bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Exodus 29
Exodus 29
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 28
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 30 →
1
“ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් පූජක පදවියෙහි මට සේවා කිරීමට කැප කිරීමේ දී නුඹ පිළිපැදිය යුතු පිළිවෙත මෙය වේ. කැළලක් නැති ගව නාම්බෙකු ද බැටළුවන් දෙදෙනෙකු ද ගන්න.
2
නුමුහුන් රොටි ද තෙලින් බදින ලද හා තෙල් ගාන ලද නුමුහුන් රොටි ද ගන්න. මේවා සිහින් තිරිඟු පිටියෙන් සෑදිය යුතු වේ.
3
නුඹ ඒවා එක පැසක දමා, ඒ පැස ද ගව නාම්බා සහ බැටළුවන් දෙන්නා ද ගෙනා යුතු ය.
4
“ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් ද සම්මුඛ මණ්ඩපයේ දොරටුව ළඟට ගෙනවුත්, ඔවුන්ට ස්නානය කිරීමට සලසන්න.
5
ඉන්පසු නුඹ වස්ත්‍ර ගෙන, ආරොන්ට කබාය ද ඒපොද් සැට්ටයේ සළුව ද ඒපොද් සැට්ටය ද ළය වැස්ම ද පළඳවා, ඒපොද් සැට්ටයේ ගෙත්තම් කළ බඳපටිය ඔහුගේ ඉණ වටා දැමිය යුතු ය.
6
ඔහුගේ සිරස මත මකුටය ද එය මත ශුද්ධ කිරීටය ද පැළඳවිය යුතු ය.
7
පසුව ආලේප තෛලය ගෙන ඔහුගේ සිරස මත වත් කරමින්, ඔහු ආලේප කළ යුතු වේ.
8
“ඉන්පසු ඔහුගේ පුත්‍රයන් ද කැඳවා ඔවුන්ට කබා හඳවා,
9
බඳපටි ඉණ වටා සවි කොට, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් මත හිස් වැසුම් සවි කරන්න. මෙසේ කිරීමෙන් සදහට ම වලංගු නියෝගයක් ලෙස පූජක නිල පදවිය ඔවුන්ගේ වන්නේ ය. මේ අයුරින් නුඹ ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ට පූජකවරය දිය යුතු ය.”
10
“නුඹ සම්මුඛ මණ්ඩපය ඉදිරිපිටට ගව නාම්බා ගෙනා පසු ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් උගේ හිස මත ඔවුන්ගේ අත් තැබිය යුතු ය.
11
සම්මුඛ මණ්ඩපයේ දොරටුව ළඟ සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි නුඹ ඌ මැරිය යුතු ය.
12
පසුව, උගේ ලේ ගෙන, නුඹ ඇඟිල්ලෙන් එය පූජාසනයේ අං මත තවරා, ඉතුරු ලේ සියල්ල පූජාසනයේ පාමුල ළඟ වත් කළ යුතු යි.
13
අතුණු වසා ඇති තෙල ද අක්මාව පිට ඇති තෙල් පිඬ ද වකුගඩු දෙක හා එහි ඇති තෙල ද ගෙන පූජාසනය මත පිළිස්සිය යුතු ය.
14
එහෙත්, ගව නාම්බාගේ මස් ද උගේ හම හා ගොම ද කඳවුරින් පිටත ගින්නෙන් පිළිස්සිය යුතු ය. එය පාප නසන පූජාවකි.
15
“නුඹ එක බැටළුවෙකු ගෙනා පසු ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් උගේ හිස මත ඔවුන්ගේ අත් තැබිය යුතු ය.
16
පසුව ඌ මරා, උගේ ලේ ගෙන පූජාසනයේ සෑම පැත්තට ම ඉසිය යුතු ය.
17
ඉන්පසු ඌ කැබලි කොට, උගේ අතුණු සහ කකුල් සෝදා, ඒවා උගේ මස් කැබලි ද හිස ද සමඟ තැබිය යුතු ය.
18
මෙසේ කළ පසු බැටළුවා මුළුමනින් ම පූජාසනය මත පිළිස්සිය යුතු වේ. එය මට පුද කරන දවන යාග පූජාවකි. ගින්නෙන් දැවූ, එය සමිඳාණන් වහන්සේ වන මා වෙත නඟින සුමිහිරි පූජාවකි.
19
“නුඹ අනික් බැටළුවා ද ගෙනා පසු ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් උගේ හිස මත ඔවුන්ගේ අත් තැබිය යුතු ය.
20
ඉන්පසු ඌ මරා උගේ ලේ ගෙන ආරොන්ගේ දකුණු කන් පෙත්තෙහි ද ඔහුගේ පුත්‍රයන්ගේ දකුණු කන් පෙතිවල ද ඔවුන්ගේ දකුණත්වල මාපට ඇඟිලිවල ද දකුණු පාදවල මාපට ඇඟිලිවල ද තවරා, ඉතිරි ලේ පූජාසනයේ හැම පැත්තට ම ඉසිය යුතු ය.
21
පසුව පූජාසනය මත ඇති ලෙයින් ටිකක් ද ආලේප තෛලයෙන් ටිකක් ද ගෙන ආරොන් මත ද ඔහුගේ වස්ත්‍ර මත ද ඔහුගේ පුත්‍රයන් මත ද ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍ර මත ද ඉසිය යුතු ය. මෙලෙස ඔහු ද ඔහුගේ වස්ත්‍ර ද ඔහුගේ පුත්‍රයන් හා ඔවුන්ගේ වස්ත්‍ර ද ඔහු සමඟ කැප වනු ඇත.
22
“තවද, බැටළුවාගේ තෙල් ද එනම්, තෙල් සහිත වල්ගය ද අතුණු වසා ඇති තෙල ද අක්මාව පිට ඇති සිවිය ද වකුගඩු දෙක ද ඒවායේ තෙල ද දකුණු ගාතය ද ගත යුතු ය. මන්ද, ඒ බැටළුවා කැප කරන ලද්දෙකි.
23
තවද, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නුමුහුන් රොටි ඇති පැසෙන් රොටියක් ද තෙලින් බැදි රොටියක් ද තුනී රොටි පෙත්තක් ද ගෙන,
24
මේ ආහාර සියල්ල ආරොන් හා ඔහුගේ පුතුන්ගේ අත්වල තබා, සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත කරවා, ඒවා පුද කිරීමට සැලැස්විය යුතු ය.
25
ඉන්පසු නුඹ ඔවුන්ගේ අත්වලින් ඒවා ගෙන පූජාසනයේ දවන යාග පූජාවක් මත සමිඳාණන් වහන්සේ වන මට සුවඳැති පූජාවක් මෙන් එය පිළිස්සිය යුතු ය. එය සමිඳාණන් වහන්සේ වන මා වෙත නඟින ගින්නෙන් දැවූ පූජාවකි.
26
නුඹ ද ආරොන්ට පූජකවරය දීම සඳහා ගත් බැටළුවාගේ ළපැත්ත ගෙන සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත කරමින් එය පුද කළ යුතු වේ. එය ඔබට හිමි කොටස වන්නේ ය.
27
ආරොන්ට සහ ඔහුගේ පුතුන්ට පූජකවරය දීම සඳහා ගත් බැටළුවාගේ ළපැත්ත ද පුදන ලද උගේ ගාතය ද ගෙන, පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කරමින් නුඹ ඒවා කැප කළ යුතු ය.
28
සදහට ම වලංගු නියෝගයක් ලෙස, ඉශ්රායෙල් ජනයාගෙන් ගත යුතු, ආරොන්ට සහ ඔහුගේ පුතුන්ට හිමි කොටස එය වනු ඇත. එය වෙන් කරන ලද කොටසකි: ඉශ්රායෙල් ජනයා තමන්ගේ සහභාගි වීමේ පූජාවල දී වෙන් කළ කොටසකි. එය ඔවුන් සමිඳාණන් වහන්සේ වන මට පුද කරන විශේෂ පූජාව වනු ඇත.
29
“ආරොන්ගේ ශුද්ධ වස්ත්‍ර, ඔහුගෙන් පසු ඔහුගේ පුත්‍රයන්ට හිමි වනු ඇත. ඔවුන් ඒවා පැළඳ ආලේපනය හා පූජකවරය ලැබිය යුතු යි.
30
ආරොන්ගේ පුත්‍රයන් අතරින්, ඔහුගේ පූජක පදවියට පත් වන තැනැත්තා ශුද්ධස්ථානයේ සේවා කිරීම සඳහා සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන විට සත් දවසක් මේ වස්ත්‍ර පැළඳිය යුතු ය.”
31
“පූජකවරය දීම සඳහා පුද කළ බැටළුවා ගෙන, පවිත්‍ර ස්ථානයක උගේ මාංසය පිසිය යුතු ය.
32
සම්මුඛ මණ්ඩපයේ දොරටුව ළඟ ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් ද බැටළුවාගේ මස් සහ පැසේ ඇති රොටි වැළඳිය යුතු ය.
33
ඔවුන් පූජකවරය ලැබීමේ දී හා ඔවුන් කැප කිරීමේ දී, ඔවුන්ගේ පාපවලට කමාව ලබාගැනීම සඳහා ගත් දේවල් ද ඔවුන් වැළඳිය යුතු ය. එහෙත්, ඒවා ශුද්ධ බැවින්, ඔවුන් හැර වෙන කිසිවෙකු ඒවා නොවැළඳිය යුතු ය.
34
පූජකවරය දීමේ දී ගත් මස්වලින් හා රොටිවලින් කිසිවක් උදය දක්වා ඉතිරි වුවහොත්, එය ගින්නෙන් පිළිස්සිය යුතු වේ. ඒවා ශුද්ධ බැවින් නොවැළඳිය යුතු වේ.
35
“මා නුඹට අණ කළ සියල්ල ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට ඉටු කළ යුතු ය. දවස් හතක් තුළ නුඹ ඔවුන්ට පූජකවරය දීමේ පිළිවෙත ඉටු කළ යුතු යි.
36
නුඹ දිනපතා ම පාප සඳහා ඒවාට සමාව ලබාගැනීම පිණිස ගව නාම්බෙකු බැගින් පූජා කළ යුතු ය. පව් කමාව සඳහා යාගයක් ඔප්පු කිරීමෙන් නුඹ පූජාසනයේ පාප දුරු කරන්නෙහි ය. ඉන්පසු එය විශුද්ධ කිරීම සඳහා ආලේප කළ යුතු ය.
37
දවස් හතක් ම නුඹ පූජාසනයේ පව් දුරලීමේ වත්පිළිවෙත් කොට එය විශුද්ධ කළ යුතු යි. එවිට එය අතිශුද්ධ පූජාසනය වනු ඇත. එය ස්පර්ශ කරන සෑම කෙනෙකු ම ශුද්ධ වනු ඇත.”
38
“පූජාසනය මත නුඹ දිනපතා ම, නොකඩවා පූජා කළ යුතු පඬුරු නම්, අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් දෙදෙනෙකි.
39
උදයට එකෙකු ද අනිකා සවසට ද පූජා කළ යුතු ය.
40
එක බැටළු පැටවෙකු සමඟ පිරිසිදු තෙල් ලීටර් එකක් සමඟ ඇනූ සිහින් පිටි කිලෝග්‍රෑම් එකක් ද පානීය පූජාවක් සඳහා මිදිරස ලීටර් එකක් ද ඔප්පු කළ යුතු ය.
41
තවද, සමිඳාණන් වහන්සේ වන මා වෙත නඟින, ගින්නෙන් දැවූ සුමිහිරි පූජාවක් වනු පිණිස, අනික් බැටළුවා ද සවස් කාලයේ දී, උදය ඔප්පු කළ පරිදි ධාන්‍ය පූජාවක් හා පානීය පූජාවක් සමඟ ඔප්පු කළ යුතු ය.
42
මෙය සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි සම්මුඛ මණ්ඩපයේ දොරටුව අසල, නුඹේ සෑම පෙළපතක් මඟින් ම නොකඩවා ඔප්පු කළ යුතු දවන යාග පූජාවක් විය යුතු ය. එහි දී මම නුඹලා හමු වෙමි; නුඹලා සමඟ කතා කරමි.
43
එහි දී මම ඉශ්රායෙල් ජනයා හමු වෙමි. එම ස්ථානය ද මාගේ මහිමයෙන් විශුද්ධ කරනු ලැබේ.
44
මම සම්මුඛ මණ්ඩපය හා පූජාසනය විශුද්ධ කරමි. ආරොන් සහ ඔහුගේ පුතුන් මට පූජක පදවියෙහි සේවය කරනු පිණිස විශුද්ධ කරමි.
45
මම ඉශ්රායෙල් ජනයා අතර වාසය කරමින් ඔවුන්ගේ දෙවියන් වහන්සේ වෙමි.
46
ඔව්හු ද තමන් අතර වාසය කරන පිණිස මිසර දේශයෙන් පිටතට ගෙනා ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මා බව දැනගන්නෝ ය. මම ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙමි.”
← Chapter 28
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 30 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40