bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
1 Chronicles 19
1 Chronicles 19
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 18
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 20 →
1
ඉක්බිති අම්මොන්වරුන්ගේ රජ වූ නාහාෂ් මළේ ය. ඔහුගේ පුත්‍රයා වූ හානුන් ඔහු වෙනුවට රජ විය.
2
දාවිත් වනාහි, “හානුන්ගේ පියා වූ නාහාෂ් මට කරුණාව පෙන් වූ නිසා මමත් හානුන්ට කරුණාව පෙන්වන්නෙමි”යි ඔහුගේ පියාගේ මරණය ගැන ඔහු සනසන පිණිස දූතයන් යැවී ය. දාවිත්ගේ සේවකයෝ හානුන් සනසන්න අම්මොන්වරුන්ගේ දේශයට ඔහු වෙත පැමිණියෝ ය.
3
එවිට අම්මොන්වරුන්ගේ අධිපතීහු හානුන්ට කතා කොට, “දාවිත් ඔබ ළඟට ඔබ සනසන පිණිස දූතයන් එවූ නිසා, ඔහු ඔබේ පියාට ගෞරව කරන්නේ යයි ඔබ සිතන්නෙහි ද? ඔහුගේ සේවකයන් ඔබ වෙත ආවේ, දේශය පරීක්ෂා කර, ඔත්තු බලා, එය නාස්ති කරන අදහසින් නොවේ දැ”යි කීවෝ ය.
4
එවිට හානුන් දාවිත්ගේ සේවකයන් අල්ලා, ඔවුන්ගේ රැවුල් බූගා, දණ හිසෙන් ඉහළට ඔවුන්ගේ ඇඳුම් මැදින් කපා දමා ඔවුන් යන්න හැරියේ ය.
5
මිනිස්සු අවුත් ඒ මනුෂ්‍යයන් ගැන දාවිත්ට දැන්නූ හ. ඔහු ද ඔවුන් සම්බවන්න මිනිසුන් යැවී ය. මන්ද, ඒ මනුෂ්‍යයන් බොහෝ සෙයින් ලජ්ජාවට පත් වී සිටි බැවිනි. රජතුමා කතා කොට, “ඔබේ රැවුල් වැඩෙන කල් ජෙරිකෝවෙහි නැවතී පසු ව එන්නැ”යි කියා යැවී ය.
6
තවද, දාවිත් තමන්ගේ සතුරෙකු වී සිටින බව දුටු හානුන් රජ ද අම්මොන්වරු ද උතුරු මෙසොපොතේමියාවෙනුත් මයකා සහ ශෝබායෙහි සිරියන්වරුන්ගෙනුත් රථ සහ අසරුවන් කුලියට ගන්න රිදී කිලෝග්‍රෑම් තිස්හතරදහසක් යැවූ හ.
7
මෙසේ ඔව්හු රථ තිස්දෙදහසක් ද මයකාහි රජු ද ඔහුගේ සෙනඟ ද කුලියට ගත්තෝ ය. ඔව්හු අවුත් මෙදිබා ඉදිරිපිට කඳවුරු බැඳගත්හ. අම්මොන්වරුත් තමන්ගේ නගරවලින් පිටත් ව එහි රැස් වී සටනට ආවෝ ය.
8
දාවිත් ඒ අසා ජෝවාබ් ද බලවන්තයන් සමඟ මුළු සේනාව ද යැවී ය.
9
අම්මොන්වරු ද පිටතට අවුත් නගර දොරටුව ළඟ සටනට පෙළ ගැසී සිටියෝ ය. එහෙත්, පැමිණි රජවරු එළිමහනෙහි ඈත් වී සිටියෝ ය.
10
තමාට විරුද්ධ ව ඉදිරියෙන් ද පස්සෙන් ද සටනට එන බව ජෝවාබ් දැක, සියලු බලවන්ත ඉශ්රායෙල්වරුන්ගෙන් කොටසක් තෝරාගෙන සිරියන්වරුන්ට විරුද්ධ ව සිටුවා,
11
ඉතිරි සෙනඟ අම්මොන්වරුන්ට විරුද්ධ ව සිටින පිණිස තමාගේ සහෝදර අබිෂයි අතට භාර දුන්නේ ය.
12
තවද, ඔහු කතා කොට, “සිරියන්වරුන් මට වඩා බලවත් වුණොත් ඔබ මට උපකාර කරන්න. අම්මොන්වරුන් ඔබට වඩා බලවත් වුණොත් මම ඔබට උපකාර කරන්නෙමි.
13
ධෛර්යවත් ව සිටින්න. අපේ සෙනඟ උදෙසාත්, අපේ දෙවියන් වහන්සේගේ නගර උදෙසාත් ස්ථිර ව ක්‍රියා කරන්න. සමිඳාණන් වහන්සේ තමන්ට යහපත් ව පෙනෙන ලෙස කරන සේක්වා”යි කීවේ ය.
14
මෙසේ ජෝවාබ් ද ඔහු සමඟ සිටි සෙනඟ ද සිරියන්වරුන්ට විරුද්ධ ව සටනට ළං වූ හ. එවිට ඔව්හු ඔහු ඉදිරියෙන් පලා ගියෝ ය.
15
සිරියන්වරුන් පලා ගිය බව අම්මොන්වරුන් දුටු විට, ඔව්හු ද ඔහුගේ සහෝදර අබිෂයි ඉදිරියෙන් පලා ගොස් නගරයට ඇතුළු වූ හ. එවිට ජෝවාබ් ජෙරුසලමට ආයේ ය.
16
සිරියන්වරු තමන් ඉශ්රායෙල්වරුන් අතින් පරාජය වූ බව දැක දූතයන් යවා යුප්‍රටීස් ගංගාවට එගොඩින් සිටි සිරියන්වරුන් ගෙන්වාගත්හ. හදද්-එශෙර්ගේ සේනාපතියා වූ ෂෝපාක් ඔවුන්ට පෙරටු ව ආවේ ය.
17
එපවත් දාවිත්ට දැන් වූ කල ඔහු සියලු ඉශ්රායෙල්වරුන් රැස් කරගෙන, ජොර්දානෙන් එගොඩ වී ඔවුන් ළඟට අවුත්, ඔවුන්ට විරුද්ධ ව යුද්ධයට පෙළ ගැසී සිටියේ ය. එසේ දාවිත් සිරියන්වරුන්ට විරුද්ධ ව යුද්ධයට පෙළ ගැසී සිටි විට, ඔව්හු ඔහුට විරුද්ධ ව සටන් කළෝ ය.
18
එහෙත්, ඉශ්රායෙල්වරුන් ඉදිරියෙන් සිරියන්වරු පලා ගියෝ ය. දාවිත් සිරියන්වරුන්ගෙන් රථ සත්දහසක මිනිසුන් ද පා බළ සේනාවෙන් සතළිස්දහසක් ද මරා දමා, සේනාපතියා වූ ෂෝපාක් ද මැරුවේ ය.
19
හදද්-එශෙර්ගේ සේවකයෝ තමන් ඉශ්රායෙල්වරුන්ට පරාජය වූ බව දැක, දාවිත් සමඟ සාමදාන වී ඔහුට මෙහෙකළෝ ය. ඉන්පසු සිරියන්වරු අම්මොන්වරුන්ට තවත් උපකාර කරන්න කැමැති නොවූ හ.
← Chapter 18
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 20 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29