bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
1 Chronicles 23
1 Chronicles 23
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 22
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 24 →
1
දාවිත් මහලුව වයසින් පූර්ණවූ විට තමාගේ පුත්‍රවූ සාලමොන් ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකොට පත්කෙළේය.
2
ඔහු ඉශ්රායෙල්වරුන්ගේ සියලු අධිපතීන්ද පූජකයන්ද ලෙවීවරුන්ද රැස්කෙළේය.
3
ලෙවීවරුන්ගෙන් ගණන්ගන්නාලද්දේ තිස් අවුරුද්ද පටන් ඉන් ඉහළට වයස් ඇති අයය. එසේ එක්කෙනෙක් එක්කෙනෙක් පාසා ගණන්ගන්නාලද පුරුෂයන්ගේ ගණන තිස්අට දහසක් විය.
4
මොවුන්ගෙන් විසිහතර දහසක් ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේ වැඩ බලාගැනීමට සිටියෝය; හදහසක් මුලාදෑනියෝව විනිශ්චයකාරයෝව සිටියෝය.
5
හාරදහසක් දොරටුපාලයෝය; හාරදහසක් වනාහි: ප්‍රශංසාකිරීමට මම සෑදුවෙමියි දාවිත් කී තූර්යභාණ්ඩවලින් ස්වාමීන්වහන්සේ ට ප්‍රශංසාකරන්නෝව සිටියෝය.
6
දාවිත් ගේර්ෂොන්ද කොහාත්ද මෙරාරීද යන ලෙවීගේ පුත්‍රයන් වංශවල හැටියට පංක්තිවලට බෙදුවේය.
7
ගේර්ෂොන්වරුන්ගෙන් ලාදාන් සහ ෂිමෙයිය.
8
ලාදාන්ගේ පුත්‍රයෝ නම්: ප්‍රධානියාවූ යෙහීයෙල්ද සේතාම්ද යෝවෙල්ද යන තුන්දෙනාය.
9
ෂිමෙයිගේ පුත්‍රයෝ නම්: ෂෙලොමොත්ද හසීයෙල්ද හාරාන්ද යන තුන්දෙනාය. මොව්හු ලාදාන්ගේ පිය පෙළපත්වල ප්‍රධානියෝය.
10
ෂිමෙයිගේ පුත්‍රයෝ නම්: යාහත්, ශීනා, යෙයූෂ් සහ බෙරීයාය. මේ හතරදෙන ෂිමෙයිගේ පුත්‍රයෝය.
11
යාහත් ප්රධානියාය, ශීශා දෙවෙනියාය. නුමුත් යෙයූෂ්ටත් බෙරීයාටත් බොහෝ පුත්‍රයෝ නුවූහ; එබැවින් ඔව්හු එක පිය පෙළපතක් කොට ගණන්ගනු ලැබුවෝය.
12
කොහාත්ගේ පුත්‍රයෝ නම්: අම්රාම්ද ඉශ්හාර්ද හෙබ්‍රොන්ද උස්සීයෙල්ද යන සතර දෙනාය.
13
අම්රාම්ගේ පුත්‍රයෝ නම්: ආරොන් සහ මෝසෙස්ය. ආරොන්ද ඔහුගේ පුත්‍රයෝද ඉතා ශුද්ධදේ කැපකරන පිණිසත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පුකරන පිණිසත් උන්වහන්සේට සේවයකරන පිණිසත් සෑම කල්හිම උන්වහන්සේගේ නාමයෙන් ආශීර්වාදකරන පිණිසත් හැම කලටම වෙන්කරනු ලැබුවෝය.
14
නුමුත් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ මෝසෙස්ගේ පුත්‍රයෝ ලෙවී ගෝත්‍රයට අයිතියයි ගණන්ගන්නාලද්දෝය.
15
මෝසෙස්ගේ පුත්‍රයෝ නම්: ගේර්ෂොම් සහ එලියෙසෙර්ය.
16
ගේර්ෂොම්ගේ පුත්‍රයෝ නම්: ප්‍රධානියාවූ ෂෙබුයෙල්ය.
17
එලියෙසෙර්ගේ පුත්‍රයෝ: ප්‍රධානියාවූ රෙහෙබියාය. එලියෙසෙර්ට වෙන පුත්‍රයෝ නුවූහ; නුමුත් රෙහෙබියාට පුත්‍රයෝ බොහෝදෙනෙක් සිටියෝය.
18
ඉශ්හාර්ගේ පුත්‍රයෝ: ප්‍රධානියාවූ ෂෙලොමිත්ය.
19
හෙබ්‍රොන්ගේ පුත්‍රයෝ: ප්‍රධානියාවූ යෙරියාය, දෙවෙනියාවූ අමරියාය, තුන්වෙනියාවූ යහසීයෙල්ය, හතරවෙනියාවූ යෙකමෙයාම්ය.
20
උස්සීයෙල්ගේ පුත්‍රයෝ: ප්‍රධානියාවූ මීකාය, දෙවෙනියාවූ ඉෂ්ෂියාය.
21
මෙරාරීගේ පුත්‍රයෝ: මාලී සහ මූෂීය. මාලීගේ පුත්‍රයෝ: එලෙයාසර් සහ කීෂ්ය.
22
එලෙයාසර් මළේය, ඔහුට දූවරුන් මිස පුත්‍රයෝ නොසිටියෝය. ඒ තැනැත්තියන්ගේ සහෝදරයෝවූ කීෂ්ගේ පුත්‍රයෝ ඔවුන් පාවාගත්තෝය.
23
මූෂීගේ පුත්‍රයෝ: මාලීද එදෙර්ද යෙරේමොත්ද යන තුන්දෙනාය.
24
ඔව්හු තමුන්ගේ පිය පෙළපත්වල හැටියට, පිය පෙළපත්වල ප්‍රධානියෝ වන විසි අවුරුදු වයසේ පටන් ඉන් ඉහළට එක්කෙනෙක් එක්කෙනෙක් පාසා නම් වශයෙන් ගණන්කරනලද්දාවූ, ස්වාමීන්වහන්සේ ගේ ගෘහ සේවයේ වැඩේ කළාවූ ලෙවීගේ පුත්‍රයෝය.
25
මක්නිසාද: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟට නිශ්චලකම දී තිබේයයි කියාද උන්වහන්සේ යෙරුසලමෙහි සෑමකල්හිම වාසයකරනසේකැයි කියාද
26
මණ්ඩපය සහ එහි සේවයට අයිති සියලු බඩුත් ලෙවීවරුන්ට තවත් ගෙනයන්ට වෙන්නේ නැත කියාද දාවිත් කීවේය.
27
දාවිත්ගේ අන්තිම වචනවල හැටියට විසි අවුරුද්ද පටන් ඉන් ඉහළට වයස් ඇති පුත්‍රයෝ ගණන්ගන්නාලද්දෝය.
28
මක්නිසාද ඔවුන්ගේ තනතුර නම් ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේ සේවය සම්බන්ධයෙන් ආරොන්ගේ පුත්‍රයන්ට උපකාරකිරීමය. එනම්: මිදුල්ද ඇතුල් ගෙවල්ද සියලු ශුද්ධ දේවල් පවිත්‍රකිරීමද දෙවියන්වහන්සේගේ ගෘහයේ සේවයේ වැඩද
29
පිදීමේ රොටිද ආහාර පූජාවටත් මුහුන් නැති රොටිවලටත් ඇතිලියටත් පොඟවන ඒවාටත් ඕනෑකරන සිහින් පිටිද සියලු ආකාර මිමිද මැනීම්ද බලාගැනීමත්,
30
සියලු දවස්වල උදේ සවස ස්වාමීන්වහන්සේ ට ස්තුති ප්‍රශංසාකිරීමට සිටීමත්,
31
සබත් දවස්වලදීද අමාවක දවස්වලදීද මංගල්‍යවලදීද ගණනින් නියම ප්‍රකාරයට නිතරම ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සියලු දවන පූජා ඔප්පුකිරීමත්,
32
සම්මුඛවීමේ කූඩාරමේ භාරයද ශුද්ධස්ථානයේ භාරයද ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේ සේවය සම්බන්ධයෙන් තමුන්ගේ සහෝදරයන්වූ ආරොන්ගේ පුත්‍රයන්ගේ භාරයද බලාගැනීමත්ය.
← Chapter 22
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 24 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29