bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
1 Chronicles 13
1 Chronicles 13
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 12
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 14 →
1
දාවිත් සහශ්රාධිපතින් ද ශතාධිපතින් ද සියලු නායකයන් ද සමඟ මන්ත්රණය කරමින්,
2
මුළු ඉශ්රායෙල් සභාවට කතා කොට, “ඔබ හැමට මා කියන දේ හොඳ ය කියා පෙනේ නම්, අපේ දෙවි සමිඳාණන් වහන්සේත් ඊට කැමැති වන සේක් නම්, මුළු ඉශ්රායෙල් දේශයෙහි ඉතිරි ව සිටින අපේ සහෝදරයන්ට ද ඔවුන් සමඟ තමන්ගේ ගම් බිම් සහිත නගරවල සිටින පූජකයන්ට ද ලෙවීවරුන්ට ද අප ළඟට රැස්වන්න කියා සෑම දිශාවලට දන්වා යවා,
3
අපේ දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අප වෙත නැවත ගෙනෙමු. මන්ද, සාවුල්ගේ කාලයේ දී අපි එය ගැන නොසැලකුවෙමු”යි කීවේ ය.
4
මුළු සෙනඟගේ ඇස් හමුයෙහි එය කළ යුතු දෙයක් ලෙස පෙනුණු නිසා, එසේ කරන්න කැමැති බව මුළු සභාව කියා සිටියා ය.
5
ඒ නිසා, දාවිත් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව කිරියත්-ජෙයාරීම් සිට ගෙනෙන පිණිස මිසරයේ ෂිහෝර් ඔය පටන් හමාත්ට ඇතුළු වන තැන දක්වා සිටි සියලු ඉශ්රායෙල්වරුන් රැස් කෙළේ ය.
6
කෙරුබ්වරුන් අතරේ වැඩ සිටින සමිඳාණන් වහන්සේගේ නාමය තබා තිබෙන දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ජුදාට අයිති බාලා නම් වූ කිරියත්-ජෙයාරීම් සිට ගෙනෙන පිණිස දාවිත් සහ සියලු ඉශ්රායෙල්වරු ද එහි ගියෝ ය.
7
ඔව්හු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අබිනාදාබ්ගේ ගෙයින් අලුත් රථයක තබා ගෙනාවෝ ය. උශ්ශා ද අහියෝ ද ගැල දැක්කුවෝ ය.
8
දාවිත් සහ සියලු ඉශ්රායෙල්වරු වීණා ද කුඩා වීණා ද රබන් ද නළා ද ඇති ව දෙවියන් වහන්සේ ඉදිරියෙහි මුළු ශක්තියෙන් ගී ගයා නැටූ හ.
9
කීදොන්ගේ කමතට ආ කල රථයේ බැඳ සිටි හරක් දැඟලූ බැවින් ගිවිසුම් කරඬුව අල්ලන්න උශ්ශා තමාගේ අත දිගු කෙළේ ය.
10
එවිට සමිඳාණන් වහන්සේගේ උදහස උශ්ශාට විරුද්ධ ව ඇවුළුණේ ය. ඔහු ගිවිසුම් කරඬුවට තමාගේ අත දිගු කළ බැවින් උන් වහන්සේ ඔහුට පහර දුන් සේක. ඔහු එහි දී දෙවියන් වහන්සේ ඉදිරියෙහි මළේ ය.
11
සමිඳාණන් වහන්සේ උශ්ශාට දුන් හදිසි පහර නිසා දාවිත් අප්රසන්න විය. ඔහු ඒ ස්ථානයට උශ්ශා ප්රහාරය යන අර්ථය ඇති පෙරෙෂ්-උශ්ශා යන නාමය තැබී ය. ඒ නාමය අද දක්වා ඊට තිබේ.
12
ඒ දවසේ දී දාවිත් දෙවියන් වහන්සේට භය වී, “දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව මා ළඟට කෙසේ ගෙනෙම් දැ”යි කීවේ ය.
13
ඒ නිසා දාවිත් ගිවිසුම් කරඬුව තමා වෙත දාවිත්ගේ නුවරට නොගෙන, අන් අතකට හරවා, එය හිත්තීය ජාතික ඕබෙද්-ඒදොම්ගේ ගෙට ගෙන ගියේ ය.
14
එසේ දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඕබෙද්-ඒදොම්ගේ පවුල සමඟ ඔවුන්ගේ ගෙයි තුන් මාසයක් තිබිණි. සමිඳාණන් වහන්සේ ඕබෙද්-ඒදොම්ගේ ගෙදරටත්, ඔහු සන්තක සියල්ලටත් ආශීර්වාද කළ සේක.
← Chapter 12
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 14 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29