bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
1 Chronicles 23
1 Chronicles 23
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 22
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 24 →
1
දාවිත් දිගායු වළඳා මහලු වූ විට තමාගේ පුත් සලමොන් ඉශ්රයෙල්වරුන්ගේ රජ කොට පත් කෙළේ ය.
2
තවද, දාවිත් ඉශ්රායෙල්වරුන්ගේ සියලු අධිපතීන් ද පූජකයන් ද ලෙවීවරුන් ද රැස් කෙළේ ය.
3
ලෙවීවරුන්ගෙන් ගණන් ගන්නා ලද්දේ, තිස් අවුරුද්දක පටන් ඉන් ඉහළට වයස් ඇති අය ය. එසේ එක් කෙනෙකු එක් කෙනෙකු පාසා ගණන් ගන්න ලද පුරුෂයන්ගේ ගණන තිස්අටදහසක් විය.
4
මොවුන්ගෙන් විසිහතරදහසක් සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වැඩ බලා ගැනීමට සිටියෝ ය. හයදහසක් මුලාදෑනියෝ ද විනිශ්චයකාරයෝ ද වූ හ.
5
හාරදහසක් දොරටු පාලකයෝ වූ හ. ‘ප්‍රශංසා කිරීමට මම සෑදුවෙමි’යි දාවිත් කී තූර්ය භාණ්ඩවලින් සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන්නෝ හාරදහසක් වූ හ.
6
දාවිත් ගේර්ෂොන් ද කොහාත් ද මෙරාරී ද යන ලෙවීගේ පුත්‍රයන්ගේ වංශවල හැටියට ඔවුන් පංතිවලට බෙදුවේ ය.
7
ගේර්ෂොන්ගේ පුත්‍රයෝ ලාදාන් සහ ෂිමෙයි ය.
8
ලාදාන්ගේ පුත්‍රයෝ නම්: ප්‍රධානියා වූ ජෙහීයෙල් ද සේතාම් ද ජෝවෙල් ද යන තුන්දෙනා ය.
9
ෂිමෙයිගේ පුත්‍රයෝ නම්: ෂෙලොමිත් ද හශීයෙල් ද හාරාන් ද යන තුන්දෙනා ය. මොවුහු ලාදාන්ගේ පිය පෙළපත්වල ප්‍රධානියෝ ය.
10
ෂිමෙයිගේ පුත්‍රයෝ නම්: ජහත්, ශීනා, ජෙවුෂ් සහ බෙරියා ය. මේ හතර දෙන ෂිමෙයිගේ පුත්‍රයෝ ය.
11
ජහත් ප්‍රධානියා ය, ශීනා දෙවැනියා ය. එහෙත්, ජෙවුෂ්ටත්, බෙරියාටත් බොහෝ පුත්‍රයෝ නුවූ හ. එබැවින් ඔව්හු එක පිය පෙළපතක් කොට ගණන්ගනු ලැබුවෝ ය.
12
කොහාත්ගේ පුත්‍රයෝ නම්: අම්රාම් ද ඉශ්හාර් ද හෙබ්‍රොන් ද උශ්ශියෙල් ද යන සතරදෙනා ය.
13
අම්රාම්ගේ පුත්‍රයෝ නම්: ආරොන් සහ මෝසෙස් ය. ආරොන් ද ඔහුගේ පුත්‍රයෝ ද ඉතා ශුද්ධ දේ කැප කරන පිණිසත්, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පු කරන පිණිසත්, උන් වහන්සේට සේවය කරන පිණිසත්, සෑම කල්හි ම උන් වහන්සේගේ නාමයෙන් ආශීර්වාද කරන පිණිසත්, හැම කලට ම වෙන් කරනු ලැබුවෝ ය.
14
එහෙත්, දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වන මෝසෙස්ගේ පුත්‍රයෝ ලෙවී ගෝත්‍රයට අයිති යයි ගණන් ගන්නා ලද්දෝ ය.
15
මෝසෙස්ගේ පුත්‍රයෝ නම්: ගේර්ෂොම් සහ එලියෙසෙර් ය.
16
ගේර්ෂොම්ගේ පුත්‍රයෝ නම්; ප්‍රධානියා වූ ෂෙබුයෙල් ය.
17
එලියෙසෙර්ගේ පුත්‍රයෝ: ප්‍රධානියා වූ රෙහෙබියා ය. එලියෙසෙර්ට වෙන පුත්‍රයෝ නුවූ හ. එහෙත්, රෙහෙබියාට පුත්‍රයෝ බොහෝ දෙනෙක් සිටියෝ ය.
18
ඉශ්හාර්ගේ පුත්‍රයෝ: ප්‍රධානියා වූ ෂෙලොමිත් ය;
19
හෙබ්‍රොන්ගේ පුත්‍රයෝ: ප්‍රධානියා වූ ජෙරියා ය, දෙවැනියා වූ අමරියා ය; තුන්වැනියා වූ ජහසියෙල් ය; හතරවැනියා වූ ජෙකමෙයාම් ය.
20
උශ්ශියෙල්ගේ පුත්‍රයෝ: ප්‍රධානියා වූ මීකා ය; දෙවැනියා වූ ඉෂ්ෂියා ය.
21
මෙරාරීගේ පුත්‍රයෝ: මාලී සහ මුෂී ය. මාලීගේ පුත්‍රයෝ: එලෙයාසර් සහ කිෂ් ය.
22
එලෙයාසර් මළේ ය. ඔහුට දූවරුන් මිස පුත්‍රයෝ නොසිටියෝ ය. ඒ තැනැත්තියන්ගේ සහෝදරයන් වූ කිෂ්ගේ පුත්‍රයෝ ඔවුන් පාවාගත්තෝ ය.
23
මුෂීගේ පුත්‍රයෝ: මාලී ද ඒදෙර් ද ජෙරිමොත් ද යන තුන්දෙනා ය.
24
ඔව්හු තමන්ගේ පිය පෙළපත්වල හැටියට, පිය පෙළපත්වල ප්‍රධානියන් වන විසි අවුරුදු වයසේ පටන් ඉන් ඉහළට එක් කෙනෙකු එක් කෙනෙකු පාසා නම් වශයෙන් ගණන් කරන ලද්දා වූ, සමිඳාණන් වහන්සේගේ මාලිගා සේවයේ වැඩ කළා වූ ලෙවීගේ පුත්‍රයෝ ය.
25
තවද, දාවිත් කතා කොට, “ඉශ්‍රායෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේ තමන්ගේ සෙනඟට සාමදානය දී තිබේ ය”යි ද, “උන් වහන්සේ ජෙරුසලමෙහි සෑම කල්හි ම වාසය කරන සේකැ”යි ද,
26
“මණ්ඩපය සහ එහි සේවයට අයිති සියලු භාණ්ඩත් ලෙවීවරුන්ට තවත් උසුලා ගෙන යන්න වන්නේ නැතැ”යි ද කීවේ ය.
27
දාවිත්ගේ අන්තිම වචනවල හැටියට විසි අවුරුද්ද පටන් ඉන් ඉහළට වයස් ඇති පුත්‍රයෝ ගණන් ගන්න ලද්දෝ ය.
28
මන්ද, ඔවුන්ගේ තනතුර නම්, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සේවය සම්බන්ධයෙන් ආරොන්ගේ පුත්‍රයන්ට උපකාර කිරීම ය. එනම්, මළුව, ඇතුල් ගෙවල් සහ සියලු ශුද්ධ දේවල් පවිත්‍ර කිරීමත්, දෙවියන් වහන්සේගේ මාලිගාවේ සේවයේ වැඩ ද පිදීමේ රොටි ද
29
ආහාර පූජාවටත්, මුහුන් නැති රොටිවලටත් ඇතිළියටත්, පොඟවන ඒවාටත් ඕනෑ කරන සිහින් පිටි ද සියලු ආකාර මිමි ද මැනීම් ද බලාගැනීමත්,
30
දිනපතා උදේ සවස සමිඳාණන් වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීමට සිටීමත්,
31
සබත් දවස්වල දී ද අමාවක දවස්වල දී ද මංගල්‍යවල දී ද ගණනින් නියම ප්‍රකාරයට නිතර ම සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සියලු දවන යාග පූජා ඔප්පු කිරීමත්,
32
සම්මුඛ මණ්ඩපයේ වත්පිළිවෙත් ද ශුද්ධස්ථානයේ වත්පිළිවෙත් ද සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සේවය සම්බන්ධයෙන් තම සහෝදරයන් වූ ආරොන්ගේ පුත්‍රයන්ගේ වත්පිළිවෙත් ද බලාගැනීමත් ය.
← Chapter 22
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 24 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29