bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
1 Chronicles 6
1 Chronicles 6
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 5
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 7 →
1
ලෙවීගේ පුත්‍රයෝ නම්: ගේර්ෂොම්, කොහාත් සහ මෙරාරී ය.
2
කොහාත්ගේ පුත්‍රයෝ නම්: අම්රාම්, ඉශ්හාර්, හෙබ්‍රොන් සහ උශ්ශියෙල් ය.
3
අම්රාම්ගේ දරුවෝ නම්: ආරොන්, මෝසෙස් සහ මීරියම් ය. ආරොන්ගේ පුත්‍රයෝ නම්: නාදාබ්, අබිහු, එලෙයාසර් සහ ඊතාමාර් ය.
4
එලෙයාසර්ට දාව පිනෙහාස් ද පිනෙහාස්ට දාව අබිෂුවා ද;
5
අබිෂුවාට දාව බුක්කී ද; බුක්කීට දාව උශ්ශි ද
6
උශ්ශිට දාව ශෙරහියා ද ශෙරහියාට දාව මෙරායොත් ද;
7
මෙරායොත්ට දාව අමරියා ද අමරියාට දාව අහිතුබ් ද;
8
අහිතුබ්ට දාව ශාදොක් ද ශාදොක්ට දාව අහීමයාශ් ද;
9
අහීමයාශ්ට දාව අශරියා ද අශරියාට දාව ජොහානාන් ද;
10
ජොහානාන්ට දාව අශරියා ද උපන්නෝ ය. සලමොන් ජෙරුසලමේ ගොඩනැඟුවාවූ මාලිගාවෙහි පූජක තනතුරේ කටයුතු ඉෂ්ට කෙළේ ඔහු ය.
11
අශරියාට දාව අමරියා ද අමරියාට දාව අහීතුබ් ද;
12
අහීතුබ්ට දාව ශාදොක් ද ශාදොක්ට දාව ෂල්ලුම් ද;
13
ෂල්ලුම්ට දාව හිල්කියා ද හිල්කියාට දාව අශරියා ද;
14
අශරියාට දාව සෙරායා ද සෙරායාට දාව ජෙහෝශාදාක් ද උපන්නෝ ය.
15
සමිඳාණන් වහන්සේ නෙබුකද්නෙශර් අතින් ජුදාවරුන් ද ජෙරුසලමේ වැසියන් ද වහල්කමට හරින විට ජෙහෝශාදාක් ද ගියේ ය.
16
ලෙවීගේ පුත්‍රයෝ නම්: ගේර්ෂොම්, කොහාත් සහ මෙරාරී ය.
17
ගේර්ෂොම්ගේ පුත්‍රයන්ගේ නාම නම්: ලිබ්නි සහ ෂිමෙයි ය.
18
කොහාත්ගේ පුත්‍රයෝ නම්: අම්රාම්, ඉශ්හාර්, හෙබ්‍රොන් සහ උශ්ශියෙල් ය.
19
මෙරාරීගේ පුත්‍රයෝ නම්: මාලී සහ මුෂී ය. ලෙවීවරුන්ගේ පවුල් ඔවුන්ගේ පියවරුන්ගේ වංශ ප්‍රකාරයට මෙසේ ය:
20
ගේර්ෂොම්ගේ පුත්‍රයා ලිබ්නි ය; ඔහුගේ පුත්‍රයා ජහත් ය; ඔහුගේ පුත්‍රයා සිම්මා ය;
21
ඔහුගේ පුත්‍රයා ජෝවා ය; ඔහුගේ පුත්‍රයා ඉද්දෝ ය; ඔහුගේ පුත්‍රයා ශෙරා ය; ඔහුගේ පුත්‍රයා ජෙයාතෙරයි ය.
22
කොහාත්ගේ පුත්‍රයා නම්: අම්මිනාදාබ් ය; ඔහුගේ පුත්‍රයා කෝරා ය; ඔහුගේ පුත්‍රයා අස්සීර් ය;
23
ඔහුගේ පුත්‍රයා එල්කානා ය; ඔහුගේ පුත්‍රයා එබියාසාප් ය; ඔහුගේ පුත්‍රයා අස්සීර් ය;
24
ඔහුගේ පුත්‍රයා තහත් ය; ඔහුගේ පුත්‍රයා උරියෙල් ය; ඔහුගේ පුත්‍රයා උශ්ශියා ය; ඔහුගේ පුත්‍රයා ෂාවුල් ය.
25
එල්කානාගේ පුත්‍රයෝ නම්: අමාසයි සහ අහීමොත් ය.
26
ඔහුගේ පුත්‍රයා එල්කානා ය; ඔහුගේ පුත්‍රයා එල්කානා-ශෝපයි ය; ඔහුගේ පුත්‍රයා නහත් ය;
27
ඔහුගේ පුත්‍රයා එලියාබ් ය; ඔහුගේ පුත්‍රයා ජෙරොහාම් ය; ඔහුගේ පුත්‍රයා එල්කානා ය.
28
සාමුවෙල්ගේ පුත්‍රයෝ නම්: කුලුඳුලා වූ ජෝවෙල් සහ දෙවැනියා වූ අබියා ය.
29
මෙරාරීගේ පුත්‍රයා නම්: මාලී ය, ඔහුගේ පුත්‍රයා ලිබ්නි ය; ඔහුගේ පුත්‍රයා ෂිමෙයි ය;
30
ඔහුගේ පුත්‍රයා උශ්ශා ය; ඔහුගේ පුත්‍රයා ෂිමෙයා ය; ඔහුගේ පුත්‍රයා හග්ගියා ය; ඔහුගේ පුත්‍රයා අසායා ය.
31
ගිවිසුම් කරඬුව පිහිටෙවු විට සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි ගීතිකා මෙහෙයට දාවිත් විසින් පත් කරනු ලැබුවෝ මොවුහු ය.
32
සලමොන් ජෙරුසලමෙහි සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන තුරු ඔව්හු සම්මුඛ මණ්ඩපය ඉදිරිපිට ගීතිකා මෙහෙය පවත්වමින් තමන්ගේ පන්ති පරිද්දෙන් තමන්ගේ තනතුරෙහි යෙදී සිටියෝ ය.
33
එසේ සිටි අය සහ ඔවුන්ගේ පුත්‍රයෝ මොවුහු ය: කොහාත් පරපුරෙන් ගායනාකාර හේමන් ය. ඔහු ජෝවෙල්ගේ පුත්‍රයා ය; ඔහු සාමුවෙල්ගේ පුත්‍රයා ය;
34
ඔහු එල්කානාගේ පුත්‍රයා ය; ඔහු ජෙරොහාම්ගේ පුත්‍රයා ය; ඔහු එලියෙල්ගේ පුත්‍රයා ය; ඔහු තෝවාගේ පුත්‍රයා ය;
35
ඔහු ශුප්ගේ පුත්‍රයා ය; ඔහු එල්කානාගේ පුත්‍රයා ය; ඔහු මහත්ගේ පුත්‍රයා ය; ඔහු අමාසයිගේ පුත්‍රයා ය;
36
ඔහු එල්කානාගේ පුත්‍රයා ය; ඔහු ජෝවෙල්ගේ පුත්‍රයා ය; ඔහු අශරියාගේ පුත්‍රයා ය; ඔහු ශෙපනියාගේ පුත්‍රයා ය;
37
ඔහු තාහත්ගේ පුත්‍රයා ය; ඔහු අස්සීර්ගේ පුත්‍රයා ය; ඔහු එබියාසාප්ගේ පුත්‍රයා ය; ඔහු කෝරාගේ පුත්‍රයා ය;
38
ඔහු ඉශ්හාර්ගේ පුත්‍රයා ය; ඔහු කොහාත්ගේ පුත්‍රයා ය; ඔහු ලෙවීගේ පුත්‍රයා ය; ඔහු ඉශ්‍රායෙල්ගේ පුත්‍රයා ය.
39
ඔහුට දකුණෙන් සිටියේ ඔහුගේ සහෝදර ආසාප් ය. ආසාප් බෙරෙකියාගේ පුත්‍රයා ය; ඔහු ෂිමෙයාගේ පුත්‍රයා ය;
40
ඔහු මිකායෙල්ගේ පුත්‍රයා ය; ඔහු බයසෙයාගේ පුත්‍රයා ය; ඔහු මල්කියාගේ පුත්‍රයා ය;
41
ඔහු එත්නිගේ පුත්‍රයා ය; ඔහු ශෙරාගේ පුත්‍රයා ය; ඔහු අදායාගේ පුත්‍රයා ය;
42
ඔහු ඒතාන්ගේ පුත්‍රයා ය; ඔහු සිම්මාගේ පුත්‍රයා ය; ඔහු ෂීමෙයිගේ පුත්‍රයා ය;
43
ඔහු ජහත්ගේ පුත්‍රයා ය; ඔහු ගේර්ෂොම්ගේ පුත්‍රයා ය; ඔහු ලෙවීගේ පුත්‍රයා ය.
44
ඔවුන්ගේ සහෝදරයන් වන මෙරාරීගේ පුත්‍රයෝ වමෙන් සිටියෝ ය. එනම්: ඒතාන් ය. ඔහු කිෂිගේ පුත්‍රයා ය; ඔහු අබ්දීගේ පුත්‍රයා ය; ඔහු මල්ලූක්ගේ පුත්‍රයා ය;
45
ඔහු හෂබියාගේ පුත්‍රයා ය; ඔහු අමශියාගේ පුත්‍රයා ය; ඔහු හිල්කියාගේ පුත්‍රයා ය;
46
ඔහු අම්ශීගේ පුත්‍රයා ය; ඔහු බානීගේ පුත්‍රයා ය; ඔහු ෂෙමෙර්ගේ පුත්‍රයා ය;
47
ඔහු මාලීගේ පුත්‍රයා ය; ඔහු මුෂීගේ පුත්‍රයා ය; ඔහු මෙරාරීගේ පුත්‍රයා ය; ඔහු ලෙවීගේ පුත්‍රයා ය.
48
ඔවුන්ගේ සහෝදරයන් වූ ලෙවීවරු දෙවියන් වහන්සේගේ මාලිගාව වන මණ්ඩපයේ මුළු මෙහෙයට පත් වී සිටියෝ ය.
49
එහෙත්, ආරොන් ද ඔහුගේ පුත්‍රයෝ ද දෙවියන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් විසින් අණ කරන ලද සියල්ල ලෙස දවන යාග පූජා පුදන පූජාසනයත්, දුම් පූජාසනයත් පිට ඔප්පු කරන්නට ද අතිශුද්ධස්ථානයේ මුළු මෙහෙය කරන්නට ද ඉශ්රායෙල්වරුන්ගේ පව් උදෙසා සහභාගිවීමේ පූජා ඔප්පු කරන්නට ද නියම වී සිටියෝ ය.
50
ආරොන්ගේ පුත්‍රයෝ මොවුහු ය: ඔහුගේ පුත්‍රයා එලෙයාසර් ය; ඔහුගේ පුත්‍රයා පිනෙහාස් ය; ඔහුගේ පුත්‍රයා අබිෂුවා ය;
51
ඔහුගේ පුත්‍රයා බුක්කී ය; ඔහුගේ පුත්‍රයා උශ්ශි ය; ඔහුගේ පුත්‍රයා ශෙරහියා ය;
52
ඔහුගේ පුත්‍රයා මෙරායොත් ය; ඔහුගේ පුත්‍රයා අමරියා ය; ඔහුගේ පුත්‍රයා අහිතුබ් ය;
53
ඔහුගේ පුත්‍රයා ශාදොක් ය; ඔහුගේ පුත්‍රයා අහීමයාශ් ය.
54
කොහාත්වරුන්ගේ පවුල් අතරෙන් ආරොන්ගේ පුත්‍රයන්ගේ වාසස්ථාන ඔවුන්ගේ සීමා තුළෙහි වූ ඔවුන්ගේ කඳවුරුවල හැටියට මේවා ය. මන්ද, පස ඇටය වැටුණේ ඔවුන්ට ය.
55
ජුදා දේශයෙහි වූ හෙබ්‍රොන් සහ ඒ වටකරින් වූ එහි තණ බිම් ද ඔවුන්ට දෙන ලද්දේ ය.
56
එහෙත්, නුවර කෙත් ද එහි ගම් ද ජෙපුන්නේගේ පුත් කාලෙබ්ට දෙන ලද්දේ ය.
57
ආරක්ෂා නගරයක් වූ හෙබ්‍රොන් ද ලිබ්නා සහ එහි තණ බිම් ද ජත්තීර් ද එෂ්තෙමොව සහ එහි තණ බිම් ද;
58
හිලේන් සහ එහි තණ බිම් ද දෙබීර් සහ එහි තණ බිම් ද;
59
ආෂාන් සහ එහි තණ බිම් ද බෙත්-ෂෙමෙෂ් සහ එහි තණ බිම් ද;
60
බෙන්ජමින් ගෝත්‍රයෙන් ගෙබා සහ එහි තණ බිම් ද අල්ලෙමෙත් සහ එහි තණ බිම් ද අනාතොත් සහ එහි තණ බිම් ද ආරොන්ගේ පුත්‍රයන්ට දෙන ලද්දේ ය. ඔවුන්ගේ මුළු පවුල් ප්‍රකාරයට ඔවුන්ගේ සියලු නගර දහතුනක් ය.
61
කොහාත්ගේ පුත්‍රයන්ට මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් ද නගර දහයක් පස ඇට දැමීමෙන් ලැබුණේ ය.
62
ගේර්ෂොම්ගේ පුත්‍රයන්ට තමන්ගේ පවුල් ප්‍රකාරයට ඉස්සාකර් ගෝත්‍රයෙන් ද ආෂෙර් ගෝත්‍රයෙන් ද නප්තලී ගෝත්‍රයෙන් ද බාෂාන්හි සිටි මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් ද නගර දහතුනක් ලැබුණේ ය.
63
මෙරාරීගේ පුත්‍රයන්ට ඔවුන්ගේ පවුල් ප්‍රකාරයට රූබන් ගෝත්‍රයෙන් ද ගාද් ගෝත්‍රයෙන් ද සාබුලොන් ගෝත්‍රයෙන් ද නගර දොළොසක් පස ඇට දැමීමෙන් ලැබුණේ ය.
64
ඉශ්රායෙල් පුත්‍රයෝ මේ නගර සහ ඒවායේ තණ බිම් ද ලෙවීවරුන්ට දුන්නෝ ය.
65
ජුදා පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් ද සිමියොන් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් ද බෙන්ජමින් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් ද නම් වශයෙන් කියන ලද මේ නගර ඔව්හු පස ඇට දමා දුන්නෝ ය.
66
කොහාත්ගේ පුත්‍රයන්ගේ අනික් පවුල්වලට ඔවුන්ගේ සීමා තුළෙහි වූ නගර එප්‍රායිම්ගේ ගෝත්‍රයෙන් ලැබුණේ ය.
67
මෙසේ එප්‍රායිම් කඳු රටේ තිබෙන ආරක්ෂා නගරයක් වූ ෂෙකෙම් සහ එහි තණ බිම් ද ගෙශෙර් සහ එහි තණ බිම් ද;
68
ජොක්මෙයාම් සහ එහි තණ බිම් ද බෙත්-හෝරොන් සහ එහි තණ බිම් ද;
69
අයාලෝන් සහ එහි තණ බිම් ද; ගැත්-රිම්මෝන් සහ එහි තණ බිම් ද;
70
මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් ආනේර් සහ එහි තණ බිම් ද බිලෙයාම් සහ එහි තණ බිම් ද කොහාත් පුත්‍රයන්ගේ අනික් පවුල්වලට දෙන ලද්දේ ය.
71
ගේර්ෂොම්ගේ පුත්‍රයන්ට මනස්සේගේ අර්ධ ගෝත්‍රය යන පවුලෙන් බාෂාන්හි ගෝලාන් සහ එහි තණ බිම් ද අෂ්ටාරොත් සහ එහි තණ බිම් ද;
72
ඉස්සාකර් ගෝත්‍රයෙන් කෙදෙෂ් සහ එහි තණ බිම් ද දාබෙරත් සහ එහි තණ බිම් ද;
73
රාමොත් සහ එහි තණ බිම් ද ආනේම් සහ එහි තණ බිම් ද;
74
ආෂෙර් ගෝත්‍රයෙන් මාෂාල් සහ එහි තණ බිම් ද අබ්දොන් සහ එහි තණ බිම් ද;
75
හුකොක් සහ එහි තණ බිම් ද රෙහොබ් සහ එහි තණ බිම් ද;
76
නප්තලීගේ ගෝත්‍රයෙන් ගලීලයේ කෙදෙෂ් සහ එහි තණ බිම් ද හම්මෝන් සහ එහි තණ බිම් ද කිරියාතයිම් සහ එහි තණ බිම් ද ලැබුණේ ය.
77
මෙරාරීගේ අනික් පුත්‍රයන්ට සාබුලොන් ගෝත්‍රයෙන් රිම්මොන් සහ එහි තණ බිම් ද තාබෝර් සහ එහි තණ බිම් ද;
78
ජෙරිකෝව ළඟ ජොර්දානෙන් එගොඩ ජොර්දානට නැගෙනහිරෙන් රූබන් ගෝත්‍රයෙන් පාළුකරයෙහි තිබෙන බෙශෙර් සහ එහි තණ බිම් ද ජහශා සහ එහි තණ බිම් ද;
79
කෙදෙමොත් සහ එහි තණ බිම් ද මේපයත් සහ එහි තණ බිම් ද;
80
ගාද් ගෝත්‍රයෙන් ගිලියද්හි රාමොත් සහ එහි තණ බිම් ද මහනයිම් සහ එහි තණ බිම් ද
81
හෙෂ්බොන් සහ එහි තණ බිම් ද ජාශර් සහ එහි තණ බිම් ද ලැබුණේ ය.
← Chapter 5
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 7 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29