bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Exodus 37
Exodus 37
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 36
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 38 →
1
බෙශලෙල් ෂිටිම් ලීවලින් පෙට්ටිය සෑදුවේය. ඒකේ දිග දෙරියන් හමාරක්ද ඒකේ පළල එක්රියන් හමාරක්ද ඒකේ උස එක්රියන් හමාරක්ද විය.
2
ඔහු ඒකේ ඇතුළත් පිටත් පවිත්‍ර රනින් වසා වටකරින් ඊට රන් ලීස්තරයක්ද සෑදුවේය.
3
ඔහු ඊට රන් වළලු සතරක් වාත්තුකර ඒකේ එක පැත්තක වළලු දෙකක්ද අනික් පැත්තේ වළලු දෙකක්ද බැගින් ඒකේ අඩි සතරෙහි තැබුවේය.
4
ෂිටිම් ලීවලින් පොලු සාදා ඒවා රනින් වසා,
5
පෙට්ටිය ඔසවන පිණිස පෙට්ටියේ පැතිවල වළලුවලට ඒ පොලු දැම්මේය.
6
ඔහු පවිත්‍ර රනින් කරුණාසනයක්ද සෑදුවේය. ඒකේ දිග දෙරියන් හමාරක්ද ඒකේ පළල එක්රියන් හමාරක්ද විය.
7
තලාපු රනින් කෙරුබ්වරුන් දෙදෙනෙකු සාදා
8
එක් කෙරුබයෙක් එක් කෙළවරකද අනික් කෙරුබයා අනික් කෙළවරේද කරුණාසනය දෙකෙළවර පිහිටෙවුවේය. කරුණාසනය හා සම්බන්ධකොට ඒකේ දෙකෙළවර ඔහු කෙරුබ්වරුන් සෑදුවේය.
9
කෙරුබ්වරු ඉහළට පියාපත් විදහා ඔවුන්ගේ පියාපත්වලින් කරුණාසනය වසාගනිමින් ඔවුනොවුන්ට මුහුණට මුහුණලා සිටියෝය; කෙරුබ්වරුන්ගේ මුහුණු කරුණාසනය දෙසට විය.
10
ඔහු ෂිටිම් ලීවලින් මේසය සෑදුවේය. ඒකේ දිග දෙරියනක්ද ඒකේ පළල එක්රියනක්ද ඒකේ උස එක්රියන් හමාරක්ද වූයේය.
11
ඔහු ඒක පවිත්‍ර රනින් වසා වටකරින් රන් ලීස්තරයක් සෑදුවේය.
12
ඔහු එහි වටකරින් අල්ලක පළල ඇති පටියක්ද ඒ පටිය වටේ රන් ලීස්තරයක්ද සෑදුවේය.
13
ඊට රන් වළලු සතරක් වාත්තුකර ඒකේ කකුල් සතරේ කොන් සතරෙහි ඒ වළලු දැමීය.
14
මේසය ගෙන යන පිණිස පොලු දැමීමට වළලු, පටිය ළඟම තිබුණේය.
15
මේසය ගෙනයන පිණිස ෂිටිම් ලීවලින් පොලු සාදා ඒවා රනින් වැසුවේය.
16
ඔහු මේසය පිට තබන භාජන වන ඒකේ තැටිද ඒකේ හැඳිද ඒකේ පාත්‍රාද පාන පූජා වත්කරන පිණිස ඒකේ කෙණ්ඩිද පවිත්‍ර රනින් සෑදුවේය.
17
ඔහු පවිත්‍ර රනින් පහන් රුකත් සෑදුවේය. තලාපු කර්මාන්තයෙන් පහන් රුක සෑදුවේය, ඒකේ අඩිය හා කඳද ඒකේ පෙති කුසලානද මොට්ටුද මල්ද ඊටම සම්බන්ධකොට සාදා තිබුණේය.
18
ඒකේ පැතිවලින් නික්මෙන අතු සයක් විය; පහන් රුකේ එක් පැත්තක අතු තුනක්ය, පහන් රුකේ අනික් පැත්තේ අතු තුනක්ය.
19
කොට්ටම්බා මල් මෙන් සාදනලද පෙති කුසලාන් තුනක්ද ගෙඩියක්ද මලක්ද එක් අත්තක විය; කොට්ටම්බා මල් මෙන් සාදනලද පෙති කුසලාන් තුනක්ද ගෙඩියක්ද මලක්ද අනික් පැත්තේ විය. පහන් රුකේ අතු හයේම එසේ තිබුණේය.
20
පහන් රුකේ මොට්ටු සහ මල් සහිතව කොට්ටම්බා මල් මෙන් සාදනලද පෙති කුසලාන් සතරක් වූයේය.
21
පහන් රුකින් නික්මෙන අතු හයට එහි අතු දෙකක් යට ඊට සම්බන්ධව මොට්ටුවක්ද එහි අනික් අතු දෙක යට ඊට සම්බන්ධව මොට්ටුවක්ද අනික් අතු දෙක යට ඊට සම්බන්ධව මොට්ටුවක්ද විය.
22
ඒවායේ මොට්ටුද අතුද ඊටම සම්බන්ධවූයේය. මුළු වැඩය තළනලද පවිත්‍ර රනින් කළ එකම කර්මාන්තයක් වූයේය.
23
ඔහු ඒකේ පහන් සතද ඒකේ කතුරුද ඒකේ කතුරු තැටිද පවිත්‍ර රනින් සෑදුවේය.
24
එයද ඊට ඇතුළත් සියලු භාජනද ඔහු පවිත්‍ර රන් තලෙන්තයකින් සෑදුවේය.
25
ඔහු ෂිටිම් ලීවලින් දුම් පූජාසනය සෑදුවේය. ඒකේ දිග රියනක්ය; ඒකේ පළල රියනක්ය, එය සතරැස් විය; ඒකේ උස දෙරියනක් විය. ඒකේ අං ඊටම සම්බන්ධවිය;
26
ඔහු ඒකේ මුදුනද හාත්පසින් ඒකේ පැතිද ඒකේ අංද පවිත්‍ර රනින් වසා ඒකේ වටේට රන් ලීස්තරයක් සෑදුවේය.
27
ඒක ගෙන යන පිණිස පොලු තැබීමට ඒකේ දෙපැත්තේ ලීස්තරයට යටින් ඒකේ අංශ දෙකේ රන් වළලු දෙකක් සෑදුවේය.
28
පොලුද ෂිටිම් ලීවලින් සාදා ඒවා රනින් වැසුවේය.
29
ඔහු ශුද්ධ ආලේප තෛලයද පිරිසිදු සුවඳ ධූප ද්‍රව්‍යද තෛල මිශ්‍රකරන්නන්ගේ විධියට සෑදුවේය.
← Chapter 36
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 38 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40