bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Exodus 22
Exodus 22
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 21
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 23 →
1
මනුෂ්‍යයෙක් ගොනෙකු හෝ බැටළුවෙකු හෝ සොරකම්කොට මැරුවොත් නොහොත් වික්කොත් ගවයෙකුට ගවයන් පස්දෙනෙක්ද බැටළුවෙකුට බැටළුවන් සතර දෙනෙක්ද දිය යුතුය.
2
උමං කණින අතර සොරා අසුවී පහර ලැබීමෙන් මළොත් ඔහු ගැන මිනීමැරීමේ වරදක් නොවන්නේය.
3
නුමුත් ඉර උදාවී තිබේ නම් ඔහු ගැන මිනීමැරීමේ වරද වන්නේය. සොරා විසින් අලාභය ගෙවිය යුතුය; ඔහුට කිසිවක් නැත්නම් සොරකම්කළ දේවල් ගැන ඔහු විකුණනු ලැබිය යුතුය.
4
සොරාගත් දේ ගවයෙකු හෝ කොටළුවෙකු හෝ බැටළුවෙකු හෝ පණපිටින් ඔහු අත සම්බවුණොත් ඔහු දෙගුණයක් ගෙවිය යුතුය.
5
මනුෂ්‍යයෙක් තමාගේ මෘගයා වෙන කෙනෙකුගේ කෙතෙහි කැවුවොත්, ඌ ලිහා අරිනු ලැබ කෙතක හෝ මිදිවත්තක හෝ කෑවොත්, තමාගේම කෙතේද මිදිවත්තේද හොඳ කොටසෙන් ඔහු විසින් අලාභය ගෙවිය යුතුය.
6
ගිනි ඇවිළ කටුගස්වලට අල්ලා එයින් ගොයම් කොළ හෝ නොකැපූ ගොයම් හෝ කෙත හෝ දා ගියොත් ගිනි ඇවුළු තැනැත්තා විසින් සැබවින්ම අලාභය ගෙවිය යුතුය.
7
මනුෂ්‍යයෙක් මුදල් හෝ බඩු හෝ ප්‍රවේසම් කරන පිණිස තමාගේ අසල්වාසියාට භාරදුන් කල්හි ඒ මනුෂ්‍යයාගේ ගෙයින් ඒවා සොරකම් කරනු ලැබුවොත් සොරාද අසුවුණොත් ඔහු දෙගුණයක් ගෙවිය යුතුය.
8
සොරා අසුනූණොත් ගෙයි ස්වාමියා තම අසල්වාසියාගේ බඩුවලට අත නොපෙවුවාදැයි බලන පිණිස ඔහු දෙවියන්වහන්සේ වෙතට පැමිණේවා.
9
සියලු අපරාධ කාරණා ගැන එනම් ගොනෙකු ගැන හෝ කොටළුවෙකු ගැන හෝ බැටළුවෙකු ගැන හෝ වස්ත්‍රයක් ගැන හෝ නැතිවූ කොයි ප්‍රකාර දෙයක් ගැන හෝ මේ ඒකයයි යමෙක් කීවොත් දෙපක්ෂයේ කාරණය දෙවියන්වහන්සේ වෙතට පැමිණේවා; දෙවියන්වහන්සේ විසින් වරදට පත්කරන තැනැත්තා තමාගේ අසල්වාසියාට දෙගුණයක් දිය යුතුය.
10
මනුෂ්‍යයෙක් තමාගේ අසල්වාසියාට කොටළුවෙකු හෝ ගොනෙකු හෝ බැටළුවෙකු හෝ වෙන යම් මෘගයෙකු හෝ ප්‍රවේසම්කිරීමට භාරදුන් කල්හි කිසිවෙකුට නොපෙනී ඌ මළොත් නොහොත් තුවාලකරනු ලැබුවොත් නොහොත් පන්නා අල්ලාගනු ලැබුවොත්,
11
ඔහු තමාගේ අසල්වාසියාගේ දෙයට අත නොතැබූ බවට ඔවුන් දෙදෙනා අතරේ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දිවිරීමක් වේවා; උගේ අයිතිකාරයා එය පිළිගන්නේය, අනික් අය ඊට අලාභය ගෙවන්ට ඕනෑ නැත.
12
එහෙත් ඌ ඔහු කෙරෙන් සොරකම් කරනු ලැබුවොත් ඌ වෙනුවට අයිතිකාරයාට අලාභය ගෙවිය යුතුය.
13
ඌ ඉරාදමනු ලැබීනම් සාක්ෂි පිණිස ඒකා ගෙනේවා; ඉරනු ලැබුවාට අලාභය ගෙවන්ට ඕනෑ නැත.
14
මනුෂ්‍යයෙක් තමාගේ අසල්වාසියාගෙන් සතෙකු ඉල්ලාගෙන, අයිතිකාරයා ළඟ නැති කල ඒකාට තුවාල වුණොත්, නොහොත් ඌ මළොත්, ඔහු සැබවින්ම අලාභය ගෙවිය යුතුය.
15
උගේ අයිතිකාරයා ළඟ සිටියොත් එලෙස ගෙවන්ට ඕනෑ නැත. ඌ කුලියට ගත් එකෙක් නම් ඌ උගේ කුලියට ආයේය.
16
මනුෂ්‍යයෙක් විවාහ බස් නුදුන්නාවූ කන්‍යාවක් පොළඹවාගෙන ඈ සමඟ සයනයකළොත් ඈ තමාගේ භාර්යාව වන පිණිස ඔහු සැබවින්ම දායාදයක් දියයුතුය.
17
ඇගේ පියා ඈ ඔහුට දෙන්ට කොහෙත්ම කැමතිනූණොත් ඔහු කන්‍යාවන්ගේ දායාද ලෙස මුදල් ගෙවිය යුතුය.
18
මායාකාරියෙකුට ජීවත්වන්ට ඉඩ නොහරින්න.
19
මෘගයෙකු සමඟ සංවාසයකරන කවරෙක් නමුත් සැබවින් මරනු ලැබිය යුතුය,
20
ස්වාමීන්වහන්සේ ඇර වෙන දෙවියෙකුට පූජාකරන තැනැත්තා සිඳදමනු ලැබිය යුතුය.
21
විදේශියෙකුට අයුත්තක් හෝ පීඩාවක් නොකරන්න. මක්නිසාද ඔබ සැම මිසර දේශයෙහි විදේශියෝව සිටියහුය.
22
කිසි කණවැන්දුමියෙකුටවත් පියා නැති දරුවෙකුටවත් හිංසා නොකරන්න.
23
ඔබ යම් ආකාරයකින් ඔවුන්ට හිංසාකළොත් ඔවුන් මට හඬගැසුවාම මම සැබවින්ම ඔවුන්ගේ හඬ අසන්නෙමි;
24
එවිට මාගේ උදහස ඇවිළෙනවා ඇත, මමද කඩුවෙන් ඔබ සැම මරාදමන්නෙමි; මෙසේ ඔබ සැමගේ භාර්යාවෝ කණවැන්දුමියෝද ඔබ සැමගේ දරුවෝ පියා නැත්තෝද වන්නෝය.
25
ඔබ ළඟ සිටින මාගේ සෙනඟ අතරෙන් දුප්පත් කිසිවෙකුට ඔබ මුදල් ණයට දුන්නොත් ඔබ ඔහුට ණය හිමියෙක් මෙන් වෙන්ටවත් ඔබ සැම ඔහුගෙන් පොළී ගන්ටවත් යුතු නැත.
26
ඔබේ අසල්වාසියාගේ වස්ත්‍රය කොහෙත්ම උකස්කොට ගත්තෙහිනම් ඉර බහින විට ඔබ ඒක නැවත ඔහුට දියයුතුය.
27
මක්නිසාද ඒක ඔහුගේ එකම වැස්මය, ඒක ඔහුගේ ඇඟේ වස්ත්‍රයය. ඔහු නිදන විට පෙරවාගන්නේ කුමක්ද? තවද ඔහු මට හඬගසන විට ඇහුම්කන් දෙන්නෙමි; මක්නිසාද මම කරුණාභරිතය.
28
දෙවියන්වහන්සේට දෙස් නොකියව, ඔබේ සෙනඟගේ අධිපතියෙකුට ශාප නොකරව.
29
ඔබේ භෝගවලින්ද පාන වර්ගවලින්ද පූජාකිරීමට ප්‍රමාද නොවව. ඔබේ පුත්‍රයන්ගේ කුලුඳුලා මට දිය යුතුය.
30
ඔබේ ගවයින් සහ බැටළුවන් ගැනද එසේම කළ යුතුය. ඌ සත් දවසක් මවු ළඟ සිටීවා; අටවෙනි දින ඌ මට දිය යුතුය.
31
ඔබ සැම මට ශුද්ධ මනුෂ්‍යයෝ වන්නෝය. එබැවින් කෙතෙහි මෘගයන් විසින් ඉරූ සතෙකුගේ මාංස නොකෑ යුතුය; ඒවා බල්ලන්ට දැමිය යුතුය.
← Chapter 21
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 23 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40