bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
1 Chronicles 1
1 Chronicles 1
Sinhala Bile - New Revised Version (NRSV)
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 2 →
1
ආදම්, සෙත්, ඒනොෂ්;
2
කේනාන්, මහලලෙල්, ජරෙද්,
3
ඒනොක්, මෙතුසෙලා, ලාමෙක්;
4
නෝවාගේ පුත්රයෝ නම්: ෂෙම්, හාම් සහ ජපෙත් ය.
5
ජපෙත්ගේ පුත්රයෝ නම්: ගොමෙර්, මාගොග්, මාදයි, ජාවාන්, තුබල්, මෙෂෙක් සහ තීරස් ය.
6
ගොමෙර්ගේ පුත්රයෝ නම්: අෂ්-කෙනස්, රිපත් සහ තොගර්මා ය.
7
ජාවාන්ගේ පුත්රයෝ නම්: එලිෂා, තර්ෂිෂ්, කිත්තිම් සහ රොදානිවරු ය.
8
හාම්ගේ පුත්රයෝ නම්: කුෂ්, මිශ්රයිම්, පූට් සහ කානාන් ය.
9
කුෂ්ගේ පුත්රයෝ නම්: ෂෙබා, හවීලා, සබ්තා, රාමා සහ සබ්තෙකා ය. රාමාගේ පුත්රයෝ නම්: ෂෙබා සහ දෙදාන් ය.
10
කුෂ්ට දාව නිම්රොද් උපන්නේ ය; ඔහු පොළොවේ බලවන්තයෙකු වන්නට පටන් ගත්තේ ය.
11
මිශ්රයිම්ට දාව ලුදිම්වරු ද අනාමිම්වරු ද ලෙහාබිම්වරු ද නප්තුහිම්වරු ද
12
පත්රුසිම්වරු ද කස්ලුහිම්වරු ද ක්රීට්වරු ද උපන්නෝ ය. පිලිස්තිවරුන් පැවත ආයේ ඔවුන්ගෙන් ය.
13
කානාන්ට දාව තමාගේ කුලුඳුලා වූ සීදොන් සහ හෙත් ද;
14
ජෙබුසිවරු ද අමෝරිවරු ද ගිර්ගාෂිවරු ද;
15
හිවීවරු ද අර්කිවරු ද සීනිවරු ද;
16
ආර්වාදිවරු ද ශෙමාරිවරු ද හමාතිවරු ද උපන්නෝ ය.
17
ෂෙම්ගේ පුත්රයෝ නම්: ඒලාම්, අෂූර්, අර්පක්ෂද්, ලූද්, අරාම්, ඌශ්, හුල්, ගෙතෙර් සහ මෙෂෙක් ය.
18
අර්පක්ෂද්ට දාව ෂේලා උපන්නේ ය; ෂේලාට දාව ඒබෙර් උපන්නේ ය.
19
ඒබෙර්ට පුත්රයෝ දෙදෙනෙක් උපන්නෝ ය. එක් කෙනෙකුගේ නම පෙලෙග් ය. මන්ද, ඔහුගේ කාලයේ පොළෝ තලය බෙදන්නට යෙදුණේ ය. ඔහුගේ සහෝදරයාගේ නම ජොක්තන් ය.
20
ජොක්තන්ට දාව අල්මෝදාද් ද ෂෙලෙප් ද හසර්මාවෙත් ද ජෙරා ද;
21
හදොරාම් ද ඌසාල් ද දික්ලා ද;
22
ඒබාල් ද අබිමායෙල් ද ෂෙබා ද;
23
ඕපීර් ද හවීලා ද ජෝබාබ් ද උපන්නෝ ය. මේ සියල්ලෝ ජොක්තන්ගේ පුත්රයෝ ය.
24
ෂෙම්, අර්පක්ෂද්, ෂේලා;
25
ඒබෙර්, පෙලෙග්, රෙයු;
26
සෙරුග්, නාහෝර්, තේරා සහ
27
ආබ්රම් හෙවත් ආබ්රහම් ය.
28
ආබ්රහම්ගේ පුත්රයෝ නම්: ඊසාක් සහ ඉෂ්මායෙල් ය.
29
ඔවුන්ගේ පරම්පරා මේ ය: ඉෂ්මායෙල්ගේ කුලුඳුලා වූ නෙබායොත්, ඊළඟට කේදාර්, අද්බෙයෙල්, මිබ්සාම්;
30
මිෂ්මා, දුමා, මස්සා; හදද්, තේමා,
31
ජෙතුර්, නාපීෂ් සහ කේදෙමා ය. මොවුහු ඉෂ්මායෙල්ගේ පුත්රයෝ ය.
32
ආබ්රහම්ගේ උපභාර්යාව වූ කෙතුරාගේ පුත්රයෝ මොවුහු ය: ඈ ශිම්රාන්, ජොක්ෂාන්, මෙදාන්, මිදියාන්, ඉෂ්බාක් සහ ෂුවා ලැබුවා ය. ජොක්ෂාන්ගේ පුත්රයෝ නම්: ෂෙබා සහ දෙදාන් ය.
33
මිදියාන්ගේ පුත්රයෝ නම්: ඒපා, ඒපෙර්, හනොක්, අබිදා සහ එල්දායා ය. මේ සියල්ලෝ කෙතුරාගේ පුත්රයෝ ය.
34
ආබ්රහම්ට දාව ඊසාක් උපන්නේ ය. ඊසාක්ගේ පුත්රයෝ නම්: ඒසව් සහ ඉශ්රායෙල් ය.
35
ඒසව්ගේ පුත්රයෝ නම්: එලිපස්, රෙවුයෙල්, ජෙවුෂ්, ජලාම් සහ කෝරා ය.
36
එලිපස්ගේ පුත්රයෝ නම්: තේමාන්, ඕමාර්, ශෙපී, ගායිතාම්, කෙනස්, තිම්නා සහ අමලෙක් ය.
37
රෙවුයෙල්ගේ පුත්රයෝ නම්: නහත්, සෙරා, ෂම්මා සහ මිස්සා ය.
38
සේයිර්ගේ පුත්රයෝ නම්: ලෝතාන්, ෂෝබාල්, ශිබෙයොන්, අනා, දීෂොන්, එශෙර් සහ දීෂාන් ය.
39
ලෝතාන්ගේ පුත්රයෝ නම්: හෝරී සහ හෝමාම් ය. තිම්නා ලෝතාන්ගේ සහෝදරී ය.
40
ෂෝබාල්ගේ පුත්රයෝ නම්: අල්වාන්, මානහත්, ඒබාල්, ෂෙපී සහ ඕනාම් ය. ශිබෙයොන්ගේ පුත්රයෝ නම්: ආයා සහ අනා ය.
41
අනාගේ පුත්රයා දීෂොන් ය. දීෂොන්ගේ පුත්රයෝ නම්: හම්රාන්, එෂ්බාන්, ඉත්රාන් සහ කෙරාන් ය.
42
එශෙර්ගේ පුත්රයෝ නම්: බිල්හන්, සයවාන් සහ ජාකන් ය. දීෂාන්ගේ පුත්රයෝ නම්: ඌශ් සහ අරාන් ය.
43
ඉශ්රායෙල් ජනයා කෙරෙහි කිසි රජෙකු රජකම් කරන්න පළමුවෙන් ඒදොම් රටේ රජකම් කළ රජවරු මොවුහු ය. බෙයෝර්ගේ පුත් බෙලා ය; ඔහුගේ නුවර නම් දින්හාබා ය.
44
බෙලා මළ පසු බොශ්රාහි සෙරාගේ පුත් ජෝබාබ් ඔහු වෙනුවට රජකම් කෙළේ ය.
45
ජෝබාබ් මළ පසු තේමානිවරුන්ගේ රටේ හුෂාම් ඔහු වෙනුවට රජකම් කෙළේ ය.
46
හුෂාම් මළ පසු මෝවබ් රටේ දී මිදියන්ට පහර දුන් බෙදද්ගේ පුත් හදද් ඔහු වෙනුවට රජකම් කෙළේ ය. ඔහුගේ නුවරේ නම අවිත් ය.
47
හදද් මළ පසු මස්රේකාහි ෂම්ලා ඔහු වෙනුවට රජකම් කෙළේ ය.
48
ෂම්ලා මළ පසු යුප්රටීස් ගංගාව ළඟ තිබුණු රෙහොබොත්හි ෂාවුල් ඔහු වෙනුවට රජකම් කෙළේ ය.
49
ෂාවුල් මළ පසු අක්බොර්ගේ පුත් බාල්-හනන් ඔහු වෙනුවට රජකම් කෙළේ ය.
50
බාල්-හනන් මළ පසු හදද් ඔහු වෙනුවට රජකම් කෙළේ ය. ඔහුගේ නුවරේ නම පායී ය. ඔහුගේ භාර්යාවගේ නම මෙහෙතාබල් ය. ඈ මෙසාහාබ්ගේ දුව වූ මත්රේද්ගේ දුව ය.
51
හදද් මියගියේ ය. ඒදොම්හි අධිපතිවරු නම්: තිම්නා, අල්වා, ජෙතේත්;
52
ඔහොලිබාමා, ඒලා, පීනොන්;
53
කෙනස්, තේමාන්, මිබ්ශාර්;
54
මග්දීයෙල් සහ ඊරාම් ය. මොවුහු ඒදොම්හි අධිපතියෝ ය.
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 2 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29