bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Exodus 28
Exodus 28
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 27
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 29 →
1
ඔබේ සහෝදරවූ ආරොන්ද ඔහු සමඟ ඔහුගේ පුත්‍රයන්ද මට පූජකකම් කරන පිණිස, ආරොන්ද ඔහුගේ පුත්‍රයන්වූ නාදාබ්ද අබීහූද එලෙයාසර්ද ඊතාමර්ද ඉශ්රායෙල් පුත්‍රයන් අතරෙන් ඔබ ළඟට කැඳවාගන්න.
2
ඔබේ සහෝදරවූ ආරොන්ට මහිමය සහ අලංකාරය පිණිස ශුද්ධවූ වස්ත්‍ර සාදන්න.
3
ආරොන් පූජක තනතුරෙහි මට සේවය කරන පිණිස ඔහු ශුද්ධකිරීමට ඔහුගේ වස්ත්‍ර සාදන්ට මා විසින් ප්‍රඥා ආත්මයෙන් පූර්ණකරනලද ප්‍රඥා සිතක් ඇති සියල්ලන්ට කියන්න.
4
ඔවුන් විසින් සෑදිය යුතු වස්ත්‍ර නම්: ළය වැස්මක්ද ඒඵොද් සැට්ටයක්ද සළුවක්ද විසිතුරු උතුරු සළුවක්ද මකුටයක්ද ඉඟ පටියක්ද යන මේවාය. ඔබේ සහෝදරවූ ආරොන් පූජක තනතුරෙහි මට සේවය කරන පිණිස ඔහුටත් ඔහුගේ පුත්‍රයන්ටත් ශුද්ධ වස්ත්‍ර සාදත්වා.
5
ඔව්හු රන්ද, නිල්, රත්නිල්, රතු නූල්ද සිහින් හණ රෙදිද ගනිත්වා.
6
ඒඵොද් සැට්ටය රනින්ද, නිල්, රත්නිල්, රතු නූල්වලින්ද කටිනලද සිහින් හණ නූලින්ද දක්ෂ කම්කරුවාගේ කර්මාන්තය ලෙස සාදත්වා.
7
එය එකට සම්බන්ධකරන පිණිස උරපටි දෙක ඒකේ දෙකෙළවරේ බඳිනු ලැබිය යුතුය.
8
බඳින පිණිස එය පිට තිබෙන්නාවූ රනින්ද, නිල්, රත්නිල්, රතු නූල්වලින්ද කටිනලද සිහින් හණ නූලින්ද යුක්ත වූ විසිතුරු ආකාරයෙන් වියනලද්දාවූ පටිය එහි කර්මාන්තය ලෙස එය හා සම්බන්ධවී තිබිය යුතුය.
9
නඛමාණික්‍ය දෙකක් ගෙන ඉශ්රායෙල් පුත්‍රයන්ගේ නම් ඒවායේ කැටයම්කරන්න.
10
ඔවුන්ගේ උත්පත්තිය ලෙස නම්වලින් සයක් එක ගලක් පිටත් ඉතිරි සය අනික් ගල පිටත් විය යුතුය.
11
ගල්වල කැටයම් කරන විධියට මුද්‍රාකෙටීම මෙන් ඒ මැණික් දෙකෙහි ඉශ්රායෙල් පුත්‍රයන්ගේ නම් කොටා, ඒවා රන් කෙවෙනිවල බඳින්න.
12
ඒ මැණික් දෙක ඉශ්රායෙල් පුත්‍රයන්ට සිහිවීමේ ගල් පිණිස ඒඵොද් සැට්ටයේ උර පටි පිහිටුවන්න. මෙසේ ආරොන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිහිකරවීමක් පිණිස ඔවුන්ගේ නම් තමාගේ දෙඋර පිට දරන්නේය.
13
රනින් කෙවෙනි සාදන්න.
14
පවිත්‍ර රනින් මාල දෙකක්ද සාදන්න; ඒවා ගෙතූ කර්මාන්තයෙන් ලනු මෙන් සාදා ගෙතූ මාල කෙවෙනිවලට බඳින්න.
15
දක්ෂ කම්කරුවාගේ කර්මාන්තයවූ විනිශ්චයේ ළය වැස්මක් ඒඵොද් සැට්ටයේ වැඩ වාගේ සාදන්න; රනින්ද, නිල්, රත්නිල්, රතු නූල්වලින්ද කටිනලද සිහින් හණ නූලින්ද ඒක සාදන්න.
16
ඒක හතරැස්ව දෙපටක්ව තිබිය යුතුය; ඒකේ දිග වියතක්ද පළල වියතක්ද විය යුතුය.
17
ඒ පිට මැණික් පේළි සතරක් බඳින්න. පළමුවෙනි පේළිය ලෝහිතංකයක්ද පුෂ්පරාගයක්ද මරකතයක්ද ඇති පේළියක් වන්නේය;
18
දෙවෙනි පේළිය රතු කැටයක්ද නීල මාණික්‍යයක්ද වජ්‍රයක්ද වන්නේය;
19
තුන්වෙනි පේළිය පද්මරාගයක්ද වර්ණකාන්තියක්ද අඹතෙස් ගලක්ද වන්නේය;
20
සතරවෙනි පේළිය රන්කාන්තියක්ද නඛමාණික්‍යයක්ද සූර්යකාන්තියක්ද වන්නේය. ඒවා රන් කෙවෙනිවල බැන්ද යුතුය.
21
ඒ මැණික් ඉශ්රායෙල් පුත්‍රයන්ගේ නම් ගණන ලෙස දොළසක්ව, ගෝත්‍ර දොළසේ හැටියට එකිනෙකාගේ නාමය මුද්‍රාවක කැටයම් ලෙස එහි කැටයම්කර තිබිය යුතුය.
22
ළය වැස්ම පිට පවිත්‍ර රනින් ලනු මෙන් ගොතනලද මාල සාදන්න.
23
ළය වැස්ම පිට රනින්වළලු දෙකක් සාදා ඒ වළලු දෙක ළය වැස්මේ දෙකෙළවර පිට තබන්න.
24
රනින් ගොතනලද මාල දෙක ළය වැස්මේ දෙකෙළවර තිබෙන වළලු දෙක පිට තබන්න.
25
ගොතනලද මාල දෙකේ ඉතිරි දෙකෙළවර කෙවෙනි දෙක පිට බැඳ ඒඵොද් සැට්ටයේ උර පටි පිට ඉදිරිකොට තබන්න.
26
තවත් රන් වළලු දෙකක් සාදා ළය වැස්මේ කෙළවර දෙකේ ඒකේ වාටිය පිට ඒඵොද් සැට්ටය දෙසට ඇතුල් පැත්තේ ඒවා අල්ලන්න.
27
තවත් රන් වළලු දෙකක් සාදා ඒඵොද් සැට්ටයේ උර පටි දෙක පිට ඉස්සරහ දෙපැත්තේ පහතින් ඒකේ සන්ධිය ළඟ ඒඵොද් සැට්ටයේ විසිතුරු පටියට උඩින් අල්ලන්න.
28
ළය වැස්ම ඒඵොද් සැට්ටයේ විසිතුරු පටිය පිට තිබෙන පිණිසද ඒක ඒඵොද් සැට්ටයෙන් වෙන් නොවී තිබෙන පිණිසද ඒකේ වළලුවලින් ඒඵොද් සැට්ටයේ වළලු නිල්වන් පටියකින් බඳිත්වා.
29
මෙසේ ආරොන් ශුද්ධ ස්ථානයට ඇතුල්වන කල්හි ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නිරන්තර සිහිකරවීමක් පිණිස ඉශ්රායෙල් පුත්‍රයන්ගේ නාම විනිශ්චයේ ළය වැස්මෙහි තමාගේ හෘදය පිට දරාවා.
30
විනිශ්චයේ ළය වැස්මෙහි ඌරීම් සහ තුම්මීම් තබන්න; ආරොන් ස්වාමීන්වහන්සේ ඉදිරියට ඇතුල්වන කල්හි ඒවා ඔහුගේ හෘදය පිට තිබේවා. ආරොන් ඉශ්රායෙල් පුත්‍රයන්ගේ විනිශ්චය ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තමන් හෘදය පිට නිතර දරන්නේය.
31
ඒඵොද් සැට්ටයට අයිති සළුව මුළුල්ලම නිල් පැහැයෙන් සාදන්න.
32
ඒකේ මැද ඉස දැමීමට සිදුරක් තිබිය යුතුය. ඒක නොඉරෙන පිණිස සන්නාහයක සිදුර මෙන් ඒ සිදුර වට වියනලද වාටියක් විය යුතුය.
33
ඒකේ පහළ වාටිය දිගේ නිල්, රත්නිල්, රතු දෙළුම් ගෙඩිද වටකර ඒවා අතරතුරේ රන් මිණි ගෙඩිද සාදන්න.
34
රන් මිණි ගෙඩියක්ද දෙළුම් ගෙඩියක්ද රන් මිණි ගෙඩියක්ද දෙළුම් ගෙඩියක්ද බැගින් වටකර සළුවේ පහළ වාටිය විය යුතුය.
35
සේවයකිරීමට ආරොන් එය පළඳින්නේය. ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ශුද්ධ ස්ථානයට ඇතුල් වන විටද පිටතට එන විටද නොනසින ලෙස එහි ශබ්දය ඇසෙන්නේය.
36
පිරිසිදු රන් තහඩුවක් සාදා: ස්වාමීන්වහන්සේ ට ශුද්ධය කියා මුද්‍රයක කැටයම් මෙන් එහි කැටයම් කරන්න.
37
තවද ඒක නිල් පටියකට අල්ලා මකුටය පිට බඳින්න; ඒක මකුටයේ ඉස්සරහ පැත්තෙහි විය යුතුය.
38
එය ආරොන්ගේ නළල පිට වන්නේය, මෙසේ ආරොන් ඉශ්රායෙල් පුත්‍රයන් තමන්ගේ සියලු ශුද්ධ දීමනාවලදී කැපකරන ශුද්ධ දේවල අපරාධය දරන්නේය; ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන් පිළිගනු ලබන පිණිස ඒක ඔහුගේ නළල පිට නිතරම වන්නේය.
39
සිහින් හණ නූලින් උතුරු සළුව විසිතුරු කොට වියා සිහින් හණ නූලින් මකුටයක්ද සාදන්න, විසිතුරුකර වියා ඉඟ පටියකුත් සාදන්න.
40
ආරොන්ගේ පුත්‍රයන්ටත් යට ඇඳුම්ද ඉඟපටිද සාදන්න, මහිමය සහ අලංකාරය පිණිස ඔවුන්ට මකුටත් සාදන්න.
41
ඒවා ඔබේ සහෝදරවූ ආරොන්ටද ඔහු හා සමඟ ඔහුගේ පුත්‍රයන්ටද පළඳවන්න; ඔවුන් පූජක තනතුරෙහි මට සේවයකරන පිණිස ආලේපකර කැපකර විශුද්ධකරන්න.
42
ඔවුන්ගේ නග්නකම වසන පිණිස ඔවුන්ට හණ රෙදි කලිසම් සාදන්න; ඒවා ඉඟටිය පටන් කළවය දක්වා විය යුතුය.
43
ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් සම්මුඛවීමේ කූඩාරමට ඇතුල්වන විට හෝ ශුද්ධ ස්ථානයෙහි සේවය කරන පිණිස පූජාසනයට ළංවන විට හෝ ඔවුන් අපරාධය දරා නොනසින පිණිස ඔවුන් ඒවා ඇඳගන සිටිය යුතුය. මේක ඔහුටද ඔහුට පසුව ඔහුගේ වංශයටද නිරන්තර පනතක් වන්නේය.
← Chapter 27
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 29 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40