bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Exodus 15
Exodus 15
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 14
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 16 →
1
එවිට මෝසෙස් සහ ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේට මේ ගීතය ගැයූ හ. සමිඳුන් හට මම ගී ගයමි, එතුමාණෝ තෙද මහිමෙන් ජයගෙන අසුන් හා අසරුවන් මූද මැද හෙළූ සේක.
2
සමිඳාණෝ, මා සවිය හා ගීතය වෙති; එතුමාණෝ මා විමුක්තිය වෙති; මාගේ දෙවිඳාණෝ ය. මා දෙවිතුමන් මම පසසමි. මා පියාගේ දෙවිඳුන් මහිමයට පමුණුවමි.
3
සමිඳාණෝ, රණ ශූර ය, එතුමන්ගේ නම හිමිසඳ වේ.
4
එතුමාණෝ, පාරාවෝගේ රිය සෙන් හා බළ ඇණි මූද මැද හෙළූ සේක. උසස් ම සෙන්පතීහු ද රතු මූදට බිලි වූ හ.
5
ගැඹුරු සමුදුර ඔවුන් වසාගති; ගලක් විලස මූදු පත්ලට ඔව්හු කිඳා ගියහ.
6
සමිඳුනි, ඔබ දකුණත බල මහිමෙන් උදාර ය. සමිඳුනි, ඔබ දකුණත හතුරන් කැබලි කරලී ය.
7
ඔබේ මහත් තේජෝමහිමයෙන් ඔබ ඔබේ හතුරන් සුණු විසුණු කරන සේක. ඔබේ උදහස විගසින් දැල් වී ඉපනැලි මෙන් ඔවුන් දවාලයි.
8
ඔබේ නැහැයේ හුස්මෙන් ජලය ගොඩ ගැසෙයි. දිය දහර වේල්ලක් මෙන් කෙළින් සිටියි. මුහුදු ගැබේ ජල කඳ මිදිණි.
9
සතුරා මෙසේ උදන් අනයි: “මම ලුහුබැඳ යන්නෙමි, ඔවුන් අල්ලාගන්නෙමි, කොල්ලය බෙදන්නෙමි, මා මනෙදාළ සපුරා ගන්නෙමි, මම කඩුව අදින්නෙමි, මා අතින් ඔවුන් වනසන්නෙමි.”
10
ඔබ හුස්ම පිඹලූ සේක, මුහුද ඔවුන් වසාගති. ඔව්හු රුදුරු ජල කඳ තුළ ඊයම් මෙන් කිඳා ගියහ.
11
සමිඳුනි, දෙවියන් අතර ඔබ හා සම අන් කවුරු ද? ශුද්ධකමින් ප්රතාපවත්, බල විකුමෙන් භයංකර, අරුමපුදුම දේ කරවන ඔබ වැනි අය අන් කවුරු ද?
12
ඔබ දකුණත දිගු කළ සේක, මිහිතලය ඔවුන් ගිලගති.
13
ඔබ මිදු ජනතාව කුළුණු බරින් ගෙන ගිය සේක; බලය පාමින් ඔබ ශුද්ධ නිවසට ඔවුන්ට මඟ පෙන්වූ සේක.
14
මේ ඇසූ ජනතාවෝ වෙව්ලති; පිලිස්ති වැසියෝ විලිරුදාවෙන් මෙන් පෙළෙති;
15
ඒදොම්හි අධිපතීහු බියපත් වෙති; මෝවබ් බලවත්හු වෙව්ලති; සියලු කානානිය වැසියෝ දිරිය නැති කරගනිති.
16
භීතිය හා ත්රාසය ඔවුන් පිට ය; ඔබේ සෙනඟ එතෙර වන තෙක්, සමිඳුනි, ඔබ මිල දී ගත් සෙනඟ එතෙර යන තෙක්, ඔබ තෙද බල විකුම් පෑ සේක. ඔව්හු ගස් ගල් මෙන් නිසල ව සිටියහ.
17
සමිඳුනි, ඔබට උරුමය වන කඳු මුදුනට, සමිඳුනි, ඔබේ වාසභවනය වන තැනට, ඔබ අතින් ඉදි කළ ශුද්ධස්ථානයට, ඔබ ඔවුන් ගෙන ගොස්, පිහිටුවන සේක.
18
සමිඳාණෝ, සදහට ම රජකම් කරන සේක.
19
පාරාවෝගේ අශ්වයෝ ද ඔහුගේ යුද්ධ රථ හා අසරුවන් සමඟ මුහුදට ඇතුළු වූ හ. සමිඳාණන් වහන්සේ ජලය ආපසු ඔවුන් පිට හැරෙවූ සේක. එහෙත්, ඉශ්රායෙල් ජනයා මුහුද මැදින් වියළි බිම දිගේ ගමන් කළහ.
20
ආරොන්ගේ සොහොයුරිය වන, මීරියම් දිවැසිවරිය කිකිණි බැඳි සිඟිති රබානක් අතින් ගත්තා ය. වනිතාවෝ සියලු දෙන ද කිකිණි බැඳි රබන් පොඩි ලෙලවමින්, නටමින් ඇය පසුපස ගමන්ගත්හ.
21
මීරියම් ඔවුන්ට පිළිතුරු වශයෙන් මෙසේ ගායනා කළා ය: “සමිඳුන් හට ගී ගයන්න, එතුමාණෝ තෙද මහිමයෙන් ජයගත් සේක; අසරුවන් හා අස් සෙන් මූදට හෙළූ සේක.”
22
මෙසේ මෝසෙස් රතු මුහුදින් ඉශ්රායෙල් ජනයා ගෙන ගිය පසු ඔව්හු ෂූර් නම් පාළුකරයට ඇතුළු වූ හ. තෙදිනක් පාළුකරයේ ගමන් කළ නමුත් ඔවුන්ට ජලය නොලැබිණි.
23
ඔවුන් මාරා නම් ස්ථානයට පැමිණි නමුත් එහි ජලය කරදිය වූ බැවින් එය බීමට නුපුළුවන් විය. ඒ ස්ථානයට මාරා යන නම දෙන ලද්දේ එබැවිනි.
24
එවිට සෙනඟ මෝසෙස්ට විරුද්ධ ව කොඳුරමින්, “අප බොන්නේ මොනවා දැ”යි ඇසූ හ.
25
මෝසෙස් සමිඳාණන් වහන්සේට අයැදුම් කළ විට, උන් වහන්සේ ඔහුට ගසක් පෙන්නූ සේක. ඔහු එය ජලයට දැම්මේ ය; ජලය මිහිරි විය. තවද, උන් වහන්සේ එහි දී ඔවුන්ට නියෝගයක් හා පණතක් දුන් සේක; එහි දී ඔවුන් පරීක්ෂා කළ සේක.
26
උන් වහන්සේ ඔවුන් අමතමින්, “නුඹේ දෙවි වන සමිඳාණන් වහන්සේගේ හඬට නුඹ ඕනෑකමින් ඇහුම්කන් දී උන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි ව තිබෙන දේ කොට, උන් වහන්සේගේ ආඥාවලට කන් දෙමින් උන් වහන්සේගේ සියලු නියෝග රක්ෂා කරන්නෙහි නම්, මිසර වාසීන් පිට මා පැමිණවූ ලෙඩ රෝග එකක් වත් නුඹලා පිට නොපමුණුවමි. මන්ද, නුඹලාට සුවය දෙන සමිඳාණන් වහන්සේ මම ය”යි වදාළ සේක.
27
ඉන්පසු ඔව්හු දිය උල්පත් දොළොසක් ද ඉඳි ගස් හැත්තෑවක් ද තිබූ ඒලීම් නම් ස්ථානයට පැමිණ, එහි දිය අසල කඳවුරු බැඳගත්හ.
← Chapter 14
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 16 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40