bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
1 Chronicles 26
1 Chronicles 26
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 25
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 27 →
1
දොරටු පාලකයන්ගේ පංති මෙසේ ය: කෝරාවරුන්ගෙන් ආසාප්ගේ පුත්‍රයෙකු වන කෝරේගේ පුත් මෙෂෙලෙමියා ය;
2
මෙෂෙලෙමියාගේ පුත්‍රයන් වන කුලුඳුලා වූ ශෙකරියා ය; දෙවැනියා වූ ජෙදීයයෙල් ය; තුන්වැනියා වූ සෙබදියා ය; හතරවැනියා වූ ජත්නියෙල් ය;
3
පස්වැනියා වූ ඒලාම් ය; හයවැනියා වූ ජෙහෝහානාන් ය; හත්වැනියා වූ එලියෙහෝයේනයි ය.
4
ඕබෙද්-ඒදොම්ගේ පුත්‍රයන් වන කුලුඳුලා වූ ෂෙමායා ය; දෙවැනියා වූ ජෙහෝශාබාද් ය; තුන්වැනියා වූ ජෝවා ය; හතරවැනියා වූ සාකාර් ය; පස්වැනියා වූ නෙතනේල් ය;
5
හයවැනියා වූ අම්මීයෙල් ය; හත්වැනියා වූ ඉස්සාකර් ය; අටවැනියා වූ පෙයුල්ලෙතයි ය. මන්ද, දෙවියන් වහන්සේ ඔහුට ආශීර්වාද කළ සේක.
6
ඔහුගේ පුත් ෂෙමායාට දාව පුත්‍රයෝ උපන්නෝ ය. ඔව්හු බලවන්ත මනුෂ්‍යයන් ව සිටි නිසා තමන්ගේ පිය වංශයෙහි ආණ්ඩුකාරයන් ව සිටියෝ ය.
7
ෂෙමායාගේ පුත්‍රයන් ඔත්නී, රෙපායෙල්, ඕබෙද් සහ එල්ශාබාද් ය. ඔහුගේ සහෝදරයන් වන බලවන්ත මනුෂ්‍යයන් එලීහු සහ සෙමාකියා ය.
8
මොවුහු සියල්ලෝ ඕබෙද්-ඒදොම්ගේ පුත්‍රයෝ ය. ඔව්හු ද ඔවුන්ගේ පුත්‍රයෝ ද සහෝදරයෝ ද සේවයට බලවන්ත ව, ශක්තිමත් ව සිටියෝ ය. මෙසේ ඕබෙද්-ඒදොම්ගේ හැටදෙදෙනෙක් සිටියෝ ය.
9
මෙෂෙලෙමියාට බලවන්තයන් වන පුත්‍රයෝ ද සහෝදරයෝ ද දහඅටදෙනෙක් වූවෝ ය.
10
මෙරාරීගේ පුත්‍රයෙකු වූ හෝසාගේ පුත්‍රයන් වන ප්‍රධානියා වූ ෂිම්රී ය. ඔහු කුලුඳුලා නොවන නමුත්, ඔහුගේ පියා ඔහු ප්‍රධානකමට පත් කෙළේ ය.
11
දෙවැනියා වූ හිල්කියා ය; තුන්වැනියා වූ ටෙබලියා ය; සතරවැනියා වූ ශෙකරියා ය; හෝසාගේ සියලු පුත්‍රයෝ හා සහෝදරයෝ දහතුන්දෙනෙක් ය.
12
සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි මෙහෙ කරන පිණිස තමන්ගේ සහෝදරයන් සමඟ මාරුවට සිටියා වූ ප්‍රධාන මනුෂ්‍යයන් වූ ඔවුන්ට දොරටු පාලකයන්ගේ පංති වැටුණේ ය.
13
ඔව්හු ද තමන්ගේ පිය වංශ ලෙස ලොකු අය මෙන් ම කුඩා අයත් එක එක දොරටුව ගැන පස ඇට දැමුවෝ ය.
14
නැගෙනහිර පැත්තේ පස ඇටය වැටුණේ ෂෙලෙමියාට ය. ඉන්පසු ඔහුගේ පුත් නැණවත් මන්ත්‍රීවරයෙකු වූ ශෙකරියා ගැන පස ඇට දැමුවෝ ය. ඔහුගේ පස ඇටය වැටුණේ උතුරු පැත්තට ය.
15
ඕබෙද්-ඒදොම්ට වැටුණේ දකුණු පැත්ත ය. ඔහුගේ පුත්‍රයන්ට වැටුණේ භාණ්ඩාගාරය ය.
16
බස්නාහිර පැත්තේ නඟින මාවතෙහි තිබෙන ෂල්ලෙකෙත් දොරටුව ෂුප්පීම්ටත්, හෝසාටත් වැටුණේ ය. දොරටු පාලකයෝ මාරුවෙන් මාරුවට සිටියෝ ය.
17
නැගෙනහිරට සිටියේ ලෙවීවරු හයදෙනෙක් ය; උතුරට දවසට සතරදෙනෙක් ය; දකුණට දවසට සතරදෙනෙක් ය; භාණ්ඩාගාරය ළඟ දෙදෙනා ය.
18
බස්නාහිරට බරාඳය ළඟ මාවතේ හතරදෙනෙක් ය; බරාඳයෙහි දෙදෙනෙක් ය.
19
කොරාගේ පුත්‍රයන්ගෙන් ද මෙරාරීගේ පුත්‍රයන්ගෙන් ද තෝරාගත් දොරටු පාලකයන්ගේ පංති මේවා ය.
20
අනික් ලෙවීවරුන්ගෙන් අහියා දෙවියන් වහන්සේගේ මාලිගාවේ ගබඩා සහ කැප කළ දේවල ගබඩා කෙරෙහි පත් ව සිටියේ ය.
21
ලාදාන්ගේ වංශයේ ගේර්ෂොන්වරුන්ගේ පුත්‍රයන් වන ලාදාන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව සිටි ගේර්ෂොනිවය වූ ලාදාන්ගේ පුත්‍රයෝ නම්:
22
ජෙහියෙලී සහ ජෙහියෙලීගේ පුත්‍රයන් වූ සේතාම් සහ ඔහුගේ සහෝදර වූ ජෝවෙල් ය. ඔව්හු සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ගබඩා කෙරෙහි පත් වී සිටියෝ ය.
23
අම්රාම්වරුත්, ඉෂ්හාර්වරුත්, හෙබ්‍රොන්වරුත්, උශ්ශියෙල්වරුත් වූවෝ ය.
24
මෝසෙස්ගේ පුත්‍රයා වන ගේර්ෂොම්ගේ පුත් ෂෙබුයෙල් ගබඩාවල ප්‍රධානියා ව සිටියේ ය.
25
එලියෙසර්ගෙන් පැවත ආ ඔහුගේ සහෝදරයෝත් සිටියෝ ය. ඔහුගේ පුත්‍රයා රෙහෙබියා ය; ඔහුගේ පුත්‍රයා ජෙෂායා ය; ඔහුගේ පුත්‍රයා ජෝරාම් ය; ඔහුගේ පුත්‍රයා ශික්රී ය; ඔහුගේ පුත්‍රයා ෂෙලොමොත් ය.
26
මෙම ෂෙලොමොත් සහ ඔහුගේ සහෝදරයෝ, දාවිත් රජු විසින් ද සහශ්‍රාධිපතීන් ව ශතාධිපතීන් ව සිටි පිය වංශවල ප්‍රධානීන් විසින් ද සේනාවේ අධිපතීන් විසින් ද කැප කරන ලද්දා වූ ශුද්ධ දේවල සියලු ගබඩා කෙරෙහි පත් ව සිටියෝ ය.
27
ඔව්හු යුද්ධවල දී ලබාගත් කොල්ලයෙන් කොටසක් සමිඳාණන් වහන්සේගේ මාලිගාව අලුත්වැඩියා කිරීම පිණිස කැප කළෝ ය.
28
දිවැසිවරයා වූ සාමුවෙල් ද කිෂ්ගේ පුත් සාවුල් ද නේර්ගේ පුත් අබ්නේර් ද ශෙරුයාගේ පුත් ජෝවාබ් ද විසින් කැප කරන ලද සියල්ලත්, කවුරුන් විසින් නමුත් කැප කරන ලද දේත් ෂෙලොමොත් සහ ඔහුගේ සහෝදරයන් යටතේ තිබුණේ ය.
29
ඉශ්හාර්වරුන්ගෙන් කෙනනියා ද ඔහුගේ පුත්‍රයෝ ද පරිපාලන කටයුතු ගැන ඉශ්රායෙල්වරුගේ මුලාදෑනියන් ව හා විනිශ්චයකාරයන් ව සිටියෝ ය.
30
හෙබ්‍රොන්වරුන්ගෙන් හෂබියා ද ඔහුගේ සහෝදරයෝ ද යන බලවන්තයෝ එක්දහස් හත්සියයක් බස්නාහිර දිශාවේ ජොර්දාන් ගඟින් මෙගොඩ සමිඳාණන් වහන්සේ සම්බන්ධ දේ ගැන ද රජුගේ වැඩ ගැන ද ඉශ්රායෙල්වරුන් පාලනය කිරීමට පත් ව සිටියෝ ය.
31
හෙබ්‍රොන්වරුන්ගේ පිය පෙළපත් ප්‍රකාර හෙබ්‍රොන්වරුන්ගේ ප්‍රධානියා නම් ජෙරියා ය. දාවිත්ගේ රජ කාලයෙහි සතළිස් වැනි අවුරුද්දේ දී ඔවුන් ගැන විභාග කොට බලවන්ත මනුෂ්‍යයෝ ගිලියද්-ජාශර්හි ඔවුන් අතරේ සිටිනු සම්බ වූ හ.
32
බලවන්තයන් ව පිය වංශවල ප්‍රධානියන් ව සිටි ඔහුගේ සහෝදරයෝ දෙදාස් සත්සියයක් වූ හ. දාවිත් රජ දෙවියන් වහන්සේ හා රජු සම්බන්ධ සියල්ල ගැන රූබන්වරුන් ද ගාද්වරුන් ද මනස්සේගේ අර්ධ ගෝත්‍රය ද කෙරෙහි මුලාදෑනීන් කොට ඔවුන් පත් කෙළේ ය.
← Chapter 25
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 27 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29