bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Exodus 21
Exodus 21
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 20
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 22 →
1
ඔබ විසින් ඔවුන් ඉදිරියෙහි තැබිය යුතු නියමවල් මේවාය.
2
ඔබ හෙබ්‍රෙව් වැඩකාරයෙකු මිලේට ගන්නෙහි නම් ඔහු අවුරුදු හයක් වැඩකොට සත්වෙනි අවුරුද්දේ නිකමට නිදහස්ව යන්නේය.
3
ඔහු පමණක් ආයේ නම් ඔහු පමණක් නිදහස්ව යන්නේය. විවාහවූ අයෙක්නම් ඔහුගේ භාර්යාව ඔහු සමඟ යන්නීය.
4
ඔහුගේ ස්වාමියා ඔහුට භාර්යාවක් දුන්නේනම්, ඈ ඔහු නිසා පුත්‍රයන් හෝ දූවරුන් හෝ වැදුවානම්, ඒ ස්ත්‍රියද ඇගේ දරුවෝද ස්වාමියා සන්තකය, ඔහු පමණක් නිදහස්ව යන්නේය.
5
එහෙත් ඒ වැඩකාරයා: මාගේ ස්වාමියාටද මාගේ භාර්යාවටද මාගේ දරුවන්ටද ආදරේ ඇත්තෙමි; නිදහස්ව නොයන්නෙමියි ඇත්තටම කියාසිටියොත්,
6
ඔහුගේ ස්වාමියා ඔහු දෙවියන්වහන්සේ ඉදිරියට කැඳවා දොර ළඟට නොහොත් උළුවහු කණුව ළඟට ගෙන ගොස් විදින කටුවකින් ඔහුගේ කන සිදුරු කළ යුතුය; ඔහුද සෑමකල්හිම ඔහුට වැඩකරන්නේය.
7
මනුෂ්‍යයෙක් තමාගේ දුව දාසියෙකුකොට වික්කොත් වැඩකාරයන් නිදහස්ව යන්නාක්මෙන් ඈ නොයන්නීය.
8
ඈට විවාහ බස් දුන් ඇගේ ස්වාමියා ඈ කෙරෙහි ප්‍රසන්න නැත්නම් ඔහු ඈ මුදන්ට ඉඩදේවා, ඔහු ඈට රැවටිල්ලෙන් ක්‍රියා කළ බැවින් අන් සෙනඟකට ඈ විකුණන්ට ඔහුට කිසි බලයක් නැත.
9
ඔහු තමාගේ පුත්‍රයාට ඈ ගැන විවාහ බස් දුන්නොත් දූවරුන්ගේ නියමයේ හැටියට ඈට ක්‍රියාකරන්නේය.
10
ඔහු වෙන තැනැත්තියක් සරණපාවා ගත්තොත් ඔහු ඇගේ කෑමද ඇඳීමද විවාහයේ යුතුකමද අඩුනොකරන්නේය.
11
ඈට මේ කාරණා තුන ඉෂ්ට නොකළොත් මිල නොදී නිකම් අහක්වයන්ට ඈට පුළුවන.
12
මනුෂ්‍යයෙකුට මැරෙන ලෙස පහරදෙන තැනැත්තේ ඒකාන්තයෙන් මරනු ලබන්නේය.
13
නුමුත් මනුෂ්‍යයෙක් රැක නොසිටිද්දී ඔහු අතට අසුවෙන්ට දෙවියන්වහන්සේ ඉඩ ඇරියොත් ඔහු විසින් පලායන පිණිස තැනක් ඔබට නියම කරන්නෙමි.
14
නුමුත් මනුෂ්‍යයෙක් අදහස්කරලාම තම අසල්වාසියා කරා අවුත් ඔහු ප්‍රයෝගයෙන් මැරුවොත් ඔහු මරනු ලබන පිණිස මාගේ පූජාසනය වෙතින් වුවත් ඔහු අහක්කර ගන්න.
15
තමාගේ පියාටවත් මවුටවත් පහරදෙන තැනැත්තා සැබවින් මරනු ලැබිය යුතුය.
16
මනුෂ්‍යයෙකු සොරකම්කොට විකුණන්නාවූ නොහොත් තමා සමඟ තබාගන්නාවූ තැනැත්තා සැබවින් මරනු ලැබිය යුතුය.
17
තමාගේ පියාට හෝ මවුට හෝ ශාප කරන තැනැත්තා සැබවින් මරනු ලැබිය යුතුය.
18
මනුෂ්‍යයන් ඩබරකොට එක්කෙනෙක් අනික් අයට ගලකින් හෝ මිටින් හෝ පහරදුන් විට ඔහු නොනැසී ඔත්පළව සිට
19
දෙවනු නැගිට ඔහුගේ සැරයටි වාරුවෙන් පිටත ඇවිද්දොත් ඔහුට පහරදුන් තැනැත්තේ නිදහස් වන්නේය. නුමුත් ඔහු විසින් ඒ මනුෂ්‍යයා නිකම් සිටි කාලයට පමණක් ගෙවා ඔහු සම්පූර්ණයෙන් සුවකරනු ලබන්ට සැලැස්විය යුතුය.
20
මනුෂ්‍යයෙක් තමාගේ වැඩකාරයාට හෝ වැඩකාරීට හෝ සැරයටියකින් ගසා එයින් ඒ අය මළේ නම්, ගැසූ අය සැබවින් දඬුවම් ලැබිය යුතුය.
21
එසේවී නුමුත් ඔහු දවසක් හෝ දෙදවසක් හෝ නොමැරී සිටියොත් ඔහු දඬුවම් නොලබන්නේය. මක්නිසාද ඒ තැනැත්තා ඔහුගේ වස්තුවය.
22
මනුෂ්‍යයන් ඩබරකරන කොට ගර්භිණියක් ගබ්සාවන ලෙස යමෙක් ඈට ගැසුවොත්, අනතුරක් සිදුනූණත්, ඇගේ පුරුෂයා නියමකරන හැටියට සැබවින් ඔහු දඩගසනු ලැබ විනිශ්චයකාරයන් විසින් නියමකරන ලෙස ගෙවිය යුතුය.
23
නුමුත් යම් අනතුරක් සිදුවුණොත්,
24
ප්‍රාණයට ප්‍රාණයත් ඇසට ඇසත් දතට දතත් අතට අතත් පයට පයත්
25
දැවීමට දැවීමත් තුවාලයට තුවාලයත් පහරට පහරත් දිය යුතුය.
26
මනුෂ්‍යයෙක් තමාගේ වැඩකාරයාගේ ඇසට හෝ වැඩකාරීගේ ඇසට හෝ පහරදී එය නැතිකළොත් ඔහුගේ ඇස නිසා ඔහු නිදහස්කර හැරිය යුතුය.
27
ඔහු තමාගේ වැඩකාරයාගේ දත හෝ වැඩකාරීගේ දත හෝ ඉගිලෙන්ට ගැසුවොත් ඒ අයගේ දත නිසා ඔහු නිදහස් කර හැරීය යුතුය.
28
ගවයෙක් පුරුෂයෙකුට හෝ ස්ත්‍රියකට හෝ මැරෙන ලෙස ඇන්නොත් ගවයා සැබවින් ගල්ගසා මැරිය යුතුය, උගේ මස නොකෑ යුතුය; එහෙත් ගව හිමියා නිදොස්ය.
29
නුමුත් ගවයා ඉස්සර සිට අනින බව ඌ අයිතිකාරයාට දන්වනු ලැබ තිබියදීත් ඌ ප්රවේසම්කර නොතැබීම නිසා ඌ පුරුෂයෙකු හෝ ස්ත්‍රියෙකු හෝ මැරුවොත් ගවයා ගල්ගසා මැරිය යුතුය, උගේ අයිතිකාරයාද මරනු ලැබිය යුතුය.
30
ඔහුට දඩයක් නියමකරන ලද්දේ වීනම් ඔහුට නියම කරන සියල්ලේ හැටියට ඔහු තමාගේ ප්‍රාණය මුදා ගැනීම පිණිස දිය යුතුය.
31
ඌ පුත්‍රයෙකුට ඇන්නත් දුවකට ඇන්නත් මේ විනිශ්චය ලෙස ඔහුට කළ යුතුය.
32
ගවයා වැඩකාරයෙකුට හෝ වැඩකාරියකට හෝ ඇන්නොත් ඔවුන්ගේ ස්වාමියාට ඔහු රිදී ෂෙකෙල් තිහක් දිය යුතුය, ගවයාද ගල් ගසා මැරිය යුතුය.
33
මනුෂ්‍යයෙක් වළක වැස්ම හැර තැබූ කල නොහොත් වළක් හාරා ඒක නොවසා තැබූ කල ගවයෙක් හෝ කොටළුවෙක් හෝ එහි වැටුණොත්,
34
වළ අයිතිකාරයා උගේ අලාභය ගෙවා උන්ගේ අයිතිකාරයාට මිල දිය යුතුය, මළ සතා ඔහුට වන්නේය.
35
යම් මනුෂ්‍යයෙකුගේ ගොනෙක් වෙන කෙනෙකුගේ ගොනෙකුට මැරෙන තරම් තුවාල කළොත් ඔව්හු ජීවත්ව සිටින ගවයා විකුණා ඒ මිල බෙදා ගනිත්වා, මළ ගොනාද බෙදාගනිත්වා.
36
නොහොත් ඒ ගවයා ඉස්සර සිට අනින බව උගේ අයිතිකාරයා දැනගන ඌ ප්රවේසම්කර නොතැබුවේ නම් ඔහු විසින් ගවයා වෙනුවට ගවයෙක් දියයුතුය, මළ සතාද ඔහුට වන්නේය.
← Chapter 20
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 22 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40