bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
1 Chronicles 17
1 Chronicles 17
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 16
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 18 →
1
තවද දාවිත් තමාගේ ගෙයි වසන කල්හි ප්‍රොපේත තැනවූ නාතාන්ට කථාකොට: මෙන්න, මම කිහිරි ලී ගෙයක වාසයකරමි, නුමුත් ස්වාමීන්වහන්සේ ගේ ගිවිසුම් පෙට්ටිය තිර ඇතුළෙහි වාසයකෙරේයයි කීවේය.
2
නාතාන්ද: ඔබගේ සිතේ තිබෙන සියල්ල කළ මැනව; මක්නිසාද දෙවියන්වහන්සේ ඔබ සමඟ සිටිනසේකැයි දාවිත්ට කීය.
3
තවද එම රාත්‍රියේ දෙවියන්වහන්සේගේ වචනය නාතාන්ට පැමිණ කියනුයේ:
4
ඔබ ගොස් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි මාගේ මෙහෙකරුවූ දාවිත්ට කියව-මාගේ වාසය පිණිස ඔබ ගෘහයක් ගොඩනොනගන්නෙහිය.
5
මක්නිසාද මම ඉශ්රායෙල්වරුන් ගෙනා දවස පටන් අද දක්වා ගෘහයක වාසය නොකොට කූඩාරමෙන් කූඩාරමටද මණ්ඩපයෙන් මණ්ඩපයටද යමින් හැසුරුණෙමි.
6
මාගේ සෙනඟ පාලනයකරන්ට මා විසින් අණකළ ඉශ්රායෙල් විනිශ්චයකාරයන්ගෙන් යමෙකුට-ඔබ සැම මට කිහිරි ලී ගෘහයක් ගොඩනොනැගුවේ මක්නිසාද යන වචනයක් මා සියලු ඉශ්රායෙල්වරුන් අතරෙහි හැසුරුණ කොයි ස්ථානයකදීවත් කීයෙම්ද?
7
එබැවින් මාගේ මෙහෙකරුවූ දාවිත්ට මෙසේ කියව-සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මාගේ සෙනඟවූ ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා ඔබ වෙන පිණිස තෘණබිමෙන්ද බැටළුවන් පස්සේ යාමෙන්ද මම ඔබ අහක්කොට ගතිමි.
8
ඔබ ගිය හැම තැන්හිම මම ඔබ සමඟ සිට, ඔබේ සියලු සතුරන් ඔබ ඉදිරියෙන් සිඳ දැමීමි; පොළොවේ සිටින උත්තමයන්ගේ නාම මෙන් ඔබට නාමයක් උපදවන්නෙමි.
9
මාගේ සෙනඟවූ ඉශ්රායෙල් තමුන්ගේම ස්ථානයෙහි වාසයකොට මතු එයින් නොයන ලෙස මම ඔවුන්ට ස්ථානයක් නියමකොට ඔවුන් පිහිටුවන්නෙමි; තවද මුලදී සිදුවූවාක් මෙන්ද,
10
මා විසින් මාගේ සෙනඟවූ ඉශ්රායෙල් කෙරෙහි විනිශ්චයකාරයන් පත්කළ කාලයේ සිට සිදුවූවාක් මෙන්ද දුෂ්ට මනුෂ්‍යයෝ තවත් ඔවුන් නාස්තිනොකරන්නෝය; ඔබේ සියලු සතුරන් යටත්කරන්නෙමි. ඇරත් ස්වාමීන්වහන්සේ ඔබට ගෘහයක් ගොඩනගන බව ඔබට දන්වමි.
11
ඔබේ පියවරුන් ළඟට යාමට ඔබේ දවස් සම්පූර්ණවූ කල, මම ඔබේ පුත්‍රයෙක්වූ ඔබේම දරුවෙක් ඔබට පසුව පිහිටුවා, ඔහුගේ රාජ්‍යය ස්ථිරකරන්නෙමි.
12
ඔහු මට ගෘහයක් ගොඩනගන්නේය, ඔහුගේ සිංහාසනයද මම සදාකාලයටම ස්ථිරකරන්නෙමි.
13
මම ඔහුට පියෙක් වන්නෙමි, ඔහුද මට පුත්‍රයෙක්වන්නේය. ඔබට පළමු සිටි තැනැත්තාගෙන් මාගේ කරුණාව පහකළාක්මෙන් මම ඔහුගෙන් පහනොකර,
14
මාගේ ගෘහයෙහිද මාගේ රාජ්‍යයෙහිද ඔහු සදාකාලේටම පිහිටුවන්නෙමි. ඔහුගේ සිංහාසනයද සදාකාලේටම ස්ථිරකරනු ලබන්නේය කියා කියනසේකැයි කීවේය.
15
මේ සියලු වචන ප්‍රකාරයටත් මේ මුළු දර්ශනයේ ප්‍රකාරයටත් නාතාන් දාවිත්ට කීවේය.
16
එවිට දාවිත් රජ ඇතුළට ගොස් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි හිඳ: දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ විසින් මෙපමණ දුරට මා ගෙනඊමට මම කවුද? මාගේ වංශය මොකක්ද?
17
එහෙත් දෙවියන්වහන්ස, මේකත් ඔබගේ ඇස් හමුවෙහි මදිව, මතු කාලයට ඔබගේ මෙහෙකරුවාගේ වංශය ගැන ඔබ කථාකොට, දෙවිවූ ස්වාමීන්වහන්ස, උත්තම මනුෂ්‍යයෙකු හැටියට ඔබ මා සැලකූසේක.
18
ඔබගේ මෙහෙකරුවාට කළ ගෞරවය ගැන දාවිත් ඔබට තවත් කුමක් කියන්ටද? මක්නිසාද ඔබවහන්සේ ඔබගේ මෙහෙකරුවා දන්නාසේක.
19
ස්වාමීන්වහන්ස, ඔබ මේ මුළු මහත් දෙය කොට මේ සියලු මහත් දේ දැන්නුවේ ඔබගේ මෙහෙකරුවා උදෙසාත් ඔබගේ සිතේ හැටියටත්ය.
20
ස්වාමීන්වහන්ස, අපේ කන්වලින් අප ඇසූ සියල්ල ලෙස ඔබට සමාන කෙනෙක් නැත, ඔබවහන්සේ හැර වෙන කිසි දෙවිකෙනෙක්ද නැත.
21
ඔබගේ සෙනඟවූ ඉශ්රායෙල්ට සමානව ඉන්නේ පොළොවේ කොයි ජාතියද? මක්නිසාද දෙවියන්වහන්සේ තමන්ට සෙනඟක් කොට ඔවුන් මුදාගන්න පිණිස ගොස් මිසරයෙන් මුදාගත් ඔබගේ සෙනඟ ඉදිරියෙන් ජාතීන් එළවාදමා, මහත්වූ භයානකවූ දේවල් කිරීමෙන් ඔබට නාමයක් උපදවාගත්සේක.
22
මෙසේ ඔබගේ සෙනඟවූ ඉශ්රායෙල් සදාකාලයටම ඔබට සෙනඟක් කොට තබාගෙන, ඔබම, ස්වාමීන්වහන්ස, ඔවුන්ගේ දෙවියන්වහන්සේ වී සිටිනසේක.
23
දැනුදු, ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකරුවාත් ඔහුගේ වංශයත් ගැන ඔබ කී වචනය සදාකාලයටම ස්ථිරවේවා, ඔබ කී ලෙසම කළ මැනව.
24
ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේව, ඉශ්රායෙල්වරුන් උදෙසා දෙවිකෙනෙක්ව සිටින්නේ සේනාවල ස්වාමීන්වහන්සේ යයි කීමෙන් එසේ ඔබගේ නාමය ස්ථිරව සදාකාලයටම උතුම් වේවා. ඔබගේ මෙහෙකරුවූ දාවිත්ගේ වංශයද ඔබ ඉදිරියෙහි ස්ථිරව තිබේ.
25
මක්නිසාද, මාගේ දෙවියන්වහන්ස, ඔබගේ මෙහෙකරුවා උදෙසා ඔබ ගෘහයක් ගොඩනගන බව ඔබ ඔහුට එළිදරව් කළසේක. එබැවින් ඔබ ඉදිරියෙහි යාච්ඤාකරන්ට ඔබගේ මෙහෙකරුවාට කල්පනාවිය.
26
දැනුදු, ස්වාමීන්වහන්ස, ඔබම දෙවියන්වහන්සේය, ඔබගේ මෙහෙකරුවාට මේ යහපත් දේ පොරොන්දුවූසේක.
27
එසේ ඔබගේ මෙහෙකරුවාගේ වංශයට ආශීර්වාදකරන්ට ඔබ ප්‍රසන්නවූයේ එය සදාකාලේටම ඔබ ඉදිරියෙහි පවතින පිණිසය. මක්නිසාද, ස්වාමීන්වහන්ස, ඔබවහන්සේ ආශීර්වාදකළ බැවින් එය සදාකල්ම ආශීර්වාද ලබන්නේයයි කීයේය.
← Chapter 16
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 18 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29