bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
1 Chronicles 22
1 Chronicles 22
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 21
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 23 →
1
එවිට දාවිත් කථාකොට: දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ ගෘහය මේය, ඉශ්‍රායෙල්ගේ දවන පූජා ඔප්පුකරන පූජාසනයද මේයයි කීවේය.
2
තවද දාවිත් ඉශ්රායෙල් දේශයෙහි සිටි සියලු විදේශීන් රැස්කරන්ට අණකොට, දෙවියන්වහන්සේගේ ගෘහය ගොඩනගන පිණිස හතරැස් ගල් කපන්ට ගල්වඩුවන් පත්කෙළේය.
3
දොරටුවල දොර ඇණ පිණිසත් සන්ධි පිණිසත් දාවිත් යකඩ බොහෝමයක් සූදානම්කෙළේය; ගණන් නැති බොහෝ පිත්තලත් ගණන් නැති කිහිරි ලීත් සූදානම්කෙළේය.
4
මක්නිසාද ශීදොන්වරුද තීර්වරුද කිහිරි ලී බොහෝසෙයින්ම දාවිත් ළඟට ගෙනාවෝය.
5
දාවිත් කථාකොට: මාගේ පුත්‍රවූ සාලමොන් ළාබාලය, ස්වාමීන්වහන්සේ ට ගොඩනගන්ට තිබෙන ගෘහයේ කීර්තියද තේජසද සියලු රටවලට පතළවී යන හැටියට එය අතිශයින් අලංකාරව තිබෙන්ට ඕනෑය. එබැවින් මම ඒ පිණිස සූදානම්කරන්නෙමියි කීවේය. මෙසේ දාවිත් තමාග් මරණයට පළමුවෙන් බොහෝ දේ සූදානම් කෙළේය.
6
එවිට ඔහු තමාගේ පුත්‍රවූ සාලමොන් කැඳවා ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට ගෘහයක් ගොඩනගන්ට ඔහුට අණකෙළේය.
7
දාවිත් තමාගේ පුත්‍රවූ සාලමොන්ට කථාකොට: මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ නාමයට ගෘහයක් ගොඩනගන්ට මාගේ සිතේ තිබුණේය.
8
එහෙත් ස්වාමීන්වහන්සේ ගේ වචනය මා වෙතට පැමිණ: ඔබ බොහෝසේ ලේ වැගිරීමත් මහත් යුද්ධත් කෙළහිය. එසේ ඔබ මා ඉදිරියෙහි බොහෝ ලේ බිම වැගිරෙවු නිසා මාගේ නාමයට ගෘහයක් ගොඩනොනගන්නෙහිය.
9
නුමුත් ඔබට උපදින පුත්‍රයෙක් ශාන්තදාන්ත මනුෂ්‍යයෙක් වන්නේය; හාත්පසින්ම ඔහුගේ සියලු සතුරන්ගෙන් ඔහුට නිදහස දෙන්නෙමි. එසේය, ඔහුගේ නාමය සාලමොන් වන්නේය, ඔහුගේ දවස්වලදී ඉශ්රායෙල්ට සමාදානයද නිශ්චලතාවද දෙන්නෙමි.
10
ඔහුම මාගේ නාමයට ගෘහයක් ගොඩනගනවා ඇත; ඔහු මට පුත්‍රයෙක් වන්නේය, මම ඔහුට පියෙක් වන්නෙමි; ඔහුගේ රාජ්‍යයේ සිංහාසනය ඉශ්රායෙල්වරුන් කෙරෙහි සදාකාලයටම ස්ථිරකරන්නෙමියි කීසේක.
11
ඉතින් මාගේ පුත්‍රය, ඔබ සඵලවී, ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ ගැන කීලෙස උන්වහන්සේගේ ගෘහය ගොඩනගන පිණිස උන්වහන්සේ ඔබ සමඟ වනසේක්වා.
12
එසේය, ඔබ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ ව්‍යවස්ථාව රක්ෂාකරන පිණිස ඔබට නුවණත් බුද්ධියත් දී, ඉශ්රායෙල් ගැන භාරයක් ඔබට දෙනසේක්වා.
13
ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා ඉශ්රායෙල්ට අණකෙරෙවු පනත් හා විනිශ්චයයන් පවත්වන්ට බලාගත්තොත් ඔබ සඵල වන්නෙහිය. ශක්තිමත්ව සවිව සිටින්න; භයනොවන්න, තැතිනොගන්න.
14
මෙන්න, මාගේ විපතේදී ස්වාමීන්වහන්සේ ගේ ගෘහයට රන් තලෙන්ත ලක්ෂයකුත් රිදී තලෙන්ත දශ ලක්ෂයකුත් ගණන් නැති තරම් පිත්තලත් යකඩත් සූදානම්කෙළෙමි; ඒවා අතිශයින් බොහෝය. ඒ ඇර ලීද ගල්ද සූදානම්කෙළෙමි; ඒවාට තව එකතුකරන්ට ඔබට පුළුවන.
15
තවද කර්මාන්තකාරයෝ වන ගල්වඩුවෝද ගල් හා ලී වැඩ කරන්නෝද සියලු ආකාර වැඩවලට සියලු ආකාර ප්‍රඥාවන්තයෝද බොහෝ දෙනෙක්ම ඔබට සිටිති;
16
ගණන් නැතිතරම් රන්ද රිදීද පිත්තලද යකඩද තිබේ; නැගිට වැඩ පටන්ගන්න, ස්වාමීන්වහන්සේ ඔබ සමඟ වනසේක්වයි කීය.
17
තවද දාවිත් තමාගේ පුත්‍රවූ සාලමොන්ට උපකාරකරන පිණිස ඉශ්රායෙල්හි සියලු අධිපතීන්ට අණකරමින්:
18
ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැම සමඟ සිටිනවා නොවේද? හැම අතින්ම උන්වහන්සේ ඔබ සැමට නිශ්චලකම දී තිබෙනවා නොවේද? මක්නිසාද උන්වහන්සේ දේශයේ වැසියන් මා අතට පාවාදී තිබේ; දේශය ස්වාමීන්වහන්සේ ට ද උන්වහන්සේගේ සෙනඟටද යටත්කරනලද්දේය.
19
ඉතින් ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සොයන්ට ඔබ සැමගේ සිතත් ආත්මයත් යොමුකරන්න; ස්වාමීන්වහන්සේ ගේ නාමයට ගොඩනගන්ට තිබෙන ගෘහය තුළට ස්වාමීන්වහන්සේ ගේ ගිවිසුම් පෙට්ටියද දෙවියන්වහන්සේගේ ශුද්ධ භාණ්ඩද ගෙනයන පිණිස නැගිට දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ ශුද්ධස්ථානය ගොඩනගන්නැයි කීවේය.
← Chapter 21
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 23 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29