bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
1 Chronicles 21
1 Chronicles 21
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 20
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 22 →
1
සාතන් ඉශ්රායෙල්වරුන්ට විරුද්ධව නැගිට ඔවුන් ගණන්කරන්ට දාවිත් පෙළෙඹවුවේය.
2
දාවිත් යෝවාබ්ටත් සෙනඟගේ අධිපතීන්ටත් කථාකොට: මා විසින් සෙනඟගේ ගණන දැනගන්නා පිණිස ඔබ සැම ගොස් බෙයෙර්-ෂෙබා පටන් දාන් දක්වා ඔවුන් ගණන්කර ඔවුන්ගේ ගණන මා ළඟට ගෙනෙන්නැයි කීවේය.
3
යෝවාබ් කථාකොට: දැන් සිටින පමණට වඩා ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟ සියක් ගුණයක් වැඩිකරනසේක්වා. එහෙත්, මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, ඔවුන් සියල්ලෝම මාගේ ස්වාමියාගේ සේවකයෝ නොවෙද්ද? මාගේ ස්වාමියා මේක අණකර ඉශ්රායෙල්වරුන් පිටට වරද පමුණුවන්නේ මක්නිසාදැයි කීය.
4
එහෙත් යෝවාබ්ගේ වචනය නොව රජුගේ වචනය ස්ථිරවිය. ඒ නිසා යෝවාබ් පිටත්වී මුළු ඉශ්රායෙල් දේශයෙහි ඇවිද,
5
යෙරුසලමට ඇවිත්, ගණන්ගත් සෙනඟගේ මුළු ගණන දාවිත්ට දුන්නේය. කඩුව පාවිච්චිකරන ඉශ්රායෙල් මනුෂ්‍යයන් සියල්ලෝ එකොළොස් ලක්ෂයක්ය. කඩුව පාවිච්චිකරන යූදා මනුෂ්‍යයෝ හාරලක්ෂ සැත්තෑ දහසක්ය.
6
නුමුත් රජුගේ වචනය යෝවාබ්ට පිළිකුල්ව තිබුණු නිසා ඔහු ලෙවීවරුන්ද බෙන්යමින්වරුන්ද ඔවුන් අතරේ ගණන්කළේ නැත.
7
දෙවියන්වහන්සේ මේ කාරණයට අප්‍රසන්නවී ඉශ්රායෙල්ට පහරදුන්සේක.
8
දාවිත් දෙවියන්වහන්සේට කථාකොට: මම මේ දේ කිරීමෙන් බොහෝකොට පව්කෙළෙමි. එහෙත් දැන් ඔබගේ මෙහෙකරුවාගේ අපරාධය පහකළ මැනව; මක්නිසාද මම බොහෝ අනුවණ ලෙස ක්‍රියාකෙළෙමියි කීවේය.
9
ස්වාමීන්වහන්සේ දාවිත්ගේ දර්ශනකාරයාවූ ගාද්ට කථාකොට:
10
ඔබ ගොස්-මම කාරණා තුනක් ඔබ ඉදිරියේ තබමි; මා විසින් ඔබට කරන පිණිස එයින් එකක් තෝරාගන්නැයි ස්වාමීන්වහන්සේ වදාරනසේක කියා දාවිත්ට කියන්නැයි කීසේක.
11
ගාද් දාවිත් ළඟට ඇවිත් ඔහුට කථාකොට:
12
තුන් අවුරුදු සාගතයක් හෝ තුන් මාසයක් ඔබේ එදිරිකාරයන්ගේ කඩුවට ඔබ අසුවී ඔබේ සතුරන් අතින් විනාශවීම හෝ තුන් දවසක් ස්වාමීන්වහන්සේ ගේ කඩුව වන වසංගතය දේශයට පැමිණ ස්වාමීන්වහන්සේ ගේ දූතයා විසින් ඉශ්රායෙල් පළාත් මුළුල්ලෙහි විනාශකිරීම හෝ තෝරාගන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. ඒ නිසා මා එවූ තැනන්වහන්සේට මා විසින් මොන උත්තරයක් දෙන්ටද කියා කල්පනාකරන්නැයි කීවේය.
13
දාවිත්ද: මම මහත් අමාරුවකට පැමිණ සිටිමි. ඉතින් ස්වාමීන්වහන්සේ අතට අසුවන්නෙමි; මක්නිසාද උන්වහන්සේගේ අනුකම්පාව ඉතා මහත්ය. මනුෂ්‍යයාගේ අතට අසුවන්ට මට සිද්ධනොවේවයි ගාද්ට කීවේය.
14
එබැවින් ස්වාමීන්වහන්සේ ඉශ්රායෙල්වරුන් අතරට වසංගතයක් එවූසේක. එයින් ඉශ්රායෙල්වරුන්ගෙන් සැත්තෑ දහසක් මනුෂ්‍යයෝ මළෝය.
15
දෙවියන්වහන්සේ යෙරුසලම විනාශකරන්ට දූතයෙකු යැවූසේක. ඔහු ඒක විනාශකරන්ට යන විට ස්වාමීන්වහන්සේ බලා ඒ විපත ගැන තැවී, විනාශකාර දූතයාට කථාකොට: ඉතින් ඇත; ඔබේ අත නවතාගන්නැයි කීසේක. ස්වාමීන්වහන්සේ ගේ දූතයා යෙබූසිය ඔර්ණාන්ගේ කමත ළඟ සිටියේය.
16
දාවිත් තමාගේ ඇස් ඔසවා ස්වාමීන්වහන්සේ ගේ දූතයා තමාගේ කඩුව ඇද යෙරුසලම කෙරෙහි දිගුකරගන පොළොවටත් අහසටත් අතරේ සිටිනවා දුටුවේය. එවිට ගෝණි රෙදි ඇඳගන සිටි දාවිත්ද වැඩිමහල්ලෝද මුහුණින් වැටුණෝය.
17
දාවිත් දෙවියන්වහන්සේට කථාකොට: සෙනඟ ගණන්කරන්ට අණකළ තැනැත්තා මම නොවෙම්ද? පව්කොට ඉතා දුෂ්ට ලෙස ක්‍රියාකළේ මමය; නුමුත් මේ බැටළුවෝ මක්කළෝද? අනේ මාගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, පහරදීම පිණිස ඔබගේ අත ඔබගේ සෙනඟ පිටට නොව මා පිටටත් මාගේ පිය වංශය පිටටත් පැමිණේවයි කීවේය.
18
එවිට ස්වාමීන්වහන්සේ ගේ දූතයා ගාද්ට කථාකොට: යෙබූසිය ඔර්ණාන්ගේ කමතේ ස්වාමීන්වහන්සේ ට පූජාසනයක් ගොඩනගන පිණිස නැගී යන ලෙස දාවිත්ට කියන්ට අණකෙළේය.
19
දාවිත් ස්වාමීන්වහන්සේ ගේ නාමයෙන් ගාද් කී වචනය ලෙස නැගී ගියේය.
20
තිරිඟු මඩිමින් සිටි ඔර්ණාන් පස්සට හැරී දූතයා දුටීය; ඔහු සමඟ සිටි ඔහුගේ පුත්‍රයන් සතරදෙනා සැඟවුණෝය.
21
දාවිත් ඔර්ණාන් ළඟට ගියේය. ඔර්ණාන් බලා දාවිත් දැක, කමතෙන් පිටතට ඇවිත් මුහුණින් බිම වැටී, දාවිත්ට වැන්දේය.
22
එවිට දාවිත්: සෙනඟ අතරෙන් වසංගතය පහවන පිණිස ස්වාමීන්වහන්සේ ට පූජාසනයක් ගොඩනැගීමට කමතේ ඉඩම මට දෙන්න; සම්පූර්ණ මිල ගණනට ඒක මට දෙන්ට ඕනෑයයි ඔර්ණාන්ට කීවේය.
23
ඔර්ණාන්ද: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෝ ඒක පිළිගෙන තමන්ට හොඳව පෙනෙන දේ කෙරෙත්වා. මෙන්න, දවන පූජාවලට ගවයන්ද දර සඳහා මඩින උපකරණද ආහාර පූජාවට තිරිඟුද දෙමි; ඒ සියල්ලම දෙමියි දාවිත්ට කීවේය.
24
දාවිත් රජද: එසේ නොවේ; සම්පූර්ණ මිල ගණනට ඒක ඔබෙන් ගන්නෙමි. මක්නිසාද ඔබට අයිති දේ මම ස්වාමීන්වහන්සේ උදෙසා නොගන්නෙමි, වියදමක් නැතුව දවන පූජා නොපුදන්නෙමියි ඔර්ණාන්ට කීවේය.
25
මෙසේ දාවිත් ඒ ඉඩමට ෂෙකෙල් හසියයක බර රන් ඔර්ණාන්ට දුන්නේය.
26
එහි දාවිත් ස්වාමීන්වහන්සේ ට පූජාසනයක් ගොඩනගා, දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකොට, ස්වාමීන්වහන්සේ ට යාච්ඤාකෙළේය; උන්වහන්සේද දවන පූජාසනය පිටට අහසෙන් ගිනි එවා ඔහුට උත්තරදුන්සේක.
27
තවද ස්වාමීන්වහන්සේ දේවදූතයාට අණකළ විට ඔහු තමාගේ කඩුව නැවත කොපුවේ දමාගත්තේය.
28
ඒ කාලයෙහි ස්වාමීන්වහන්සේ යෙබූසිය ඔර්ණාන්ගේ කමතේදී තමාට උත්තරදුන් බව දාවිත් දැක එහිදී පූජා ඔප්පුකෙළේය.
29
මක්නිසාද මෝසෙස් කාන්තාරයේදී සෑදූ ස්වාමීන්වහන්සේ ගේ මණ්ඩපයත් දවන පූජාසනයත් ඒ කාලයෙහි ගිබියොන්හි උස්තැන තිබුණේය.
30
එහෙත් ස්වාමීන්වහන්සේ ගේ දූතයාගේ කඩුවට භයවූ නිසා දෙවියන්වහන්සේගෙන් විචාරන පිණිස ඒක ඉදිරියට යන්ට දාවිත්ට නොහැකිවිය.
← Chapter 20
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 22 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29