bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Leviticus 22
Leviticus 22
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 21
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 23 →
1
සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා,
2
ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට මෙසේ කියන ලෙස වදාළ සේක: “ඉශ්රායෙල් ජනයා මට පුදන පූජාවලින් මාගේ ශුද්ධ නාමයට නින්දා නොවන ලෙස ඔවුන්ගේ ඒ ශුද්ධ පූජා ගෞරවයෙන් සැලකිය යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි. ඔවුන්ට මෙසේ කියන්න:
3
නුඹේ පරපුරෙන් පැවතෙන කිසිවෙකු, තමා අපවිත්‍ර යයි සැලකෙන විට ඉශ්රායෙල් ජනයා මට පුදන ශුද්ධ පූජා සමීපයට ගියොත් ඔහු මා ඉදිරියෙන් නෙරපාදැමිය යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.
4
“ආරොන්ගේ පෙළපතින් පැවතෙන යමෙකුට බෝවෙන චර්ම රෝගය හෝ ධාතු මෝචනය හෝ තිබේ නම්, ඔහු පවිත්‍ර වන තෙක් ශුද්ධ පූජාවලින් නොවැළඳිය යුතු ය.
5
මළසිරුරක් නිසා අපවිත්‍ර වූ යමක් ස්පර්ශ කරන කෙනෙක් හෝ ධාතු මෝචනය ඇති කෙනෙක් හෝ අපවිත්‍ර බඩගා යන සතෙකු වත්, යම් කිසි අපවිත්‍රකමක් ඇති මිනිසෙකු වත් ස්පර්ශ කරන කෙනෙක් හෝ අපවිත්‍ර වන්නේ ය.
6
මෙසේ ස්පර්ශ කිරීමෙන් අපවිත්‍ර වූ පූජකයෙකු සවස දක්වා අපවිත්‍ර යයි සැලකේ. ඔහු ජලස්නානය කරන්නට පෙර ශුද්ධ පූජාවලින් කිසිවක් නොවැළඳිය යුතු ය.
7
ඉර බැස ගිය පසු ඔහු පවිත්‍ර වනු ඇත. ඉන්පසු ඔහුගේ ආහාර වන පූජා ඔහුට වැළඳිය හැක.
8
ඉබේ ම මැරුණු හෝ වන මෘගයෙකු විසින් මරන ලද හෝ සතෙකුගේ මස් ඔහු නොවැළඳිය යුතු ය. එවැන්නකින් ඔහු අපවිත්‍ර වනු ඇත. මම සමිඳාණන් වහන්සේ වෙමි.
9
“එබැවින් පූජකවරුන් සියලු දෙන මාගේ නියෝග පිළිපැදිය යුතු ය. ඔවුන් ඒවා කඩ කළොත්, ඒවා ගැන වරදකරුවන් වන බැවින් ඔවුන් මරණයට පත් කළ යුතු ය. ඔවුන් කැප කරන සමිඳාණන් වහන්සේ මම වෙමි.
10
“පූජකයෙකු නොවන්නෙකු ශුද්ධ පඬුරු අනුභව නොකළ යුතු ය. ඒ තැනැත්තා පූජකවරයා සමඟ වසන ආගන්තුකයෙක් වේවා, කුලියට ගත් දාසයෙක් වේවා, මෙවැන්නෙකු එවැනි ශුද්ධ පඬුරු අනුභව නොකළ යුතු ය.
11
එහෙත්, පූජකවරයා මිල දී ගත් වහල් අයට හෝ ඔහුගේ ගෘහයේ උපන් අයට හෝ ඔහුගේ ආහාර අනුභව කළ හැක.
12
පූජකවරයාගේ දුවක් පූජකයෙකු නොවන කෙනෙකුට විවාහ වී සිටී නම්, ඈ ද පුදන ශුද්ධ පඬුරු අනුභව නොකළ යුතු ය.
13
එහෙත්, ඔහුගේ දුව වැන්දඹුවක් නම්, දික්කසාද වී දරුවෙකු ද නොලබා, පියාගෙන් නඩත්තු වීමට ඔහුගේ ගෘහයට ආපසු ගියා නම්, ඈට ද පියාගේ ආහාර අනුභව කළ හැක. එහෙත්, පූජක පවුලට අයිති නොවන කෙනෙක් නම් එවැනි ආහාර අනුභව නොකළ යුතු ය.
14
“පූජක පවුලට අයිති නොවන යමෙකු නොදැනුවත් ව ශුද්ධ දෙයින් අනුභව කළහොත්, ඊට අමතර ව තව පහෙන් කොටසක් එකතු කොට එය පූජකවරයාට දිය යුතු ය.
15
මෙලෙස ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේට පුදන ශුද්ධ පඬුරු අපවිත්‍ර නොකළ යුතු ය.
16
අවසර නොලත් අයට ඒ ශුද්ධ පඬුරු අනුභව කිරීමට ඉඩ දීමෙන්, ඒ අය දඬුවම් ලැබීමට සුදුසු වරදකරුවන් වනු ඇත. ඒවා කැප කරන සමිඳාණන් වහන්සේ මම වෙමි.”
17
සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා
18
ආරොන්ටත්, ඔහුගේ පුතුන්ටත්, මුළු ඉශ්රායෙල් ජනයාටත් කියන ලෙස මෙසේ වදාළ සේක: “ඉශ්රායෙල් ජනයා අතර යමෙක් වේවා, ඔවුන් අතර වසන විදේශිකයෙක් වේවා, තමන්ගේ බාර හාර ඉටු කරන පිණිස ද ස්වේච්ඡා පූජාවක් සඳහා ද දවන යාග පූජාවක් සමිඳාණන් වහන්සේට ඔප්පු කරන්නේ නම්,
19
ඒ සතා ගවයන්ගෙන් හෝ බැටළුවන්ගෙන් හෝ එළුවන්ගෙන් හෝ තෝරාගන්නා ලද කැළලක් නැති පිරිමි සතෙකු විය යුතු ය.
20
යම් කිසි කැළලක් ඇති සතෙකු ඔප්පු නොකළ යුතු ය. එසේ කළොත්, එය බාරගනු නොලැබේ.
21
යමෙකු බාරයක් ඉටු කිරීමට හෝ ස්වේච්ඡා පූජාවක් සඳහා හෝ ගවයන්ගෙන් හෝ බැටළුවන්ගෙන් හෝ සතෙකු සහභාගිකමේ පූජාවක් වශයෙන් සමිඳාණන් වහන්සේට ඔප්පු කරන විට, එය පිළිගනු ලබන්නේ ඒ සතා කැළැල් රහිත අංග සම්පූර්ණ එකෙක් වේ නම් පමණ ය.
22
ඇස් නොපෙනෙන හෝ අවයව කැඩුණු හෝ අබ්බාගාත වූ හෝ වණ පිළිකා හා දද ඇති හෝ සතෙකු පූජාසනය මත ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පුදන පූජාවක් කොට ඔප්පු නොකළ යුතු ය.
23
එහෙත්, ස්වේච්ඡා පූජාවක් ලෙස අසාමාන්‍ය අවයවයක් ඇති ගොනෙකු හෝ බැටළුවෙකු පුද කළ හැකි ය. බාරයක් ඉටු කිරීම සඳහා නම් එවැන්නක් පිළිගනු නොලැබේ.
24
තුවාළ වුණු හෝ තැළුණු හෝ කැඩුණු හෝ කැපූ හෝ අණ්ඩ ඇති සතෙකු සමිඳාණන් වහන්සේට ඔප්පු නොකළ යුතු ය. මෙවැන්නක් කිරීමට නුඹේ රටේ අවසර නොදෙනු ඇත.
25
“මෙවැනි සතෙකු නුඹ විදේශිකයෙකුගේ අතින් වත් ගෙන, ආහාර පූජාවක් වශයෙන් සමිඳාණන් වහන්සේට ඔප්පු නොකළ යුතු ය. එවැනි ශාරීරික දෝෂ, කැළැල් වන බැවින් නුඹ උදෙසා උන් නොපිළිගනු ලැබේ.”
26
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:
27
“වහු පැටියෙකු හෝ බැටළු පැටියෙකු හෝ එළු පැටියෙකු හෝ උපන් විට, දවස් හතක් යන තෙක් ඌ උගේ මවගෙන් ඉවතට නොගත යුතු ය. අට වන දින පටන් සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන පූජාවක් ලෙස ඌ පිළිගනු ඇත.
28
එළදෙනක සමඟ උගේ වස්සා ද බැටළු දෙනක සමඟ උගේ පැටියා ද එක දින ම නොමැරිය යුතු ය.
29
නුඹ සමිඳාණන් වහන්සේට ස්තුති දීමේ පූජාවක් පුද කරන කල එය පිළිගත හැකි වන පරිදි ඉටු කළ යුතු ය.
30
එය පුද කරන දවසේ ම එය අනුභව කළ යුතු ය. පසු දින වන තෙක් ඉන් කිසිවක් ඉතිරි නොකළ යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.
31
“නුඹලා මාගේ ආඥා රකිමින් ඒවා පිළිපැදිය යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.
32
නුඹලා මාගේ ශුද්ධ නාමයට අපහාස නොකළ යුතු ය. මුළු ඉශ්රායෙල් ජනයා මා විශුද්ධ ලෙස සැලකිය යුතු ය. නුඹලා විශුද්ධ කරන සමිඳාණන් වහන්සේ මම වෙමි.
33
නුඹලාගේ දෙවියන් වහන්සේ වන පිණිස මම මිසර දේශයෙන් නුඹලා පිටතට ගෙනාවෙමි. මම සමිඳාණන් වහන්සේ ය.”
← Chapter 21
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 23 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27