bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Leviticus 14
Leviticus 14
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 13
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 15 →
1
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:
2
“බෝවෙන චර්ම රෝගියෙකු සුව වී තමා ශුද්ධ පවිත්‍ර වන දවසේ දී ඔහු කෙරෙහි බලපාන නීතිය මෙය වේ. එනම්, ඔහු පූජකවරයා වෙත ගෙන ආ යුතු ය.
3
පූජකවරයා ඔහු කඳවුරෙන් පිටතට කැඳවා ගෙන ගොස් ඔහු සෝදිසි කොට බෝවෙන චර්ම රෝගය සුව වී ඇත්නම්,
4
පවිත්‍ර වීමේ පිළිවෙත සඳහා පණපිටින් පවිත්‍ර පක්ෂීන් දෙදෙනෙකු ද කිහිරි ගසින් ලී කෑල්ලක් ද දම් පාට රෙදි කඩක් ද හිසොප් නම් පැළෑටියක් ද ගෙනෙන්නට අණ කළ යුතු ය.
5
පසුව පිරිසිදු වතුර දැමූ මැටි බඳුනක් තුළ, වතුරට උඩින් පක්ෂීන් දෙදෙනාගෙන් එකෙකු මැරීමට අණ කළ යුතු ය.
6
ඉන්පසු වතුරට උඩින් තබා මරන ලද පළමු පක්ෂියාගේ ලේවල, පණපිටින් සිටින අනික් පක්ෂියා ද කිහිරි ලී කෑල්ල ද දම් පාට රෙදි කඩ ද හිසොප් පැළය ද ගිල්වා,
7
ඔහු බෝවෙන චර්ම රෝගය තිබූ තැනැත්තා මත හත්වරක් ලේ ඉස, ඔහු පවිත්‍ර යයි ප්‍රකාශ කොට, පණපිටින් සිටින පක්ෂියාට එළිමහනේ පියාඹා යෑමට ඉඩ හැරිය යුතු ය.
8
පවිත්‍ර විය යුතු තැනැත්තා ද තම වස්ත්‍ර සෝදාගෙන, හිස මුඩු කොට ස්නානය කළ යුතු ය. මෙසේ කළ පසු ඔහු පවිත්‍ර වනු ඇත. ඔහු කඳවුරට ඇතුළු වී හත් දිනක් තුළ තම කූඩාරමෙන් පිටත සිටිය යුතු වේ.
9
හත් වන දින දී ඔහු නැවත තම හිස මුඩු කොට, රැවුල බාගෙන ඇස් බැමි ද බූගාගෙන තම වස්ත්‍ර ද සෝදා ස්නානය කළ යුතු ය. එවිට ඔහු පවිත්‍ර වනු ඇත.
10
“අට වන දින ඔහු කැළැල් රහිත බැටළු වස්සන් දෙදෙනකු ද කැළැල් රහිත අවුරුද්දක් වයසැති බැටළු වැස්සියක ද තෙල් මිශ්‍ර සිහින් පිටි කිලෝග්‍රෑම් තුනක් ද තෙල් ලීටර් එකකින් තුනෙන් පංගුවක් ද ධාන්‍ය පූජාවක් වශයෙන් ගත යුතු ය.
11
ඉන්පසු රෝගියාගේ පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කරන පූජකවරයා රෝගියාත්, පෙර කී පඬුරුත් සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සමිඳාණන් වහන්සේ ඉදිරියට ගෙන යා යුතු ය.
12
එවිට පූජකවරයා බැටළු වස්සෙකු ගෙන ඔහු උදෙසා වන්දි ගෙවීමේ පූජාවක් පිණිස තෙල් ලීටර් එකකින් තුනෙන් පංගුවක් සමඟ ඌ පුද කරමින් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කොට පිළිගැන්විය යුතු ය.
13
පසුව ඔහු පාප පූජාවට සහ දවන යාග පූජාවට ගන්න සතුන් මරන ශුද්ධස්ථානයේ දී බැටළු වස්සා මැරිය යුතු ය. පාප පූජාවේ සතා පූජකවරයාට හිමි සේ ම වන්දි ගෙවීමේ පූජාවේ සතා ද ඔහුට හිමි වේ. එය අතිශුද්ධ ය.
14
පූජකවරයා වන්දි ගෙවීමේ පූජාවේ සතාගේ ලෙයින් ටිකක් ගෙන පවිත්‍ර වීමේ පිළිවෙත ලබන තැනැත්තාගේ දකුණු කන් පෙත්තෙහි ද දකුණතේ මාපටැඟිල්ලේ ද දකුණු පයේ මාපටැඟිල්ලේ ද තැවරිය යුතු ය.
15
ඉන්පසු ඔහු තෙල් ටිකක් ගෙන තම වමතේ අල්ලට වත් කර,
16
දකුණතේ ඇඟිල්ල වමතේ අල්ලේ ඇති තෙලට දමා, එයින් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි හත්වරක් ඉසිය යුතු ය.
17
මෙසේ කොට ඔහු තම අතේ ඇති ඉතිරි තෙලින් ටිකක් පවිත්‍ර වීමේ පිළිවෙත ලබන්නාගේ දකුණු කන් පෙත්තේ ද දකුණු මාපටැඟිල්ලේ ද දකුණු පයේ මාපටැඟිල්ලේ ද වන්දි ගෙවීමේ පූජාවේ ලේ මත ද දැමිය යුතු ය.
18
තම අතේ ඇති ඉතිරි තෙල පවිත්‍ර වීමේ පිළිවෙත ලබන්නාගේ හිස මත වත් කරමින් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔහු වෙනුවෙන් පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කළ යුතු ය.
19
“ඉන්පසු පූජකවරයා ද පාප පූජාව ඔප්පු කොට, අපවිත්‍රකමින් පවිත්‍ර විය යුතු තැනැත්තා උදෙසා, පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කළ පසු දවන යාග පූජාවේ සතා මැරිය යුතු වේ.
20
පසුව දවන යාග පූජාවත්, ධාන්‍ය පූජාවත් පූජාසනය මත පුද කොට ඒ තැනැත්තා උදෙසා පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කළ පසු ඔහු පවිත්‍ර වනු ඇත.
21
යමෙකුගේ දිළිඳුකම නිසා වඩා යමක් ගෙනෙන්නට ඔහුට නොහැකි නම්, ඔහු පූජකවරයා වෙත ගෙන ආ යුතු ඒ වන්දි ගෙවීමේ පූජාව සඳහා එක බැටළු වස්සෙකු හා ධාන්‍ය පූජාව සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් කිලෝග්‍රෑම් එකක් ඇතුළු තව තෙල් ලීටර් එකකින් තුනෙන් පංගුවක් ගෙනා යුතු ය.
22
තවද, ඔහුගේ පුළුවන්කමේ හැටියට කොබෙයියන් ජෝඩුවක් හෝ පරෙවියන් ජෝඩුවක් හෝ ගෙනා යුතු ය. මින් එකක් පාප පූජාවක් සඳහා ය, අනික දවන යාග පූජාවක් සඳහා ය.
23
අට වන දින තමාගේ පවිත්‍ර වීම සඳහා ඔහු මේ සියල්ල සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිටින පූජකවරයා වෙත ගෙනා යුතු ය.
24
පසුව පූජකවරයා වන්දි ගෙවීමේ පූජාව පිණිස සිටින බැටළු පැටියා ද තෙල් ලීටර් එකකින් තුනෙන් පංගුවක් ද සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පූජාව ඔප්පු කරමින් පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කළ යුතු ය.
25
ඔහු වන්දි ගෙවීමේ පූජාවේ බැටළුවා මරා, එයින් ලේ ටිකක් ගෙන, පවිත්‍ර වීම ලබන තැනැත්තාගේ දකුණු කන් පෙත්තෙහි ද ඔහුගේ දකුණතේ මාපටැඟිල්ලේ ද දකුණු පයේ මාපටැඟිල්ලේ ද තැවරිය යුතු වේ.
26
ඉන්පසු ඔහු තෙල් ටිකක් තම වමතේ අල්ලට වත් කොට,
27
දකුණතේ ඇඟිල්ලෙන් එම තෙල් ටිකක් ගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි හත්වරක් ඉසිය යුතු ය.
28
තවද, ඔහු තම අතේ තිබෙන තෙලින් ටිකක් ගෙන පවිත්‍ර වීම ලබන තැනැත්තාගේ දකුණු කන් පෙත්තේ ද දකුණතේ මාපටැඟිල්ලේ ද දකුණු පයේ මාපටැඟිල්ලේ ද වන්දි ගෙවීමේ පූජාවේ ලේ මත ද දැමිය යුතු වේ.
29
පූජකවරයා තම අතේ ඇති ඉතිරි තෙල් පවිත්‍ර වීම ලබන තැනැත්තාගේ හිස මත වත් කරමින්, ඔහු වෙනුවට සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කළ යුතු ය.
30
පසුව ඔහුගේ වත්කමේ හැටියට ගෙනා හැකි කොබෙයියෙකු හෝ පරෙවියෙකු හෝ පුද කළ යුතු ය.
31
එකෙකු ඔප්පු කළ යුත්තේ පාප පූජාවක් සඳහා ය; අනිකා ධාන්‍ය පූජාවක් සමඟ ඔප්පු කළ යුත්තේ දවන යාග පූජාවක් සඳහා ය; මෙලෙස පූජකවරයා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පවිත්‍ර වීම ලබන්නා වෙනුවට පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කළ යුතු ය.
32
පවිත්‍ර වීම සඳහා ගත යුතු පඬුරු ගෙනෙන්නට නොහැකි, බෝවෙන චර්ම රෝගියෙකු කෙරෙහි බලපාන නීතිය මෙය වේ.”
33
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට කතා කොට මෙසේ වදාළ සේක:
34
“උරුම වශයෙන් නුඹලාට දෙන්නට යන කානාන් දේශයට නුඹලා පැමිණි විට, උරුම වන එම දේශයේ යම් ගෘහයක ලාදුරු රෝගය බෝවෙන්නට මා සැලැස්සුවොත්,
35
එවිට ගෙහිමියා පූජකවරයා වෙත පැමිණ, ‘මාගේ ගෙදර ලාදුරු රෝගයෙහි ලකුණු ඇති සේ පෙනේ යැ’යි කිව යුතු ය.
36
එවිට පූජකවරයා ඒ ලකුණු පරීක්ෂා කිරීමට ගෙට ඇතුළු වන්නට පෙර ගෙයි ඇති සියල්ල අපවිත්‍ර නොවනු පිණිස ඒ ගේ හිස් කරන්නට අණ දිය යුතු ය. ඉන්පසු පූජකවරයා ගෙට ඇතුල් වනු ඇත.
37
එසේ ඇතුළු වී ඒ ලකුණු පරීක්ෂා කොට ගෙයි බිත්තියේ ඉරි ගැසී ඇති තැන් කොළ පාටට හෝ රතට හෝ හුරුව, බිත්තියේ යටට ම ගොස් තිබෙන බව පෙනේ නම්,
38
ඔහු ගෙයින් නික්ම දොරින් පිටතට අවුත්, හත් දවසකට ගෙය වසාදැමිය යුතු ය.
39
හත් වන දින දී ඔහු පැමිණ පරීක්ෂා කොට ඒ ලකුණු ගෙයි බිත්තිවල පැතිර ගොස් තිබේ නම්,
40
ඒ ලකුණු ඇති ගඩොල් ගලවා, නගරයේ පිටත කසළ ගොඩකට දැමීමට අණ කළ යුතු ය.
41
තවද, ගෙයි ඇතුළු බිත්ති සූරා, සූරන ලද බදාම නගරයේ පිටත කසළ ගොඩකට දමන ලෙස අණ කළ යුතු වේ.
42
ඉන්පසු වෙන ගඩොල් ගෙන පළමු ගඩොල් තිබූ ස්ථානවලට දමා තව බදාම ද රැගෙන ගෙය කපරාරු කළ යුතු ය.
43
“ගඩොල් අහකට ගෙන, ගෙය සූරා, එය කපරාරු කළ පසු ඒ ලකුණු මතු වී, ඒවා ගෙයි පැතිරී ගියහොත්,
44
පූජකවරයා යළි පැමිණි විට රෝගය ගෙයි පැතිරී ගොස් තිබෙන බව පෙනේ නම්, එය සැරෙන් පැතිරී යන බෝවෙන චර්ම රෝගයක් ය, එය අපවිත්‍ර ය.
45
ඔහු ගෙය ද එහි ගඩොල් ද ලී දඬු ද බදාම සම්පූර්ණයෙන් ද කඩාදමා නගරයෙන් පිටත කසළ ගොඩකට ඒවා ගෙන යා යුතු ය.
46
තවද, යමෙකු ඒ ගේ වසා තිබෙන කාලය තුළ එහි ඇතුළු වුවහොත්, ඔහු සවස දක්වා අපවිත්‍ර යයි සලකනු ලැබේ.
47
යමෙකු එම ගෙයි සැතපුණොත්, නැත්නම් ඒ ගෙය තුළ යමක් අනුභව කළොත්, ඔහු තම වස්ත්‍ර සෝදා ගත යුතු ය.
48
“පූජකවරයා ගෙය ඇතුළට විත්, එය පරීක්ෂා කොට ගෙය කපරාරු කළ පසු රෝග ලකුණු එහි පැතිරී ගොස් නැත්නම්, රෝග ලකුණු සුව වී ඇති බැවින් ඒ ගෙය පවිත්‍ර බව ප්‍රකාශ කළ යුතු ය.
49
ඔහු ගෙය පවිත්‍ර කරනු පිණිස පක්ෂීන් දෙදෙනෙකු ද කිහිරි ලී කෑල්ලක් ද දම් පාට රෙදි කඩක් ද හිසොප් පැළයක් ද ගෙනා යුතු ය.
50
පිරිසිදු වතුර ඇති මැටි බඳුනක උඩින් තබා එක පක්ෂියෙකු මරා,
51
පිරිසිදු වතුරේ මැරූ පක්ෂියාගේ ලේවල කිහිරි ලී කෑල්ල ද හිසොප් පැළය ද දම් පාට රෙදි කඩ හා පණපිටින් සිටින පක්ෂියා ද දමා ඒ ගෘහයට හත්වරක් ඉසිය යුතු ය.
52
මෙසේ ඔහු පක්ෂියාගේ ලෙයින් ද පිරිසිදු වතුරෙන් ද පණපිටින් සිටින පක්ෂියාගෙන් ද කිහිරි ලී කෑල්ලෙන් ද හිසොප් පැළයෙන් හා දම් පාට රෙදි කඩින් ද ගේ පවිත්‍ර කළ යුතු ය.
53
ඉන්පසු ඔහු පණපිටින් සිටින පක්ෂියාට නගරයෙන් පිටත එළිමහනේ පියාඹා යන්නට හැරිය යුතු ය. මෙලෙස ගෙය පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කළ විට එය පවිත්‍ර වනු ඇත.
54
“ඉහත දැක්වූයේ බෝවෙන චර්ම රෝග හා දද පිළිබඳ ව ද
55
වස්ත්‍රයක සහ ගෙදරක බෝවෙන චර්ම රෝග වැනි ලකුණු මතු වූ විට ද,
56
ඉදිමුමක්, තඩිස්සියක් හා පැල්ලමක් පිළිබඳ ව ද ඒවා කෙරෙහි බලපාන
57
අපවිත්‍ර දේ පවිත්‍ර දෙයින් වෙන් කිරීමට උගැන්වීමට ඉවහල් වන නීති වේ.”
← Chapter 13
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 15 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27