bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
1 Chronicles 15
1 Chronicles 15
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 14
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 16 →
1
දාවිත් තෙමේ දාවිත්ගේ නුවර තමාට ගෙවල් සාදාගත්තේය; ඔහු දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියට ස්ථානයක් පිළියෙළකොට ඊට කූඩාරමක් පිහිටෙවුවේය.
2
එවිට දාවිත් කථාකොට: දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනයන්ටත් සෑමකල්හිම උන්වහන්සේට සේවයකරන්ටත් ස්වාමීන්වහන්සේ ලෙවීවරුන් තෝරාගත් නිසා දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනයන්ට ඔවුන්ට මිස වෙන කාටවත් යුතු නැතැයි කීවේය.
3
දාවිත් තමා ස්වාමීන්වහන්සේ ගේ ගිවිසුම් පෙට්ටියට පිළියෙළකළ ස්ථානයට එය ගෙනෙන පිණිස සියලු ඉශ්රායෙල්වරුන් යෙරුසලමට රැස්කෙළේය.
4
දාවිත් ආරොන්ගේ පුත්‍රයන්ද ලෙවීවරුන්ද රැස්කෙළේය.
5
එසේ රැස්කළේ කොහාත්ගේ පුත්‍රයන්ගේ ප්‍රධානියාවූ උරියෙල් සහ ඔහුගේ සහෝදරයන් එකසිය විසිදෙනෙක්ය.
6
මෙරාරීගේ පුත්‍රයන්ගෙන් ප්‍රධානියාවූ අසායා සහ ඔහුගේ සහෝදරයන් දෙසිය විසිදෙනෙක්ය.
7
ගේර්ෂොම්ගේ පුත්‍රයන්ගෙන් ප්‍රධානියාවූ යෝවෙල් සහ ඔහුගේ සහෝදරයන් එකසිය තිස්දෙනෙක්ය.
8
එලීශාපාන්ගේ පුත්‍රයන්ගෙන් ප්‍රධානියාවූ ෂෙමායා සහ ඔහුගේ සහෝදරයන් දෙසිය දෙනෙක්ය.
9
හෙබ්‍රොන්ගේ පුත්‍රයන්ගෙන් ප්‍රධානියාවූ එලීයෙල් සහ ඔහුගේ සහෝදරයන් අසූ දෙනෙක්ය.
10
උස්සීයෙල්ගේ පුත්‍රයන්ගෙන් ප්‍රධානියාවූ අම්මිනාදාබ් සහ ඔහුගේ සහෝදරයන් එකසිය දොළොස්දෙනෙක්ය.
11
දාවිත් වනාහි පූජකයන්වූ ශාදොක්ට සහ අබියාතර්ටද ලෙවීවරුන්වූ උරියෙල්, ආසායා, යෝවෙල්, ෂෙමායා, එලීයෙල් සහ අම්මිනාදාබ්ටද අඬගසා ඔවුන්ට කථාකොට:
12
ඔබ සැම ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානියෝය. ඔබ සැමත් ඔබ සැමගේ සහෝදරයොත් පිරිසිදුවී, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ ගිවිසුම් පෙට්ටිය මා විසින් ඊට පිළියෙළකර තිබෙන ස්ථානයට ගෙනෙන්න.
13
පළමු වතාවේදී ඒක ගෙනා අය ඔබ සැම නොවූ බැවින් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට පහරදුන්සේක, මක්නිසාද නියෝගය ලෙස අපි උන්වහන්සේ නොසෙවුවෙමුයයි කීවේය.
14
පූජකයෝද ලෙවීවරුද ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ ගිවිසුම් පෙට්ටිය ගෙනෙන පිණිස පිරිසිදු වුණෝය.
15
ස්වාමීන්වහන්සේ ගේ වචනය ප්‍රකාර, මෝසෙස් විසින් අණ කළ ලෙස, ලෙවීගේ පුත්‍රයෝ දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියේ පොලු තමුන්ගේ කරපිට තබාගන එය ගෙනගියෝය.
16
තවද දාවිත් කුඩා වීණාද මහ වීණාද අත්තල්ද යන තූර්ය භාණ්ඩවලින් ගායනාකරමින් ප්‍රීති හඬ පැවැත්වීමට තමුන්ගේ සහෝදරයන්වූ ගීතිකාකාරයන් නියමකරන්ට ලෙවීවරුන්ගේ ප්‍රධානීන්ට කීවේය.
17
මෙසේ ලෙවීවරු යෝවෙල්ගේ පුත්‍රවූ හේමාන්ද ඔහුගේ සහෝදරයන්ගෙන් බෙරකියාගේ පුත්‍රවූ ආසාප්ද තමුන්ගේ සහෝදරයන්වූ මෙරාරීගේ පුත්‍රයන්ගෙන් කුෂායාගේ පුත්‍රවූ ඒතාන්ද;
18
ඔවුන් සමඟ දොරටුපාලයන් කොට තමුන්ගේ බාල සහෝදරයන් වන සෙකරියාද බෙන්ද යයසීයෙල්ද ෂෙමිරාමොත්ද යෙහීයෙල්ද උන්නිදි එලියාබ්ද බෙනායාද මයසේයාද මත්තිතියාද එලීපෙලේහුද මික්නේයාද ඕබෙද්-ඒදොම්ද යෙයීයෙල්ද පත්කළෝය.
19
හේමාන්ද ආසාප්ද ඒතාන්ද යන ගායනාකාරයෝ පිත්තල අත්තල්වලින් ශබ්දකිරීමටත්;
20
සෙකරියාද අසීයෙල්ද ෂෙමිරාමොත්ද යෙහීයෙල්ද උන්නිද එලීයාබ්ද මයසේයාද බෙනායාද යන මොව්හු අලමොත් නම් කුඩා වීණාවලින් හීන් ශබ්ද පැවැත්වීමටත්;
21
මත්තිතියාද එලීපෙලේහුද මික්නේයාද ඕබෙද්-ඒදොම්ද යෙයීයෙල්ද අසසියාද ෂෙමීනිත් නම් මහ වීණාවලින් මූලික මහ ශබ්ද පැවැත්වීමටත් නියමවුණෝය.
22
කෙනනියා ගායනාකිරීම ගැන ලෙවීවරුන්ගේ ප්‍රධානියාව සිටියේය; ඔහු ඊට දක්ෂව සිටි බැවින් ගායනාකරන්ට ඉගැන්නුවේය.
23
බෙරෙකියාද එල්කානාද ගිවිසුම් පෙට්ටිය උදෙසා දොරටුපාලයෝව සිටියෝය.
24
පූජකයෝවූ ෂෙබනියාද යෝෂාපාට්ද නෙතනෙල්ද අමසයිද සෙකරියාද බෙනායාද එලීයෙසෙර්ද දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය පෙරටුවෙන් නළා පිම්බෝය. ඕබෙද්-ඒදොම්ද යෙහියාද ගිවිසුම් පෙට්ටිය උදෙසා දොරටුපාලයෝව සිටියෝය.
25
මෙසේ දාවිත් හා ඉශ්රායෙල් වැඩිමහල්ලෝ ද සහස්‍රාධිපතීහුද ස්වාමීන්වහන්සේ ගේ ගිවිසුම් පෙට්ටිය ඕබෙද්-ඒදොම්ගේ ගෙදරින් ගෙනෙන පිණිස ප්‍රීතියෙන් ගියෝය.
26
තවද ස්වාමීන්වහන්සේ ගේ ගිවිසුම් පෙට්ටිය ගෙනයන ලෙවීවරුන්ට දෙවියන්වහන්සේ පිහිටවූ කල ඔව්හු ගොන් හත්දෙනෙක්ද බැටළුවන් හත්දෙනෙක්ද පූජාකළෝය.
27
දාවිත්ද ගිවිසුම් පෙට්ටිය උසුලාගත් සියලු ලෙවීවරුද ගීතිකාකාරයෝද ගීතිකාකාරයන් අතරේ ගායනාකිරීමට ප්‍රධානියාව සිටි කෙනනියාද සිහින් හණ සළු ඇඳගෙන සිටියෝය. දාවිත් හණ ඒඵොද් සැට්ටයක් පැළඳගෙන සිටියේය.
28
මෙසේ සියලු ඉශ්රායෙල්වරු ඔල්වර හඬත් හොරණෑ-ශබ්දයත් ඇතුව, නළාවලිනුත් අත්තල්වලිනුත් වීණාවලිනුත් මහ වීණාවලිනුත් ශබ්ද පවත්වමින්, ස්වාමීන්වහන්සේ ගේ ගිවිසුම් පෙට්ටිය ගෙනාවෝය.
29
ස්වාමීන්වහන්සේ ගේ ගිවිසුම් පෙට්ටිය දාවිත්ගේ නුවරට පැමිණෙනවිට, සාවුල්ගේ දූවූ මීඛල් කවුළුවෙන් බලා රජවූ දාවිත් පනිනවාත් නටනවාත් දැක, ඇගේ සිතින් ඔහු හෙළා දැක්කාය.
← Chapter 14
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 16 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29