bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Exodus 30
Exodus 30
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 29
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 31 →
1
සුවඳ දුම් ඔප්පුකිරීමට පූජාසනයක් සාදන්න. ෂිටිම් ලී වලින් එය සාදන්න.
2
එහි දිග රියනක්ද එහි පළල රියනක්ද විය යුතුය; ඒක සතරැස් විය යුතුය. එහි උස දෙරියනක් විය යුතුය; එහි අං ඒ එක්කම තිබිය යුතුය.
3
ඒකේ මුදුනද වටකරින් ඒකේ පැතිද ඒකේ අංද පවිත්‍ර රනින් වසන්න; ඒක වටේට රන් ලීස්තරයකුත් සාදන්න.
4
ඒකේ ලීස්තරයට යටින් ඒකේ රිටි දෙක පිට රන් වළලු දෙකක්ද සාදන්න, දෙපැත්තෙහි ඒවා සාදන්න; ඒවා ඒක ඉසිලීමට පොලු දැමීම පිණිස වන්නේය.
5
පොලුද ෂිටිම් ලී වලින් සාදා ඒවා රනින් වසන්න.
6
සාක්ෂි පෙට්ටිය ළඟ තිබෙන තිරය ඉදිරිපිට එනම් සාක්ෂිය පිට තිබෙන කරුණාසනය ඉස්සරහින් ඒක තබන්න, එහිදී මම ඔබට සම්මුඛ වන්නෙමි.
7
ආරොන් එය පිට මිහිරි සුගන්ධ ද්‍රව්‍ය දවන්නේය. ඔහු හැම උදයම පහන් සූදානම් කරන කල්හි ඒවා දැවිය යුතුය.
8
ආරොන් සවස පහන් දල්වන කල්හි ඒවා දැවිය යුතුය, ඒක ඔබ සැමගේ පරම්පරාවල ස්වාමීන්වහන්සේ ඉදිරියේ නිතර පැවැත්විය යුතුවූ සුවඳ පූජාවක්ය.
9
ඔබ සැම අන්‍ය සුවඳ ද්‍රව්‍යයක්වත් දවන පූජාවක්වත් ආහාර පූජාවක්වත් ඒක පිට ඔප්පු නොකරන්න; පාන පූජාවක්ද ඒක පිට වත් නොකරන්න.
10
ආරොන් අවුරුද්දට වරක් එහි අං පිට සමඟිකමක් කරන්නේය. ඔහු ඔබ සැමගේ පරම්පරාවල අවුරුද්දට වරක් සමඟිකමේ පාප පූජාවේ ලෙයින් ඒක උදෙසා සමඟිකමක් කරන්නේය. ඒක ස්වාමීන්වහන්සේ ට අති ශුද්ධයයි කීසේක.
11
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:
12
ඉශ්රායෙල් පුත්‍රයන්ගෙන් ගණන් කරනු ලබන තැනැත්තන්ගේ ගණන ඔබ ගන්නා කල්හි එනම් ඔවුන් ගණන් කිරීමේදී ඔවුන් අතරෙහි වසංගතයක් නොපැමිණෙන පිණිස ඔවුන් ගණන් කිරීමේදී එක එක මනුෂ්‍යයා තම තමාගේ ප්‍රාණය උදෙසා මිදීමේ මිලයක් ස්වාමීන්වහන්සේ ට දේවා.
13
ඔවුන් විසින් දිය යුතු මෙසේය, ගණන්ගනු ලබන එක් එක්කෙනා ශුද්ධ ස්ථානයේ ෂෙකෙල් මිලයේ හැටියට ස්වාමීන්වහන්සේ ට පඬුරක් පිණිස ෂෙකෙල් බාගයක් දිය යුතුය. (ෂෙකෙලයක් නම් ගේරා විස්සක්ය.)
14
විසි අවුරුදුවූද ඉන් වැඩිවූද වයස් ඇති ගණන්ගනු ලබන එක් එක්කෙනා ස්වාමීන්වහන්සේ ගේ පඬුර දේවා.
15
ඔබ සැමගේ ප්‍රාණය ගැන සමඟිකමක් කරන පිණිස ස්වාමීන්වහන්සේ ගේ පූජාව දෙන කල ධනවන්තයා ෂෙකෙල් බාගයට වැඩියෙන්වත් දිලිඳා ඊට අඩුවෙන්වත් නොදේවා.
16
ඔබද ඉශ්රායෙල් පුත්‍රයන්ගෙන් සමඟිකරන මුදල ගෙන ඔබ සැමගේ ප්‍රාණ ගැන සමඟිකිරීමට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඉශ්රායෙල් පුත්‍රයන් උදෙසා සිහිකරවීමක් පිණිස එය සම්මුඛවීමේ කූඩාරමේ මෙහෙයට නිමකරන්නැයි කීසේක.
17
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:
18
සේදීම පිණිස පිත්තලෙන් භාජනයක්ද පිත්තලෙන් එහි අඩියද සාදන්න. එය සම්මුඛවීමේ කූඩාරමටත් පූජාසනයටත් අතරෙහි තබා එහි වතුර වත්කරන්න.
19
එතැනදී ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ තමන්ගේ අත්ද තමන්ගේ පාදද සෝදත්වා.
20
ඔවුන් සම්මුඛවීමේ කූඩාරමට යන කල හෝ ස්වාමීන්වහන්සේ ට ගින්නෙන් කරනලද පූජාවක් දවන පිණිස සේවයකරන්ට පූජාසනය ළඟට එන කල හෝ නොනසින පිණිස වතුරෙන් සෝදාගත යුතුය.
21
මෙසේ ඔව්හු නොනස්නා පිණිස තමන්ගේ අත්ද තමන්ගේ පාදද සෝදා ගනිත්වා. ඒක ඔවුන්ට එනම් ඔහුටද ඔහුගේ වංශයටද ඔවුන්ගේ පරම්පරාවල නිරන්තර පනතක් වන්නේයයි කීසේක.
22
තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:
23
ශුද්ධ ස්ථානයේ ෂෙකෙල් මිලයේ හැටියට ෂෙකෙල් පන්සියයක වෑස්සෙන ගන්ධ රසද එයින් ගණනින් භාගයක් වන දෙසියපනසක සුවඳැති කුරුඳුද දෙසියපනසක සුවඳ දඬුද,
24
පන්සියයක තලිස් පතුරුද යන ප්‍රධාන සුගන්ධ ද්‍රව්‍ය සහ ඔලීව තෙල් හිනක්ද ගන්න.
25
එයින් ශුද්ධවූ ආලේපය පිණිස තෛල මිශ්‍රකරන විධියට ඒවා මිශ්‍රකර ශුද්ධ තෛලයක් සාදන්න. ඒ ශුද්ධ ආලේප තෛලයක් වන්නේය.
26
එයින් සම්මුඛවීමේ කූඩාරමද සාක්ෂි පෙට්ටියද,
27
මේසය සහ එහි සියලු භාජනද පහන්රුක සහ එහි සියලු භාජනද දුම් පූජාසනයද,
28
දවන පූජාසනය සහ එහි සියලු භාජනද සෝදන භාජනය සහ එහි අඩියද ආලේපකරන්න.
29
ඒවා අති ශුද්ධව තිබෙන පිණිස එසේ විශුද්ධකරන්න. ඒවාට තැවරෙන කොයි දෙයක් නුමුත් කැපව තිබේවා.
30
ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් පූජක තනතුරෙහි මට මෙහෙකරන පිණිස ආලේප කොට විශුද්ධකරන්න.
31
ඔබ ඉශ්රායෙල් පුත්‍රයන්ට කථාකොට: මේවා ඔබ සැමගේ පරම්පරාවල මට ශුද්ධ ආලේප තෛලයක් වන්නේය.
32
මනුෂ්‍ය ශරීරය පිට ඒවා වත්කරනු නොලැබිය යුතුය, ඔබ සැම ඒවායේ ද්‍රව්‍ය ප්‍රමාණයේ හැටියට ඒ හා සමාන කිසිවක් නොසෑදිය යුතුය. එය ශුද්ධය, එය ඔබ සැමට ශුද්ධ වන්නේය.
33
ඊට සමානව ඒවා මිශ්‍රකරන්නා හෝ එයින් විදේශියෙකුට ගාන්නා හෝ තමන්ගේ සෙනඟ කෙරෙන් සිඳදමනු ලබන්නේයයි කියන්නැයි කීසේක.
34
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: සුගන්ධ ද්‍රව්‍ය එනම් නාතාප් සහ ෂෙධෙලෙත්ද ඛෙල්බෙනාද යන සුගන්ධ ද්‍රව්‍ය සහ පවිත්‍ර තුවරලාද එකිනෙක සමබරට ගෙන,
35
තෛල මිශ්‍රකරන විධියට ඒවා මිශ්‍රකර ලුණු දමා පවිත්‍රවූ ශුද්ධවූ සුගන්ධයක් සාදන්න.
36
ඉන් කොටසක් සුණුකොට එයින් මා ඔබට සම්මුඛවෙන තැනවූ සම්මුඛවීමේ කූඩාරමෙහි සාක්ෂිය ඉදිරියෙහි තබන්න. එය ඔබ සැමට ඉතා ශුද්ධ වන්නේය.
37
ඔබ සාදන සුගන්ධය ඒ ද්‍රව්‍ය ප්‍රමාණයේ හැටියට ඔබ සැමට සාදානොගන්න. ඒවා ඔබ සැමට ස්වාමීන්වහන්සේ උදෙසා ශුද්ධ වන්නේය.
38
සුවඳ පිණිස ඊට සමාන සුගන්ධයක් සාදන කවරෙක් නුමුත් තමාගේ සෙනඟ කෙරෙන් සිඳදමනු ලබන්නේයයි කීසේක.
← Chapter 29
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 31 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40