bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Exodus 40
Exodus 40
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 39
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
1
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:
2
පළමුවෙනි මාසේ පළමුවෙනි දින සම්මුඛවීමේ කූඩාරමේ මණ්ඩපය පිහිටුවන්න.
3
සාක්ෂිපෙට්ටිය එහි තබා පෙට්ටිය තිරයෙන් බෙදා වෙන්කරන්න.
4
මේසය ඇතුළට ගෙන එහි බඩු පිළිවෙළින් තබන්න; පහන් රුකද ඇතුළට ගෙන ඒකේ පහන් දල්වන්න.
5
දුම් පූජාව පිණිස රන් පූජාසනය සාක්ෂි පෙට්ටිය ඉදිරියෙහි තබා මණ්ඩපයේ දොරකඩ කඩතුරාව එල්ලා තබන්න.
6
දවන පූජාසනය සම්මුඛවීමේ කූඩාරම වන මණ්ඩපයේ දොරකඩ ඉදිරියෙහි තබන්න.
7
සෝදන භාජනය සම්මුඛවීමේ කූඩාරමටත් පූජාසනයටත් අතරෙහි තබා එහි වතුර වත්කරන්න.
8
වටේට මළුව පිහිටුවා මළුවේ දොරකඩ කඩතුරාව එල්ලන්න.
9
ආලේප තෛලය ගෙන මණ්ඩපයද එහි ඇති සියල්ලද ආලේපකොට ඒකද ඒකේ සියලු බඩුද විශුද්ධකරන්න. එවිට එය ශුද්ධවන්නේය.
10
දවන පූජාසනයද ඒකේ සියලු භාජනද ආලේපකොට පූජාසනයද විශුද්ධකරන්න. පූජාසනයද ඉතා ශුද්ධවන්නේය.
11
සෝදන භාජනයද ඒකේ අඩියද ආලේපකොට විශුද්ධකරන්න.
12
ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් සම්මුඛවීමේ කූඩාරම් දොරකඩ ළඟට ගෙනවුත් වතුරෙන් නාවා,
13
ආරොන්ට ශුද්ධ වස්ත්‍ර හඳවා පූජක තනතුරෙහි මට මෙහෙකරන පිණිස ඔහු ආලේපකොට ශුද්ධකරන්න.
14
ඔහුගේ පුත්‍රයන්ද ගෙනවුත් ඔවුන්ට ඇඳුම් හඳවා,
15
පූජක තනතුරෙහි මට මෙහෙකරන පිණිස ඔවුන්ගේ පියාණන් ආලේප කළාක් මෙන් ඔවුන්ද ආලේපකරන්න. ඔවුන් ආලේපකිරීම ඔවුන්ගේ සියලු පරම්පරාවලට ඔවුන්ට සදාකාල පූජකකමක් පිණිස වන්නේයයි කීසේක.
16
මෝසෙස් මෙසේ කෙළේය. ඔහු ස්වාමීන්වහන්සේ තමාට අණකළ සියල්ල ලෙස කෙළේය.
17
දෙවෙනි අවුරුද්දේ පළමුවෙනි මාසයේ පළමුවෙනි දවසේදී මණ්ඩපය පිහිටුවනලද්දේය.
18
මෝසෙස් මණ්ඩපය පිහිටුවා ඒකේ අඩි සවිකොට ඒකේ ලෑලි පිහිටුවා ඒකේ පොලු දමා ඒකේ කුළුනු හිටවිය.
19
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔහු මණ්ඩපය මතුපිටින් කූඩාරම අතුරා ඊට උඩින් කූඩාරමේ වැස්ම තැබීය.
20
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔහු සාක්ෂිය පෙට්ටියෙහි තබා, පෙට්ටියට පොලුද පෙට්ටිය උඩ කරුණාසනයද තබා,
21
පෙට්ටිය මණ්ඩපය ඇතුළට ගෙනවුත් වැසීමේ තිරය එල්වා, සාක්ෂිපෙට්ටිය වෙන්කෙළේය.
22
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණදුන් ලෙස ඔහු මේසය සම්මුඛවීමේ කූඩාරම තුළ මණ්ඩපයේ උතුරු පැත්තෙහි තිරයට පිටතින් තබා,
23
ඒක උඩ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පිළිවෙළින් රොටි තැබීය.
24
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔහු පහන් රුක සම්මුඛවීමේ කූඩාරමෙහි මේසය ඉදිරිපිට මණ්ඩපයේ දකුණු පැත්තේ තබා,
25
ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පහන් දැල්වීය.
26
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔහු රන් පූජාසනය සම්මුඛවීමේ කූඩාරමෙහි තිරය ඉදිරිපිට තබා,
27
ඊ පිට සුගන්ධ ධූප ද්‍රව්‍ය දැවීය.
28
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස මණ්ඩප දොරකඩ කඩතුරාව එල්ලා,
29
දවන පූජාසනය සම්මුඛවීමේ කූඩාරමේ මණ්ඩප දොරකඩ ළඟ තබා, ඊ පිට දවන පූජාවද ආහාර පූජාවද ඔප්පුකෙළේය.
30
ඔහු සෝදන භාජනය සම්මුඛවීමේ කූඩාරමද පූජාසනයද අතරෙහි තබා සේදීමට වතුර එහි වත්කෙළේය.
31
මෝසෙස්ද ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝද ඔවුන්ගේ අත් පා එහි සේදුවෝය.
32
ඔව්හු සම්මුඛවීමේ කූඩාරම ඇතුළට ගිය කල්හිද පූජාසනයට ළංවූ කල්හිද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස සෝදාගත්තෝය.
33
ඔහු මණ්ඩපය හා පූජාසනය වටේට මළුව පිහිටුවා මළුවේ දොරකඩ කඩතුරාව තැබීය. මෙසේ මෝසෙස් වැඩ නිමකෙළේය.
34
එවිට වලාකුළ සම්මුඛවීමේ කූඩාරම වසා ගත්තේය, ස්වාමීන්වහන්සේ ගේ තේජසෙන් මණ්ඩපය පිරීගියේය.
35
වලාකුළ ඊ පිට රැඳුණු බැවින්ද ස්වාමීන්වහන්සේ ගේ තේජසෙන් මණ්ඩපය පිරීගිය බැවින්ද මෝසෙස්ට සම්මුඛවීමේ කූඩාරමට ඇතුල්වෙන්ට නොහැකිවිය.
36
වලාකුළ මණ්ඩපය මතුයෙන් ඔසවනු ලැබූ හැමවිටම ඉශ්රායෙල් පුත්‍රයෝ තමුන්ගේ ගමන් යන්ට පිටත්වුණෝය.
37
එහෙත් වලාකුළ ඔසවනු නොලැබුවහොත් ඒක ඔසවනුලබන දින දක්වා ඔව්හු ගමන් නොකර සිටියෝය.
38
මක්නිසාද මණ්ඩපය උඩ දවාලේ ස්වාමීන්වහන්සේ ගේ වලාකුළද රාත්‍රියේ ගින්නද මුළු ඉශ්රායෙල් වංශයේ ඇස් ඉදිරියෙහි ඔවුන්ගේ සියලු ගමන්වලදී වූයේය.
← Chapter 39
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40