් විය. ඒවායේ කෙටූ ලියවිල්ල ද දෙවියන් වහන්සේගේ ම ලියවිල්ල විය.
17
සෙනඟගේ ඝෝෂාව ජෝෂුවාට ඇසුණු විට, ඔහු මෝසෙස් අමතා, “කඳවුරේ යුද්ධ ඝෝෂාවකි”යි කීවේ ය.
18
එහෙත් මෝසෙස් පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: “මට ඇසෙන ඒ හඬ, ජය ගොසක් නො ම වේ; පැරදුම් හඬක් ද නො ම වේ, එය ගී ගැයුමක් පමණක් වේ.”
19
ඔහු ද මෙසේ කියමින් කඳවුරට ළඟා වූ විට වස්සා ද සෙනඟගේ නැටුම් ද දිටී ය. ඔහුගේ කෝපාග්නිය ද එවිට වේගවත් ව ඇවිළී ගියෙන් ඔහු තම අත වූ ගල් පුවරු වීසි කොට, ඒවා කන්ද පාමුල බිඳ දැමී ය.
20
පසුව ඔහු ඔවුන් සෑදු වස්සා ගෙන, ගින්නෙන් පුළුස්සා, කුඩු කුඩු කොට, එය ජලය මත ඉස, ඒ ජලය ඉශ්රායෙල් ජනයාට බොන්නට සැලැස්විය.
21
මෝසෙස් ද ආරොන් අමතමින්, “මේ සෙනඟ ලවා මේ සා මහත් පාපයක් කරවීමට ඔවුන් ඔබට කුමක් කෙළේ දැ”යි විචාළේ ය.
22
ආරොන් පිළිතුරු දෙමින්, “මාගේ ස්වාමීන්ගේ උදහස වේගවත් ව නොඇවිළේ වා! මේ සෙනඟ නපුරට කෙතරම් බර වී සිටින්නෝ දැ යි ඔබ දන්නෙහි ය.
23
ඔව්හු මට කතා කොට, ‘අපට පෙරටුව යෑමට දෙවියෙකු අපට සාදා දෙන්න. මිසර දේශයෙන් අප පිටතට ගෙනා ඒ මෝසෙස් නම් මිනිසාට කුමක් වූයේ දැ යි අපි නොදනිමු’යි කී හ.
24
මම ඔවුන්ට පිළිතුරු දෙමින්, ‘රන් බඩු යමක් ඇත්තේ දැ’යි ඇසූ විට ඔව්හු ද ඒවා ගලවා මට දුන්හ. මම ඒවා ගින්නට වීසි කෙළෙමි. එවිට මේ වස්සා නික්ම ආයේ ය”යි කී ය.
25
තවද, සෙනඟ වියරු වැටී දඟලන බව මෝසෙස් දිටී ය. මන්ද, සෙනඟ සතුරන් හමුවේ අවඥාවට පත් වන පිණිස ආරොන් ඔවුන්ට රූප වන්දනා කිරීමට ඉඩ හැර තිබිණි.
26
එවිට මෝසෙස් කඳවුරේ දොරටුව ළඟ සිටගෙන, “සමිඳාණන් වහන්සේගේ පැත්ත ගන්නෝ මා වෙතට පැමිණෙත් වා!”යි හඬගෑවේ ය. ලෙවීගේ සියලු පුත්‍රයෝ ඔහු වෙතට රැස් වූ හ.
27
මෝසෙස් ඔවුන් අමතමින්, “ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ කතා කොට, ‘සෑම කෙනෙකු ම තම කඩුව ගෙන දොරටුවෙන් දොරටුවට කඳවුර හරහා යමින්, තම සොහොයුරන් ද මිතුරන් ද අසල්වැසියන් ද මරාදමන්න’ කියා වදාරන සේකැ”යි පැවසී ය.
28
ලෙවීගේ පුත්‍රයෝ මෝසෙස් දුන් අණ පරිදි එය ඉටු කෙළෙන්, එදින සෙනඟ අතරින් තුන්දාහක් පමණ වැනසුණා හ.
29
මෝසෙස් ද කතා කොට, “ඔබෙන් එකිනෙකා තම තමාගේ පුත්‍රයා ද තම තමාගේ සහෝදරයා ද මරාදමමින් පූජකවරුන් මෙන් සමිඳාණන් වහන්සේට අද ඔබ ම කැප කරගත්තහු ය. එබැවින් අද දින සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාදයක් දානය කළ සේකැ”යි කී ය.
30
පසු දින මෝසෙස් සෙනඟ අමතමින්, “ඔබ දරුණු පාප අපරාධයක් කළහු ය. දැන් මම සමිඳාණන් වහන්සේ වෙත කන්දට නගිමි. ඇතැම් විට ඔබට පව් කමාව ලබා දෙන්න මට හැකි වන්නේ ය”යි කී ය.
31
ඔහු ද සමිඳාණන් වහන්සේ වෙත ආපසු ගොස්, “අහෝ, මේ සෙනඟ දරුණු අපරාධයක් කළෝ ය. ඔව්හු ඔවුන්ට ම රනින් දෙවියෙකු සාදගත්හ.
32
දැන් ඉතින් ඔවුන්ගේ පාපයට කමාව දුන මැනව; එසේ නොදෙන සේක් නම්, කරුණාකර ඔබ වහන්සේ පොතෙන් මාගේ නාමය මකාදමනු මැනව”යි ඉල්ලී ය.
33
සමිඳාණන් වහන්සේ ද මෝසෙස් අමතමින්, “මට විරුද්ධ ව යමෙක් පව් කෙළේ ද ඔහුගේ නම මාගේ පොතින් මම මකාදමමි.
34
එබැවින් දැන් යන්න, මා නුඹට කී ස්ථානයට සෙනඟ ගෙන යන්න. බලන්න, මාගේ දූතයා ද නුඹට පෙරටුව යනු ඇත. එහෙත්, මම, දඬුවම් දෙන දවසේ දී, ඔවුන්ගේ පාපයට දඬුවම් දෙමි”යි වදාළ සේක.
35
වස්සා සෑදීමට සෙනඟ ආරොන්ට බල කළ බැවින් සමිඳාණන් වහන්සේ ඔවුන් වෙත වසංගතයක් එවූ සේක.
← Chapter 31
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 33 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40