bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Leviticus 2
Leviticus 2
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 3 →
1
“යමෙක් සමිඳාණන් වහන්සේට ධාන්‍ය පූජාවක් ඔප්පු කරන්නේ නම්, ඔහුගේ පූජාව සිහින් පිටිවලින් විය යුතු ය. තවද, එහි තෙල් වත් කොට එය මත තුවරලා ද දැමිය යුතු ය.
2
පසුව පූජකයන් වන ආරොන්ගේ පුතුන් වෙත ඔහු එය ගෙනා යුතු ය. පූජකවරයා පිටිවලින් හා තෙලින් අතලොස්සක් ද එහි ඇති තුවරලා සියල්ල ද ගෙන පූජාසනය මත එය සිහිවීමේ කොටස වශයෙන් දැවිය යුතු ය. ගින්නෙන් දවා පුදන ලද මේ පූජාව සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳකි.
3
ධාන්‍ය පූජාවේ ඉතිරි කොටස ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට අයිති වේ. එය සමිඳාණන් වහන්සේට පිදූ දවන පූජාවලින් අතිශුද්ධ කොටස වනු ඇත.
4
“නුඹ ඇනූ පිටි, උදුනේ පුළුස්සා ධාන්‍ය පූජාවක් වශයෙන් ගෙනෙන්නෙහි නම්, එය සිහින් පිටි කලවම් කළ, තෙල් මිශ්‍ර නුමුහුන් රොටි හෝ තෙල් ගෑ නුමුහුන් තුනී රොටි හෝ විය යුතු ය.
5
“නුඹේ ධාන්‍ය පූජාව කබලක බදින ලද ඇනූ පිටි නම්, එය නුමුහුන්, තෙල් මිශ්‍ර, සිහින් පිටිවලින් සෑදූ රොටියක් විය යුතු ය.
6
එය කෑලි කොට කඩා එය මත තෙල් වත් කළ යුතු ය. එය ධාන්‍ය පූජාවක් වනු ඇත.
7
“නුඹේ පූජාව තාච්චියක පිළියෙළ කළ ධාන්‍ය පූජාවක් නම් එය තෙල් මිශ්‍ර, සිහින් පිටිවලින් සෑදිය යුතු ය.
8
නුඹ මේවායින් සූදානම් කළ ධාන්‍ය පූජාව සමිඳාණන් වහන්සේ වෙත ගෙනවුත්, එය පූජකවරයාට පිළිගැන්වූ විට ඔහු එය පූජාසනයට ගෙනා යුතු ය.
9
පූජකවරයා ද එම ධාන්‍ය පූජාවෙන් සිහිවීමේ කොටස ගෙන එය පූජාසනය මත දැවිය යුතු ය. ගින්නෙන් දවා පිදූ එම පූජාව සමිඳාණන් වහන්සේ වෙත නඟින ඉමිහිරි සුවඳකි.
10
ධාන්‍ය පූජාවෙන් ඉතිරි කොටස ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට අයිති ය. එය සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පිදූ පූජාවලින් අතිශුද්ධ කොටස වේ.
11
“සමිඳාණන් වහන්සේ වෙත ගෙනෙන කිසි ම ධාන්‍ය පූජාවක් මුහුන් දමා නොසෑදිය යුතු ය. නුඹ සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන කිසි ම පූජාවක මුහුන් හෝ මී පැණි හෝ නොදැමිය යුතු ය.
12
මේවා නාඹුල් පල පූජාවක් ලෙස සමිඳාණන් වහන්සේට පුද කළ හැකි වුව ද, එය සුමිහිරි සුවඳක් මෙන් නැඟීමට පූජාසනය මත නොදැවිය යුතු ය.
13
නුඹ ධාන්‍ය පූජාව වශයෙන් පුදන සෑම පූජාවක් ම ලුණු දමා රසවත් කළ යුතු වේ. එසේ කළ යුත්තේ, ලුණු, නුඹ ද සමිඳාණන් වහන්සේ ද අතර ගිවිසුමේ ලකුණක් වනු පිණිස ය. නුඹේ සෑම ධාන්‍ය පූජාවක් සමඟ ම ලුණු ද පුද කළ යුතු ය.
14
නුඹ නාඹුල් පලවලින් ධාන්‍ය පූජාව පුදන්නෙහි නම්, එම පූජාව වශයෙන්, නුඹ ගින්නෙන් බදින ලද අමු තිරිඟු කරල් හෝ එවැනි කරල්වලින් පොඩි කරන ලද ධාන්‍ය හෝ ගත යුතු ය.
15
එය මත තෙල් වත් කොට තුවරලා දැමිය යුතු ය. එවිට එය ධාන්‍ය පූජාවක් වනු ඇත.
16
පොඩි කළ ධාන්‍යවලින් කොටසක් ද තෙලින් කොටසක් ද එහි තුවරලා සියල්ල සමඟ සිහිවීමේ කොටස වශයෙන් පූජකවරයා විසින් දවනු ලැබිය යුතු ය. එය ද ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පිදූ පූජාවකි.”
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 3 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27