bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Exodus 19
Exodus 19
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 18
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 20 →
1
ඉශ්රායෙල් පුත්‍රයෝ මිසර දේශයෙන් ඇවිත් තුන් මාසයක් වූ එම දවසෙහි සීනයි වනාන්තරයට පැමිණියෝය.
2
ඔව්හු රෙඵිඩිම්හි සිට පිටත්ව සීනයි වනාන්තරයට ඇවිත් වනාන්තරයෙහි කූඩාරම් ගසාගත්තෝය; එහි කන්ද ඉදිරිපිට ඉශ්රායෙල්වරු කූඩාරම් ගසාගත්තෝය.
3
මෝසෙස් වනාහි දෙවියන්වහන්සේ වෙතට නැගී ගියේය, ස්වාමීන්වහන්සේ කන්දේ සිට ඔහුට හඬගසා: ඔබ මෙසේ යාකොබ්ගේ වංශයට කියා ඉශ්රායෙල් පුත්‍රයන්ට දන්වන්න:
4
මා විසින් මිසරවරුන්ට කළ දෙයද ඔබ සැම රාජාලීන්ගේ පියාපත් පිට උසුලා මා වෙතට ගෙනා බවද ඔබ සැම දුටුවහුය.
5
දැනුදු ඔබ සැම සැබවින් මාගේ හඬට කීකරුව මාගේ ගිවිසුම රක්ෂා කරන්නහුනම් සියලු සෙනඟ අතරෙන් ඔබ සැම මට අසහාය වස්තුවක් වන්නහුය. මක්නිසාද මුළු පොළොව මාගේය.
6
ඔබ සැම මට පූජක රාජ්‍යයක් සහ ශුද්ධ ජාතියක් වන්නහුය. ඔබ විසින් ඉශ්රායෙල් පුත්‍රයන්ට කිය යුතු වචන මේයයි කීසේක.
7
මෝසෙස් අවුත් සෙනඟගේ ප්‍රධානීන් කැඳවා ස්වාමීන්වහන්සේ තමාට අණකළ මේ සියලු වචන ඔවුන් ඉදිරියෙහි තැබුවේය.
8
එවිට මුළු සෙනඟ එක්ව උත්තරදෙමින්: ස්වාමීන්වහන්සේ කී සියල්ලම කරන්නෙමුයයි කීවෝය. මෝසෙස් සෙනඟගේ වචන ස්වාමීන්වහන්සේ ට සැලකළේය.
9
ස්වාමීන්වහන්සේ ද: බලව, මා ඔබ සමඟ කථාකරන කල සෙනඟ අසන පිණිසත් සෑම කල්හිම ඔබ කෙරෙහිද විශ්වාසකරන පිණිසත් ඝන වලාකුළකින් ඔබ වෙතට එමියි මෝසෙස්ට කීසේක. මෝසෙස් සෙනඟගේ වචන ස්වාමීන්වහන්සේ ට දැන්නුවේය.
10
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ඔබ සෙනඟ ළඟට ගොස් අදත් හෙටත් ඔවුන් පවිත්‍රකරව, ඔව්හු තමුන්ගේ ඇඳුම් අපුල්ලා තුන්වෙනි දවසට සෑදී සිටිත්වා.
11
මක්නිසාද තුන්වෙනි දවසේදී ස්වාමීන්වහන්සේ මුළු සෙනඟගේ ඇස් හමුවෙහි සීනයි කන්ද පිටට බසිනසේක.
12
ඔබ සෙනඟට හාත්පසින් සීමා තබා: ඔබ සැම කන්දට නොනගින හැටියටත් එහි අද්දර ස්පර්ශනොවන හැටියටත් බලාගන්නැයි කියන්න. කන්දේ හැපෙන කවරෙක් නුමුත් සැබවින් මරනු ලබන්නේය.
13
කිසි අතක් ඔහුට ස්පර්ශ නොවන්නේය, ඔහු සැබවින් ගල්ගසනු ලබන්නේය, නොහොත් විදදමනු ලබන්නේය; මෘගයෙක් වුවත් මනුෂ්‍යයෙක් වුවත් ජීවත්නොවන්නේය. හොරණෑව බොහෝ වේලා ශබ්දකරන කල්හි ඔව්හු කන්දට පැමිණෙත්වයි කීසේක.
14
මෝසෙස් කන්දෙන් සෙනඟ ළඟට බැස අවුත් ඔවුන් පවිත්‍රකෙළේය; ඔව්හු තමුන්ගේ වස්ත්‍ර අපුල්ලාගත්තෝය.
15
ඔහුද: තුන්වෙනි දවසට සෑදී සිටින්න. ස්ත්‍රියෙකු කරා නොපැමිණෙන්නැයි සෙනඟට කීය.
16
තුන්වෙනි දින උදය වූ කල ගිගිරුම්ද විදුලිද කන්ද පිට ඝන වලාකුළක්ද ඉතා තද හොරණෑ ශබ්දයක්ද විය; එවිට කඳවුරෙහි සිටිය මුළු සෙනඟ වෙවුලුවෝය.
17
දෙවියන්වහන්සේට අභිමුඛවන පිණිස මෝසෙස් සෙනඟ කඳවුරෙන් පිටතට ගෙනායේය; ඔව්හුද කන්ද පහළ සිටියෝය.
18
ස්වාමීන්වහන්සේ සීනයි කන්ද පිටට ගින්නෙන් බැස්ස බැවින් ඒක මුළුල්ල ධූමයෙන් වැසී තිබුණේය. එහි ධූමය උදුනක ධූමයමෙන් නැගුණේය, මුළු කන්ද බොහෝසෙයින් කම්පාවිය.
19
හොරණෑ ශබ්දය වැඩි වැඩිව පැවතුණු විට මෝසෙස් කථාකෙළේය, දෙවියන්වහන්සේ ශබ්දයකින් ඔහුට උත්තරදුන්සේක.
20
ස්වාමීන්වහන්සේ සීනයි කඳු මුදුනට බැස අවුත් කඳු මුදුනට මෝසෙස් කැඳවූසේක; මෝසෙස්ද නැගී ගියේය.
21
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: බැස යව, බලන පිණිස සෙනඟ ස්වාමීන්වහන්සේ වෙතට සීමා බිඳගන අවුත් ඔවුන්ගෙන් බොහෝදෙනෙක් නොනස්නා පිණිස සීමාව ඉක්මවා නොයනලෙස ඔවුන්ට අණකරව.
22
ස්වාමීන්වහන්සේ ළඟට එන පූජකයෝද ස්වාමීන්වහන්සේ ඔවුන්ට පහර නොදෙන පිණිස තමන්ම පවිත්‍රකරගනිත්වයි කීසේක.
23
මෝසෙස්ද: සෙනඟ සීනයි කන්දට නැගෙන්ට නොහැකිවෙති. මක්නිසාද: කන්ද වටකර සීමා තබා ඒක කැපකරව්ය කියා ඔබ අපට අණකළසේකැයි ස්වාමීන්වහන්සේ ට කීවේය.
24
ස්වාමීන්වහන්සේ ද: යන්න, පහළ බසින්න; ඔබද ඔබ සමඟ ආරොන්ද නැගී එන්න. නුමුත් ස්වාමීන්වහන්සේ ඇවිත් පහරනොදෙන පිණිස පූජකයෝද සෙනඟද උන්වහන්සේ වෙතට නැග එන්ට සීමාව බිඳගන නොයෙත්වයි ඔහුට කීසේක.
25
එවිට මෝසෙස් සෙනඟ ළඟට බැස ඔවුන්ට එසේ කීවේය.
← Chapter 18
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 20 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40