bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Exodus 35
Exodus 35
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 34
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 36 →
1
මෝසෙස් ඉශ්රායෙල් පුත්‍රයන්ගේ මුළු සමූහය රැස්කොට කියනුයේ: ඔබ සැම විසින් කරන පිණිස ස්වාමීන්වහන්සේ අණ කළාවූ කාරණා මේවාය:
2
සදවසක් වැඩකළ යුතුය, එහෙත් සත්වෙනි දින ඔබ සැමට ස්වාමීන්වහන්සේ උදෙසා ගරුමයවූ නිවාඩුවේ සබතක් වන ශුද්ධවූ දවසක්ව තිබෙන්ට ඕනෑය. එදින කිසි වැඩක් කරන කවරෙක් නුමුත් මරනුලබන්නේය.
3
සබත් දවසේදී ඔබ සැමගේ සියලු වාසස්ථානවල ගින්දර පත්තු නොකළ යුතුයයි කීයේය.
4
මෝසෙස් ඉශ්රායෙල් පුත්‍රයන්ගේ මුළු සමූහයට මෙසේ කීය: ස්වාමීන්වහන්සේ අණකර කීවාවූ දේ මේය-
5
ඔබ සැම අතරෙන් ස්වාමීන්වහන්සේ ට පඬුරක් ගෙනෙන්න. කැමති සිතක් ඇති කවරෙක් නුමුත් ස්වාමීන්වහන්සේ ට පඬුරක් කොට රන්ද රිදීද පිත්තලද,
6
නිල්, රත්නිල්, රතු නූල්ද සිහින් හණ රෙදිද එළු ලොම්ද,
7
රතු සායම් පෙවූ බැටළු සම්ද තහෂ් සම්ද, ෂිටිම් ලීද,
8
එළිය දීමට තෙල්ද ආලේප තෙල්වලටත් සුවඳ දුම්වලටත් සුගන්ධ ද්‍රව්‍යයන්ද,
9
ඒඵොද් සහ ළය වැස්ම උදෙසා නඛමාණික්‍යද බැඳීමට මැණික්ද යන මේවා ගෙනේවා.
10
ඔබ සැම අතරෙහි ප්‍රඥා සිත් ඇති සියල්ලෝ අවුත් ස්වාමීන්වහන්සේ අණකළ සියලු දේ සාදත්වා;
11
එනම් මණ්ඩපයද ඒකේ කූඩාරමද ඒකේ වැස්මද ඒකේ කොකුද ඒකේ ලෑලිද ඒකේ පොලුද ඒකේ කණුද ඒකේ අඩිද;
12
ගිවිසුම් පෙට්ටිය සහ ඒකේ පොලුද කරුණාසනයද කඩතුරාවේ වැස්මද;
13
මේසය සහ ඒකේ පොලුද ඒකේ සියලු භාජනද පිදීමේ රොටිද;
14
එළිය දීමට පහන්රුකද ඒකේ භාජනද ඒකේ පහන් සහ එළිය දීමට තෙල්ද;
15
දුම් පූජාසනය සහ ඒකේ පොලුද ආලේප තෛලයද සුගන්ධ ධූප ද්‍රව්‍යයද මණ්ඩපයට ඇතුල්වීමේ දොරකඩට දොරකඩ කඩතුරාවද;
16
දවන පූජාසනය හා ඒකේ පිත්තල ගරාදි මැස්සද ඒකේ පොලුද ඒකේ සියලු භාජනද සෝදන භාජනය සහ ඒකේ අඩියද;
17
මළුවේ කඩතිර හා ඒවායේ කුළුනුද ඒවායේ අඩිද මළුවේ දොරකඩට කඩතුරාවද;
18
මණ්ඩපයේ ඇණද මළුවේ ඇණද ඒවායේ ලනුද;
19
ශුද්ධ ස්ථානයෙහි සේවය පිණිස පූජකයාවූ ආරොන්ට ශුද්ධ වස්ත්‍රද ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍රද වන පූජකකම් කිරීමට අඳින සියුම්ව සාදනලද වස්ත්‍රද යන මේවායයි කීවේය.
20
එවිට ඉශ්රායෙල් පුත්‍රයන්ගේ මුළු සමූහය මෝසෙස් ඉදිරියෙන් අහක්ව ගියේය.
21
තවද තමුන්ගේ සිත් පොලඹවනලද්දාවූ තමුන්ගේ ආත්මයෙන් කැමති කරනලද්දාවූ සියල්ලෝ අවුත් සම්මුඛවීමේ කූඩාරමේ කර්මාන්ත පිණිසද ඒකේ සියලු මෙහෙය හා ශුද්ධ වස්ත්‍ර පිණිසද ස්වාමීන්වහන්සේ ට පඬුරු ගෙනාවෝය.
22
කැමති සිත් ඇති සියලු පුරුෂයෝද ස්ත්‍රීහුද අවුත් මේඛලාද කුණ්ඩලාභරණද පේරැස් මුදුද වළලුද යන සියලු ආකාර රන් බඩු ගෙනාවෝය; ස්වාමීන්වහන්සේ ට රන් පඬුරක් ඔප්පුකරන හැමදෙනා එසේ ගෙනාවෝය.
23
තවද නිල්, රත්නිල්, රතු නූල්ද සිහින් හණ රෙදිද එළු ලොම්ද රතු සායම් පෙවූ බැටළු සම්ද තහෂ් සම්ද ඇතුව සිටි සියල්ලෝ ඒවා ගෙනාවෝය.
24
රිදී හා පිත්තල පඬුරක් ඔප්පුකරන සියල්ලෝ ස්වාමීන්වහන්සේ ගේ පඬුර ගෙනාවෝය. මෙහෙයේ යම් කර්මාන්තයකට ෂිටිම් ලී ඇති හැම දෙනා ඒවා ගෙනාවෝය.
25
ප්‍රඥා සිත් ඇති සියලු ස්ත්‍රීහුද තමන් අත්වලින් නූල් කැට, ඔවුන් විසින් කටිනලද දේ වන නිල්, රත්නිල්, රතු නූල්ද සිහින් හණ රෙදිද ගෙනාවෝය.
26
ප්‍රඥා ඇතුව සිතින් පොලඹවනලද සියලු ස්ත්‍රීහු එළු ලොම් කැට්ටෝය.
27
අධිපතීහු ඒඵොද් සැට්ටය උදෙසාත් ළයවැස්ම උදෙසාත් නඛමාණික්‍යද බැඳීමට මැණික්ද;
28
එළිය දීමටත් ආලේප තෛලය පිණිසත් සුවඳ දුම් පිණිසත් සුගන්ධ ද්‍රව්‍යයන් හා තෙල්ද ගෙනාවෝය.
29
කරන්ට කියා ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා අණකෙරෙවු සියලුම වැඩවලට යමක් ගෙනෙන්ට සිත් කැමතිකරවනලද්දාවූ සියලු ස්ත්‍රී පුරුෂයෝ ස්වාමීන්වහන්සේ වෙතට ස්වෙච්ඡා පඬුරක් ගෙනාවෝය.
30
මෝසෙස් ඉශ්රායෙල් පුත්‍රයන්ට කියනුයේ: බලන්න, ස්වාමීන්වහන්සේ යූදාගේ ගෝත්‍රයේ හූර්ගේ පුත්‍රයා වන උරීගේ පුත්‍රවූ බෙශලෙල්ගේ නම කියා ඔහු කැඳවා
31
දක්ෂ කර්මාන්ත යෝජනාකර රනින්ද රිදීයෙන්ද පිත්තලෙන්ද වැඩ කිරීමටත්
32
බැඳීමට මැණික් කැපීමටත් ලීවලින් කැටයම් වැඩ කිරීමටත්
33
සියලු ආකාර වැඩවලට ප්‍රඥාවද බුද්ධියද දැනගැන්මද සියලු ආකාර කර්මාන්තවලට තේරුමද ලැබෙන ලෙස ඔහු දෙවියන්වහන්සේගේ ආත්මයෙන් පූර්ණකළසේක.
34
තවද උන්වහන්සේ ඔහුටද දාන්ගේ ගෝත්‍රයේ අහිසාමක්ගේ පුත්‍රවූ ඔහොලියාබ්ටද උගන්වන්ටත් සිත් දුන්සේක.
35
කැටයම්කරන්නාගේද දක්ෂ කම්කරුවාගේද නිල්, රත්නිල්, රතු නූලින් සහ සිහින් හණවලින් ගොතන්නාගේද වියන්නාගේද කොයි කර්මාන්තයක් නුමුත් කරන්නාගේද දක්ෂ කර්මාන්ත යොදන්නන්ගේද සියලු ආකාර කර්මාන්ත කරන්ට ඔවුන්ගේ සිත් ප්‍රඥාවෙන් පූර්ණකළසේක.
← Chapter 34
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 36 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40