bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Exodus 23
Exodus 23
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 22
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 24 →
1
බොරු ප්‍රවෘත්තියක් පතළ නොකරන්න. අධර්මිෂ්ඨ සාක්ෂිකාරයෙකු වීමට දුෂ්ටයෙකුට ඔබේ අත නොදෙන්න.
2
නපුරක් කිරීමට සමූහයක් අනුව නොයන්න; විනිශ්චය පෙරළන පිණිස කාරණයකදී සමූහයකට පක්ෂව සාක්ෂි නොදෙන්න.
3
දිළිඳෙකුටත් ඔහුගේ නඩුවේදී පක්ෂනොවන්න.
4
ඔබේ සතුරාගේ ගොනා හෝ ඔහුගේ කොටළුවා හෝ මුළාව යනවා සම්බවුණොත් ඔබ ඒකා ඔහු කරා නැවත ගෙනයා යුතුමය.
5
ඔබට වෛර කරන්නාගේ කොටළුවා බර සමඟ වැටී ඉන්නවා දුටුවොත් ඔහුට උපකාර කිරීමෙන් වැලකෙන්ට සිතුණත් ඌ මුදන්ට ඔබ ඔහුට උදව්විය යුතුමය.
6
ඔබේ දිළිඳු අයෙකුගේ නඩුවේදී ඔහුගේ විනිශ්චය නොපෙරළන්න.
7
බොරුකාරණයකින් දුරුව සිටින්න; නිදොස්වූ ධර්මිෂ්ඨවූ තැනැත්තා නොමරන්න. මක්නිසාද මම දුෂ්ටයා ධර්මිෂ්ඨ නොකරන්නෙමි.
8
අල්ලස් නොගන්න. මක්නිසාද අල්ලස ඇස් පෙනීම ඇත්තන් අන්ධකරයි, ධර්මිෂ්ඨයාගේ වචන පෙරළයි.
9
විදේශියෙකුට පීඩානොකරන්න. මක්නිසාද ඔබ සැම මිසර දේශයෙහි විදේශීව සිටි බැවින් විදේශියාගේ සිත දන්නහුය.
10
ඔබේ බිම් සාවුරුද්දක් වපුරා එහි අස්වැන්න රැස්කරගන්න.
11
එහෙත් සත්වෙනි අවුරුද්දේ ඔබේ සෙනඟගේ දිළිඳුන් එයින් කන පිණිස ඒක නොවපුරා නිකම් තිබෙන්ට හරින්න. ඔවුන් ඉතිරිකරන දෙය කෙතේ මෘගයෝ කත්වා. ඔබේ මිදිවත්ත සහ ඔලීවවත්ත ගැනත් එසේම කරන්න.
12
සදවසක් ඔබේ වැඩ කරගන්න, එහෙත් ඔබේ ගවයාට සහ ඔබේ කොටළුවාට නිවාඩු ලැබෙන පිණිසද ඔබේ වැඩකාරීගේ පුත්‍රයා සහ විදේශියාත් පහසු ලබන පිණිසද සත්වෙනි දවසේ නිවාඩුගන්න.
13
මා විසින් ඔබ සැමට කී සියලු කාරණා ගැන සිතටගන්න. අන් දෙවිවරුන්ගේ නාම සඳහන් නොකරන්න, ඒක ඔබ සැමගේ මුඛයෙන් පිටවෙනවා අසන්ට නොලැබේවා.
14
අවුරුද්දට තුන් වරක් මට මංගල්‍යයක් පවත්වන්න.
15
මුහුන් නුමුසු රොටි මංගල්‍යය පවත්වන්න. ඔබ සැම ආබීබ් මාසයේදී මිසරයෙන් පිටතට ආ බැවින් මා විසින් අණකළ ලෙස ඒ මාසයේ නියම කාලයේදී සත් දවසක් මුහුන් නුමුසු රොටි කන්න; කිසිවෙක් හිස් අතින් මා ඉදිරියට නොපැමිණේවා.
16
ඔබ කෙතෙහි වපුරන බීජවල ප්‍රථම ඵල ඔප්පුකිරීමට කපන කාලයේ මංගල්‍යයද අවුරුද්ද අන්තිමේදී කෙතෙන් ඔබේ අස්වැන්න රැස්කළ කල්හි රැස්කිරීමේ මංගල්‍යයද පවත්වන්න.
17
ඔබේ සියලු පිරිමි අවුරුද්දකට තුන්වරක් ස්වාමිවූ දෙවියන්වහන්සේ ඉදිරිපිට පෙනී සිටිය යුතුය.
18
මාගේ පූජාවේ ලේ මුහුන් දැමූ රොටි සමඟ පූජා නොකරන්න; මාගේ මංගල්‍යයේ තෙලද පසුවදා උදය වන තුරු රෑ මුළුල්ලේ නොතිබිය යුතුය.
19
ඔබේ භූමියේ ප්‍රථම ඵලවලින් පළමු ඒවා ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ ගෙට ගෙනෙන්න. එළුපැටවෙකු උගේ මවුගේ කිරෙන් නොපිහින්න.
20
බලව, මාර්ගයෙහි ඔබ ආරක්ෂාකරන පිණිසද මා විසින් පිළියෙළකළ ස්ථානයට ඔබ පමුණුවන පිණිසද ඔබට පෙරටුව දූතයෙකු යවමි.
21
උන්වහන්සේ ඉදිරියෙහි ප්‍රවේසම්වෙමින් උන්වහන්සේගේ හඬට කන්දෙන්න; උන්වහන්සේ කෝප නොකරන්න; මක්නිසාද උන්වහන්සේ ඔබ සැමගේ අපරාධවලට කමා නොවනසේක; මක්නිසාද මාගේ නාමය උන්වහන්සේ තුළ ඇත්තේය.
22
එහෙත් ඔබ සැබවින් උන්වහන්සේගේ හඬට ඇහුම්කන්දී මා කියන සියල්ල කළොත් මම ඔබේ සතුරන්ට සතුරෙක්ද ඔබේ විරුද්ධකාරයන්ට විරුද්ධකාරයෙක්ද වන්නෙමි.
23
මක්නිසාද මාගේ දූතයා ඔබට පෙරටුව ගොස් අමෝරිවරුන්ද හිත්තීවරුන්ද පෙරිස්සිවරුන්ද කානානිවරුන්ද හිවීවරුන්ද යෙබූසිවරුන්ද වෙතට ඔබ පමුණුවනසේක. මමද ඔවුන් සිඳදමන්නෙමි.
24
ඔබ ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර නොකරන්න, ඔවුන්ට මෙහෙනොකරන්න, ඔවුන්ගේ ක්‍රියාවල හැටියට නොකරන්න. එසේ නොව ඔවුන් මුළුමනින්ම පෙරළාදමා ඔවුන්ගේ රූපස්තම්භ කැබලිකොට බිඳදමන්න.
25
ඔබ සැම ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට මෙහෙකරන්න, උන්වහන්සේ ඔබේ භෝජනයටත් ඔබේ වතුරටත් ආශීර්වාද කරනසේක; මම ඔබ මධ්‍යයෙන් රෝග ඉවත්කරන්නෙමි.
26
ඔබේ දේශයෙහි කිසි ගබ්සාවීමක්වත් වඳව සිටීමක්වත් නොවන්නේය. මම ඔබේ දවස් ගණනද සම්පූර්ණකරන්නෙමි.
27
මාගේ භයංකරකම ඔබට පෙරටුව යවා ඔබ පැමිණෙන තැන්වල මුළු සෙනඟ වියවුල්කොට ඔබේ සියලු සතුරන් ඔබට පිටුපාන්ට සලස්වන්නෙමි.
28
ඔබ ඉදිරියෙන් හිවීවරුන්ද කානානිවරුන්ද හිත්තීවරුන්ද පන්නන පිණිස ඔබට පෙරටුව දෙබරුන් යවන්නෙමි.
29
මම එක අවුරුද්දකින් ඔවුන් ඔබ ඉදිරියෙන් පන්නා නොදමන්නෙමි; එසේකළොත් දේශය පාළුවී වන මෘගයන් ඔබට විරුද්ධව බෝවෙනවා ඇත.
30
ඔබ සැම වැඩිවී දේශය උරුමකරගන්න තෙක් ඔවුන් ටිකෙන් ටික ඔබ ඉදිරියෙන් පන්නාදමන්නෙමි.
31
මම ඔබේ සීමාව රතු මුහුද පටන් පිලිස්තිවරුන්ගේ මුහුද දක්වාද වනාන්තරය පටන් ගංගාව දක්වාද තබන්නෙමි. මක්නිසාද ඔබ විසින් දේශයේ වැසියන් ඔබ ඉදිරියෙන් පන්නාදමන පිණිස ඔවුන් ඔබේ අතට පාවාදෙන්නෙමි.
32
ඔවුන් සමඟවත් ඔවුන්ගේ දෙවිවරුන් සමඟවත් ගිවිසුමක් නොකරන්න.
33
මට විරුද්ධව පව්කරන්ට ඔවුන් ඔබ නොසලස්වන පිණිස ඔවුන් ඔබේ දේශයෙහි වාසයකරන්ට ඔවුන්ට ඉඩ නොදෙන්න. මක්නිසාද ඔබ ඔවුන්ගේ දෙවිවරුන්ට මෙහෙකරන්නෙහිනම් සැබවින්ම ඒක ඔබට මලපතක් වන්නේයයි කීසේක.
← Chapter 22
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 24 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40