bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Exodus 39
Exodus 39
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 38
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 40 →
1
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔව්හු ශුද්ධස්ථානයෙහි මෙහෙකරන පිණිස නිල්, රත්නිල්, රතු සිහින් වස්ත්‍ර සාදා ආරොන්ට ශුද්ධ වස්ත්‍රද සෑදුවෝය.
2
ඔහු රනින්ද නිල්, රත්නිල්, රතු කටිනලද සිහින් හණ නූලින්ද ඒඵොද් සැට්ටය සෑදුවේය.
3
ඔව්හු දක්ෂ කම්කරුවාගේ කර්මාන්තයෙන් නිල්, රත්නිල්, රතු සිහින් හණ නූලින් කළ කර්මාන්තයක් වන පිණිස තුනී රන් තහඩු තළා කෙඳි කොට කැපුවෝය.
4
ඔව්හු උරපටි ඊට සන්ධිකොට සෑදුවෝය. එය දෙකෙළවරින් එක්කරනලද්දේය.
5
ඒ පිට තිබුණාවූ ඒක බඳින විසිතුරු පටිය ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඒකේ වැඩ වාගේ රනින්ද නිල්, රත්නිල්, රතු කටිනලද සිහින් හණ නූලින්ද යුක්තව ඊට සම්බන්ධකොට සෑදුවේය.
6
ඔව්හු මුද්‍රයක කැටයම් වාගේ නඛමාණික්‍ය ඉශ්රායෙල් පුත්‍රයන්ගේ නාමප්රකාරයට කැටයම් කොට ඒවා රන් කෙවෙනිවල බැන්දෝය.
7
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔහු ඉශ්රායෙල් පුත්‍රයන් උදෙසා සිහිවීමේ ගල් පිණිස ඒවා ඒඵොද් සැට්ටයේ උරපටි පිට සවිකෙළේය.
8
ඔහු ඒඵොද්හි කර්මාන්තය මෙන් රනින්ද නිල්, රත්නිල්, රතු කටිනලද සිහින් හණ නූලින්ද කළ දක්ෂ කම්කරුවාගේ කර්මාන්තයෙන් යුක්තවූ ළය වැස්ම සෑදුවේය.
9
ඒක සතරැස් විය; ඔව්හු ළය වැස්ම ද්විගුණකොට සෑදුවෝය. ඒකේ දිග වියතක්ය, ඒකේ පළල වියතක්ය, ඒක දෙපට වූයේය.
10
එහි මැණික් පේළි සතරක් බැන්දෝය. පළමුවෙනි පේළියට ලෝහිතංකයක්ද පුෂ්පරාගයක්ද මරකතයක්ද විය.
11
දෙවෙනි පේළියට රතු කැටයක්ද නීල කාන්තයක්ද වජ්‍රයක්ද විය.
12
තුන්වෙනි පේළියට පද්මරාගයක්ද වර්ණකාන්තියක්ද අඹතෙස්ගලක්ද විය.
13
සතරවෙනි පේළියට රන් කාන්තියක්ද නඛමාණික්‍යයක්ද සූර්යකාන්තියක්ද විය. ඒවා රන් කෙවෙනිවල බඳිනලද්දේය.
14
ඒ මැණික් ගල් පිට ඉශ්රායෙල් පුත්‍රයන්ගේ නාම ගණනේ හැටියට නාම දොළසක් වූහ; ගෝත්‍ර දොළසේ ගණනට එකිනෙකාගේ නාමය මුද්‍රාවක කැටයම් ලෙස විය.
15
ඔව්හු ළය වැස්ම පිට පවිත්‍ර රනින් ලනු මෙන් ගොතනලද මාල සෑදුවෝය.
16
ඔව්හු රන් කෙවෙනි දෙකක් සහ රන් වළලු දෙකක්ද සාදා ඒ රන් වළලු දෙක ළය වැස්මේ දෙකෙළවර පිට සවිකළෝය.
17
ඔව්හු රනින් ගොතනලද මාල දෙක ළය වැස්මේ දෙකෙළවර තිබෙන වළලු දෙකෙහි තබා,
18
ගොතනලද මාල දෙකේ අනික් දෙකෙළවර කෙවෙනි දෙකෙහි බැඳ ඒවා ඒඵොද්හි උරපටි පිට ඉස්සරහින් සවිකළෝය.
19
ඔව්හු වළලු දෙකක් රනින් සාදා ඒඵොද් සැට්ටයේ ඇතුල් පැත්තේ තිබෙන ළය වැස්මේ දෙකෙළවර වාටියෙහි සවිකළෝය.
20
ඔව්හු තවත් වළලු දෙකක් රනින් සාදා උරපටි දෙකේ යට පැත්තේ ඒකේ මූට්ටුව ළඟ ඉදිරියෙහිද ඒඵොද්හි විසිතුරු කොට වියනලද ඒකේ පටිය පිටද ඒවා සවිකළෝය.
21
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔව්හු ළය වැස්ම ඒඵොද් සැට්ටයේ විසිතුරු කොට වියනලද පටිය පිට තිබෙන පිණිසද ළය වැස්ම ඒඵොද් සැට්ටයෙන් ගැළවී නොයන පිණිසද ඒකේ වළලු ඒඵොද් සැට්ටයේ වළලුවලට නිල් පටියකින් බැන්දෝය.
22
ඔහු වියනලද ඒඵොද් සැට්ටයේ සළුව මුළුල්ල නිල් නූලින් වියා සෑදුවේය.
23
ඒ සළුවේ මැද සන්නාහයක සිදුරක් මෙන් සිදුරක් විය. එය නොඉරෙන පිණිස ඒක වටේට වියනලද වාටියක් විය.
24
ඔව්හු සළුවේ පහළ වාටිය දිගේ නිල්, රත්නිල්, රතු සිහින් හණ නූලින් දෙළුම් ගෙඩිද සෑදුවෝය.
25
ඔව්හු පවිත්‍ර රනින් මිණි ගෙඩිද සාදා ඒවා දෙළුම් ගෙඩි අතරෙහි සළුවේ පහළ වාටිය දිගේ වටේ දෙළුම් ගෙඩි අතරේ තැබුවෝය;
26
සේවය කිරීම පිණිස සළුවේ පහළ වාටිය දිගේ මිණි ගෙඩියක්ද දෙළුම් ගෙඩියක්ද මිණි ගෙඩියක්ද දෙළුම් ගෙඩියක්ද වශයෙන් ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස සෑදුවෝය.
27
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔව්හු ආරොන් හා ඔහුගේ පුත්‍රයන්ට කටිනලද සිහින් හණ නූලින් උතුරු සළුද,
28
සිහින් හණ නූලින් මකුටයද සිහින් හණ නූලින් අලංකාර හිස්වැසුම්ද කටිනලද සිහින් හණ නූලින් හණ කලිසම්ද,
29
නිල්, රත්නිල්, රතු කටිනලද සිහින් හණ නූලින් ඉඟපටියද විසිතුරුකර වියා සෑදුවෝය.
30
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔව්හු පවිත්‍ර රනින් ශුද්ධ කිරීටයේ තහඩුව සාදා ඊ පිට ස්වාමීන්වහන්සේ ට ශුද්ධය යන ලියවිල්ල මුද්‍රාවක කැටයම් මෙන් ලියුවෝය.
31
ඒක මකුටය මුදුනෙහි සවිකිරීමට ඊට නිල් පටියකුත් බැන්දෝය.
32
සම්මුඛවීමේ කූඩාරමේ මණ්ඩපයේ සියලු කර්මාන්ත මෙසේ නිමවනලද්දේය. ඉශ්රායෙල් පුත්‍රයෝද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ සියල්ල ලෙස කළෝය.
33
ඔව්හු මණ්ඩපය එනම් කූඩාරම සහ ඒකේ සියලු බඩුද ඒකේ කොකුද ඒකේ ලෑලිද ඒකේ පොලුද ඒකේ කුළුනු සහ අඩිද;
34
රතු සායම් පෙවූ බැටළු සම් වැස්ම සහ තහෂ් සම් වැස්මද කඩතුරාවේ තිරයද;
35
සාක්ෂිපෙට්ටිය සහ ඒකේ පොලුද කරුණාසනයද;
36
මේසය සහ ඒකේ සියලු භාජනද පිදීමේ රොටිද;
37
පවිත්‍ර පහන් රුකද ඒකේ පහන් එනම් පිළිවෙළට තබන්ට පහන්ද ඒකේ සියලු භාජනද එළිය දීමට තෙල්ද;
38
රන්මය පූජාසනයද ආලේප තෛලයද සුගන්ධ ධූප ද්‍රව්‍යයන්ද කූඩාරමේ දොරකඩට කඩතුරාවද;
39
පිත්තල පූජාසනයද ඒකේ පිත්තල මැස්සද ඒකේ පොලු සහ ඒකේ සියලු භාජනද සෝදන භාජනය සහ ඒකේ අඩියද,
40
මළුවේ තිර සහ ඒකේ කුළුනුද ඒකේ අඩිද මළුවේ දොරටුවට කඩතුරාව සහ ඒකේ ලනුද ඒකේ ඇණද සම්මුඛවීමේ කූඩාරමට මණ්ඩපයේ මෙහෙයේ සියලු භාණ්ඩද,
41
ශුද්ධස්ථානයෙහි මෙහෙකිරීමට සියුම්කොට සාදනලද ඇඳුම්ද පූජකවූ ආරොන්ට ශුද්ධ වස්ත්‍රද පූජක තනතුරෙහි මෙහෙකිරීමට ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍රද මෝසෙස් ළඟට ගෙනාවෝය.
42
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ සියල්ල ලෙස ඉශ්රායෙල් පුත්‍රයෝ ඒ සියලු කර්මාන්ත කළෝය.
43
මෝසෙස් ඒ සියලු කර්මාන්ත බලා ස්වාමීන්වහන්සේ අණකළ ලෙසම ඔවුන් ඒවා සාදා තිබෙන බව දැක ඔවුන්ට ආශීර්වාද කෙළේය.
← Chapter 38
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 40 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40