bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Leviticus 24
Leviticus 24
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 23
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 25 →
1
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:
2
“පහන් නිතර ම දැල්වෙමින් පවතින පිණිස ඒවා සඳහා ඉස්තරම්, පිරිසිදු ඔලීව තෙල් ගෙනෙන්න ඉශ්රායෙල් ජනයාට අණ කරන්න.
3
සම්මුඛ මණ්ඩපයේ ගිවිසුම් කරඬුව ඉදිරිපිට ඇති තිරයට පිටතින් ඒවා සවස සිට උදය දක්වා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නිතර ම දැල්වෙමින් තැබීමට ආරොන් වග බලාගත යුතු ය. මෙය නුඹලාගේ පෙළපත තුළ සදහට ම වලංගු නියෝගයකි.
4
තවද, ඔහු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නිතර ම තනි රන් පහන් රුක මත ඒවා තැබීමට අණ කළ යුතු ය.”
5
“නුඹ සිහින් පිටි රැගෙන රොටි දොළොසක් සාදන්න. එක රොටියක පිටි කිලෝග්රෑම් එකක් විය යුතු ය.
6
පසුව සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තනි රන් ගාන ලද මේසය උඩ, එක පේළියකට හය බැගින් පේළි දෙකකට රොටි තැබිය යුතු ය.
7
ඉන්පසු පේළි දෙකේ ම පිරිසිදු තුවරලා දැමිය යුතු ය. මෙලෙස රොටි මත වැටෙන තුවරලා සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුද කරන ආහාර පූජාවක් සිහිවීමේ ලකුණක් වනු ඇත.
8
සෑම සබත් දවසක ම මින් ඉදිරියට ඔහු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මේවා පිළිවෙළට තැබිය යුතු ය. මෙලෙස ඉශ්රායෙල් ජනයා උදෙසා ඒවා සදාතන ගිවිසුමක් වනු ඇත.
9
මේ රොටි ආරොන්ට සහ ඔහුගේ පුත්රයන් හට අයිති වනු ඇත. ඔවුන් ඒවා ශුද්ධස්ථානයක වැළඳිය යුතු ය. මේවා පූජකවරුන් සඳහා සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන ආහාර පූජාවේ අතිශුද්ධ කොටස් වේ. මෙසේ කිරීම සදහට ම වලංගු නියෝගයකි.”
10
තවද, මිසර වැසියෙකුට දාව ඉශ්රායෙල් ජාතික ස්ත්රියකගෙන් උපන් එක්තරා මිනිසෙක්, ඉශ්රායෙල් ජනයා අතර විය. මොහු කඳවුර තුළ දී ඉශ්රායෙල් වැසියෙකු සමඟ දබර කෙළේ ය.
11
ඒ තැනැත්තාගේ මවගේ නම ෂෙලොමිත් ය. ඈ දාන්ගේ ගෝත්රයේ දිබ්රීගේ දුව වූවා ය. ඒ තැනැත්තා ද දබර කරන විට දෙවියන් වහන්සේගේ නාමයට අපහාස කොට සාප කෙළෙන්, සෙනඟ මෝසෙස් වෙත ඔහු ගෙනාවෝ ය.
12
මෙසේ ගෙනවුත්, සමිඳාණන් වහන්සේගේ තීරණය දැනගන්න තෙක් ඔව්හු ඔහු හිර අඩස්සි කළහ.
13
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:
14
“සාප කළ තැනැත්තා කඳවුරෙන් පිටතට ගෙනෙන්න. ඔහු කී දේට කන් දුන් සියල්ලන් ඔහුගේ හිස මත අත් තබා, මුළු ජනතාව ම ඔහුට ගල් ගැසිය යුතු ය.
15
නුඹ ද ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කියන්න: යමෙකු දෙවියන් වහන්සේට සාප කළොත්, ඔහු ඒ පාපයේ දුර්විපාකය දැරිය යුතු ය.
16
ඔහු උන් වහන්සේගේ නාමයට අපහාස කළ බැවින් මරණයට පත් කළ යුතු ය. විදේශිකයෙක් වේවා, දේශයේ උපන් තැනැත්තෙක් වේවා, ඔහු දෙවියන් වහන්සේගේ නාමයට අපහාස කළොත්, මුළු ජනතාව එවැන්නෙකුට ගල් ගසා ඔහු මරණයට පත් කළ යුතු ය.
17
“යමෙකු මිනිසෙකු මැරුවොත්, ඔහු ද මැරිය යුතු ය.
18
යමෙකු මෘගයෙකු මැරුවොත්, මෘගයා වෙනුවට, වන්දි වශයෙන් මෘගයෙකු ගෙවිය යුතු ය.
19
“යමෙකු මිනිසෙකුට තුවාළයක් කළොත්, ඔහුටත් එලෙස ම කරනු ලැබේ.
20
ඇටකටුවට ඇටකටුව ය, ඇසට ඇස ය, දතට දත ය. යමෙකු යමෙකුට තුවාළ කළොත්, ඔහුටත් එලෙස ම කරනු ලැබේ.
21
“යමෙකු මෘගයෙකු මැරුවොත්, ඔහු ඒ වෙනුවට මෘගයෙකු දිය යුතු ය. යමෙකු මිනිසෙකු මැරුවොත්, ඔහු ද මරනු ලැබේ.
22
“ඉශ්රායෙල් ජනයා කෙරෙහි මෙන් ම ඔවුන් අතර වසන විදේශිකයන් කෙරෙහි ද එක ම නීතියක් බල පාන්නේ ය. මන්ද මම වනාහි නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙමි.”
23
මෙසේ මෝසෙස් ඉශ්රයෙල් ජනයාට කතා කෙළේ ය. ඔහු කී ලෙස ඔව්හු සාප කළ තැනැත්තා කඳවුරෙන් පිටතට ගෙනවුත් ඔහුට ගල් ගසා මැරුවෝ ය. ඉශ්රායෙල් ජනයා ද සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඉටු කළහ.
← Chapter 23
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 25 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27