bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
1 Chronicles 9
1 Chronicles 9
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 8
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 10 →
1
මෙසේ මුළු ඉශ්රායෙල් පෙළපත් වශයෙන් ලියවුණෝය; ඒවා ඉශ්රායෙල් රජවරුන්ගේ පොතේ ලියා තිබේ. යූදාවරු තමුන්ගේ ද්‍රෝහිකම නිසා බබිලෝනියට ගෙනයනලද්දෝය.
2
තමුන්ගේ උරුමවලද නුවරවලද වාසයකළ පළමුවෙනි වැසියෝ නම්: ඉශ්රායෙල්වරුත් පූජකයොත් ලෙවීවරුත් නෙතිනිම්වරුත්ය.
3
යූදා පුත්‍රයන්ගෙනුත් බෙන්යමින් පුත්‍රයන්ගෙනුත් එප්‍රායිම් සහ මනස්සේ පුත්‍රයන්ගෙනුත් යෙරුසලමෙහි වාසයකළ අය නම්:
4
යූදාගේ පුත්‍රයා වන පෙරෙශ්ගේ පුත්‍රයන්ගෙන් බානිගේ පුත්‍රවූ ඉම්රිගේ පුත්‍රයා වන ඔම්රිගේ පුත්‍රවූ අම්මිහුද්ගේ පුත්‍රයා වන ඌතයිය.
5
ෂිලෝනිවරුන්ගෙන් කුලුඳුලාවූ අසායා සහ ඔහුගේ පුත්‍රයෝය.
6
සෙරාගේ පුත්‍රයන්ගෙන් යෙවුයෙල් සහ ඔවුන්ගේ සහෝදරයෝ හසිය අනූදෙනෙක්ය.
7
බෙන්යමින් පුත්‍රයන්ගෙන් හස්සෙනුවාගේ පුත්‍රයා වන හොදවියාගේ පුත්‍රවූ මෙෂුල්ලාම්ගේ පුත්‍රයා වන සල්ලුද;
8
යෙරොහාම්ගේ පුත්‍රවූ ඉබ්නෙයාද මික්රිගේ පුත්‍රයා වන උස්සිගේ පුත්‍රවූ ඒලාද ඉබ්නියාගේ පුත්‍රයා වන රෙවුයෙල්ගේ පුත්‍රවූ ෂෙපටීයාගේ පුත්‍රයා වන මෙෂුල්ලාම්ද;
9
ඔවුන්ගේ පරම්පරාවල හැටියට ඔවුන්ගේ සහෝදරයන් නවසිය පනස්හදෙනෙක්ද යන අයය. මේ සියලු මනුෂ්‍යයෝ තම තමුන්ගේ පිය වංශ ලෙස පිය වංශවල ප්‍රධානියෝ වූහ.
10
පූජකයන්ගෙන් යෙදායාද යෙහෝයාරීබ්ද යාකීන්ද;
11
දෙවියන්වහන්සේගේ ගෘහයට අධිපතියාවූ අහිතුබ්ගේ පුත්‍රයා වන මෙරායොත්ගේ පුත්‍රවූ ශාදොක්ගේ පුත්‍රයා වන මෙෂුල්ලාම්ගේ පුත්‍රවූ හිල්කියාගේ පුත්‍රයා වන අසරියාද;
12
මල්කීයාගේ පුත්‍රයා වන පෂ්හුර්ගේ පුත්‍රවූ යෙරොහාම්ගේ පුත්‍රයා වන අදායාද ඉම්මේර්ගේ පුත්‍රවූ මෙෂිල්ලේමීත්ගේ පුත්‍රයා වන මෙෂුල්ලාම්ගේ පුත්‍රවූ යාසේරාගේ පුත්‍රයා වන අදියෙල්ගේ පුත්‍රවූ මයසයිද;
13
තමුන්ගේ පිය වංශවල ප්‍රධානියන්වූ දෙවියන්වහන්සේගේ ගෘහයේ මෙහෙයේ කටයුතු කිරීමට ඉතා සමර්ථවූ ඔවුන්ගේ සහෝදරයන් වන එක්දාස් සත්සිය හැටදෙනෙක්ද යන අයය.
14
ලෙවීවරුනම්: මෙරාරීගේ පුත්‍රයන්ගෙන් හෂබියාගේ පුත්‍රයා වන අස්රිකාම්ගේ පුත්‍රවූ හෂ්ෂුබ්ගේ පුත්‍රයා වන ෂෙමායාය;
15
බක්බක්කර්, හෙරෙෂ්, ගාලාල් සහ ආසාප්ගේ පුත්‍රවූ සික්රිගේ පුත්‍රයා වන මීකාගේ පුත්‍රවූ මත්තනියාය;
16
යෙදූතුන්ගේ පුත්‍රයා වන ගාලාල්ගේ පුත්‍රවූ ෂෙමයියාගේ පුත්‍රයා වන ඔබදියාය, නෙටොපාතිවරුන්ගේ ගම්වල විසූ එල්කානාගේ පුත්‍රයා වන ආසාගේ පුත්‍රවූ බෙරෙකියාය, දොරටුපාලයෝවූ ෂල්ලුම්,
17
අක්කුබ්, ටල්මොන්, අහිමාන් සහ ඔවුන්ගේ සහෝදරයොත්ය. ෂල්ලුම් ප්රධානියාය.
18
මේ දක්වා මොව්හු ලෙවීගේ පුත්‍රයන්ගේ කඳවුරු උදෙසා නැගෙනහිරට තිබෙන රජුගේ දොරටුවේ දොරටුපාලයෝ වූහ.
19
කොරාගේ පුත්‍රවූ එබියාසාප්ගේ පුත්‍රයා වන කෝරේගේ පුත්‍රවූ ෂල්ලුම්ද ඔහුගේ පිය වංශයට අයිති ඔහුගේ සහෝදරයෝ වන කොරහිවරුද සේවයේ කටයුතුවලට පත්වී සභාමණ්ඩප දොරටුවල රැකවල්ලු වූහ. ඔවුන්ගේ පියවරු ස්වාමීන්වහන්සේ ගේ කඳවුරට ඇතුල්වෙන තැන රැකවලුන්ලෙස සිටියෝය;
20
එලෙයාසර්ගේ පුත්‍රවූ පීනෙහාස් පළමු ඔවුන් කෙරෙහි අධිපතියාව සිටියේය, ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිටිසේක.
21
මෙෂෙලෙමියාගේ පුත්‍රවූ ශෙකරියා සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ දොරටුපාලයාව සිටියේය.
22
දොරකඩවල දොරටුපාලයන් කොට තෝරාගන්නාලද ඒ සියල්ලෝ දෙසිය දොළොස් දෙනෙක්ය. ඔවුන්ගේ ගම්වල හැටියට ඔව්හු ලියවුණෝය, දාවිත් සහ දර්ශනකාරයාවූ සාමුවෙල්ද ඔවුන්ගේ නිලවලට ඔවුන් පත්කළෝය.
23
ඔව්හුද ඔවුන්ගේ පුත්‍රයෝද ගෘහ මණ්ඩපය වන ස්වාමීන්වහන්සේ ගේ ගෘහයෙහි දොරටු, වාර පිළිවෙළින් බලාගත්තෝය.
24
නැගෙනහිරද බස්නාහිරද උතුරද දකුණද යන සතර පැතිවල දොරටුපාලයෝ සිටියෝය.
25
ඔවුන්ගේ ගම්වල සිටි ඔවුන්ගේ සහෝදරයෝද සත්දවසකට වරක් ඔවුන් සමඟ මාරුවෙන් මාරුවට ආවෝය.
26
මක්නිසාද ඒ ලෙවීවරු වන ප්‍රධාන දොරටුපාලයන් සතරදෙනා නියම නිලයෙහි සිට දෙවියන්වහන්සේගේ ගෘහයෙහි ඇතුල් ගෙවල්ද ගබඩාවල්ද බලාගත්තෝය.
27
දෙවියන්වහන්සේගේ ගෘහය රැකවල්කිරීම ඔවුන්ගේ යුතුකමව තිබුණු නිසා ඔව්හු ඒ ගෘහය වටකර නැවතී සිටියෝය, උදයෙන් උදය එහි දොරවල් ඇරීම ඔවුන්ගේ බාරේ තිබුණේය.
28
ඔවුන්ගෙන් සමහරෙක් මෙහෙයට අයිති භාජන බලාගත්තෝය; මක්නිසාද ඒවා ඇතුළට ගන්ටත් පිටතට ගන්ටත් යෙදුණේ ගණන්කරලාය.
29
ඔවුන්ගෙන් සමහරෙක් බඩුබාහිරාදියද ශුද්ධස්ථානයේ සියලු භාජනද සිහින් පිටිද මුද්‍රික පානයද තෙල්ද තුවරලාද සුවඳ ද්‍රව්‍යද බලාගන්ට පත්කරන ලද්දෝය.
30
පූජකයන්ගේ පුත්‍රයන්ගෙන් සමහරෙක් සුවඳ ද්‍රව්‍යවලින් තෛලය සෑදුවෝය.
31
ලෙවීවරුන් අතරෙන් කොරහිය ෂල්ලුම්ගේ කුලුඳුලාවූ මත්තිතියා ඇතිළිවල පිසූ දේ බලාගැනීමට පත්ව සිටියේය.
32
ඔවුන්ගේ සහෝදරයන් වන කොහාත්වරුන්ගේ පුත්‍රයන්ගෙන් සමහරෙක් එක එක සබත් දවසේ පිදීමේ රොටි සූදානම්කිරීමට පත්ව සිටියෝය.
33
මොව්හු ගීතිකාකාරයෝව, ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානියෝව, ඇතුල් ගෙවල වාසයකළෝය, රෑ දාවල් සේවයේ යෙදී සිටි නිසා මොව්හු අනික් මෙහෙවලින් නිදහස්ව සිටියෝය.
34
මොව්හු තමුන්ගේ පරම්පරාවල ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානියෝව, යෙරුසලමෙහි වාසයකළෝය.
35
ගිබියොන්ගේ පියවූ යෙයීයෙල් ගිබියොන්හි විසුවේය, ඔහුගේ භාර්යාවගේ නම මයකාය.
36
ඔහුගේ කුලුඳුල් පුත්‍රයා අබ්දොන්ය; අනික් පුත්‍රයෝ ශූර්, කීෂ්, බාල්, නේර්, නාදාබ්;
37
ගෙදොර්, අහියෝ, සෙකරියා සහ මික්ලොත්ය.
38
මික්ලොත්ට දාව ෂිමෙයාම් උපන්නේය. මොව්හු තමුන්ගේ සහෝදරයන් සමඟ තමුන්ගේ සහෝදරයන් ඉදිරිපිටින් යෙරුසලමෙහි වාසයකළෝය.
39
නේර්ට දාව කීෂ්ද කීෂ්ට දාව සාවුල්ද සාවුල්ට දාව යොනාතාන්ද මල්කී-ෂුවාද අබිනාදාබ්ද එෂ්බාල්ද උපන්නෝය.
40
මෙරිබ්-බාල් යොනාතාන්ගේ පුත්‍රයාය; මෙරිබ්-බාල්ට දාව මීකා උපන්නේය.
41
මීකාගේ පුත්‍රයෝ නම්: පීතොන්, මෙලෙක්, තාරෙයා සහ ආහාස්ය.
42
ආහාස්ට දාව යයිරා උපන්නේය. යයිරාට දාව අලෙමෙත්ද අස්මාවෙත්ද සිම්රිද උපන්නෝය; සිම්රිට දාව මෝශාද;
43
මෝශාට දාව බිනෙයාද උපන්නෝය; ඔහුගේ පුත්‍රයා රෙපායාය, ඔහුගේ පුත්‍රයා එලියාසාය, ඔහුගේ පුත්‍රයා ආශෙල්ය.
44
ආශෙල්ට පුත්‍රයන් හදෙනෙක් සිටියෝය. ඔවුන්ගේ නාම නම්: අස්රිකාම්, බොකෙරු, ඉෂ්මායෙල්, ෂෙයරියා, ඔබදියා සහ හානාන්ය. ආශෙල්ගේ පුත්‍රයෝ මොව්හුය.
← Chapter 8
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 10 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29