bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
1 Chronicles 2
1 Chronicles 2
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 3 →
1
ඉශ්රායෙල්ගේ පුත්රයෝ නම්: රූබන්, සිමියොන්, ලෙවී සහ ජුදා ය; ඉස්සාකර් සහ සාබුලොන් ය;
2
දාන්, ජෝසෙප් සහ බෙන්ජමින් ය; නප්තලී, ගාද් සහ ආෂෙර් ය.
3
ජුදාගේ පුත්රයෝ නම්: ඒර්, ඕනාන් සහ ෂේලා ය. මේ තුන්දෙනා කානානිය බැත්-ෂුවාගෙන් ඔහුට දාව උපන්නෝ ය. ජුදාගේ කුලුඳුලා වූ ඒර් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දුෂ්ට ව සිටි බැවින් උන් වහන්සේ ඔහු නැසූ සේක.
4
ඔහුගේ ලේලිය වූ තාමාර් ඔහුට දාව පෙරෙශ් ද ශෙරා ද ලැබුවා ය. ජුදාට පුත්රයෝ පස්දෙනෙක් සිටියෝ ය.
5
පෙරෙශ්ගේ පුත්රයෝ නම්: හෙශ්රොන් සහ හාමුල් ය.
6
ශෙරාගේ පුත්රයෝ නම්: සිම්රී, ඒතාන්, හේමන්, කල්කොල් සහ දාරා ය. ඒ සියල්ලෝ පස්දෙනෙක් ය.
7
කර්මීගේ පුත්රයා නම්: කැප වූ දේ ගැන අපරාධයක් කර ඉශ්රායෙල් කැළඹුවා වූ ආකාර් ය.
8
අශරියා ඒතාන්ගේ පුත්රයෙක් ය.
9
හෙශ්රොන්ට උපන් ඔහුගේ පුත්රයෝ නම්: ජෙරාමෙයෙල්, රාම් සහ කෙලුබයි ය.
10
රාම්ට දාව අම්මිනාදාබ් උපන්නේ ය; අම්මිනාදාබ්ට දාව ජුදාගේ පුත්රයන්ට අධිපති වූ නාෂොන් උපන්නේ ය.
11
නාෂොන්ට දාව සල්මාද සල්මාට දාව බෝවස් ද උපන්නෝ ය;
12
බෝවස්ට දාව ඕබෙද් ද ඕබෙද්ට දාව ජෙස්සේ ද උපන්නෝ ය;
13
ජෙස්සේට දාව ඔහුගේ කුලුඳුලා වූ එලියාබ් ද, දෙවැනියා වූ අබිනාදාබ් ද, තුන්වැනියා වූ ෂිමෙයා ද;
14
සතරවැනියා වූ නෙතනේල් ද, පස්වැනියා වූ රද්දයි ද;
15
හයවැනියා වූ ඔශෙම් ද, සත්වැනියා වූ දාවිත් ද උපන්නෝ ය.
16
මොවුන්ගේ සහෝදරියෝ නම්: ශෙරුයා සහ අබිගායිල් ය. ශෙරුයාගේ පුත්රයෝ නම්: අබිෂයි ද ජෝවාබ් ද අසාහෙල් ද යන තුන්දෙනා ය.
17
අබිගායිල් අමාසා ලැබුවා ය. අමාසාගේ පියා නම්, ඉෂ්මායෙලීය ජෙතෙර් ය.
18
හෙශ්රොන්ගේ පුත් කාලෙබ්ට දාව ඔහුගේ භාර්යාව වූ අශුබාගෙන් ජෙරියොත් උපන්නා ය. ඈට පුත්රයෝ උපන්නෝ ය. ඔව්හු නම්: ජේෂෙර්, ෂෝබාබ් සහ අර්දොන් ය.
19
අශුබා මියගිය පසු කාලෙබ් එප්රාතා පාවාගත්තේ ය. ඈ ඔහුගෙන් හූර් ලැබුවා ය.
20
හූර්ට දාව උරී උපන්නේ ය; උරීට දාව බෙශලෙල් උපන්නේ ය.
21
පසු ව හෙශ්රොන් තමා හැට අවුරුදු වයස් වූ කල, ගිලියද් හට පියා වූ මාකීර්ගේ දුව පාවාගෙන ඈ හා එක් විය. ඇය ඔහුගෙන් සෙගුබ් ලැබුවා ය.
22
සෙගුබ්ට දාව ජායිර් උපන්නේ ය; ඔහුට ගිලියද් දේශයෙහි නගර විසිතුනක් තිබුණේ ය.
23
ගෙෂූර්වරු ද සිරියන්වරු ද ජායිර්හි නගර සහ කෙනත් ද ඊට අයිති ගම් ඇතුළු ව නගර සැටක් ද ඔවුන්ගෙන් අල්ලාගත්තෝ ය. මේ සියල්ලෝ ගිලියද්ගේ පිය වූ මාකීර්ගේ පුත්රයෝ ය.
24
හෙශ්රොන් කාලෙබ්එප්රාතාහි දී මියගිය පසු හෙශ්රොන්ගේ භාර්යාව වූ අබියා තෙකෝවා වැසියන්ගේ මුල් පියා වන අෂ්හූර් ලැබුවා ය.
25
හෙශ්රොන්ගේ කුලුඳුලා වූ ජෙරාමෙයෙල්ගේ පුත්රයෝ නම්: කුලුඳුලා වූ රාම්, බූනා, ඔරෙන්, ඔශෙම් සහ අහියා ය.
26
ජෙරාමෙයෙල්ට අටාරා නම් වෙන භාර්යාවක් වූවා ය. ඈ ඕනාම්ගේ මව ය.
27
ජෙරාමෙයෙල්ගේ කුලුඳුලා වූ රාම්ගේ පුත්රයෝ නම්: මයශ්, ජාමීන් සහ ඒකෙර් ය.
28
ඕනාම්ගේ පුත්රයෝ නම්: ෂම්මයි සහ ජාදා ය. ෂම්මයිගේ පුත්රයෝ නම්: නාදාබ් සහ අබිෂුර් ය.
29
අබිෂුර්ගේ භාර්යාවගේ නම අබිහයිල් ය; ඈ ආබාන් සහ මෝලීද් ඔහුගෙන් ලැබුවා ය.
30
නාදාබ්ගේ පුත්රයෝ නම්: සෙලෙද් සහ අප්පයිම් ය. සෙලෙද් දරුවන් නොලැබ මියගියේ ය.
31
අප්පයිම්ගේ පුත්රයා නම්: ඉෂී ය. ඉෂීගේ පුත්රයා නම් ෂේෂාන් ය. ෂේෂාන්ගේ පුත්රයා නම් ආලයි ය.
32
ෂම්මයිගේ සහෝදර වූ ජාදාගේ පුත්රයෝ නම්: ජෙතෙර් සහ ජොනතන් ය. ජෙතෙර් දරුවන් නොලැබ මියගියේ ය.
33
ජොනතන්ගේ පුත්රයෝ නම්: පෙලෙත් සහ සාසා ය. මොවුහු ජෙරාමෙයෙල්ගේ පුත්රයෝ ය.
34
ෂේෂාන්ට දූවරුන් මිස පුත්රයෝ නොසිටියෝ ය. ෂේෂාන්ට මිසර වැසියෙකු වූ ජර්හා නම් වැඩකාරයෙක් සිටියේ ය.
35
ෂේෂාන් තමාගේ වැඩකාරයා වූ ජර්හාට තමාගේ දුව භාර්යාව කොට දුන්නේ ය. ඈ ඔහුට දාව අත්තයි ලැබුවා ය.
36
අත්තයිට දාව නාතාන් උපන්නේ ය; නාතාන්ට දාව සාබාද් උපන්නේ ය;
37
සාබාද්ට දාව එප්ලාල් උපන්නේ ය; එප්ලාල්ට දාව ඕබෙද් උපන්නේ ය;
38
ඕබෙද්ට දාව ජේහු උපන්නේ ය; ජේහුට දාව අශරියා උපන්නේ ය;
39
අශරියාට දාව හෙලෙශ් උපන්නේ ය; හෙලෙශ්ට දාව එලෙයාසා උපන්නේ ය;
40
එලෙයාසාට දාව සිස්මයි උපන්නේ ය; සිස්මයිට දාව ෂල්ලුම් උපන්නේ ය;
41
ෂල්ලුම්ට දාව ජෙකමියා උපන්නේ ය; ජෙකමියාට දාව එලිෂාමා උපන්නේ ය.
42
ජෙරාමෙයෙල්ගේ සහෝදර වූ කාලෙබ්ගේ පුත්රයෝ නම්: ඔහුගේ කුලුඳුලා වූ, සීප්ගේ පියා වූ මේෂා සහ හෙබ්රොන්ගේ පියා වූ මරේෂාගේ පුත්රයෝත් ය.
43
හෙබ්රොන්ගේ පුත්රයෝ නම්: කෝරා, තප්පුවා, රෙකෙම් සහ ෂෙමා ය.
44
ෂෙමාට දාව ජොර්කෙයාම්ගේ පියා වූ රහම් උපන්නේ ය; රෙකෙම්ට දාව ෂම්මයි උපන්නේ ය.
45
මායොන් ෂම්මයිගේ පුත්රයා ය; මායොන් බෙත්-ශුර්ගේ පියා ය.
46
කාලෙබ්ගේ උපභාර්යාව වූ ඒපා හාරාන් ද මෝශා ද ගාසෙස් ද ලැබුවා ය. හාරාන්ට දාව ගාසෙස් උපන්නේ ය.
47
ජාදයිගේ පුත්රයෝ නම්: රෙගෙම්, ජෝතාම්, ගේෂාම්, පෙලෙට්, ඒපා සහ ෂයප් ය.
48
කාලෙබ්ගේ උපභාර්යාව වූ මයකා ෂෙබෙර් සහ තිර්හනා ලැබුවා ය.
49
ඈ මද්මන්නාගේ පියා වූ ෂයප් ද මක්බේනාගේ සහ ගිබෙයාගේ පියා වූ ෂෙවා ද ලැබුවා ය. කාලෙබ්ගේ දුව අක්සා ය.
50
මොවුහු කාලෙබ්ගේ පුත්රයෝ ය. එප්රාතාගේ කුලුඳුලා වූ බෙන්හූර් ය; කිරියත්-ජෙයාරීම්ගේ පියා වූ ෂෝබාල්;
51
බෙත්ලෙහෙම්ගේ පියා වූ සල්මා සහ බෙත්ගාදෙර්ගේ පියා වූ හාරෙප් ය.
52
කිරියත්-ජෙයාරීම්ගේ පියා වූ ෂෝබාල්ට පුත්රයෝ සිටියෝ ය. එනම්; හාරොවේ සහ මෙනුහොත්වරුන්ගෙන් දෙකෙන් කොටසක් ය.
53
කිරියත්-ජෙයාරීම්ගේ පවුල් නම්: ඉත්රියවරු, පූතිවරු, ෂුමාතිවරු සහ මිෂ්රායිවරු ය; මොවුන්ගෙන් ශොරාතිවරු ද එෂ්තායෝලිවරු ද පැවත ආවෝ ය.
54
සල්මාගේ පුත්රයෝ නම්: බෙත්ලෙහෙම්වරු, නෙටෝපාතිවරු, අටාරොත්බෙත්-ජෝවාබ්වරු, මානහතිවරුන්ගෙන් දෙකෙන් කොටසක් සහ ශොරියවරුත් ය.
55
ජාබෙශ්හි විසූ ලියන්නන්ගේ පවුල් නම්: තිරාතිවරු, ෂිමියාතිවරු සහ සුකාතිවරු ය. මොවුහු රේකාබ්ගේ වංශයේ පියා වූ හම්මත්ගෙන් පැවත ආ කේනිවරු ය.
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 3 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29