bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Exodus 8
Exodus 8
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 7
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 9 →
1
එවිට ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ඵාරාවෝ වෙතට ගොස්, ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔහුට කියන්න-මට මෙහෙකරන පිණිස මාගේ සෙනඟ යන්ට හරින්න.
2
ඉදින් ඔවුන් යන්ට නොහරින්නෙහි නම් සීමා දක්වා ඔබේ මුළු දේශයට මැඩියන් ලවා පහරදෙන්නෙමි.
3
එවිට මැඩියන්ගෙන් ගඟ පිරෙනවා ඇත, උන් ඔබේ ගෙටත් ඔබේ යහන් ගබඩාවටත් ඔබේ යහන පිටටත් ඔබේ මෙහෙකරුවන්ගේ ගෙටත් ඔබේ සෙනඟ පිටටත් ඔබේ උදුන්වලටත් ඔබේ පිටි අනන ඔරුවලටත් නැගී එන්නෝය.
4
මැඩියෝ ඔබ සහ ඔබේ සෙනඟ පිටටත් ඔබේ සියලු මෙහෙකරුවන් පිටටත් නගින්නෝයයි කියවයි කීසේක.
5
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ඔබේ සැරයටිය ගෙන මිසර දේශය පිට මැඩියන් පමුණුවන පිණිස ගංගා කෙරෙහිද ඇළ දොළවල් කෙරෙහිද පොකුණු කෙරෙහිද ඔබේ අත දිගුකරවන්නැයි ආරොන්ට කියන්නැයි කීසේක.
6
එසේ ආරොන් මිසරයේ ජල කෙරෙහි තමාගේ අත දිගුකෙළේය; එවිට මැඩියෝ නැගී ඇවිත් මිසර දේශය වසාගත්තෝය.
7
මායාකාරයෝද තමන්ගේ ඇස්බැන්දුම්වලින් එලෙසම කොට මැඩියන් මිසර දේශය පිටට පැමිණෙවුවෝය.
8
එවිට ඵාරාවෝ මෝසෙස් සහ ආරොන් කැඳවා: මා වෙතින්ද මාගේ සෙනඟ වෙතින්ද මැඩියන් පහකරන පිණිස ස්වාමීන්වහන්සේ ට කන්නලව්කරන්න; එවිට ස්වාමීන්වහන්සේ ට පූජා ඔප්පුකරන පිණිස සෙනඟ යන්ට හරින්නෙමියි කීය.
9
මෝසෙස් ඵාරාවෝට කියනුයේ: මැඩියන් ඔබ වෙතින්ද ඔබගේ මෙහෙකරුවන් වෙතින්ද ඔබගේ ගෙවලින්ද සිඳදමනු ලැබ ගංගාවෙහි පමණක් ඉතුරුවන පිණිස ඔබ සහ ඔබගේ සේවකයන්ද ඔබගේ සෙනඟද වෙනුවට මා කන්නලව්කරන්නේ කොයි වේලේදැයි නියම කිරීමේ ගෞරවය ඔබටම ගත මැනවියි කීවේය.
10
ඔහුද: හෙටයයි කීය. එවිට ඔහු: අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ හා සමාන කිසිවෙක් නැති බව ඔබ දැනගන්නා පිණිස ඔබගේ වචනය ලෙස වේවා.
11
මැඩියෝ ඔබ වෙතින්ද ඔබගේ ගෙවලින්ද ඔබගේ සේවකයන් සහ සෙනඟ වෙතින්ද පහව ගොස් ගංගාවේ පමණක් ඉතුරුවන්නෝයයි කීයේය.
12
එවිට මෝසෙස් සහ ආරොන් ඵාරාවෝ ඉදිරියෙන් පිටතට ගියෝය. මෝසෙස් වනාහි ස්වාමීන්වහන්සේ ඵාරාවෝ පිටට පැමිණෙවු මැඩියන් ගැන උන්වහන්සේට යාච්ඤාකෙළේය.
13
ස්වාමීන්වහන්සේ මෝසෙස්ගේ වචනය ලෙස කළසේක; ගෙවලද මිදුල්වලද කෙත්වලද උන් මැඩියෝ නැසුණෝය.
14
ඔව්හු උන් එකතුකොට ගොඩවල් ගැසුවෝය. දේශයද දුර්ගන්ධවිය.
15
එහෙත් ඵාරාවෝ අවකාශයක් ලැබුණු බව දැක ස්වාමීන්වහන්සේ කියා තිබුණු ලෙස තමාගේ සිත දැඩිකරගෙන ඔවුන්ට කන් නුදුන්නේය.
16
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ඔබේ සැරයටිය දිඟුකොට පොළොවේ දූවිල්ල මිසර දේශය මුළුල්ලෙහි කිනිතුල්ලන් වෙන පිණිස ඊට ගසවයි ආරොන්ට කියන්නැයි කීසේක.
17
ඔව්හු එසේ කළෝය; ආරොන් තමාගේ සැරයටිය රැගෙන අත දිඟුකොට පොළොවේ දූවිල්ලට ගැසුවේය, එවිට මනුෂ්‍යයන්ද මෘගයන්ද පිට කිනිතුල්ලෝ වූවෝය; පොළොවේ දූවිලි සියල්ල මිසර දේශය මුළුල්ලෙහි කිනිතුල්ලෝ විය.
18
මායාකාරයෝද තමන්ගේ ඇස්බැන්දුම්වලින් කිනිතුල්ලන් උපදවන්ට වෑයම් කළෝය, නුමුත් නොහැකිවූවෝය. මනුෂ්‍යයන් හා මෘගයන් පිට කිනිතුල්ලෝ වූවෝය.
19
එවිට මායාකාරයෝ: මේක දෙවියන්වහන්සේගේ ඇඟිල්ලයයි ඵාරාවෝට කීවෝය. ස්වාමීන්වහන්සේ කියා තිබුණු ලෙස ඵාරාවෝගේ සිත දැඩිවිය, ඔහු ඔවුන්ට කන් නුදුන්නේය.
20
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: අලුයම නැගිට ඵාරාවෝ ඉදිරියෙහි සිටුව; බලව, ඔහු වතුර ළඟට පිටත්ව එන්නේය; ඔහුට කථාකරමින්: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-මට මෙහෙකරන පිණිස මාගේ සෙනඟ යන්ට හරින්න.
21
නැතහොත්, මාගේ සෙනඟ නාරින්නෙහි නම්, මම ඔබ පිටටත් ඔබේ සේවකයන් පිටටත් ඔබේ සෙනඟ පිටටත් ඔබේ ගෙවලටත් මැසි රංචු එවන්නෙමි. මිසරවරුන්ගේ ගෙවල්ද ඔවුන් සිටින භූමියද මැසි රංචුවලින් පිරීයන්නේය.
22
පොළෝ මධ්‍යයෙහි මම ස්වාමීන්වහන්සේ ව සිටින බව ඔබ දැනගන්නා පිණිස ඒ දවසේදී මාගේ සෙනඟ සිටින ගෝෂෙන් දේශයට මැසි රංචු නොපැමිණෙන හැටියට මම ඒක වෙන්කොට,
23
මාගේ සෙනඟ හා ඔබේ සෙනඟ අතරේ වෙනසක් කරන්නෙමි. හෙට දවසේ මේ ලකුණවන්නේය කියා කියවයි කීසේක.
24
ස්වාමීන්වහන්සේ එසේ කළසේක; භයානක මැසි රංචු ඵාරාවෝගේ ගෙටත් ඔහුගේ සේවකයන්ගේ ගෙවලටත් ආවෝය. මුළු මිසර දේශය මැසි රංචු නිසා නාස්තිවිය.
25
ඵාරාවෝ මෝසෙස් සහ ආරොන් කැඳවා: ඔබ සැම ගොස් දේශයෙහිදී ඔබ සැමගේ දෙවියන්වහන්සේට පූජා ඔප්පුකරන්නැයි කීවේය.
26
මෝසෙස්ද: එසේ කරන්ට යුතු නැත; එසේ කළොත් මිසරවරුන්ට පිළිකුලක් වන ලෙස අපි අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට පූජා ඔප්පුකරන්නෙමුව. මිසරවරුන්ගේ ඇස් හමුවෙහි ඔවුන්ට පිළිකුලක් වන ලෙස පූජා ඔප්පුකරන්නෙමුද? එවිට ඔව්හු අපට ගල්නොගසන්නෝද?
27
අපි තුන් දිනක ගමන් වනාන්තරයට ගොස් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට අණකරන ලෙස උන්වහන්සේට පූජා ඔප්පුකරන්නෙමුයයි කීවේය.
28
එවිට ඵාරාවෝ: ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට වනාන්තරයේදී පූජා ඔප්පුකරන පිණිස ඔබ සැම යන්ට හරින්නෙමි; එහෙත් බොහෝ දුර නොයන්න. මා උදෙසා කන්නලව්කරන්නැයි කීවේය.
29
මෝසෙස්ද: බැලුව මැනවි, මම ඔබ කෙරෙන් ගොස් මැසි රංචු ඵාරාවෝ සහ ඔහුගේ සේවකයන් වෙතින්ද ඔහුගේ සෙනඟ වෙතින්ද හෙට දවසේ පහවයන ලෙස ස්වාමීන්වහන්සේ ට කන්නලව්කරන්නෙමි. නුමුත් ස්වාමීන්වහන්සේ ට පූජා ඔප්පුකරන පිණිස සෙනඟ යන්ට නොහරින ලෙස ඵාරාවෝ තවත් වංචා ලෙස ක්‍රියානොකෙරේවයි කීය.
30
මෝසෙස් ඵාරාවෝ කෙරෙන් ගොස් ස්වාමීන්වහන්සේ ට කන්නලව්කෙළේය.
31
ස්වාමීන්වහන්සේ මෝසෙස්ගේ වචන ලෙස කොට මැසි රංචු ඵාරාවෝ සහ ඔහුගේ සේවකයන් වෙතින්ද ඔහුගේ සෙනඟ වෙතින්ද පහකළසේක; එකෙක්වත් ඉතුරු නොවීය.
32
එහෙත් ඵාරාවෝ මේ වතාවෙත් තමාගේ සිත දැඩිකරගෙන සෙනඟ යන්ට නොහැරියේය.
← Chapter 7
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 9 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40