bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
1 Chronicles 18
1 Chronicles 18
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 17
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 19 →
1
මින්පසු දාවිත් පිලිස්තිවරුන්ට පහරදී ඔවුන් යටත්කරගන, ගාත්ද ඊට අයිති නුවරවල්ද පිලිස්තිවරුන්ගේ අතින් ගත්තේය.
2
ඔහු මෝවබ්වරුන්ටත් පහරදුන්නේය; මෝවබ්වරු දාවිත්ට මෙහෙකරුවෝ වී කප්පන් ගෙනාවෝය.
3
තවද ශෝබාහි රජවූ හදර්එසෙර් ප්‍රාත් ගඟ ළඟ තමාගේ බලය පිහිටුවන්ට යද්දී, දාවිත් හමාත් දක්වා ඔහුට පහරදී,
4
රථ දහසක්ද අසරුවන් සත් දහසක්ද පාබළ සෙනඟ විසි දහසක්ද ඔහුගෙන් අල්ලාගෙන, රථ-අශ්වයන් සියයක් ඉතුරුකරගෙන, අනික් සියලු අශ්වයන්ගේ කුදි කැපුවේය.
5
දමස්කයේ සිරියවරු ශෝබාහි රජවූ හදර්එසෙර්ට උපකාරකරන්ට ආවෝය. එවිට දාවිත් සිරියවරුන්ගෙන් මනුෂ්‍යයන් විසිදෙදහසකට පහරදී,
6
දමස්කයේ සිරියෙහි මුර හමුදාවල් තැබුවේය; සිරියවරු දාවිත්ට මෙහෙකරුවෝවී කප්පන් ගෙනාවෝය. දාවිත් ගිය ගිය තැන ස්වාමීන්වහන්සේ ඔහුට ජය දුන්සේක.
7
දාවිත් හදර්එසෙර්ගේ සේවකයන්ට තිබුණු රන් පලිස් රැගෙන ඒවා යෙරුසලමට ගෙනාවේය.
8
තිබ්හත්ද කූන්ද යන හදර්එසෙර්ගේ නුවරවලින් දාවිත් බොහෝ පිත්තල ගත්තේය, එයින් සාලමොන් පිත්තල මුහුදත් කුළුනුත් පිත්තල භාජනත් සෑදීය.
9
දාවිත් ශෝබාහි රජවූ හදර්එසෙර්ගේ මුළු සේනාවට පහරදුන් බව හමාත්හි රජවූ තොයු අසා,
10
දාවිත් එසේ හදර්එසෙර්ට විරුද්ධව සටන්කොට ඔහුට පහරදුන් බැවින්, දාවිත්ට ආචාරකරන්ටත් ඔහුට ආශීර්වාදකරන්ටත් ඔහු වෙතට තමාගේ පුත්‍රවූ හදෝරාම් සහ සියලු ආකාර රන් රිදී පිත්තල බඩුත් එවුවේය; මක්නිසාද හදර්එසෙර් සහ තොයු අතරේ යුද්ධ තිබුණේය.
11
ඒ බඩුත් දාවිත් රජ සියලු ජාතීන්ගෙන් එනම් ඒදොම්වරුන්ගෙන්ද මෝවබ්වරුන්ගෙන්ද අම්මොන් පුත්‍රයන්ගෙන්ද පිලිස්තිවරුන්ගෙන්ද අමලෙක්වරුන්ගෙන්ද ගත්තාවූ රන් රිදී සමඟ ස්වාමීන්වහන්සේ ට කැපකෙළේය.
12
ඇරත් ශෙරුයාගේ පුත්‍රවූ අබිෂයි ලුණු මිටියාවතේදී ඒදොම්වරුන්ගෙන් දහ අට දහසකට පහරදුන්නේය.
13
ඔහු ඒදොම්හි මුර හමුදාවල් තැබුවේය; සියලු ඒදොම්වරු දාවිත්ට මෙහෙකරුවෝ වූවෝය. දාවිත් ගිය ගිය තැන ස්වාමීන්වහන්සේ ඔහුට ජය දුන්සේක.
14
දාවිත් මුළු ඉශ්රායෙල් කෙරෙහි රජකම්කරමින් තමාගේ මුළු සෙනඟට විනිශ්චයද යුක්තියද ඉෂ්ටකෙළේය.
15
ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ් සේනාපතියාව සිටියේය; අහිලුද්ගේ පුත්‍රවූ යෙහෝෂාපාට් වාර්තාකරුව සිටියේය.
16
අහිතූබ්ගේ පුත්‍රවූ ශාදොක් සහ අබියාතර්ගේ පුත්‍රවූ අබිමෙලෙක් පූජකයෝව සිටියෝය; ෂව්ෂා ලේකම්ව සිටියේය.
17
යෙහෝයාදාගේ පුත්‍රවූ බෙකෙරෙතිවරුන්ටත් පෙලෙතිවරුන්ටත් ප්‍රධානියාව සිටියේය; දාවිත්ගේ පුත්‍රයෝද රජු වෙත ප්‍රධානියෝව සිටියෝය.
← Chapter 17
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 19 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29