bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Leviticus 13
Leviticus 13
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 12
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 14 →
1
තවද, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට කතා කොට මෙසේ වදාළ සේක:
2
“යමෙකුගේ ශරීරයේ හමේ බිබිලක් හෝ තඩිස්සියක් හෝ පැල්ලමක් හෝ හටගෙන, එය බෝවෙන චර්ම රෝගයක් වන්නට ඉඩ තිබේ නම්, ඔහු පූජක ආරොන් වෙත හෝ පූජකයෙකු වන ඔහුගේ පුතෙකු වෙත හෝ ගෙනා යුතු ය.
3
පූජකවරයා ද ඔහුගේ ශරීරයේ හමේ කුෂ්ඨය සෝදිසි කළ යුතු ය. රෝගය ඇති ස්ථානයේ රෝම සුදු පාට වී, කුෂ්ඨය හමේ ගැඹුරට ගොස් තිබේ නම්, එය බෝවෙන චර්ම රෝගයක් වේ. පූජකවරයා ද ඔහු සෝදිසි කළ පසු ඔහු අපවිත්‍ර ය කියා ප්‍රකාශ කළ යුතු ය.
4
එහෙත්, හමේ පැල්ලම සුදු පාට නමුත්, එය හමේ ගැඹුරට නොගොස් එහි රෝම සුදු පාට වී නොතිබේ නම්, පූජකවරයා එම කුෂ්ඨය ඇති තැනැත්තා දවස් හතක් වෙන් කොට තැබිය යුතු ය.
5
හත් වන දින පූජකවරයා ඔහු සෝදිසි කළ යුතු ය. කුෂ්ඨය එසේ ම ඇති ව, එය පැතිරී නැත් නම්, ඔහු ඒ තැනැත්තා තව දවස් හතක් වෙන් කොට තැබිය යුතු ය.
6
නැවත හත් වන දින පූජකවරයා ඔහු සෝදිසි කළ යුතු ය. එවිට කුෂ්ඨය මැල වී, එය හම පිට පැතිර නොගොස් තිබේ නම්, පූජකවරයා ඔහු පවිත්‍ර ය කියා ප්‍රකාශ කළ යුතු ය. එය තඩිස්සියක් පමණකි. ඔහු තම වස්ත්‍ර සෝදාගත් පසු පවිත්‍ර වනු ඇත.
7
පූජකවරයා ඔහු නැවත සෝදිසි කොට පවිත්‍ර යයි ප්‍රකාශ කළ පසු තඩිස්සිය හමේ වඩා පැතිරී ගියහොත්, ඔහු පූජකවරයා වෙත ඉදිරිපත් වී නැවත සෝදිසි කරවා ගනු ලැබිය යුතු ය.
8
පූජකවරයා ඔහු මෙසේ සෝදිසි කොට තඩිස්සිය හමේ පැතිර ගොස් ඇත්නම්, ඔහු ඒ තැනැත්තා අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. එය බෝවෙන චර්ම රෝගයක් වේ.
9
“යමෙකුට බෝවෙන චර්ම රෝගයක් ඇත්නම්, ඔහු පූජකවරයා වෙත ගෙනා යුතු ය.
10
ඔහු ඒ තැනැත්තා සෝදිසි කොට, හමේ බිබිල සුදු පාට නම්, එහි රෝම සුදු පාට වී බිබිල ඔඩු දුවන වණයක් වී ඇත්නම්
11
එය ඔහුගේ සිරුරේ හමේ වූ කල්ගිය බෝවෙන චර්ම රෝගයක් බැවින් ඔහු ඒ තැනැත්තා අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. තවද, ඒ තැනැත්තා වෙන් කිරීම අනවශ්‍ය ය. මන්ද, ඔහු දැනට ම අපවිත්‍ර ය.
12
තවද, බෝවෙන කුෂ්ඨ රෝගය හම පුරා පැතිර ගොස් පූජකයාට පෙනෙන පරිදි එය ඔහුගේ හිස සිට පා දක්වා මුළු හම ම වසා ඇත්නම්,
13
ඔහු ඒ තැනැත්තා යළි සෝදිසි කළ යුතු ය. බෝවෙන චර්ම රෝගය ඔහුගේ මුළු ශරීරය ම වසා ඇත්නම්, ඔහු ඒ තැනැත්තා පවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. බෝවෙන චර්ම රෝගය මුළුමනින් ම සුදු පාට වී ඇති බැවින් ඔහු පවිත්‍ර ය.
14
එහෙත්, ඔඩු දුවන වණ පෙනේ නම් ඔහු අපවිත්‍ර ය.
15
පූජකවරයා ඒ වණ පරීක්ෂා කොට ඔහු අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. ඔඩු දුවන වණ අපවිත්‍ර ය. එය බෝවෙන චර්ම රෝගයකි.
16
ඒ ඔඩු දුවන වණ යළි වෙනසක් දක්වා සුදු පාටට හැරුණොත්, ඔහු පූජකවරයා වෙත යළි පැමිණිය යුතු ය.
17
ඔහු ඒ තැනැත්තා සෝදිසි කොට බෝවෙන චර්ම රෝගය සුදු පාට වී ඇත්නම්, ඒ තැනැත්තා පවිත්‍ර බව ප්‍රකාශ කළ යුතු ය. එවැන්නෙක් බෝවෙන චර්ම රෝගයෙන් පවිත්‍ර ය.
18
“යමෙකුගේ ශරීරයේ හමේ ගඩ ගෙඩියක් තිබී, එය සුව වූ පසු
19
එම ගඩ ගෙඩිය තිබූ ස්ථානය සුදු පාට වී ඉදිමී හෝ රතට හුරු පැල්ලමක් හෝ ඇති වුවහොත්, එය පූජකවරයාට පෙන්විය යුතු ය.
20
පූජකවරයා ද ඔහු සෝදිසි කළ පසු, එය හමේ ගැඹුරට ගොස් එහි රෝම සුදු පාට වී ඇති බව පෙනේ නම්, ඒ තැනැත්තා අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. එය ගඩ ගෙඩියකින් හට ගැනුණු චර්ම රෝගයකි.
21
එහෙත්, පූජකවරයා ඔහු සෝදිසි කළ පසු එහි සුදු පාට රෝම නැති බවත්, හමේ ගැඹුරට ගොස් නැති බවත්, එය මැල වී තිබෙන බවත් පෙනේ නම්, ඔහු ඒ තැනැත්තා දවස් හතක් වෙන් කොට තැබිය යුතු ය.
22
එය හම පුරා පැතිරී ගියහොත්, පූජකවරයා ඔහු අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. එය බෝවෙන චර්ම රෝගයකි.
23
එහෙත්, එම පැල්ලම පැතිරී නොගොස් එසේ ම පවතී නම්, එය ගඩ ගෙඩියේ කැළල ය. පූජකවරයා ඔහු පවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය.
24
“යමෙකුගේ ශරීරයේ හම ගින්නෙන් පිළිස්සී, ඒ පිළිස්සුණ ස්ථානයේ වණයේ, ලා රතු හෝ සුදු හෝ පැල්ලමක් ඇති වුණොත්,
25
පූජකවරයා ඔහු සෝදිසි කළ යුතු ය. පැල්ලමේ රෝම සුදු වී ඇති බව ද හමේ ගැඹුරට ගොස් ඇති බව ද පෙනේ නම්, එය පිළිස්සීමෙන් හට ගැනුණු බෝවෙන චර්ම රෝගයකි. එබැවින් පූජකවරයා ඔහු අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. එය බෝවෙන චර්ම රෝගයකි.
26
පූජකවරයා ඔහු සෝදිසි කොට, එම පැල්ලමේ සුදු පාට රෝම නැති බවත්, එය හමේ ගැඹුරට ගොස් නැති බවත්, එය මැල වී ඇති බවත් දකී නම්, ඔහු ඒ තැනැත්තා දින හතක් වෙන් කොට තැබිය යුතු ය.
27
හත් වන දින පූජකවරයා ඔහු සෝදිසි කොට, එය හමේ පැතිරී ගොස් තිබේ නම්, ඒ තැනැත්තා අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. එය බෝවෙන චර්ම රෝගයකි.
28
එහෙත්, ඒ පැල්ලම පැතිරී නොගොස් එලෙස ම පවතී නම්, එය මඳක් මැල වී ඇති නම්, එය පිළිස්සීමෙන් හටගත් ඉදිමීමකි. පූජකවරයා ඔහු පවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. එය පිළිස්සීමෙන් හටගත් කැළලක් පමණි.
29
“පුරුෂයෙකුගේ හෝ ස්ත්‍රියකගේ හෝ හිසේ හෝ නිකටේ හෝ වණයක් තිබේ නම්,
30
පූජකවරයා එම වණය සෝදිසි කළ යුතු ය. එය හමේ ගැඹුරට ගොස් තිබෙන බවත්, එහි කහ පාටට හුරු සිහින් රෝම ඇති බවත් පෙනේ නම්, පූජකවරයා එවැනි අය අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. එය දදයක් බැවින්, එය හිසේ හෝ නිකටේ හෝ හටගන්න බෝවෙන චර්ම රෝගයකි.
31
පූජකවරයා ද එම දදය සෝදිසි කොට, එය හමේ ගැඹුරට නොගොස් එහි කළු පාට රෝම නොතිබේ නම්, ඔහු ඒ තැනැත්තා හත් දිනක් වෙන් කොට තැබිය යුතු ය.
32
හත් වන දින දී පූජකවරයා ඒ තැනැත්තා සෝදිසි කොට, දදය පැතිරී නොගොස් එහි කහ පාටට හුරු රෝම නොතිබේ නම්, දදය හමේ ගැඹුරට නොගොස් ඇත්නම්,
33
ඒ තැනැත්තාට හිස බූගාගන්නට සැලැස්විය යුතු ය. එහෙත්, දදය බූනොගෑ යුතු ය. තව හත් දිනක් ද ඔහු වෙන් කොට තැබිය යුතු ය.
34
නැවත හත් වන දින පූජකවරයා ඒ රෝගියා සෝදිසි කොට, දදය හමේ නොපැතිරී, හමේ ගැඹුරට නොගොස් ඇත්නම්, ඒ තැනැත්තා පවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. රෝගියා ද තම වස්ත්‍ර සෝදාගත් පසු පවිත්‍ර වේ.
35
එහෙත්, ඔහු සෝදාගත් පසු දදය වඩාත් පැතිරී ගොස් තිබේ නම්,
36
පූජකවරයා ඔහු නැවත සෝදිසි කොට දදය පැතිරී ගොස් ඇත්නම්, එහි කහ පාටට හුරු රෝම නැති ව වේවා ඔහු අපවිත්‍ර කෙනෙකු වනු ඇත.
37
එහෙත්, දදය එලෙස වෙනසක් නැති ව ද, එහි කළු පාට රෝම වැඩෙමින් ද තිබේ නම්, දදය සුව වී ඇත. ඔහු පවිත්‍ර බැවින් පූජකවරයා එලෙස ප්‍රකාශ කළ යුතු වේ.
38
“යම් පුරුෂයෙකුගේ හෝ ස්ත්‍රියකගේ හෝ ශරීරයේ හමේ සුදු පලු හටගතහොත්,
39
පූජකවරයා එවැන්නෙකු සෝදිසි කළ යුතු ය. හමේ ඒ දදය සුදුමැලි ව තිබේ නම්, එය හමේ හටගන්න ගෝමර වේ. එවැන්නෙක් පවිත්‍ර කෙනෙකි.
40
“යම් පුරුෂයෙකුගේ හිසකෙස් වැටුණොත් ඔහු හිස මුඩු කෙනෙකි; ඔහු පවිත්‍ර ය.
41
තවද, ඔහුගේ මුහුණට ඉහළින් හිසේ ඉස්සරහ කොටසේ හිසකෙස් වැටී නළල මුඩු කෙනෙකු වුව ද ඔහු පවිත්‍ර ය.
42
එහෙත්, ඒ මුඩු හිසෙහි හෝ මුඩු නළලෙහි සුදුමැලි වණයක් හටගතහොත් එය බෝවෙන චර්ම රෝගයකි.
43
පූජකවරයා ඔහු සෝදිසි කළ විට මුඩු හිසෙහි හෝ මුඩු නළලෙහි හෝ ඉදිමුම, හමේ හට ගන්න බෝවෙන චර්ම රෝගයක් මෙන් මඳක් රතට හුරු නම්,
44
ඔහු හමේ බෝවෙන රෝගයක් ඇති කෙනෙකි. ඔහු අපවිත්‍ර ය. පූජකවරයා ඒ තැනැත්තාගේ හිසේ බෝවෙන චර්ම රෝගයක් ඇති බැවින් ඔහු අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය.
45
බෝවෙන චර්ම රෝගියා ද තම වස්ත්‍රය ඉරාගෙන, තම හිසකෙස් අවුල් කොටගෙන, තම උඩු තොල වක්ත්‍ර පටියකින් වසාගෙන, ‘අපවිත්‍ර ය, අපවිත්‍ර ය’යි කෑගැසිය යුතු ය.
46
බෝවෙන චර්ම රෝගය ඇති මුළු කාලය තුළ ම ඔහු කෙලෙසුණු, අපවිත්‍ර කෙනෙකි. ඔහු කඳවුරෙන් පිටත හුදකලා ව විසිය යුතු ය.
47
“යම් රෙදි කඩක චර්ම රෝග ලකුණු තිබුණොත්, එම රෙදි කඩ ලෝම වස්ත්‍රයක් හෝ හණ වස්ත්‍රයක් හෝ වේවා,
48
හණ හෝ ලෝමයෙන් හෝ වියූ ඇතිරිල්ලක් හෝ වේවා, හම් පිළියක් හෝ හමින් සෑදූ යමක් හෝ වේවා,
49
එම රෝග ලකුණු හම් පිළියේ හෝ වියූ වස්ත්‍රයේ හෝ හමින් සෑදූ යමක හෝ වේවා, කොළ පාටට හෝ රතු පාටට හෝ හුරු ව පෙනේ නම්, එය බෝවෙන චර්ම රෝග ලකුණකි. ඒ රෙදිකඩ පූජකවරයාට පෙන්වා
50
ඔහු එය සෝදිසි කළ පසු, දින හතක් එය වෙන් කොට තැබිය යුතු ය.
51
ඔහු ද එහි රෝගය හත් වන දින සෝදිසි කළ විට එය ඉහත කී වස්ත්‍රයක එනම්, වියූ ඇතිරිල්ලක වේවා, හමින් සෑදූ යමක වේවා පැතිරී ගොස් තිබේ නම්, එවැන්නක් සැරෙන් බෝවෙන චර්ම රෝගයකි. එය අපවිත්‍ර ය.
52
එබැවින් ඔහු එබඳු ඕනෑ ම පිළියක්, හණ හෝ ලෝමයෙන් හෝ වියූ ඇතිරිල්ලක් හෝ වේවා, හමින් සෑදූ යමක් හෝ වේවා, සැරෙන් බෝවෙන චර්ම රෝගයක ලකුණු ඇති බැවින් ඒවා ගින්නෙන් පුළුස්සා දැමිය යුතු ය.
53
එහෙත්, පූජකවරයා එවැනි වස්ත්‍රයක් සෝදිසි කළ පසු එම රෝගය, වියූ ඇතිරිල්ලක වේවා, හමින් සෑදූ යමක වේවා, එය පැතිරී ගොස් නැත්නම්,
54
ඒවා සෝදන්නට අණ කොට, තව හත් දිනක් ඒවා වෙන් කොට තැබිය යුතු ය.
55
වස්ත්‍රය සේදූ පසු පූජකවරයා එය සෝදිසි කොට බලන විට, රෝග ලකුණුවල පාට වෙනස් නොවී, රෝගය පැතිරී නොගොස් තිබෙන නමුත්, එය අපවිත්‍ර ය. එය ගින්නේ පිළිස්සිය යුතු ය. මන්ද, රෝගය, වස්ත්‍රයේ ඇතුළු පැත්තේ වේවා, පිට පැත්තේ වේවා, ඊට තදින් කාවැදී ඇති බැවිනි.
56
වස්ත්‍රය සේදූ පසු පූජකවරයා එය සෝදිසි කරන විට රෝග ලකුණු මැල වී තිබෙන බව පෙනේ නම්, ඔහු ඒ කොටස වස්ත්‍රයෙන් හෝ හම් පිළියෙන් හෝ වියූ වස්ත්‍රයෙන් හෝ ඉරා දැමිය යුතු ය.
57
ඉන්පසු පවා එම රෝග ලකුණු වියූ ඇතිරිල්ලක හෝ හමින් සෑදූ යමක හෝ පෙනේ නම්, ඒවා පැතිරී යන බෝවෙන චර්ම රෝගයක ලකුණු බැවින් එවැන්නක් ගින්නේ පිළිස්සිය යුතු ය.
58
එහෙත්, සේදූ වස්ත්‍රයෙන්, වියූ ඇතිරිල්ලෙන් හෝ හමින් සෑදූ යමකින් වේවා, රෝග ලකුණු පහ වී ගොස් තිබේ නම්, එය දෙ වන වරටත් සේදූ පසු පවිත්‍ර වනු ඇත.
59
මෙය වනාහි ලෝම වස්ත්‍ර වේවා, වියූ හණ හෝ ලෝම හෝ පිළි වේවා, හම් පිළි හෝ වේවා, ඒවායේ පවිත්‍ර අපවිත්‍රතාව ප්‍රකාශ කිරීමට අදාළ වන නීතිය වේ.”
← Chapter 12
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 14 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27