bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
1 Chronicles 10
1 Chronicles 10
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 9
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 11 →
1
පිලිස්තිවරු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධ කළෝ ය. ඉශ්රායෙල්වරු පිලිස්තිවරුන් ඉදිරියෙන් පලා ගොස් ගිල්බොවා කන්දේ මැරී වැටුණෝ ය.
2
පිලිස්තිවරු සාවුල් ද ඔහුගේ පුත්‍රයන් ද ලුහුබැඳ එළවාගෙන ගොස් සාවුල්ගේ පුත් ජොනතන් ද අබිනාදාබ් ද මල්කී-ෂුවා ද මැරූ හ.
3
සටන සාවුල්ට විරුද්ධ ව තදබල විය. ඔහු දුනුවායන්ට අසු වී දුනුවායන් විසින් තුවාළ කරනු ලැබී ය.
4
එවිට සාවුල් තමාගේ ආයුධ ගෙනයන්නාට කතා කොට, “අර අචර්මඡේදිතයන් අවුත්, මට අවමන් නොකරන පිණිස ඔබේ කඩුව ඇද මට අනින්නැ”යි කී ය. එහෙත්, ඔහුගේ ආයුධ ගෙනයන්නා ඊට කැමැති වූයේ නැත. ඔහු එසේ කරන්නට බොහෝ සෙයින් බිය විය. එබැවින් සාවුල් තමාගේ කඩුව ගෙන තෙමේ ම එය පිට වැටුණේ ය.
5
සාවුල් මැරුණ බව ඔහුගේ ආයුධ ගෙනයන්නා දැක, ඔහුත් තමාගේ කඩුව පිට වැටී මළේ ය.
6
මෙසේ සාවුල් ද ඔහුගේ පුත්‍රයෝ තුන්දෙනා ද මළෝ ය. ඔහුගේ පවුලේ සියල්ලෝ එක විට මැරුණෝ ය.
7
ඉශ්රායෙල් මිනිසුන් පලා ගිය බවත්, සාවුල් සහ ඔහුගේ පුත්‍රයන් මැරුණු බවත් මිටියාවතෙහි සිටි සියලු ඉශ්රායෙල් මනුෂ්‍යයෝ දැක තමන්ගේ නගර අත්හැර පලා ගියහ. පිලිස්තිවරු අවුත් එහි වාසය කළෝ ය.
8
තවද, පසු දා පිලිස්තිවරු මැරුම්කෑවුන්ගෙන් කොල්ලය ගන්නට පැමිණි කල, සාවුල් ද ඔහුගේ පුත්‍රයන් ද ගිල්බොවා කන්දේ වැටී සිටිනු දුටුවෝ ය.
9
ඔව්හු ඔහුගේ ඇඳුම් ගලවා, ඔහුගේ හිසත් ආයුධත් රැගෙන, තමන්ගේ දේවාල වලත් සෙනඟටත් ප්‍රකාශ කරන පිණිස පිලිස්තිවරුන්ගේ දේශය මුළුල්ලෙහි ඒවා යැවූ හ.
10
ඔහුගේ ආයුධ ඔව්හු තමන්ගේ දෙවියන්ගේ ගෘහයෙහි තබා ඔහුගේ හිස දාගොන්ගේ ගෘහයෙහි එල්ලා තැබූ හ.
11
ජාබෙෂ්-ගිලියද්හි සියල්ලන් පිලිස්තිවරුන් සාවුල්ට කළ සියල්ල ඇසූ විට,
12
සියලු නිර්භීත මනුෂ්‍යයෝ පිටත් ව ගොස්, සාවුල්ගේ ශරීරය ද ඔහුගේ පුත්‍රයන්ගේ ශරීර ද රැගෙන ජාබෙෂ්ට අවුත්, ඔවුන්ගේ ඇටකටු ජාබෙෂ්හි ආලෝන ගස යට වළලා සත් දවසක් නිරාහාර ව සිටියහ.
13
සමිඳාණන් වහන්සේගේ වචනය රක්ෂා නොකිරීමෙන් උන් වහන්සේට විරුද්ධ ව කළ වරද නිසාත්, උන් වහන්සේගෙන් නොවිචාරා ආත්මබන්ධනකාරියකගෙන් කරුණු අසා විචාළ නිසාත් සාවුල් මෙසේ නැසුණේ ය.
14
ඒ නිසා උන් වහන්සේ ඔහු නසා, රජකම අහක් කොට ජෙස්සේගේ පුත් දාවිත්ට එය දුන් සේක.
← Chapter 9
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 11 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29