bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
1 Chronicles 11
1 Chronicles 11
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 12 →
1
එකල සියලු ඉශ්රායෙල්වරු හෙබ්‍රොන්හි සිටි දාවිත් වෙත රැස් වී කතා කොට, “බලන්න අපි ඔබේ ම ලේ නෑයෝ වමු.
2
පසුගිය කාලවල සාවුල් රජ ව සිටිය දී පවා, ඉශ්රායෙල්වරුන් යුද්ධයට ගෙන ගියේ ද ආපසු ගෙනාවේ ද ඔබ ය. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ කතා කොට, ‘නුඹ මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් පාලනය කරන්නෙහි ය, නුඹ මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ අධිපතියා වන්නෙහි ය’ කියා ඔබට වදාළ සේකැ”යි කීවෝ ය.
3
මෙලෙස ඉශ්රායෙල්හි සියලු ප්‍රජා මූලිකයෝ හෙබ්‍රොන්හි සිටි රජු වෙත පැමිණියා හ. දාවිත් ද හෙබ්‍රොන්හි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔවුන් සමඟ ගිවිසුමක් කෙළේ ය. ඔව්හු සමිඳාණන් වහන්සේ සාමුවෙල් ලවා කියෙවු වචනය ලෙස දාවිත් ඉශ්රායෙල්වරුන්ගේ රජ කොට අභිෂේක කළෝ ය.
4
පසු ව දාවිත් ද සියලු ඉශ්රායෙල්වරු ද ජෙබුස නම් වූ ජෙරුසලමට විරුද්ධ ව ගියෝ ය. දේශ වාසී වූ ජෙබුසිවරු එහි සිටියෝ ය.
5
ජෙබුසිවරු කතා කොට, “ඔබ මෙහි ඇතුල් නොවන්නෙහි ය”යි දාවිත්ට කීවෝ ය. එහෙත්, දාවිත් සියොන් බලකොටුව අල්ලාගත්තේ ය. එය දාවිත්ගේ නුවර විය.
6
දාවිත් කතා කොට, “මුලින් ම ජෙබුසිවරයෙකුට පහර දෙන කවරෙකු නමුත්, ඔහු ප්‍රධානියා ද අධිපතියා ද වන්නේ ය”යි කීවේ ය. ශෙරුයාගේ පුත් ජෝවාබ් මුලින් ම නැඟිට ගොස් ප්‍රධානියා වුණේ ය.
7
දාවිත් බලකොටුවෙහි වාසය කෙළේ ය. ඒ නිසා ඊට දාවිත්ගේ නුවර යයි නම් කෙළේ ය.
8
ඔහු මිල්ලෝ නම් ස්ථානයෙන් පටන් ගෙන ඊට ආසන්න ප්‍රදේශය ම වටකර නුවර ගොඩනැඟුවේ ය. ජෝවාබ් නුවර ඉතිරි කොටස අලුත්වැඩියා කෙළේ ය.
9
දාවිත් වඩ වඩා උසස් වූයේ ය. සර්ව පරාක්‍රම සමිඳාණන් වහන්සේ ඔහු සමඟ වැඩ සිටි සේක.
10
ඉශ්රායෙල් වංශය ගැන සමිඳාණන් වහන්සේ වදාළ වචනය ප්‍රකාරයට, දාවිත් රජකමට පත් කරන පිණිස, සියලු ඉශ්රායෙල්වරුන් සමඟ ඔහු රජකමට පත් කිරීම ගැන ඔහුට උපකාර කළ ප්‍රධාන බලවන්තයෝ මොවුහු ය.
11
දාවිත්ට සිටි බලවන්තයන්ගේ නාමාවලිය මේ ය: හක්මෝනි ජාතිකයෙකුගේ පුත්‍රයා වන තිස්දෙනාගෙන් ප්‍රධානියා වූ ජාෂොබෙයාම් ය. ඔහු එක් වතාවක දී තුන්සියදෙනෙකුට විරුද්ධ ව තමාගේ හෙල්ලය ඔසවා ඔවුන් මැරී ය.
12
ඊළඟට අහෝහිය ජාතික දෝදෝගේ පුත් එලෙයාසර් ය. ඔහු බලවන්තයන් තුන්දෙනාගෙන් එක් කෙනෙක් ය.
13
පිලිස්තිවරුන් යුද්ධයට සැරසී සිටි පැස්-දම්මිම් නම් ස්ථානයෙහි යව රැස්කොට තිබුණු කෙතක ඔහු දාවිත් සමඟ සිටියේ ය. සෙනඟ පිලිස්තිවරුන් ඉදිරියෙන් පලා ගියෝ ය.
14
ඔව්හු ඒ කෙත මැද සිට එය ආරක්ෂා කරගෙන පිලිස්තිවරුන් මැරුවෝ ය. සමිඳාණන් වහන්සේ මහා ජයක් ලබා දී ඔවුන් ගැළවූ සේක.
15
ප්‍රධාන තිස්දෙනාගෙන් තුන්දෙනෙක් අදුල්ලම් ගුහාවේ නැවතී සිටි දාවිත්ට එකතු වන පිණිස පර්වතයට ගියෝ ය. පිලිස්තිවරුන්ගේ හමුදාව රෙපාවරුන්ගේ මිටියාවතෙහි කඳවුරු බැඳගෙන සිටියෝ ය.
16
දාවිත් එවකට බලකොටුවෙහි සිටියේ ය. පිලිස්තිවරුන්ගේ මුර සේනාව එවකට බෙත්ලෙහෙමෙහි සිටියෝ ය.
17
දාවිත් තද ආසාවෙන් සුසුම්ලමින්, “අනේ, බෙත්ලෙහෙම් දොරටුව ළඟ තිබෙන ළිඳෙන් කෙනෙකු මට බොන්නට වතුර ගෙනවුත් දුන්නොත් කොපමණ හොඳ ද” කියා කීවේ ය.
18
එවිට තුන්දෙනා පිලිස්තිවරුන්ගේ හමුදාව මැදින් බිඳගෙන ගොස්, බෙත්ලෙහෙම් දොරටුව සමීපයෙහි වූ ළිඳෙන් වතුර ඇද දාවිත් වෙත ගෙනා හ. එහෙත්, දාවිත් එය බොන්නට අකමැති ව, ඒවා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පූජාවක් ලෙස වත් කොට,
19
“මේ දේ කිරීමෙන් මාගේ දෙවියන් වහන්සේ මා වළක්වන සේක් වා! තමන්ගේ ජීවිතයට විය හැකි අන්තරාය නොසලකා ගිය මේ මනුෂ්‍යයන්ගේ ලේ මා බොන්න ද? මන්ද, ඔව්හු තමන්ගේ ජීවිත ගැන නොතකා මේවා ගෙනා හ”යි කී ය. එහෙයින් ඔහු ඒ වතුර බොන්න අකමැති විය. බලවන්තයෝ තුන්දෙනා මේ දේ කළෝ ය.
20
ජෝවාබ්ගේ සහෝදර වූ අබිෂයි තිස්දෙනාගෙන් ප්‍රධානියා ව සිටියේ ය. ඔහු තමාගේ හෙල්ලය තුන්සියදෙනෙකුට විරුද්ධ ව ඔසවා, ඔවුන් මරා, තිස්දෙනා අතරේ කීර්තිය ලැබී ය.
21
තිස්දෙනාට වඩා ප්‍රසිද්ධ වූයෙන් ඔහු ඔවුන්ගේ අධිපතියා විය. එසේ වී නමුත්, ඔහු පළමු වන තුන්දෙනා තරම් ප්‍රසිද්ධියට නොපැමිණියේ ය.
22
බොහෝ වීර ක්‍රියා කළ කබ්ශෙයෙල්හි වික්‍රමාන්විත මනුෂ්‍යයෙකුගේ පුත් ජෙහෝයාදාගේ පුත්‍රයා වන බෙනායා මෝවබ්හි ශ්‍රේෂ්ඨ සෙබළුන් දෙදෙනා මැරුවේ ය. ඔහු හිම වැටෙන දවසක දී වළකට බැස ගොස් එහි ඇතුළේ සිටි සිංහයෙකු මැරුවේ ය.
23
ඔහු මීටර් දෙකක් පමණ උස තරබාරු මනුෂ්‍යයෙකු වූ මිසර ජාතිකයෙකුත් මැරී ය. මිසරයාගේ අතේ වියන යන්ත්‍රයක දණ්ඩක් වැනි හෙල්ලයක් තිබුණේ ය. ඔහු පොල්ලක් ඇති ව මිසර ජාතිකයා ළඟට ගොස්, ඔහුගේ අතින් හෙල්ලය උදුරා, ඔහුගේ ම හෙල්ලයෙන් ඔහු මරා දැමුවේ ය.
24
ජෙහෝයාදාගේ පුත් බෙනායා මේ වීර ක්‍රියා කොට බලවන්තයන් තිස්දෙනා අතරේ කීර්තිය ලැබී ය.
25
ඔහු ඒ තිස්දෙනාට වඩා ප්‍රසිද්ධ කෙනෙක් විය. ඒ නමුත්, ඔහු පළමු වන තුන්දෙනාගේ ගණනට පැමිණියේ නැත. දාවිත් තමාගේ ආරක්ෂක මුර හමුදාව කෙරෙහි ඔහු පත් කෙළේ ය.
26
සේනාවල බලවන්තයෝ නම්: ජෝවාබ්ගේ සහෝදරයා වූ අසාහෙල් ය; බෙත්ලෙහෙමේ දෝදෝගේ පුත් එල්හානාන් ය;
27
හරෝරීය ෂම්මොත් ය; පෙලෝනීය හෙලෙශ් ය;
28
තෙකෝයිය ඉක්කෙෂ්ගේ පුත් ඊරා ය; අනතෝතිය අබියෙශෙර් ය;
29
හුෂාතිය සිබ්බෙකයි ය; අහෝහිය ඉලයි ය;
30
නෙටෝපාතිය මහරයි ය; නෙටෝපාතිය බානාගේ පුත් හේලෙද් ය.
31
බෙන්ජමින් ගෝත්‍රයේ ගිබියාහි රීබයිගේ පුත් ඊතයි ය; පීරාතෝනිය බෙනායා ය;
32
ගායෂ් ඔයවල හූරයි ය; අර්බාතිය අබියෙල් ය;
33
බහරුමිය අශ්මාවෙත් ය; ෂාල්බොනිය එලියාබා ය;
34
ගිසොනිය හාෂෙම්ගේ පුත්‍රයෝ ය; හරාරීය ෂාගේගේ පුත් ජොනතන් ය;
35
හරාරීය සාකාර්ගේ පුත් අහියාම් ය; ඌර්ගේ පුත් එලිපාල් ය;
36
මෙකේරාතිය හේපෙර් ය; පෙලෝනීය අහියා ය;
37
කර්මෙලිය හශේරො ය; එශ්බයිගේ පුත් නයරයි ය;
38
නාතාන්ගේ සහෝදර වූ ජෝවෙල් ය; හග්රීගේ පුත් මිබ්හාර් ය;
39
අම්මොනිය ශෙලෙක් ය; ශෙරුයාගේ පුත් ජෝවාබ්ගේ ආයුධ ගෙනයන්නා වන බෙරොතිය නහරයි ය;
40
ඉත්රීය ඊරා ය; ඉත්රීය ගාරෙබ් ය;
41
හිත්තීය උරියා ය; ආලයිගේ පුත් සාබාද් ය;
42
රූබන්වරුන්ගේ ප්‍රධානියා ව සිටි රූබන් ගෝත්‍රයේ ෂිශාගේ පුත් අදීනා ය. ඔහු සමඟ තිස්දෙනෙක් සිටියෝ ය.
43
මයකාගේ පුත් හානාන් ය; මිත්නිය ජොෂාපාට් ය;
44
අෂ්තෙරාතිය උශ්ශියා ය; අරෝයේරිය හෝතාම්ගේ පුත්‍රයන් වූ ෂාමා සහ ජෙයීයෙල් ය.
45
ෂිම්රීගේ පුත් ජෙදීයයෙල් සහ ඔහුගේ සහෝදර වූ තිශිය ජෝහා ය;
46
මහවිය එලීයෙල් ය; එල්නයම්ගේ පුත්‍රයන් වූ ජෙරිබයි සහ ජෝෂාවියා ය; මෝවබ් ජාතික ඉත්මා ය;
47
එලියෙල් ය; ඕබෙද් ය; මෙසොබාය වූ ජයසීයෙල් ය.
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 12 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29