bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
1 Chronicles 16
1 Chronicles 16
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 15
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 17 →
1
ඔව්හු දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනවුත් දාවිත් විසින් ඒ සඳහා පිහිටුවා තිබුණු කූඩාරම තුළ තබා, දවන පූජාවල්ද ශාන්ති පූජාවල්ද දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඔප්පුකළෝය.
2
දාවිත් දවන පූජාවද ශාන්ති පූජාද ඔප්පුකර නිමවූ විට, ඔහු ස්වාමීන්වහන්සේ ගේ නාමයෙන් සෙනඟට ආශීර්වාද කෙළේය.
3
තවද ඔහු ඉශ්රායෙල් මිනිසුන් සියල්ලන්ගෙන් එක එක පුරුෂයාටත් ස්ත්‍රියටත් රොටියක්ද මස්කෑල්ලක්ද වියළි මුද්‍රිකඵල කැටියක්ද බැගින් දුන්නේය.
4
තවද ස්වාමීන්වහන්සේ ගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියෙහි සේවයකිරීමටත් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වර්ණනාකිරීමටත් උන්වහන්සේට ස්තුති ප්‍රශංසාකිරීමටත් ඔහු ලෙවීවරුන්ගෙන් සමහරෙකු නියමකෙළේය.
5
එනම් ප්‍රධානියා ආසාප්ය, ඔහු ළඟට ශෙකරියා, යෙයීයෙල්, ෂෙමිරාමොත්, යෙහීයෙල්, මත්තිතියා, එලීයාබ්, බෙනායා, ඕබෙද්-ඒදොම් සහ යෙයීයෙල්ය; මොව්හු වීණාවලින්ද මහ වීණාවලින්ද ගායනාකළෝය; නුමුත් ආසාප් අත්තල්වලින් ශබ්ද පැවැත්තුවේය;
6
පූජකයෝවූ බෙනායාද යහසියෙල්ද දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියෙහි නිතරම නළා පිම්බෝය.
7
දාවිත් ආසාප්ද ඔහුගේ සහෝදරයන්ද ලවා ස්වාමීන්වහන්සේ ට ස්තුතිකරවීමට පළමුවෙන් නියමකෙළේ ඒ දවසේදීය.
8
ස්වාමීන්වහන්සේ ට ස්තුතිකරව්, උන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකරව්; ජනයන් අතරේ උන්වහන්සේගේ ක්‍රියා දන්වව්.
9
උන්වහන්සේට ගීතිකා කියව්, උන්වහන්සේට ප්‍රශංසා ගී කියව්; උන්වහන්සේගේ සියලු පුදුම ක්‍රියා මෙනෙහිකරව්.
10
උන්වහන්සේගේ ශුද්ධවූ නාමය ගැන පාරට්ටුකරගනිව්. ස්වාමීන්වහන්සේ සොයන්නවුන්ගේ සිත් ප්‍රීතිමත් වේවා.
11
ස්වාමීන්වහන්සේ ද උන්වහන්සේගේ බලයද ගැන විමසව්; උන්වහන්සේගේ මුහුණ නිතරම සොයව්.
12
උන්වහන්සේගේ මෙහෙකරුවූ ඉශ්‍රායෙල්ගේ වංශයෙනි, උන්වහන්සේ විසින් තෝරාගත් තැනැත්තන් වන යාකොබ්ගේ පුත්‍රයෙනි,
13
උන්වහන්සේ කළ පුදුම ක්‍රියාද උන්වහන්සේගේ ආශ්චර්යයන්ද උන්වහන්සේගේ මුඛයේ විනිශ්චයයන්ද සිහිකරව්.
14
උන්වහන්සේ අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ය. උන්වහන්සේගේ විනිශ්චයයෝ මුළු පොළොවෙහි තිබේ.
15
උන්වහන්සේගේ ගිවිසුම සදාකාලේටත් උන්වහන්සේ අණකළ වචනය පරම්පරා දහසකටත් සිහිකරව්.
16
එය උන්වහන්සේ ආබ්‍රහම් සමඟ කළසේක, ඊසාක්ටද දිවුරා දුන් සේක;
17
එය උන්වහන්සේ යාකොබ්ට පනතක්ද ඉශ්රායෙල්ට සදාකාල ගිවිසුමක්ද කොට ස්ථිරකරමින්:
18
ඔබ සැමගේ උරුම කොටස කොට කානාන් දේශය ඔබට දෙන්නෙමියි කියා
19
ඔබ සැම ගණනින් ස්වල්ප දෙනෙක්ව, ඉතා ස්වල්ප දෙනෙක්ව, එහි විදේශීන්ව සිටියදී කීසේක.
20
ඔව්හු ජාතියකින් ජාතියකටද එක රාජ්‍යයක සිට තව සෙනඟක් වෙතටද ගියෝය.
21
ඔවුන්ට අයුක්තියක් කරන්ට උන්වහන්සේ කිසිම මනුෂ්‍යයෙකුට ඉඩ නුදුන්සේක; එසේය, උන්වහන්සේ ඔවුන් නිසා රජුන්ට තරවටුකොට:
22
මාගේ අභිෂේකලද්දවුන්ට අතනොගසව්, මාගේ ප්‍රොපේතවරුන්ට අනතුරු නොකරව්යයි කීසේක.
23
පොළෝවාසී සියල්ලෙනි, ස්වාමීන්ට ගී කියව්; උන්වහන්සේගේ ගැළවීම දිනෙන් දින ප්‍රකාශකරව්.
24
ජාතීන් අතරෙහි උන්වහන්සේගේ මහිමයද සියලු ජනයන් අතරෙහි උන්වහන්සේගේ ආශ්චර්යමත් ක්‍රියාද පතළ කරව්.
25
මක්නිසාද ස්වාමීන්වහන්සේ උතුම්ව බොහෝසෙයින් ප්‍රශංසා කටයුතුව සිටිනසේක. සියලු දෙවිවරුන්ට වඩා උන්වහන්සේ භයවිය යුත්තෙක.
26
මක්නිසාද ජනයන්ගේ සියලු දෙවිවරු පිළිම පමණක්ය. නුමුත් ස්වාමීන්වහන්සේ ආකාශ මණ්ඩලය සෑදූසේක.
27
ගෞරවයද තේජසද උන්වහන්සේ ඉදිරියෙහි පවත්නේය; ශක්තියද සන්තෝෂයද උන්වහන්සේගේ ස්ථානයෙහි ඇත්තේය.
28
ජනයෙනි, ස්වාමීන්වහන්සේ ට දෙව්, ගෞරවයද බලයද ස්වාමීන්වහන්සේ ට දෙව්.
29
ස්වාමීන්වහන්සේ ගේ නාමයට අයිති ගෞරවය දෙව්. පඬුරක් රැගෙන උන්වහන්සේ ඉදිරියට එව්. ශුද්ධවූ අලංකාරය ඇතුව ස්වාමීන්ට නමස්කාරකරව්.
30
පොළෝවාසී සියල්ලෙනි, උන්වහන්සේ ඉදිරියේ වෙවුලමින් සිටිව්. නොසෙල්වෙන ලෙස ලෝකයත් ස්ථිරව තිබේ.
31
ස්වර්ගයෝ සන්තෝෂවෙත්වා, පොළොවද ප්‍රීතිවේවා; ස්වාමීන්වහන්සේ රජකම්කරන සේකැයි ජාතීන් අතරේ කියත්වා.
32
මුහුදත් එහි සම්පූර්ණකමත් ගර්ජනා කෙරෙත්වා; කෙත් සහ එහි ඇති සියල්ල ප්‍රීතිමත් වෙත්වා.
33
එවිට වනයේ වෘක්ෂයෝ ස්වාමීන් ඉදිරියෙහි ප්‍රීතියෙන් ගී කියන්නාහ, මක්නිසාද උන්වහන්සේ පොළොව විනිශ්චයකරන පිණිස එනසේක.
34
ස්වාමීන්වහන්සේ ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
35
අපේ ගැළවීමේ දෙවියන්වහන්ස, ඔබගේ ශුද්ධවූ නාමයට ස්තුතිකරන පිණිසත්, ඔබගේ ප්‍රශංසා ගැන ජයඝෝෂා පවත්වන පිණිසත්, අප ගළවා, ජාතීන් අතරෙන් අප රැස්කොට, අප නිදහස්කළ මැනවයි කියව්.
36
ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්ට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසා වේවා. මුළු සෙනඟද: ආමෙන් කියා ස්වාමීන්වහන්සේ වර්ණනාකළෝය.
37
ඉක්බිති ස්වාමීන්වහන්සේ ගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියෙහි නිතරම එක එක දවසට සුදුසු ලෙස සේවයකිරීමට ඔහු පෙට්ටිය ඉදිරියෙහි ආසාප්ද ඔහුගේ සහෝදරයන්ද,
38
ඕබෙද්-ඒදොම් සහ ඔවුන්ගේ සහෝදරයන් හැට අටදෙනෙක්ද සිටෙවුවේය; යෙදූතුන්ගේ පුත්‍රවූ ඕබෙද්-ඒදොම්ද හෝසාද දොරටුපාලයන් කොට නියමකෙළේය.
39
ස්වාමීන්වහන්සේ ඉශ්රායෙල්ට අණකළාවූ උන්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන සියල්ල ප්‍රකාරයට, දවන පූජා පුදන පූජාසනය පිට දවන පූජා නිතරම උදය සවස ස්වාමීන්වහන්සේ ට ඔප්පුකරන පිණිස,
40
පූජකවූ ශාදොක්ද පූජකයන්වූ ඔහුගේ සහෝදරයන්ද, ගිබියොන්හි උස්තැන තිබෙන ස්වාමීන්වහන්සේ ගේ මණ්ඩපය ඉදිරියෙහි සිටින්ට නියමකෙළේය.
41
ඔවුන් සමඟ හේමාන්ද යෙදූතුන්ද නම් සඳහන්කර තෝරාගනු ලැබූ අනික් අයද: ස්වාමීන්වහන්සේ ගේ කරුණාව සදාකාලයටම පවත්නේය කියා උන්වහන්සේට ස්තුතිකිරීමට නියමකෙළේය.
42
ඔවුන් සමඟ හේමාන්ද යෙදූතුන්ද නියමකරනු ලැබුයේ නළාවලිනුත් අත්තල්වලිනුත් දෙවියන්වහන්සේට ගීතිකා සඳහා තූර්ය භාණ්ඩවලිනුත් ශබ්දකිරීමටය. යෙදූතුන්ගේ පුත්‍රයන්ද දොරටුපාලයන් කොට පත්කෙළේය.
43
පසුව මුළු සෙනඟ තම තමුන්ගේ ගෙදරවලට ගියෝය. දාවිත් තමාගේ ගෙදරවාසීන්ට ආශීර්වාදකරන පිණිස හැරීගියේය.
← Chapter 15
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 17 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29