bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Exodus 1
Exodus 1
Sinhala Bile - Revised Old Version (SROV)
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 2 →
1
මිසරයට පැමිණි ඉශ්රායෙල් පුත්‍රයන්ගේ නාමවල් නම්:
2
රූබෙන්, සිමියොන්, ලෙවී සහ යූදා;
3
ඉස්සාඛර්, සාබුලොන් සහ බෙන්යමින්; දාන් සහ නප්තලී, ගාද් සහ ආෂෙර්ය.
4
යාකොබ් කැටුව මේ එක එක මනුෂ්‍යයා සහ ඔහුගේ ගෙයි වැසියෝද ආවෝය.
5
යාකොබ්ගේ කටියෙන් උපන් සියල්ලෝ සැත්තෑ දෙනෙක්ය. යෝසෙප් මිසරයට ගොස් සිටියේය.
6
යෝසෙප්ද ඔහුගේ සියලු සහෝදරයෝද ඒ මුළු පරම්පරාවද මළෝය.
7
ඉශ්රායෙල් පුත්‍රයෝ සඵලව බොහෝසේ වැඩි වෙමින් බෝවී අතිශයින් බලවත්වූවෝය; දේශය ඔවුන්ගෙන් පිරුණේය.
8
තවද යෝසෙප් නාඳුනන අලුත් රජෙක් මිසරය කෙරෙහි පත්වුණේය.
9
ඔහු තමාගේ සෙනඟට කථාකොට: බලව, ඉශ්රායෙල් පුත්‍රයන්ගේ සෙනඟ අපට වඩා බොහෝව වඩා බලවත්ව සිටිති.
10
එන්න, ඔවුන් බෝනොවන පිණිසත් යම් යුද්ධයක් සිදුවන කල අපේ සතුරන්ට එක්ව අපට විරුද්ධව සටන්කොට දේශයෙන් පිටවී නොයන පිණිසත් ඔවුන් සමඟ නුවණින් ක්‍රියාකරමුයයි කීවේය.
11
එසේ හෙයින් ඔව්හු බරවැඩ පැවරීමෙන් ඔවුන්ට පීඩාකරන පිණිස ඔවුන් කෙරෙහි විධානවරුන් පත්කළෝය. ඔව්හු පිථොම් සහ රාම්සෙස් නම් ගබඩා නුවරවල් ඵාරාවෝ හට ගොඩනැගුවෝය.
12
නුමුත් ඔවුන්ට පීඩාකරන්ට කරන්ට ඔව්හු වඩ වඩා බෝවී වඩ වඩා පැතිරගියෝය. මිසරවරු ඉශ්රායෙල් පුත්‍රයන් නිසා බියපත්ව
13
තද ලෙස මෙහෙකරන්ට ඔවුන්ට සැලැස්සුවෝය.
14
ඔවුන් යෙදූ තද වැඩ වූ බදාම සහ ගඩොල් වැඩද කෙතෙහි සියලු ආකාර වැඩද ඔවුන් ලවා කෙරෙවු සියලු තදබල වැඩද කරණකොටගෙන ඔව්හු ඔවුන්ගේ ජීවිතය ඔවුන්ට තික්ත කළෝය.
15
මිසරයේ රජතෙම ෂිප්රාද පුවාද නම්ලත් හෙබ්‍රෙව් වින්නඹුවන්ට කථාකොට:
16
ඔබ සැම හෙබ්‍රෙව් ස්ත්රීන්ට වින්නඹුකම් කරන විට, ඔවුන් ප්‍රසූත යහනෙහි ඉන්නවා දකින කල්හි, පුතෙක්නම් ඔහු මරන්න; දුවක් නම් ඈ ජීවත්වුණාවේයයි කීවේය.
17
එහෙත් වින්නඹුවෝ දෙවියන්වහන්සේට භයවෙමින් මිසරයේ රජු අණදුන් ලෙස නොකොට පිරිමි දරුවන් නොමරා ඉතුරු කළෝය.
18
එවිට මිසරයේ රජ වින්නඹුවන් කැඳවා: කුමක්හෙයින් මේ දේ කොට පිරිමි දරුවන් නොමරා ඉතිරිකළහුදැයි ඔවුන්ගෙන් ඇසුවේය. වින්නඹුවෝ:
19
හෙබ්‍රෙව් ස්ත්‍රීහු මිසර ස්ත්රීන්ට සමාන නොවෙති; ඔව්හු ශක්තිමත් බැවින් වින්නඹුවන් ඔවුන් වෙතට එන්ට පළමුවෙන් වදතියි ඵාරාවෝට කීවෝය.
20
ඒ නිසා දෙවියන්වහන්සේ වින්නඹුවන්ට කරුණාව පෙන්වූසේක. සෙනඟද බෝවී අතිශයින් බලවත්වූවෝය.
21
තවද වින්නඹුවන් දෙවියන්වහන්සේට භයවූ බැවින් උන්වහන්සේ ඔවුන්ට වංශයක් සාදා දුන්සේක.
22
එවිට ඵාරාවෝ: උපදින්නාවූ සියලු පුත්‍රයන් ගඟේ දමා සියලු දූවරුන් නොමරා ඉතුරුකරන්නැයි තමාගේ මුළු සෙනඟට අණකෙළේය.
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 2 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40