bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Exodus 26
Exodus 26
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 25
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 27 →
1
“තවද, නුඹ නිල් පාට, දම් පාට සහ තද රතු පාට නූල්වලින් ද සිහින් ව කටින ලද හණ පිළියෙන් ද කළ තිර දහයකින් මණ්ඩපය සෑදිය යුතු වේ. ඒවායේ කෙරුබ්වරුන්ගේ රූප ගෙත්තම් කොට තිබිය යුතු වේ.
2
එක තිරයක දිග මීටර් දොළහක් ද පළල මීටර් දෙකක් ද විය යුතු යි. ඒ තිර සියල්ල ම එක ප්රමාණයට තිබිය යුතු වේ.
3
තිර පහක්, එකටෙක සම්බන්ධ කළ යුතු ය. අනිත් තිර පහ ද එසේ ම ය.
4
මෙසේ සම්බන්ධ කළ තිරවල අන්තිම තිරයේ එක වාටියක නිල් පාට පිළියෙන් ගාංචු සෑදිය යුතු ය. අනික් තිරවල අන්තිම තිරයේ ද එලෙස කළ යුතු වේ.
5
පළමු තිරයේ ගාංචු පණහක් සෑදිය යුතු අතර, දෙවනුව යා කළ තිරවල වාටියේ ද පළමු වැන්නේ ගාංචු හා එකිනෙකට මුහුණ ලා තිබෙන අයුරින් ගාංචු පණහක් සෑදිය යුතු යි.
6
තවද නුඹ රන් කොකු පණහක් සාදා, එක මණ්ඩපයක් වන පරිදි ඒ කොකුවලින් තිර එකටෙක සම්බන්ධ කළ යුතු වේ.
7
“මණ්ඩපයට උඩින් කූඩාරමක් වන පිණිස එළු ලොම්වලින් තිර එකොළහක් සෑදිය යුතු ය.
8
එක තිරයක දිග මීටර් දහතුනක් ද පළල මීටර් දෙකක් ද විය යුතු අතර, තිර එකොළහ ම එක ප්රමාණ විය යුතු වේ.
9
තිර පහක් හා තිර හයක් වෙන වෙන ම එකටෙක සම්බන්ධ කොට, හය වන තිරය දෙකට නමා මණ්ඩපයේ ඉස්සරහ කොටසේ එල්ලා වැටෙන්නට සැලැස්විය යුතු ය.
10
සම්බන්ධ කළ තිර පහේ අන්තිම තිරයේ වාටියේ ගාංචු පණහක් ද අනික් තිරවල අන්තිම තිරයේ වාටියේ ගාංචු පණහක් ද සෑදිය යුතු ය.
11
පසුව ලෝකඩ කොකු පණහක් සාදා ඒ කොකු ගාංචුවලට අමුණා, මණ්ඩපය එකක් වන සේ එකට සම්බන්ධ කළ යුතු යි.
12
මණ්ඩපයේ තිරවලින් වැඩි මනත් ව ඉතිරි වන තිර බාගය, මණ්ඩපයේ පිටුපසින් එල්ලී තිබිය යුතු ය.
13
මණ්ඩපයේ තිරවල දිගින් දෙපැත්තේ ඉතිරි වන සෙස්සෙන්, එක පැත්තකින් සෙන්ටිමීටර් පණහක් ද අනික් පැත්තෙන් සෙන්ටිමීටර් පණහක් ද මණ්ඩපය වැසෙන පිණිස එල්ලෙන්නට හැරිය යුතු ය.
14
තවද, මණ්ඩපයට රතු සායම් පෙවූ බැටළු හම්වලින් ආවරණයක් ද එය උඩ අතුරන පිණිස සියුම් හම්වලින් ආවරණයක් ද සෑදිය යුතු වේ.
15
“තවද, මණ්ඩපය සඳහා ෂිටිම් ලීවලින් ලෑලි ඉරා, ඒවා කෙළින් සිටුවිය යුතු ය.
16
එක ලෑල්ලක දිග මීටර් හතරක් ද පළල සෙන්ටිමීටර් හැටහයක් ද විය යුතු වේ.
17
එක ලෑල්ලකට ඒවා එකටෙක යා කිරීම පිණිස, කුඩිම්බි දෙකක් තිබිය යුතු ය. මණ්ඩපයේ සෑම ලෑල්ලක් ම මෙසේ සකස් කළ යුතු වේ.
18
මණ්ඩපයට ලෑලි ඉරා සාදන විට, දකුණු දිශාවට මූණ ලා එහි දකුණු පැත්තට ලෑලි විස්සක් සෑදිය යුතු ය.
19
පළමු වන ලෑල්ලේ කුඩිම්බි දෙක දැමීමට තවු දෙකක් ද, දෙ වන ලෑල්ලේ කුඩිම්බි දෙක දැමීමට තවු දෙකක් ද බැගින් ලෑලි විස්ස යට රිදී තවු හතළිහක් සෑදිය යුතු වේ.
20
මණ්ඩපයේ උතුරු දිශාවට ඇති අනික් පැත්තට ද ලෑලි විස්සක් සෑදිය යුතු අතර,
21
එක එක ලෑල්ල යට තවු දෙක බැගින් ඒවාට රිදී තවු හතළිහක් සෑදිය යුතු වේ.
22
බටහිර දිශාවට ඇති මණ්ඩපයේ පිටුපසට ලෑලි හයක් සෑදිය යුතු ය.
23
මණ්ඩපයේ පිටුපස කොන්වලට ලෑලි දෙකක් ද සෑදිය යුතු අතර,
24
මේ ලෑලි ඒවායේ පහත කොටස්වල සිට මුදුනේ පළමු වන වළල්ල දක්වා යා කළ යුතු ය. කොන් දෙකේ තබන ලෑලි දෙකට ද එලෙස කළ යුතු ය.
25
මෙසේ එක එක ලෑල්ලට තවු දෙක බැගින් රිදී තවු දහසයක් සහිත ලෑලි අටක් ඇති වේ.
26
“තවද, මණ්ඩපයේ එක පැත්තක තිබෙන ලෑලිවලට ෂිටිම් ලීවලින් හරස් පොලු පහක් ද සෑදිය යුතු යි.
27
මණ්ඩපයේ අනික් පැත්තේ ලෑලිවලට තව හරස් පොලු පහක් ද මණ්ඩපයේ පිටුපස, එනම්, බටහිර අංශයේ ලෑලිවලට හරස් පොලු පහක් ද සෑදිය යුතු යි.
28
ලෑලිවල මැදින් හරස් ලීය එක කොනක සිට අනික් කොන දක්වා දිගට ම තිබිය යුතු වේ.
29
තවද, ලෑලි රනින් ආලේප කොට හරස් ලී දැමීමට රන් මුදු සාදා හරස් ලී ද රනින් ආලේප කළ යුතු ය.
30
මෙසේ කන්දේ දී නුඹට පෙන්වූ සැලැස්ම අනුව මණ්ඩපය ඉදි කළ යුතු වේ.”
31
“නුඹ නිල් පාට, දම් පාට හා තද රතු පාට ලොම්වලින් හා සිහින් ව කටින ලද හණ පිළියෙන් තිරයක් සෑදිය යුතු ය. එහි ද කෙරුබ්වරුන්ගේ රූප ගෙත්තම් කොට තිබිය යුතු වේ.
32
පසුව එය, රිදී තවු හතරක් සවි කළ රන් කොකු සතරක් ඇති, රන් ආලේප කළ, ෂිටිම් කණු සතරක එල්ලිය යුතු ය.
33
තිරය කොකුවලට යටින් එල්ලා, තිරයට පිටුපස ගිවිසුම් කරඬුව තැබිය යුතු වේ. මෙලෙස තිරය, ශුද්ධස්ථානය, අතිශුද්ධස්ථානයෙන් වෙන් කරනු ඇත.
34
තවද, අතිශුද්ධස්ථානයේ ඇති ගිවිසුම් කරඬුව උඩ කරුණාසනය තැබිය යුතු යි.
35
තිරයට පිටතින් මේසය ද උතුරු පැත්තට තබා ඇති මේ මේසයට මූණ ලා මණ්ඩපයේ දකුණු පැත්තට පහන් රුක ද තැබිය යුතු ය.
36
මණ්ඩපයේ දොරටුවට නිල් පාට, දම් පාට සහ තද රතු පාට නූල්වලින් ද සිහින් ව කටින ලද හණවලින් ද මල්වැඩ දැමූ කඩතුරාවක් සෑදිය යුතු යි.
37
මේ කඩතුරාව සඳහා ෂිටිම් ලීවලින් කණු පහක් ගෙන ඒවා රනින් ආලේප කළ යුතු යි. ඒවාට රන් කොකු තිබිය යුතු අතර ඒවා සවි කිරීමට ලෝකඩයෙන් තවු පහක් ද වාත්තු කළ යුතු වේ.”
← Chapter 25
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 27 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40