bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Leviticus 27
Leviticus 27
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 26
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
1
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට,
2
“ඉශ්රායෙල් ජනයා අමතා මෙය කියන්නැ”යි වදාළ සේක. “යමෙකු බාරයක් ඉටු කරන පිණිස තමා ම සමිඳාණන් වහන්සේට කැප කරගත් විට, ඔහු නිදහස් වීම සඳහා ගෙවිය යුතු මුදල නියම කළ යුත්තේ පහත දක්වන පිළිවෙළට ය.
3
“ඔහු අවුරුදු විස්සේ සිට හැට දක්වා වයසැති පිරිමියෙක් නම්, ගෙවිය යුතු මුදල ශුද්ධස්ථානයේ මිලය අනුව රිදී කාසි පණහකි.
4
ස්ත්‍රියක් නම්, ගෙවිය යුතු මුදල රිදී කාසි තිහක් වේ.
5
“අවුරුදු පහේ සිට විස්ස දක්වා වයසැති පිරිමියෙක් නම්, ගෙවිය යුතු මුදල රිදී කාසි විස්සකි. ස්ත්‍රියක් නම්, රිදී කාසි දහයකි.
6
“මාසයේ සිට අවුරුදු පහ දක්වා වයසැති පිරිමි ළමයෙක් නම්, ගෙවිය යුතු මුදල රිදී කාසි පහකි. ගැහැණු ළමයෙක් නම්, රිදී කාසි තුනකි.
7
“අවුරුදු හැටට වැඩි වයසැති පිරිමියෙක් නම්, ගෙවිය යුතු මුදල රිදී කාසි පසළොසකි. ස්ත්‍රියක් නම්, රිදී කාසි දහයකි.
8
“බාරය වූ තැනැත්තා, නියම කළ මුදල ගෙවීමට නොහැකි දුප්පතෙක් නම්, ඔහු පූජකවරයා ඉදිරියෙහි පෙනී සිටිය යුතු ය. පූජකවරයා ද ඔහුගේ වත්කම අනුව මුදලක් නියම කරනු ඇත.
9
“බාර වූ දේ සමිඳාණන් වහන්සේට පූජාවක් ලෙස පිළිගත හැකි සතෙක් නම්, එලෙස උන් වහන්සේට පුදන දේ කැප වූවක් විය යුතු ය.
10
ඔහු බාර වූ පසු හොඳ සතෙකුට නරක සතෙකු හෝ නරක සතෙකුට හොඳ සතෙකු හෝ වශයෙන් මාරු නොකළ යුතු ය. එසේ මාරු කළොත්, සතුන් දෙදෙනා ම සමිඳාණන් වහන්සේට කැප කළ වස්තු වෙත්.
11
ඒ නිසා සමිඳාණන් වහන්සේට පූජාවක් කොට, අපවිත්‍ර යයි සැලකෙන සතෙක් ගෙනවිත් තිබේ නම්, ඒ තැනැත්තා ඌ පූජකවරයා වෙත ගෙනා යුතු ය.
12
පූජකවරයා ද උගේ හොඳ නරක හැටියට මිල නියම කළ පසු, ඒ මිල අවසාන තීරණය වනු ඇත.
13
ඒ තැනැත්තා ඌ නිදහස් කරගැනීමට කැමැති නම්, නියම කළ මිලට අමතර ව තව එයින් පහෙන් පංගුවක් ඊට එකතු කළ යුතු ය.
14
“යම් මිනිසෙකු සමිඳාණන් වහන්සේට තම නිවාසය කැප කළ විට, පූජකවරයා ද එහි හොඳ නරක තත්ත්වයේ හැටියට එහි මිල තක්සේරු කළ යුතු ය. පූජකවරයාගේ තක්සේරුව අවසාන තීරණය වනු ඇත.
15
එය කැප කළ තැනැත්තා, ඒ නිවාසය නිදහස් කරගැනීමට කැමැති නම්, එහි මිලට අමතර ව එයින් පහෙන් පංගුවක් එකතු කළ යුතු ය. එවිට නිවාසය ඔහුගේ වනු ඇත.
16
“යමෙක් තමාට ප්‍රවේණියෙන් හිමි ඉඩකඩම්වලින් යමක් සමිඳාණන් වහන්සේට කැප කරයි නම්, එය තක්සේරු කළ යුත්තේ එහි වැපිරිය හැකි ප්‍රමාණය අනුව ය. බාර්ලි ඇටවලින් කිලෝග්‍රෑම් විස්සක වටිනාකම රිදී කාසි දහයකි.
17
ඔහු තම ඉඩම ජුබිලි වර්ෂයේ දී කැප කරන්නේ නම්, සම්පූර්ණ තක්සේරු මුදල වලංගු වේ.
18
එහෙත්, ඉන්පසු එය කැප කරයි නම්, පූජකවරයා ඊළඟ ජුබිලි වර්ෂය දක්වා ඇති අවුරුදු ගණන් කොට, අඩු මිලක් නියම කළ යුතු ය.
19
ඉඩම කැප කළ තැනැත්තා එය නිදහස් කරගැනීමට කැමැති නම්, නියම කළ මුදලට අමතර ව තව පහෙන් පංගුවක් ඊට එකතු කළ යුතු ය. එවිට එය ඔහුගේ වනු ඇත.
20
එය නිදහස් කර නොගෙන, ඔහු යමෙකුට එය විකුණුවහොත්, එය ආපසු නිදහස් කරගැනීමට නොහැකි වනු ඇත.
21
එවිට ඊළඟ ජුබිලි වර්ෂයේ දී එය සමිඳාණන් වහන්සේට කැප කළ ඉඩමක් ලෙස ශුද්ධ භූමියක් වනු ඇත. එය පූජකවරයාට හිමි වේ.
22
“යමෙකු තමන්ට ප්‍රවේණියෙන් අයිති නො වූ ඉඩමක් මිලයට ගෙන එය සමිඳාණන් වහන්සේට කැප කළොත්,
23
පූජකවරයා එහි වටිනාකම තක්සේරු කළ යුත්තේ ජුබිලි වර්ෂය දක්වා ඇති අවුරුදු ගණන අනුව ය. ඒ දින ම ඔහු මුදල ගෙවිය යුතු ය. ඒ මුදල කැප වූ වස්තුවක් වනු ඇත.
24
ජුබිලි වර්ෂයේ දී ඒ ඉඩම පළමු හිමිකරුට හෝ ඔහුගෙන් පැවත එන අයට හෝ හිමි වනු ඇත.
25
“සියලු තක්සේරු ගිණිය යුත්තේ ශුද්ධස්ථානයේ මිලය අනුව ය. ගෙරා විස්සක් රිදී කාසි එකකි.
26
“සතෙකුගේ කුලුඳුල් පැටියා සමිඳාණන් වහන්සේගේ ම බැවින්, උන් වහන්සේට කැප කළ යුතු නොවේ. ඒ සතා වස්සෙක් හෝ බැටළු පැටියෙක් හෝ වේවා, ඌ සමිඳාණන් වහන්සේගේ ය.
27
එහෙත්, කුලුඳුල් සතා අපවිත්‍ර සතෙක් නම්, තක්සේරු මුදල අනුව ඊට පහෙන් පංගුවක් එකතු කොට ඌ මුදාගත යුතු ය. ඌ මුදා නොගන්නේ නම්, යමෙකුට නියම මුදලට ඌ විකිණිය හැක.
28
“යමෙකු සම්පූර්ණ වශයෙන් සමිඳාණන් වහන්සේට මිනිසෙකු හෝ සතෙකු හෝ තමාට අයිති ඉඩමක් හෝ කැප කළොත්, එය විකිණිය නොහැක, ඒවා ආපසු නිදහස් කොට ගත නොහැක. එවැන්නෙක් හෝ එවැන්නක් හෝ සමිඳාණන් වහන්සේට සහමුලින් ම ශුද්ධ වස්තුවකි.
29
සමිඳාණන් වහන්සේට සම්පූර්ණයෙන් ම කැප කළ මිනිසෙකු ආපසු නිදහස් කරගත නොහැකි ය. ඔහු මරණයට පත් කළ යුතු ම ය.
30
“කෙත්වතුවල ධාන්‍යයෙන් හෝ ගස්වල පලදාවෙන් හෝ ඇති වන භූමියේ මුළු අස්වැන්නෙන් දහයෙන් පංගුවක් සමිඳාණන් වහන්සේට කැප වූවකි. එවැන්නක් උන් වහන්සේට ශුද්ධ වස්තුවකි.
31
යමෙක් ඒ දහයෙන් පංගුව නිදහස් කරගනු කැමැති නම්, එයින් පහෙන් පංගුවක් ඊට අමතර ව එකතු කළ යුතු ය.
32
ගණන් කරන පිණිස කෙවිට යටින් යන ගව පට්ටිවල හෝ එළු බැටළු පට්ටිවල හෝ දහ වන සතා සමිඳාණන් වහන්සේට කැප කළ යුතු ය.
33
ඌ හොඳ ද, නරක ද කියා සොයන්නට හෝ ඌ මාරුකරන්නට හෝ ඔහුට යුතු නැත. එසේ මාරු කළොත්, පළමු සතුන් දෙදෙනා ම සමිඳාණන් වහන්සේට කැප වනු ඇත. උන් ආපසු නිදහස් කරගත නොහැක.”
34
සමිඳාණන් වහන්සේ සීනයි කන්දේ දී ඉශ්රායෙල් ජනයා උදෙසා මෝසෙස්ට දුන් ආඥා මේවා ය.
← Chapter 26
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27