bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
1 Chronicles 10
1 Chronicles 10
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 9
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 11 →
1
තවද පිලිස්තිවරු ඉශ්රායෙල්ට විරුද්ධව යුද්ධකළෝය. ඉශ්රායෙල් මනුෂ්‍යයෝ පිලිස්තිවරුන් ඉදිරියෙන් පලාගොස් ගිල්බොවා කන්දේ මැරී වැටුණෝය.
2
පිලිස්තිවරු සාවුල්ද ඔහුගේ පුත්‍රයන්ද පස්සේ එළවාගෙන ගොස් සාවුල්ගේ පුත්‍රවූ යොනාතාන්ද අබිනාදාබ්ද මල්කී-ෂුවාද මැරුවෝය.
3
සටන සාවුල්ට විරුද්ධව තදබල විය, ඔහු දුනුවායන්ට අසුවී දුනුවායන් විසින් තුවාල කරනු ලැබීය.
4
එවිට සාවුල් තමාගේ ආයුධ ගෙනයන්නාට කථාකොට: අර අචර්මඡේදිතයන් ඇවිත් මට අවමන් නොකරන පිණිස ඔබේ කඩුව ඇද මට අනින්නැයි කීය. නුමුත් ඔහුගේ ආයුධ ගෙනයන්නා ඊට කැමතිවුණේ නැත; ඔහු එසේ කරන්ට බොහෝසෙයින් භයවිය. එබැවින් සාවුල් තමාගේ කඩුව රැගෙන, තෙමේම එය පිට වැටුණේය.
5
සාවුල් මැරුණු බව ඔහුගේ ආයුධ ගෙනයන්නා දැක ඔහුත් තමාගේ කඩුව පිට වැටී මළේය.
6
මෙසේ සාවුල්ද ඔහුගේ පුත්‍රයන් තුන්දෙනාද මළෝය; ඔහුගේ පවුලේ සියල්ලෝ එකවිට මැරුණෝය.
7
ඉශ්රායෙල් මිනිසුන් පලාගිය බවත් සාවුල් සහ ඔහුගේ පුත්‍රයන් මැරුණු බවත් මිටියාවතෙහි සිටි සියලු ඉශ්රායෙල් මනුෂ්‍යයෝ දැක තමුන්ගේ නුවරවල් අත්හැර පලාගියෝය; පිලිස්තිවරු ඇවිත් එහි වාසය කළෝය.
8
තවද පසුවදා පිලිස්තිවරු මැරුම්කෑවුන්ගෙන් කොල්ලය ගන්ට ආ කල, සාවුල්ද ඔහුගේ පුත්‍රයන්ද ගිල්බොවා කන්දේ වැටී ඉන්නවා දුටුවෝය.
9
ඔව්හු ඔහුගේ ඇඳුම් ගළවා, ඔහුගේ හිසත් ආයුධත් රැගෙන, එපවත් තමුන්ගේ දේවාලවලත් සෙනඟටත් ප්‍රකාශකරන පිණිස පිලිස්තිවරුන්ගේ දේශය මුළුල්ලෙහි හැරියෝය.
10
ඔහුගේ ආයුධ ඔව්හු තමුන්ගේ දෙවියන්ගේ ගෘහයෙහි තබා, ඔහුගේ හිස දාගොන්ගේ ගෘහයෙහි එල්ලා තැබුවෝය.
11
යාබෙෂ්-ගිලියද්හි සියල්ලන් පිලිස්තිවරුන් සාවුල්ට කළ සියල්ල ඇසූ විට,
12
සියලු නිර්භීත මනුෂ්‍යයෝ පිටත්ව ගොස් සාවුල්ගේ ශරීරයද ඔහුගේ පුත්‍රයන්ගේ ශරීරද රැගෙන යාබෙෂ්ට අවුත්, ඔවුන්ගේ ඇට යාබෙෂ්හි අලෝන ගස යට වළලා, සත් දවසක් නිරාහාරව උන්නෝය.
13
ස්වාමීන්වහන්සේ ගේ වචනය රක්ෂානොකෙරීමෙන් ස්වාමීන්වහන්සේ ට විරුද්ධවකළ වරද නිසාත් ස්වාමීන්වහන්සේ ගෙන් නොවිචාරා ආත්ම බන්ධනකාරියෙකුගෙන් කරුණු අසා විචාළ නිසාත් සාවුල් මෙසේ නැසුණේය.
14
ඒ නිසා උන්වහන්සේ ඔහු නසා, රජකම අහක්කොට යෙස්සේගේ පුත්‍රවූ දාවිත්ට දුන්සේක.
← Chapter 9
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 11 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29