bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Exodus 37
Exodus 37
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 36
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 38 →
1
බෙශලෙල් ද ෂිටිම් ලීයෙන් ගිවිසුම් කරඬුව සෑදී ය. එහි දිග සෙන්ටිමීටර් එකසිය දහයක් ද පළල සෙන්ටිමීටර් හැටහයක් ද උස සෙන්ටිමීටර් හැටහයක් ද විය.
2
එහි ඇතුළත ද පිටත ද රන් ආලේප කොට එය වටේට රන් ලීස්තරයක් සෑදී ය.
3
එය උසුලාගෙන යනු පිණිස එහි කොන් සතරට රත්රන් වළලු සතරක් සාදා ඒවා එක පැත්තක දෙක බැගින් දෙපැත්තේ සවි කෙළේ ය.
4
පසුව ඔහු ෂිටිම් ලීයෙන් පොලු සාදා ඒවායේ ද රන් ගා,
5
කරඬුව උසුලාගෙන යනු පිණිස කරඬුවේ දෙපැත්තේ මුදු තුළින් ඒවා දැමී ය.
6
කරුණාසනය ද තනි රනින් සෑදී ය. එහි දිග සෙන්ටිමීටර් එකසිය දහයක් ද පළල සෙන්ටිමීටර් හැටහයක් ද විය.
7
තවද, ඔහු කරුණාසනයේ දෙකෙළවරේ එක්කෙනා බැගින් සවි කරනු පිණිස තළාපු රනින් කෙරුබ්වරුන් දෙදෙනෙකු නිර්මාණ කෙළේ ය.
8
කරුණාසනය සමඟ ඒකාබද්ධ ව පවතින ලෙස එක් කෙනෙකු එක් කොනක ද එක් කෙනෙකු අනිත් කොනේ ද ඔහු ඔවුන් සෑදී ය.
9
කෙරුබ්වරුන්ගේ ද පියාපත් උඩට විහිදී, කරුණාසනයට ඉහළින් එය වසා ගත්තාක් මෙන් තිබිණි. තවද, ඔවුන් එකිනෙකා මුහුණට මුහුණ ලා සිටින පරිදි කරුණාසනය දෙසට ඔවුන්ගේ මුහුණු හැරී තිබිණි.
10
ෂිටිම් ලීයෙන් ඔහු මේසය ද සෑදී ය. එහි දිග සෙන්ටිමීටර් අසූඅටක් ද පළල සෙන්ටිමීටර් හතළිස්හතරක් ද උස සෙන්ටිමීටර් හැටහයක් ද විය.
11
එය ද රනින් ආලේප කොට එහි රනින් ලීස්තරයක් ද ඔහු සෑදී ය.
12
එය වටේට මිලිමීටර් හැත්තෑපහක් පළල පටියක් සවි කර, එය වටේ ද රන් ලීස්තරයක් සෑදී ය.
13
පසුව රන් වළලු සතරක් සාදා කකුල් සතරේ කොන් සතරේ ඒවා දැමී ය.
14
මේසය උසුලාගෙන යෑම සඳහා දමන පොලු රිංගවන වළලු, පටිය ළඟ ම තිබිණි.
15
මේසය උසුලාගෙන යෑම සඳහා පොලු ද ෂිටිම් ලීයෙන් සාදා ඒවායේ ද රන් ආලේප කෙළේ ය.
16
එහි තබන තැටි ද කුසලාන ද බුජම් ද පානීය පඬුරු දැමීමට ගන්නා පාත්‍ර ද ඔහු තනි රනින් සෑදී ය.
17
තවද, ඔහු පහන් රුක ද තනි රනින් සෑදුවේ ය. එහි අඩිය ද කඳ ද තළාපු රනින් නිමවා, එහි මල් ද මොට්ටු ද මල් පෙති ද එක වස්තුවක් වන සේ සම්බන්ධ කෙළේ ය.
18
පහන් රුකේ එක පැත්තකින් අතු තුනක් ද අනික් පැත්තෙන් අතු තුනක් ද බැගින්, එහි පැතිවලින් අතු හයක් විහිදිණි.
19
එක අත්තක කොට්ටම්බා වැනි මල් තුනක් ද මොට්ටු හා පෙති ද අනික් අත්තේ කොට්ටම්බා වැනි මල් තුනක් ද මොට්ටු හා පෙති ද බැගින් පහන් රුකින් විහිදෙන අතු හයේ ම එලෙස කෙළේ ය.
20
පහන් රුක් කඳේ කොට්ටම්බා වැනි මල් හතරක් ද ඒවායේ මොට්ටු ද මල් පෙති ද තිබිණි.
21
පහන් රුකේ අතු දෙකක් යට එක මල් මොට්ටුවක් ද තවත් අතු දෙකක් යට තව මල් මොට්ටුවක් ද අනිත් අතු දෙක යට තව මල් මොට්ටුවක් ද බැගින් ඉන් විහිදී ගිය අතු හයෙහි එලෙස කෙළේ ය.
22
මොට්ටු සහ අතු, පහන් රුක සමඟ ඒකාබද්ධ ව තිබිණි. සියල්ල ම තැළූ තනි රනින් නිම කරන ලදී.
23
තවද, ඔහු ඊට පහන් හතක් ද, පහන් තිර හා තැටි ද තනි රනින් සෑදී ය.
24
පහන් රුක හා එහි සියලු උපකරණ තනි රත්රන් කිලෝග්‍රෑම් තිස්පහකින් සාදන ලදී.
25
තවද, ඔහු ෂිටිම් ලීයෙන් දුම් පූජාසනයක් සෑදීය. එය දිගින් සෙන්ටිමීටර් හතළිස්පහක් ද පළලින් සෙන්ටිමීටර් හතළිස්පහක් ද උසින් සෙන්ටිමීටර් අනූවක් ද වූ හතරැස් එකක් විය. එහි කොන්වල වූ අං ද පූජාසනයට පාස්සා තිබිණි.
26
එහි මතුපිට ද හතර පැත්ත ද අං ද තනි රනින් ආලේප කොට, ඔහු එය වටේට රන් ලීස්තරයක් ද සෑදී ය.
27
තවද එය උසුලාගෙන යන පිණිස පොලු රිංගවනු සඳහා එහි දෙපැත්තේ දෙකෙළවරේ ලීස්තරය යට රන් වළලු දෙකක් ඔහු සවි කෙළේ ය.
28
පොලු ද ඔහු ෂිටිම් ලීයෙන් සාදා ඒවා රනින් ආලේප කෙළේ ය.
29
තවද, සුවඳ ද්‍රව්‍ය සංයෝගකරුවෙකුගේ ශාස්ත්‍රය අනුව ඔහු සුගන්ධ ද්‍රව්‍ය ගෙන ශුද්ධ ආලේප තෛලය හා පිරිසිදු සුවඳ ද්‍රව්‍ය සංයෝගය කෙළේ ය.
← Chapter 36
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 38 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40