bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
1 Chronicles 27
1 Chronicles 27
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 26
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 28 →
1
අවුරුද්දේ සියලු මාසවල මාසයෙන් මාසයට ඇතුළට ආවාවූද, පිටතට ගියාවූද, පංක්තිවල සියලු කාරණා ගැන රජුට සේවයකළාවූද ඉශ්රායෙල් පුත්‍රයන්ගේ පිය වංශවල ප්‍රධානීන්ගෙත් සහස්‍රාධිපතීන්ගෙත් ශතාධිපතීන්ගෙත් ඔවුන්ගේ මුලාදෑනීන්ගෙත් ගණන නම් එක එක පංක්තියට විසිහතර දහසක්ය.
2
පළමුවෙනි මාසයට පංක්තිය කෙරෙහි සබ්දියෙල්ගේ පුත්‍රවූ යාෂොබෙයාම් පත්ව සිටියේය. ඔහුගේ පංක්තියෙහි විසිහතර දහසක් සිටියෝය.
3
ඔහු පෙරෙශ් පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්ව පළමුවෙනි මාසයේ සේනාවල සියලු අධිපතීන්ගේ ප්‍රධානියාව සිටියේය.
4
දෙවෙනි මාසයට පංක්තිය කෙරෙහි අහෝහිය දෝදයි පත්ව සිටියේය. ඔහුගේ පංක්තියේ මුලාදෑනියා මික්ලොත්ය. ඔහුගේ පංක්තියෙහි විසිහතර දහසක් සිටියෝය.
5
තුන්වෙනි මාසයට තුන්වෙනි සේනාවේ අධිපතියා නම් පූජකවූ යෙහෝයාදාගේ පුත්‍රයාවන ප්‍රධානියාවූ බෙනායාය. ඔහුගේ පංක්තියෙහි විසිහතර දහසක් සිටියෝය.
6
බෙනායා වනාහි ඒ තිස්දෙනාගෙන් බලවන්තයාව තිස්දෙනා කෙරෙහි අධිපතියාව සිටියේය. ඔහුගේ පුත්‍රවූ අම්මිසාබාද් ඔහුගේ පංක්තියේ සිටියේය.
7
හතරවෙනි මාසයට හතරවෙනි අධිපතියා නම් යෝවාබ්ගේ සහෝදරවූ අසාහෙල්ය, ඔහුට පසුව ඔහුගේ පුත්‍රවූ සෙබදියාය. ඔහුගේ පංක්තියෙහි විසිහතර දහසක් සිටියෝය.
8
පස්වෙනි මාසයට පස්වෙනි අධිපතියා නම් ඉස්‍රාහිය ෂම්හුත්ය. ඔහුගේ පංක්තියෙහි විසිහතර දහසක් සිටියෝය.
9
හවෙනි මාසයට හවෙනි අධිපතියා නම් තෙකෝයීය ඉක්කෙෂ්ගේ පුත්‍රවූ ඊරාය. ඔහුගේ පංක්තියෙහි විසිහතර දහසක් සිටියෝය.
10
හත්වෙනි මාසයට හත්වෙනි අධිපතියා නම් එප්‍රායිම් පුත්‍රයන්ගෙන් එක්කෙනෙක් වූ පෙලෝනිය හේලෙශ්ය. ඔහුගේ පංක්තියෙහි විසිහතර දහසක් සිටියෝය.
11
අටවෙනි මාසයට අටවෙනි අධිපතියා නම් සෙරෙහිවරුන්ගෙන් එක්කෙනෙක්වූ හුෂාතිය සිබ්බෙකයිය. ඔහුගේ පංක්තියෙහි විසිහතර දහසක් සිටියෝය.
12
නවවෙනි මාසයට නවවෙනි අධිපතියා නම් බෙන්යමින් වංශයට අයිතිවූ අනාතෝතිය අබියෙසෙර්ය. ඔහුගේ පංක්තියෙහි විසිහතර දහසක් සිටියෝය.
13
දසවෙනි මාසයට දසවෙනි අධිපතියා නම් සෙරහිවරුන්ගෙන් එක්කෙනෙක්වූ නෙටොපාතිය මහරයිය. ඔහුගේ පංක්තියෙහි විසිහතර දහසක් සිටියෝය.
14
එකොළොස්වෙනි මාසයට එකොළොස්වෙනි අධිපතියා නම් එප්‍රායිම් පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ පිරාතෝනිය බෙනායාය. ඔහුගේ පංක්තියෙහි විසිහතර දහසක් සිටියෝය.
15
දොළොස්වෙනි මාසයට දොළොස්වෙනි අධිපතියා නම් ඔත්නියෙල්ගේ වංශයට අයිති නෙටොපාතිය හෙල්දයිය. ඔහුගේ පංක්තියෙහි විසිහතර දහසක් සිටියෝය.
16
තවද ඉශ්රායෙල් ගෝත්‍රවල ප්‍රධානියෝ නම් මොව්හුය. රූබෙන්වරුන්ට ආණ්ඩුකාරයාව සිටියේ සික්රීගේ පුත්‍රවූ එලියෙසෙර්ය; සිමියොන්වරුන්ට මයකාගේ පුත්‍රවූ ෂෙපටියාය;
17
ලෙවීවරුන්ට කෙමුයෙල්ගේ පුත්‍රවූ හෂබියාය. ආරොන් වංශයට ශාදොක්ය.
18
යූදාවරුන්ට දාවිත්ගේ සහෝදරයෙක්වූ එලිහූය. ඉස්සාඛර්වරුන්ට මීකායෙල්ගේ පුත්‍රවූ ඔම්රීය.
19
සාබුලොන්වරුන්ට ඔබදියාගේ පුත්‍රවූ ඉෂ්මායාය. නප්තලීවරුන්ට අස්රියෙල්ගේ පුත්‍රවූ යෙරෙමොත්ය.
20
එප්‍රායිම් පුත්‍රයන්ට අසසියාගේ පුත්‍රවූ හෝෂෙයාය. මනස්සේ අර්ධ ගෝත්‍රයට පෙදායාගේ පුත්‍රවූ යෝවෙල්ය.
21
ගිලියද්හි සිටි මනස්සේගේ අර්ධ ගෝත්‍රයට ශෙකරියාගේ පුත්‍රවූ ඉද්දෝය. බෙන්යමින්වරුන්ට අබ්නේර්ගේ පුත්‍රවූ යාසයෙල්ය.
22
දාන්වරුන්ට යෙරොහාම්ගේ පුත්‍රවූ අසරේල්ය. ඉශ්රායෙල් ගෝත්‍රවල අධිපතියෝ මොව්හුය.
23
නුමුත්: අහසේ තාරකාමෙන් ඉශ්රායෙල්වරුන් වැඩිකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියා තිබුණු නිසා විසි අවුරුදු වයසේ පටන් ඊට බාලවූ තැනැත්තන් දාවිත් ගණන්කළේ නැත.
24
ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ් ගණන්කරන්ට පටන්ගත් නුමුත් තීන්දුකළේ නැත; තවද ඒ ගැන ඉශ්රායෙල් පිටට උදහස පැමුණුණේය; ඒ ගණනද දාවිත් රජුගේ ලේකම් පොතේ ඇතුළත් නොකරනලද්දේය.
25
රජුගේ ගබඩා කෙරෙහි අදියෙල්ගේ පුත්‍රවූ අස්මාවෙත් පත්ව සිටියේය. පිටිසර පළාත්වලද නුවරවලද ගම්වලද කොටුවලද පිහිටි ගබඩා කෙරෙහි උස්සියාගේ පුත්‍රවූ යොනාතාන් පත්ව සිටියේය.
26
ගොවිතැන් කිරීමට කෙත්වල වැඩකළවුන් කෙරෙහි කෙලූබ්ගේ පුත්‍රවූ එස්රී පත්ව සිටියේය.
27
මිදිවතු කෙරෙහි රාමාතිය ෂිමෙයි පත්ව සිටියේය. මිදිවතුවල තිබුණු මුද්‍රික ගබඩා කෙරෙහි ෂිප්මිය සබ්දී පත්ව සිටියේය.
28
පාත රටේ තිබුණු ඔලීව ගස්ද අත්තික්කා ගස්ද කෙරෙහි ගෙදේරිය බාල්-හානාන් පත්ව සිටියේය. තෙල් ගබඩා කෙරෙහි යෝවාෂ් පත්ව සිටියේය.
29
ෂාරොන්හි ගොදුරු කෑ ගවයන් කෙරෙහි ෂාරෝනිය ෂිත්රයිද මිටියාවත්වල උන් ගවයන් කෙරෙහි අද්දයිගේ පුත්‍රවූ ෂාපාත්ද පත්ව සිටියෝය.
30
ඔටුවන් කෙරෙහි ඉෂ්මායෙලිය ඕබීල්ද කොටළුවන් කෙරෙහි මෙරොනොතිය යේදෙයාද
31
එළුබැටළු රැළවල් කෙරෙහි හග්රිය යාසීස්ද පත්ව සිටියෝය. මේ සියල්ලෝ දාවිත් රජුගේ සම්පත්වල අධිපතියෝව සිටියෝය.
32
දාවිත්ගේ මාමාවූ යොනාතාන් මන්ත්‍රීයෙක්ව තේරුම් ඇති මනුෂ්‍යයෙක්ව ලියන්නෙක්ව සිටියේය. හක්මෝනිගේ පුත්‍රවූ යෙහීයෙල් රජුගේ පුත්‍රයන් සමඟ සිටියේය.
33
අහිතොපෙල් වනාහි රජුගේ මන්ත්‍රීයාව සිටියේය. අර්කීය හුෂයි රජුගේ මිත්‍රයා විය.
34
අහිතොපෙල් ළඟට බෙනායාගේ පුත්‍රවූ යෙහෝයාදා සහ අබියාතර්ද මන්ත්‍රීයෝව සිටියෝය. රජුගේ සේනාපතියා යෝවාබ්ය.
← Chapter 26
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 28 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29