bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
1 Chronicles 17
1 Chronicles 17
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 16
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 18 →
1
තවද, දාවිත් තමාගේ ගෙදර වසන කල්හි දිවැසිවරයා වන නාතාන්ට කතා කොට, “මෙන්න, මම කිහිරි ලී ගෙයක වාසය කරමි. එහෙත්, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව කූඩාරමක වියනක් යට තිබේ ය”යි කීවේ ය.
2
නාතාන් ද කතා කොට, “ඔබේ සිතේ තිබෙන සියල්ල කළ මැනව. මන්ද, දෙවියන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේකැ”යි දාවිත්ට කී ය.
3
එහෙත්, එම රාත්‍රියේ ම දෙවියන් වහන්සේගේ වචනය නාතාන්ට පැමිණ කියනුයේ,
4
“නුඹ ගොස්, ‘සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේකැ’යි මාගේ මෙහෙකරු වූ දාවිත්ට කියන්න; ‘මාගේ වාසය පිණිස නුඹ මාලිගාවක් ගොඩ නොනඟන්නෙහි ය.
5
මන්ද, මම ඉශ්රායෙල්වරුන් ගෙනා දවස පටන් අද දක්වා මාලිගාවක වාසය නොකොට, කූඩාරමෙන් කූඩාරමට ද මණ්ඩපයෙන් මණ්ඩපයට ද යමින් හැසුරුණෙමි.
6
මාගේ සෙනඟ පාලනය කරන්න මා විසින් අණ කරන ලද ඉශ්රායෙල් වීර නායකයන්ගෙන් යමෙකුට කතා කොට, නුඹලා මට කිහිරි ලී මාලිගාවක් ගොඩනොනැඟුවේ මක්නිසා ද යන වචනයක් සියලු ඉශ්රායෙල්වරුන් අතරෙහි මා ආ ගිය කොයි ස්ථානයක දී වත් කීවෙම් ද?’
7
“එබැවින් මාගේ මෙහෙකරු වන දාවිත්ට මෙසේ කියන්න; ‘සර්ව පරාක්‍රම සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේක: මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ අධිපතියා නුඹ වන පිණිස තණ බිමෙන් ද බැටළුවන් රැකබලාගැනීමෙන් ද මම නුඹ වෙන් කොට ගතිමි.
8
නුඹ ගිය හැම තැන්හි ම මම නුඹ සමඟ සිට, නුඹේ සියලු සතුරන් නුඹ ඉදිරියෙන් පන්නා දැමීමි; පොළොවේ සිටින උත්තමයන්ගේ යසෝ කීර්තිය වැනි යසෝ කීර්තියක් නුඹට දෙන්නෙමි.
9
මාගේ සෙනඟ වන ඉශ්රායෙල් තමන්ගේ ම දේශයෙහි වාසය කොට, මතු එයින් නොයන ලෙස මම ඔවුන්ට දේශයක් නියම කොට ඔවුන් පිහිටුවන්නෙමි; තවද, මුල දී සිදු වූ පරිදි
10
එනම්, මා විසින් මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ට වීර නායකයන් පත් කරන ලද කාලයේ සිදු වූ පරිදි දුෂ්ට මනුෂ්‍යයෝ තවත් ඔවුන් නාස්ති නොකරන්නෝ ය. මම නුඹේ සියලු සතුරන් යටත් කරන්නෙමි. ඇරත්, සමිඳාණන් වහන්සේ නුඹට වංශයක් ගොඩනඟන බව නුඹට දන්වමි,
11
නුඹේ දවස් සම්පූර්ණ වූ කල, මම නුඹේ පුත්‍රයෙකු වන නුඹේ ම දරුවෙකු නුඹට පසු ව පිහිටුවා ඔහුගේ රාජ්‍යය ස්ථිර කරන්නෙමි.
12
ඔහු මට මාලිගාවක් ගොඩනඟන්නේ ය. ඔහුගේ සිංහාසනය ද මම සදහට ම ස්ථිර කරන්නෙමි.
13
මම ඔහුට පියෙක් වන්නෙමි. ඔහු ද මට පුත්‍රයෙක් වන්නේ ය. නුඹට පළමු සිටි තැනැත්තාගෙන් මාගේ කරුණාව පහ කළ ලෙස මම ඔහුගෙන් එය පහ නොකර,
14
මාගේ මාලිගාවෙහි ද මාගේ රාජ්‍යයෙහි ද ඔහු සදහට ම පිහිටුවන්නෙමි. ඔහුගේ සිංහාසනය ද සදහට ම ස්ථිර කරනු ලබන්නේ ය’ “යි වදාළ සේක.
15
මේ සියලු වචන ද මේ මුළු ප්රකාශනය ද නාතාන් දාවිත්ට දැන්වී ය.
16
එවිට දාවිත් රජු කූඩාරම ඇතුළට ගොස්, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි වාඩි වී මෙසේ කීවේ ය: “දෙවි සමිඳාණන් වහන්ස, ඔබ විසින් මෙපමණ දුරට මා ගෙන එනු ලැබීමට මම කවරෙක් ද? මාගේ වංශය කුමක් ද?
17
එහෙත්, දෙවියන් වහන්ස, මෙය ද ඔබේ ඇස් හමුයෙහි සුළු දෙයක් වූ ලෙස තකා, මතු කාලයට ඔබේ මෙහෙකරුවාගේ වංශය ගැන ඔබ කතා කොට, දෙවි සමිඳාණන් වහන්ස, උත්තම මනුෂ්‍යයෙකු හැටියට ඔබ මා සැලකූ සේක.
18
ඔබේ මෙහෙකරුවාට පෙන්වූ ගෞරවය ගැන දාවිත් ඔබට තවත් කුමක් කියන්න ද? මන්ද, ඔබ වහන්සේ ඔබේ මෙහෙකරුවා දන්න සේක.
19
සමිඳාණන් වහන්ස, ඔබේ සිතේ හැටියට ඔබේ මෙහෙකරුවා උදෙසා ඔබ මේ මහා දේ කර, ඉදිරියට වන්න යන දේ ඔබ දන්න සේක.
20
සමිඳාණන් වහන්ස, අපේ කන්වලින් අප ඇසූ සියල්ල ලෙස ඔබට සමාන කෙනෙක් නැත. ඔබ වහන්සේ හැර වෙන කිසි දෙවි කෙනෙක් ද නැත.
21
ඔබේ ඉශ්රායෙල් සෙනඟට සමාන ව සිටින්නේ පොළොවේ කවර ජාතිය ද? මන්ද, දෙවියන් වහන්සේ තමන්ට සෙනඟක් කොට ඔවුන් මුදා ගනු පිණිස ගොස්, මිසරයෙන් මුදා ගත් ඔබේ සෙනඟ ඉදිරියෙහි ජාතීන් එළවා දමා, මහත් වූ භයානක වූ දේවල් කිරීමෙන් ඔබට කීර්තිය හිමි කරගත් සේක.
22
මෙසේ ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් සදහට ම ඔබට සෙනඟක් කොට තබාගෙන, ඔබ ම, සමිඳාණන් වහන්ස, ඔවුන්ගේ දෙවියන් වහන්සේ වී සිටින සේක.
23
“දැන් ඉතින් සමිඳාණන් වහන්ස, ඔබේ මෙහෙකරුවාත්, ඔහුගේ වංශයත් ගැන ඔබ කී වචනය සදහට ම ස්ථිර වේ වා! ඔබ කී ලෙස ම කළ මැනව.
24
ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ වන සර්ව පරාක්‍රම සමිඳාණන් වහන්සේ, ඉශ්රායෙල්වරුන් සඳහා වූ දෙවියන් වහන්සේ ය. මෙසේ, ඔබේ නාමය සදහට ම උතුම් වේ වා! ඔබේ මෙහෙකරු වන දාවිත්ගේ වංශය ද ඔබ ඉදිරියෙහි ස්ථිර ව පවතින්නේ ය.
25
මන්ද, මාගේ දෙවියන් වහන්ස, ඔබේ මෙහෙකරුවා උදෙසා ඔබ වංශයක් ගොඩනඟන බව ඔබ ඔහුට එළිදරව් කළ සේක. එබැවින් ඔබ ඉදිරියෙහි යාච්ඤා කරන්න ඔබේ මෙහෙකරුවා ඉදිරිපත් විය.
26
දැනුදු, සමිඳාණන් වහන්ස, ඔබ ම දෙවියන් වහන්සේ ය, ඔබේ මෙහෙකරුවාට මේ යහපත් දේ පොරොන්දු වූ සේක.
27
එසේ ඔබේ මෙහෙකරුවාගේ වංශය සදහට ම ඔබ ඉදිරියෙහි පවතින පිණිස ඊට ආශීර්වාද කරන්න ඔබ ප්‍රසන්න වුව මැනව. මන්ද, සමිඳාණන් වහන්ස, ඔබ වහන්සේ ආශීර්වාද කළ අය සදහට ම ආශීර්වාද ලද්දෝ වෙති.”
← Chapter 16
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 18 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29