bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
1 Chronicles 19
1 Chronicles 19
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 18
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 20 →
1
ඉක්බිති අම්මොන් පුත්‍රයන්ගේ රජවූ නාහාෂ් මළේය, ඔහුගේ පුත්‍රයා ඔහු වෙනුවට රජවිය.
2
දාවිත් වනාහි: හානූන්ගේ පියවූ නාහාෂ් මට කරුණාව පෙන්වූ නිසා මමත් හානූන්ට කරුණාව පෙන්වන්නෙමියි කියා ඔහුගේ පියා ගැන ඔහු සනසන පිණිස දූතයන් යැවීය. දාවිත්ගේ සේවකයෝ හානූන් සනසන්ට අම්මොන් පුත්‍රයන්ගේ දේශයට ඔහු වෙතට පැමුණුණෝය.
3
එවිට අම්මොන් පුත්‍රයන්ගේ අධිපතීහු හානූන්ට කථාකොට: දාවිත් ඔබ ළඟට සැනසිලිකාරයන් එවූ නිසා ඔහු ඔබගේ පියාණන්ට ගෞරවකරන්නේයයි ඔබ සිතනවාද? ඔහුගේ සේවකයන් ඔබ වෙතට ආවේ දේශය විභාගකර, ඔත්තු බලා, ඒක නාස්තිකරන අදහසින් නොවේදැයි කීවෝය.
4
එවිට හානූන් දාවිත්ගේ සේවකයන් අල්වා, ඔවුන්ගේ රැවුල් බූගා, කළවාමුල් දක්වා ඔවුන්ගේ ඇඳුම් මැදින් කපාදමා ඔවුන් යන්ට හැරියේය.
5
මිනිස්සු ඇවිත් ඒ මනුෂ්‍යයන් ගැන දාවිත්ට දැන්නූහ. එවිට ඔවුන් සම්බවෙන්ට ඔහු මිනිසුන් යැවුවේය; මක්නිසාද ඒ මනුෂ්‍යයෝ බොහෝසෙයින් ලජ්ජාවට පත්ව සිටියෝය. රජ: ඔබ සැමගේ රැවුල් වැඩෙනකල් යෙරිකෝවෙහි නැවතී පසුව එන්නැයි කියා හැරියේය.
6
තවද අම්මොන් පුත්‍රයෝ තමුන් දාවිත් ඉදිරියෙහි පිළිකුල්ව සිටින බව දැක, හානූන් සහ අම්මොන් පුත්‍රයෝද මෙසොපොතාමියේ සිරියවරුන්ගෙනුත් මයකාහි සිරියවරුන්ගෙනුත් ශෝබායෙනුත් රථ සහ අසරුවන් කුලියට ගන්ට රිදී තලෙන්ත දහසක් යැවූහ.
7
මෙසේ ඔව්හු රථ තිස් දෙදහසක්ද මයකාහි රජුද ඔහුගේ සෙනඟද කුලියට ගත්තෝය; ඔව්හු ඇවිත් මේදෙබා ඉදිරිපිට කඳවුරු බැඳගත්තෝය.
8
අම්මොන් පුත්‍රයෝත් තමුන්ගේ නුවරවලින් රැස්ව සටනට ආවෝය. දාවිත් ඒ අසා යෝවාබ්ද බලවන්තයන්වූ මුළු සේනාවද යැවීය.
9
අම්මොන් පුත්‍රයෝද පිටතට ඇවිත් නුවර දොරටුව ළඟ යුද්ධ පිළිවෙළින් සිටියෝය. ආවාවූ රජවරු භූමියෙහි වෙනම සිටියෝය.
10
ඉදිරියෙන්ද පස්සෙන්ද සටන තමාට විරුද්ධව පැමිණෙන්ට තිබෙන බව යෝවාබ් දැක සියලු බලවන්ත ඉශ්රායෙල්වරුන්ගෙන් කොටසක් තෝරාගෙන සිරියවරුන්ට විරුද්ධව සිටවා,
11
ඉතිරි සෙනඟ අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව සිටින පිණිස තමාගේ සහෝදරවූ අබිෂයි අතට භාරදුන්නේය.
12
තවද ඔහු කථාකොට: සිරියවරුන් මට වඩා බලවත්වුණොත් ඔබ මට උපකාරකරන්න. අම්මොන් පුත්‍රයන් ඔබට වඩා බලවත් වුණොත් මම ඔබට උපකාරකරන්නෙමි.
13
ධෛර්යවත්ව සිටින්න, අපේ සෙනඟ උදෙසාත් අපේ දෙවියන්වහන්සේගේ නුවරවල් උදෙසාත් බලවත්ව ක්‍රියාකරමු. ස්වාමීන්වහන්සේ තමන්ට යහපත්ව පෙනෙන ලෙස කරනසේක්වයි කීවේය.
14
මෙසේ යෝවාබ්ද ඔහු සමඟ සිටි සෙනඟද සිරියවරුන්ට විරුද්ධව සටනට ළංවූහ; එවිට ඔව්හු ඔහු ඉදිරියෙන් පලාගියෝය.
15
සිරියවරුන් පලාගිය බව අම්මොන් පුත්‍රයන් දුටුවිට, ඔව්හුද ඔහුගේ සහෝදරවූ අබිෂයි ඉදිරියෙන් පලාගොස් නුවරට ඇතුල්වූහ. එවිට යෝවාබ් යෙරුසලමට ආයේය.
16
සිරියවරු තමුන් ඉශ්රායෙල් ඉදිරිපිට පැරදුණු බව දැක පණිවිඩකාරයන් යවා ගංගාවට එගොඩින් සිටි සිරියවරුන් ගෙන්වාගත්තෝය. හදර්එසෙර්ගේ සේනාපතියාවූ ෂෝපාක් ඔවුන්ට පෙරටුව ආවේය.
17
එපවත් දාවිත්ට දැන්වූ කල ඔහු සියලු ඉශ්රායෙල්වරුන් රැස්කරගන යොර්දානෙන් එගොඩව ඔවුන් ළඟට ඇවිත්, ඔවුන්ට විරුද්ධව යුද්ධ පිළිවෙළින් සිටියේය. එසේ දාවිත් සිරියවරුන්ට විරුද්ධව යුද්ධ පිළිවෙළින් සිටි විට ඔව්හු ඔහුට විරුද්ධව සටන්කළෝය.
18
නුමුත් ඉශ්රායෙල්වරුන් ඉදිරියෙන් සිරියවරු පලාගියෝය; දාවිත් සිරියවරුන්ගෙන් රථ සත් දහසක මිනිසුන්ද පාබළ සෙනඟ සතළිස් දහසක්ද මරාදමා, සේනාපතියාවූ ෂෝපාක්ද මැරුවේය.
19
හදර්එසෙර්ගේ සේවකයෝ තමුන් ඉශ්රායෙල් ඉදිරිපිට පැරදුණු බව දැක දාවිත් සමඟ සමාදානවී ඔහුට මෙහෙකළෝය. සිරියවරු අම්මොන් පුත්‍රයන්ට තවත් උපකාරකරන්ට කැමති නොවූහ.
← Chapter 18
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 20 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29