bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Exodus 33
Exodus 33
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 32
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 34 →
1
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ඔබ සහ ඔබ විසින් මිසර දේශයෙන් ගෙනා සෙනඟද මෙතැනින් පිටත්ව: ඔබේ වංශයට දෙන්නෙමියි මම ආබ්‍රහම්ටත් ඊසාක්ටත් යාකොබ්ටත් දිවුළ දේශයට යන්න.
2
මම ඔබට පෙරටුව දූතයෙකු යවා කානානිවරුන්ද අමෝරිවරුන්ද හිත්තීවරුන්ද පෙරිස්සිවරුන්ද හිවීවරුන්ද යෙබූසිවරුන්ද පන්නාදමන්නෙමි.
3
ඒක කිරිද මීපැණිද ගලා යන දේශයක්ය. ඔබ තද කුළල් ඇති සෙනඟක් බැවින් මාර්ගයේදී මා විසින් ඔබ සැම විනාශනොකරන පිණිස ඔබ සැම අතරේ නොයන්නෙමියි කීසේක.
4
සෙනඟ ඒ නපුරු ප්රවෘත්ති අසා වැලපුණෝය. කිසි මනුෂ්‍යයෙක්වත් තමාගේ ආභරණ පැළඳ නොගත්තේය.
5
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: ඉශ්රායෙල් පුත්‍රයන්ට කථාකොට-ඔබ සැම තද කුළල් ඇති සෙනඟක්ය. මම එක මොහොතකට ඔබ සැම අතරට පැමිණියෙම් නම් ඔබ සැම නැති කරදමන්නෙමි. එබැවින් ඔබ සැමට කළයුතු දේ කිමෙක්දැයි දැනගන්නා පිණිස දැන් ඔබ සැමගේ ආභරණ ඔබ සැම වෙතින් පහකරන්නැයි කියන්නැයි කීසේක.
6
ඉශ්රායෙල් පුත්‍රයෝද හොරේබ් කන්දේ පටන් ඉන් ඉදිරියට තමුන්ගේ ආභරණ ගළවාගන ගියෝය.
7
මෝසෙස් කූඩාරම ගෙන කඳවුරෙන් පිටත කඳවුරට ඈතින් පිහිටුවන්ට පුරුදුව සිටියේය; ඔහු ඊට සම්මුඛවීමේ කූඩාරමයයි නම් තැබුවේය. තවද ස්වාමීන්වහන්සේ සොයන හැමදෙනාම කඳවුරෙන් පිට තිබුණු සම්මුඛවීමේ කූඩාරම ළඟට ගියෝය.
8
මෝසෙස් කූඩාරම ළඟට පිටතට ගිය කල මුළු සෙනඟ නැගිට එක එක මනුෂ්‍යයා තම තමාගේ කූඩාරමේ දොරකඩ සිට මෝසෙස් කූඩාරමට ඇතුල්වන තෙක් ඔහු දෙස බලා සිටියෝය.
9
මෝසෙස් කූඩාරමට ඇතුල්වූ කල්හි වලාටැඹ බැස කූඩාරමේ දොරකඩ ළඟ සිටියේය. ස්වාමීන්වහන්සේ ද මෝසෙස් සමඟ කථාකළසේක.
10
වලාටැඹ කූඩාරමේ දොරකඩ ළඟ සිටිනවා දුටු විට මුළු සෙනඟ නැගිට එක එක අය තම තමන්ගේ කූඩාරම් දොරකඩ සිට නමස්කාර කළෝය.
11
මනුෂ්‍යයෙකු තමාගේ මිත්‍රයාට මුහුණට මුහුණ ලා කථාකරන්නාක්මෙන් ස්වාමීන්වහන්සේ මෝසෙස් සමඟ කථාකළසේක. ඔහු නැවත කඳවුරට හැරී ආයේය. නුමුත් නූන්ගේ පුත්‍රවූ තරුණයෙක් වන ඔහුගේ සේවකයාවූ යෝෂුවා කූඩාරමෙන් අහක්ව නොගියේය.
12
මෝසෙස් ස්වාමීන්වහන්සේ ට කථාකොට: බැලුව මැනව, ඔබවහන්සේ-මේ සෙනඟ ගෙන යන්නැයි මට කී නුමුත් මා සමඟ යවන්නේ කවරෙක්දැයි මට නොදැන්වූසේක. එසේවීනුමුත්: නාමයෙන් ඔබ අඳුනමියි කියාත් මා ඉදිරියෙහි ඔබට කරුණාව ලැබුණේය කියාත් ඔබ මට කීසේක.
13
එබැවින් මට ඔබ ඉදිරියෙහි කරුණාව ලැබී තිබේ නම් ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබෙන හැටියට මා විසින් ඔබ හැඳිනගන්නා පිණිස ඔබගේ මාර්ගයන් දැන් මට පෙන්නුව මැනව. මේ ජාතිය ඔබගේ සෙනඟ බවත් සැලකුව මැනවයි කීවේය.
14
උන්වහන්සේද: මම්ම ඔබ සමඟ ගොස් ඔබට නිවාඩු දෙන්නෙමියි කීසේක.
15
ඔහු: ඔබවහන්සේම නොයනසේක් නම් මෙතැනින් අප ගෙන නොගිය මැනව.
16
මක්නිසාද මටත් ඔබගේ සෙනඟටත් ඔබ ඉදිරියෙහි කරුණාව ලැබී තිබෙන බව දැනගන්නේ කුමකින්ද? අප එනම් මාද ඔබගේ සෙනඟද භූමිය මතුපිට සිටින මුළු සෙනඟ කෙරෙන් වෙන්කරනුලබන ලෙස අප සමඟ ඔබගේ යාමෙන් නොවේදැයි උන්වහන්සේට කීසේක.
17
ස්වාමීන්වහන්සේ ද: ඔබ කී මේ දේත් කරන්නෙමි. මක්නිසාද ඔබට මා ඉදිරියෙහි කරුණාව ලැබී තිබේ, නාමයෙන්ද ඔබ අඳුනමියි මෝසෙස්ට කීසේක.
18
ඔහුද: අනේ ඔබගේ තේජස මට පෙන්නුව මැනවයි කීවේය.
19
උන්වහන්සේද: මම මාගේ සියලු ගුණවත්කම ඔබ ඉදිරිපිටින් යන්ට සලස්වා ස්වාමීන්වහන්සේ ගේ නාමය ඔබ ඉදිරිපිට ප්‍රකාශකරන්නෙමි; මම කරුණාකරන්ට කැමති තැනැත්තාට කරුණාකරන්නෙමි, මම දයාව පෙන්වන්ට කැමති තැනැත්තාට දයාව පෙන්වන්නෙමියි කීසේක.
20
තවද උන්වහන්සේ: මාගේ මුහුණ දකින්ට ඔබට නුපුළුවන. මක්නිසාද මනුෂ්‍යයා මා දැක ජීවත්නොවන්නේයයි කීසේක.
21
ස්වාමීන්වහන්සේ ද: බලව, මා ළඟ ස්ථානයක් තිබේ, ඔබ පර්වතය පිට සිටින්න.
22
එවිට මාගේ තේජස ඔබ පසුකර යනකල මම ඔබ පර්වතයේ විවරයෙක්හි තබා මා ඔබ පසුකර යනතුරු මාගේ අතින් ඔබ වසන්නෙමි.
23
මමද මාගේ අත අහකට ගන්නෙමි, එවිට ඔබ මාගේ පිටුපස දකින්නෙහිය. එහෙත් මාගේ මුහුණ දකිනු නොලබන්නේයයි කීසේක.
← Chapter 32
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 34 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40