bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Leviticus 10
Leviticus 10
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 9
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 11 →
1
ආරොන්ගේ පුත්‍රයන් වන නාදබ් සහ අබිහු තම තමන්ගේ ධූම පාත්‍ර ගෙන, ඒවායේ ගිනි බහා, ඒවා මත සුවඳ ද්‍රව්‍ය දමා, සමිඳාණන් වහන්සේ නියම නොකළ නීති විරෝධී ගිනි උන් වහන්සේට පුද කළහ.
2
එවිට සමිඳාණන් වහන්සේගෙන් ගින්නක් නික්ම, ඔවුන් දවා හැරියෙන් ඔව්හු උන් වහන්සේ ඉදිරියෙහි මළහ.
3
එවිට මෝසෙස් ආරොන්ට කතා කොට, “සමිඳාණන් වහන්සේ වදාළ දේ මේ ය: ‘මට ළඟා වන්නන් මඟින් මාගේ ශුද්ධ බව පාන්නෙමි. සියලු ජනතාව අබිමුව මම මාගේ මහිමාලංකාරය දක්වන්නෙමි’ ”කීවේ ය. ආරොන් ද නිහඬ විය.
4
එවිට මෝසෙස්, ආරොන්ගේ බාප්පා වූ උශ්ශියෙල්ගේ පුත්‍රයන් වන මිෂායෙල් සහ එල්ශාපාන් කැඳවා, ඔවුන්ට කතා කොට, “මෙහි අවුත්, ඔබේ සහෝදරයන් ශුද්ධස්ථානය ඉදිරිපිටින් උසුලාගෙන ගොස් කඳවුරෙන් පිටත දමන්නැ”යි කී ය.
5
එවිට ඔව්හු ළං වී, මෝසෙස් කී ලෙස ඔවුන්ගේ වස්ත්‍ර පිටින් ම කඳවුරෙන් පිටතට ඔවුන් ගෙන ගියහ.
6
ඉන්පසු මෝසෙස් ආරොන්ට ද ඔහුගේ පුත්‍රයන් වන එලෙයාසර්ට සහ ඊතාමාර්ට ද කතා කොට, “ඔබ කණගාටුව දැක්වීමට ඔබේ හිසකෙස් අවුල් කර නොගන්න, ඔබේ වස්ත්‍ර ඉරා නොගන්න. ඔබ එසේ කළොත් නසින්නහු ය, සමිඳාණන් වහන්සේ ද මුළු ජනතාව සමඟ කිපෙන සේක. එහෙත්, ඔබේ ඥාතීන් වන මුළු ඉශ්රායෙල් ජනයා නම්, සමිඳාණන් වහන්සේ එවන්නට සැලැසූ ගින්න ගැන වැළපිය යුතු වේ.
7
ඔබ සම්මුඛ මණ්ඩපයේ දොරටුවෙන් පිටත නොයා යුතු ය. මන්ද, සමිඳාණන් වහන්සේගේ ආලේප තෛලය ඔබ පිට ඇති බැවින් ඔබ මැරෙන්නට පුළුවනැ”යි කීවේ ය. ඔව්හු මෝසෙස් කී ලෙස කළහ.
8
සමිඳාණන් වහන්සේ ආරොන්ට කතා කොට,
9
“නුඹ සහ නුඹ සමඟ නුඹේ පුත්‍රයන් සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන විට මුද්‍රික පානය හෝ මත් පැන් හෝ පානය නොකරන්න. එසේ කළොත් නුඹ මැරෙන්නට පුළුවන. මෙය නුඹේ පෙළපත් තුළ සදහට ම වලංගු නියෝගයකි.
10
නුඹ කැප කළ දේවලින් අකැප දේ ද සම්මත පරිදි අපවිත්‍ර දෙයින් පවිත්‍ර දේ ද වෙන් කළ යුතු ය.
11
තවද, සමිඳාණන් වහන්සේ මෝසෙස් මඟින් ඉශ්රායෙල් ජනයාට වදාළ සියලු ම නීති නියෝග නුඹ ඔවුන්ට ඉගැන්විය යුතු ය”යි වදාළ සේක.
12
මෝසෙස් ආරොන්ට ද ඉතිරි ව සිටි ඔහුගේ පුත්‍රයන් වන එලෙයාසර්ට හා ඊතාමාර්ට ද කතා කොට, “සමිඳාණන් වහන්සේට ගින්නේ දවා පිදූ පූජාවලින් ඉතිරි වූ ධාන්‍ය පූජාව ගෙන, පූජාසනය ළඟ දී, මුහුන් නොදමා එය වළඳන්න. එය අතිශුද්ධ ය.
13
එය ශුද්ධස්ථානයක වැළඳිය යුතු ය. සමිඳාණන් වහන්සේට ගින්නේ දවා පිදූ පූජාවලින් ඔබට හා ඔබේ පුත්‍රයන්ට හිමි කොටස එය වේ. මට අණ කරන ලද්දේ එලෙස ය.
14
ඔබ ද ඔබේ පුත්‍රයන් හා දූවරුන් ද පිළිගැන්වීමේ පිළිවෙතින් පිදූ ළපැත්ත හා විශේෂයෙන් පිදූ ගාතය ශුද්ධස්ථානයක දී වැළඳිය යුතු ය. මන්ද, ඒවා ඉශ්රායෙල් ජනයාගේ සහභාගිකමේ පූජාවලින් ඔබට හා ඔබේ පුතුන් හට දුන් කොටස වේ.
15
තෙල ගින්නේ දවා ඔප්පු කරන විට පිළිගැන්වීමේ පිළිවෙතින් පිදූ ළපැත්ත හා විශේෂයෙන් පිදූ ගාතය ඔවුන් ගෙනා යුතු ය. සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කළ පසු ඒවා ඔබටත්, ඔබ සමඟ ඔබේ පුත්‍රයන්ටත් අයිති වේ. සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි මෙය සදහට ම වලංගු නියෝගයකි”යි කීවේ ය.
16
මෝසෙස් පාප පූජාව සඳහා පිදූ එළුවා ගැන විමසූ විට, පුදුමයකි! ඌ දවා තිබිණි. එවිට ඔහු ආරොන්ගේ පුත්‍රයන් අතර ජීවත් ව සිට එලෙයාසර් සහ ඊතාමාර් සමඟ කිපී:
17
“ඔබ පාප පූජාවට ගත් සතා ශුද්ධස්ථානයේ දී නොවැළඳුවේ මන් ද? සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පව් කමාවේ පිළිවෙත ඉටු කරමින්, ජනතාවගේ පාපවලට කමාව දෙන පිණිස උන් වහන්සේ එය ඔබට දුන් සේක, එය අතිශුද්ධ ය.
18
එහි ලේ ශුද්ධස්ථානය තුළට ඔබ නොගෙනාවහු ය. මා අණ කළ පරිදි එය ශුද්ධස්ථානය තුළ වැළඳිය යුතු ව තිබුණේ ය”යි කීවේ ය.
19
එවිට ආරොන් ද මෝසෙස්ට උත්තර දෙමින්, “බලන්න, මෙදින සෙනඟ තමන්ගේ පාප පූජාව සහ දවන යාග පූජාව සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔප්පු කළ නමුත්, මට මෙයාකාර දේවල් සිදු වී ඇත. හොඳයි, පාප පූජාව සඳහා පිදූ සතාගේ මාංසය මම අද වැළඳුවෙම් නම්, එය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ප්‍රසන්න දෙයක් වන්නට තිබුණේ දැ”යි ඇසී ය.
20
මෙය ඇසූ විට මෝසෙස් සතුටු විය.
← Chapter 9
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 11 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27