bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
1 Chronicles 7
1 Chronicles 7
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 6
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 8 →
1
ඉස්සාකර්ගේ පුත්‍රයෝ නම්: තෝලා, පුවා, ජාෂුබ්, ෂිම්රොන් යන සතරදෙනා ය.
2
තෝලාගේ පුත්‍රයෝ නම්: උශ්ශි, රෙපායා, ජෙරීයෙල්, ජාමයි, ඉබ්සාම් සහ ෂෙමුවෙල් ය; ඔව්හු තෝලාට අයිති තමන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව, තමන්ගේ පෙළපත්වල බලවන්ත මනුෂ්‍යයෝ වූ හ. දාවිත්ගේ කාලයේ දී ඔවුන්ගේ ගණන විසිදෙදාස් හයසියයක් විය.
3
උශ්ශිගේ පුත්‍රයෝ නම්: ඉස්රායා සහ ඉස්රායාගේ පුත්‍රයන් වූ මිකායෙල් ද ඔබදියා ද ජෝවෙල් ද ඉෂ්ෂියා ද යන පස්දෙනා ය. ඒ සියල්ලෝ ප්‍රධාන මනුෂ්‍යයෝ ය.
4
ඔවුන් සමඟ තමන්ගේ පරම්පරා වශයෙන් ද තමන්ගේ පිය වංශවල ප්‍රකාරයට ද ගණනින් තිස්හයදහසක් වූ යුද්ධ හමුදාවල් සිටියෝ ය. ඔවුන්ට බොහෝ භාර්යාවෝ සහ පුත්‍රයෝ වූ හ.
5
සියලු ඉස්සාකර් පවුල් අතරෙහි බලවන්ත මනුෂ්‍යයන් ව සිටි ඔවුන්ගේ සහෝදරයෝ, සියල්ලන්ගේ ලේඛනයේ හැටියට අසූහත්දහසක් වූ හ.
6
බෙන්ජමින්ගේ පුත්‍රයෝ නම්: බෙලා, බෙකෙර්, ජෙදීයයෙල් යන තුන්දෙනා ය.
7
බෙලාගේ පුත්‍රයෝ නම්: එශ්බොන්, උශ්ශිය, උශ්ශියෙල්, ජෙරිමොත්, ඊරී යන පස්දෙනා ය. ඔව්හු තමන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව, බලවන්ත මනුෂ්‍යයන් ව සිටියෝ ය. ඔව්හු පෙළපත් වශයෙන් ගණන් කරන ලදුව විසිදෙදාස් තිස්හතරදෙනෙක් වූ හ.
8
බෙකෙර්ගේ පුත්‍රයෝ නම්: ශෙමිරා, ජෝවාෂ්, එලියෙසර්, එලියෝයේනයි, ඔම්රී, ජෙරිමොත්, අබියා, අනාතොත් සහ ආලෙමෙත් ය. මේ සියල්ලෝ බෙකෙර්ගේ පුත්‍රයෝ ය.
9
ඔවුන්ගේ පෙළපත් වශයෙන් තමන්ගේ පරම්පරා හැටියට, තමන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව සිටි බලවන්ත මනුෂ්‍යයෝ විසිදාස් දෙසියයක් ය.
10
ජෙදීයයෙල්ගේ පුත්‍රයා නම්: බිල්හන් ය. බිල්හන්ගේ පුත්‍රයෝ නම්: ජෙවුෂ්, බෙන්ජමින්, ඒහුද්, කෙනානා, ශේතාන්, තර්ෂිෂ් සහ අහිෂාහර් ය.
11
මේ සියල්ලෝ තමන්ගේ පිය වංශවල ප්‍රකාරයට ජෙදීයයෙල්ගේ පුත්‍රයන් ව, සේනා වශයෙන් යුද්ධයට යන්නට පුළුවන් වූ බලවන්ත මනුෂ්‍යයන් ව සිටියෝ ය. ඔව්හු දහහත්දාස් දෙසියදෙනෙක් වූ හ.
12
ෂුප්පීම් ද හුප්පීම් ද ඊර්ගේ පුත්‍රයෝ ය. හුෂිම් අහෙර්ගේ පුත්‍රයෙක් ය.
13
නප්තලීගේ පුත්‍රයෝ නම්: බිල්හාගේ පුත්‍රයන් වූ ජාශීයෙල්, ගුනී, ජේශෙර් සහ ෂල්ලුම් ය.
14
මනස්සේගේ පුත්‍රයෝ: මනස්සේට අරමීය උපභාර්යාවගෙන් පුතුන් දෙදෙනෙක් ලැබී ය. ඔව්හු අශ්‍රීයෙල් හා මාකීර් ය. මාකීර්, ගිලියද්ගේ පියා විය.
15
මාකීර් හුප්පීම් සහ ෂුප්පීම්ගේ සහෝදරී වූ මයකා භාර්යාව කොට පාවාගත්තේ ය. දෙවැනියාගේ නම ශෙලොපෙහාද් ය. ශෙලොපෙහාද්ට දූවරු සිටියෝ ය.
16
මාකීර්ගේ භාර්යාව වූ මයකා පුත්‍රයෙකු ලබා ඔහුට පෙරෙෂ් යන නම තැබුවා ය. ඔහුගේ සහෝදරයාගේ නම ෂෙරෙෂ් ය. ඔහුගේ පුත්‍රයෝ නම්: ඌලාම් සහ රාකෙම් ය.
17
ඌලාම්ගේ පුත්‍රයා බෙදාන් ය. මොවුහු මනස්සේගේ පුත්‍රයා වන මාකීර්ගේ පුත් ගිලියද්ගේ පුත්‍රයෝ ය.
18
ඔහුගේ සහෝදරී වූ හම්මොලෙකෙත් ඊෂ්හොද් සහ අබියේශෙර් ද මාලා ද ලැබුවා ය.
19
ෂෙමිදාගේ පුත්‍රයෝ නම්: අහෙයාන්, ෂෙකෙම්, ලික්හි සහ අනියාම් ය.
20
එප්‍රායිම්ගේ පුත්‍රයා ෂුතෙලා ය. ඔහුගේ පුත්‍රයා බෙරෙද් ය. ඔහුගේ පුත්‍රයා තාහත් ය. ඔහුගේ පුත්‍රයා එලියාදා ය.
21
ඔහුගේ පුත්‍රයා තාහත් ය; ඔහුගේ පුත්‍රයා සාබාද් ය; ඔහුගේ පුත්‍රයා ෂුතෙලා ය. ඒ හැර එශෙර් සහ එලෙයාද් ය. මොවුන් දේශයේ උපන් ගාත්හි මනුෂ්‍යයන්ගේ සිව්පාවුන් සොරකම් කරන්න බැස ආ බැවින් ඒ මනුෂ්‍යයෝ මොවුන් මැරුවෝ ය.
22
මොවුන්ගේ පිය වූ එප්‍රායිම් ද බොහෝ දවස් වැළපුණේ ය. ඔහුගේ සහෝදරයෝ ඔහු සනසන්නට ආවෝ ය.
23
ඔහු තමාගේ භාර්යාව කරා පැමිණි කල ඈ පිළිසිඳගෙන පුත්‍රයෙකු ලැබුවා ය. තමාගේ පවුලට විපත්තිය පැමිණි නිසා ඔහු ඔහුට බෙරියා යන නම තැබී ය.
24
එප්‍රායිම්ගේ දුව ෂෙයෙරා ය. ඈ පහළ සහ ඉහළ බෙත්-හෝරොන්හි නගර ද උශ්ශේන්-ෂෙයෙරා ද ගොඩනැඟුවා ය.
25
ඔහුගේ පුත්‍රයා රෙපා ය; රෙපාගේ පුත්‍රයා රෙෂෙප් ය; රෙෂෙප්ගේ පුත්‍රයා තෙලා ය; ඔහුගේ පුත්‍රයා තහන් ය;
26
ඔහුගේ පුත්‍රයා ලාදාන් ය; ඔහුගේ පුත්‍රයා අම්මිහුද් ය; ඔහුගේ පුත්‍රයා එලිෂාමා ය;
27
ඔහුගේ පුත්‍රයා නූන් ය; ඔහුගේ පුත්‍රයා ජෝෂුවා ය.
28
ඔවුන්ගේ උරුම වාසස්ථාන නම්: බෙතෙල් සහ එහි ගම් ද නැගෙනහිරට නයරාන් ද බස්නාහිරට ගෙශෙර් සහ එහි ගම් ද අස්සා සහ එහි ගම් ද දක්වා ෂෙකෙම් සහ එහි ගම් ද විය.
29
මනස්සේගේ ජනයාගේ සීමා දිගට බෙත්-ෂෙයාන් සහ එහි ගම් ද තයනාක් සහ එහි ගම් ද මෙගිද්දෝ සහ එහි ගම් ද දෝර් සහ එහි ගම් ද යන මේවා ය. මේවායෙහි ඉශ්‍රායෙල්ගේ පුත් ජෝසෙප්ගේ පුත්‍රයෝ වාසය කළෝ ය.
30
ආෂෙර්ගේ පුත්‍රයෝ නම්: ඉම්නා, ඉෂ්වා, ඉෂ්වී, බෙරියා සහ ඔවුන්ගේ සහෝදරී වූ සෙරා ය.
31
බෙරියාගේ පුත්‍රයෝ නම්: හෙබෙර් සහ මල්කියෙල් ය. ඔහු බිර්ශායිත්ගේ පියා ය.
32
හෙබෙර්ට දාව ජප්ලෙත් ද ෂෝමෙර් ද හෝතාම් ද ඔවුන්ගේ සහෝදරී වූ ෂුවා ද උපන්නෝ ය.
33
ජප්ලෙත්ගේ පුත්‍රයෝ නම්: පාසක්, බිම්හාල් සහ අෂ්වාත් ය. මොවුහු ජප්ලෙත්ගේ පුත්‍රයෝ ය.
34
ෂෙමෙර්ගේ පුත්‍රයෝ නම්: අහි, රොක්ගා, ජෙහුබ්බා සහ අරාම් ය.
35
ඔහුගේ සහෝදර වූ හේලෙම්ගේ පුත්‍රයෝ නම්: ශෝපා, ඉම්නා, ෂෙලෙස් සහ අමාල් ය.
36
ශොපාගේ පුත්‍රයෝ නම්: සුවා, හර්නෙපෙර්, ෂුවාල්, බේරී, ඉම්රා;
37
බෙශෙර්, හෝඩ්, ෂම්මා, ෂිල්ෂා, ඉත්රාන් සහ බෙයේරා ය.
38
ජෙතෙර්ගේ පුත්‍රයෝ නම්: ජෙපුන්නේ, පිස්පා සහ අරා ය.
39
උල්ලාගේ පුත්‍රයෝ නම්: ආරක්, හන්නියෙල් සහ රිසීයා ය.
40
මේ සියල්ලෝ ආෂෙර්ගේ පුත්‍රයෝ ය. ඔව්හු තමන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව උතුම් වූ බලවන්ත මනුෂ්‍යයන් ව; ප්‍රධාන අධිපතියන් ව සිටියෝ ය. පෙළපත් හැටියට යුද්ධ සේවයට ගණන් ගන්නා ලද්දෝ විසිහයදහසක් ය.
← Chapter 6
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 8 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29