bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Leviticus 20
Leviticus 20
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 19
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 21 →
1
සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතමින්,
2
“නැවත ඉශ්රායෙල් ජනයාට මෙසේ කියන්නැ”යි වදාළ සේක: “ඉශ්රායෙල් ජනයා අතරෙන් යමෙකු හෝ ඉශ්රායෙල් ජනයා අතර වසන විදේශිකයෙකු හෝ තම දරුවෙකු මොලෙක් නම් දේවතාවා හට බිලි කළොත්, සෙනඟ ඔහුට ගල් ගසා ඔහු මරණයට පත් කළ යුතු ය.
3
එවැන්නෙකු සිය දරුවා මොලෙක්ට බිලි දුන් නිසා ද මාගේ ශුද්ධස්ථානය කෙලෙසූ නිසා ද මාගේ ශුද්ධ නාමය ගැරහූ නිසා ද මම ඔහුට විරුද්ධ වී ඔහුගේ සෙනඟ කෙරෙන් ඔහු නෙරපා දමමි.
4
දේශයේ ජනතාව එවැන්නෙකු තම දරුවා මොලෙක්ට බිලි දුන් පසුත් ඔහු නොමරා, යම් හෙයකින් එය නොසලකා හැරියොත්,
5
මම එවැන්නෙකුට ද එවැන්නෙකුගේ මුළු පවුලට ද මට අවිශ්වාසවන්ත වී මොලෙක් වැළඳගෙන ඔහුට පුද පූජා පවත්වන සියලු දෙනාට ද විරුද්ධ වී ඔවුන්ගේ සෙනඟ අතරෙන් ඔවුන් නෙරපා දමමි.
6
තවද, යමෙකු මට අවිශ්වාසවන්ත වී ආත්ම බන්ධනකාරයන්ගෙන් ගුරුකම් ගන්න අය හා මන්ත්රකාරයන් පසුපස ගියොත්, මම එවැන්නෙකුට විරුද්ධ වී ඔහුගේ සෙනඟ අතරෙන් ඔහු නෙරපා දමමි.
7
එබැවින් නුඹලා දෙවියන් වහන්සේට කැප වීමෙන් ශුද්ධ වන්න. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.
8
මාගේ නීති රක්ෂා කරමින් ඒවා ඉටු කළ යුතු ය. නුඹලා විශුද්ධ කරන සමිඳාණන් වහන්සේ මම වෙමි.
9
“එබැවින් යමෙකු තම පියාට හෝ මවට හෝ සාප කළොත්, ඔහු මරණයට පත් කරනු ලැබේ. ඔහු එවැන්නක් කළ බැවින් ඔහුගේ මරණය ගැන ඔහු ම වගකිව යුතු ය.
10
“යමෙකු වෙන කෙනෙකුගේ භාර්යාවක සමඟ පරදාර සේවනය කළොත්, දෙදෙනා ම මරණයට පත් කළ යුතුය.
11
යමෙකු තම පියාගේ භාර්යාවක සමඟ සයනය කළොත්, ඔහු තම පියාට නින්දා කරනු ඇත; ඒ දෙදෙනා ම මරණයට පත් කළ යුතු ය. තමන්ගේ මරණ ගැන ඒ දෙදෙනා ම වගකිව යුතු ය.
12
යමෙකු තම ලේලි සමඟ සයනය කළොත්, ඒ දෙදෙනා ම මරණයට පත් කළ යුතු ය. ඔවුන් අස්වාභාවික දෙයක් කළ බැවින් තමන්ගේ මරණ ගැන ඔවුන් වගකිව යුතු ය.
13
යම් පුරුෂයෙකු ස්ත්රියක සමඟ සයනය කරන ලෙස ම පිරිමියෙකු සමඟ හැසුරුණොත්, ඔවුන් පිළිකුල් දෙයක් කරනු ඇත. ඔවුන් මරණයට පත් කළ යුතු ය. ඔවුන්ගේ මරණ ගැන ඔවුන් ම වගකිව යුතු ය.
14
යම් මිනිසෙකු භාර්යාවක සහ ඇගේ මව ද සරණ පාවාගතහොත් එය දුෂ්ටකමකි. ඒ තිදෙන ම ගින්නෙන් පුළුස්සා මැරිය යුතු ය. මෙසේ කළොත්, ඔබ අතර මෙබඳු දුෂ්ටකම් නොපවතිනු ඇත.
15
යම් මිනිසෙකු සතෙකු සමඟ මෛථූනයෙහි යෙදුණොත්, ඔහු මරණයට පත් කළ යුතු ය. නුඹලා ඒ සතා ද මැරිය යුතු ය.
16
යම් ස්ත්රියක සතෙකු සමඟ මෛථූනයෙහි යෙදුණොත්, ඈ ද, ඒ සතා ද මරණයට පත් කළ යුතු ය. ඔවුන්ගේ මරණ ගැන ඔවුන් ම වගකිව යුතු ය.
17
“යම් මිනිසෙකු තම පියාගේ දුව හෝ තම මවගේ දුව වන තමාගේ සහෝදරිය හෝ පාවාගෙන ඇගේ නිරුවත අනාවරණය කළොත්, එය දුෂ්ටකමකි. ඔවුන් ප්රසිද්ධියේ නින්දාවට පත් කර තම සෙනඟ අතරෙන් නෙරපනු ලැබිය යුතු ය. ඔහු තම සොහොයුරියට නින්දා කළ බැවින්, ඒ දුෂ්ටකම ගැන වගකිව යුතු ය.
18
යම් මිනිසෙකු ස්ත්රියක සමඟ ඇගේ ඔසප් වීමේ කාලයේ දී සයනය කළොත්, ඇගේ ලේ ගැලීම දෙදෙනා ම දකින බැවින්, දෙදෙනා ම ඔවුන්ගේ සෙනඟ අතරෙන් නෙරපනු ලැබිය යුතු ය.
19
“යමෙකු තම මවගේ සොහොයුරියගේ හෝ තම පියාගේ සොහොයුරියගේ හෝ නිරුවත අනාවරණය නොකළ යුතු ය. මෙවැන්නක්, තම කිට්ටු නෑයන්ට කරන නින්දාවකි. ඔවුන් තමන්ගේ නපුරුකම ගැන වගකිව යුතු ය.
20
යම් මිනිසෙකු තම පියාගේ සහෝදරයෙකුගේ බිරිඳ සමඟ සයනය කළොත්, එවැන්නක් ඔහුගේ පියාගේ සහෝදරයාට කරන නින්දාවකි. ඔවුන් තමන්ගේ පාපය ගැන වගකිව යුතු අතර, දෙදෙනා ම දරුවන් නොලැබ මැරෙනු ඇත.
21
යම් මිනිසෙකු තම සහෝදරයාගේ බිරිඳ සරණ පාවාගතහොත් එය අපිරිසිදු ක්රියාවකි. එවැන්නක් ඔහු තම සහෝදරයාට කරන නින්දාවකි. ඔවුන් දෙදෙනා ම දරුවන් නොලැබ මැරෙනු ඇත.
22
“එබැවින් නුඹලා මාගේ සියලු නීති සහ සියලු විනිශ්චයයන් පිළිපදිමින් ඒවා ඉටු කළ යුතු ය. එවිට මා නුඹලා පදිංචි කරවීමට යන දේශය නුඹලා නෙරපා නොදමනු ඇත.
23
තවද, නුඹලා යන්නට කලින් මා පන්නාදමන විජාතීන්ගේ සිරිත් නොපිළිපැදිය යුතු ය. ඔවුන් මෙවැනි දේවල් කළ නිසා මම ඔවුන් පිළිකුල් කෙළෙමි.
24
තවද, කිරෙන් සහ මී පැණියෙන් ඉතිරෙන ඔවුන්ගේ දේශය මම නුඹලාට උරුම කොට දෙන බවටත්, එය නුඹලාට හිමි කොට දෙන බවටත් පොරොන්දු වුණෙමි. අවශේෂ ජාතීන්ගෙන් නුඹලා වෙන් කළ නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.
25
එබැවින් පවිත්ර සතුන් හා අපවිත්ර සතුන් ද පවිත්ර පක්ෂීන් හා අපවිත්ර පක්ෂීන් ද නුඹලා වෙන් කොට සැලකිය යුතු ය. මා අපවිත්ර යයි වෙන් කළ සතුන්ගේ හෝ පක්ෂීන්ගේ හෝ බඩගා යන සතුන්ගේ හෝ මාංස අනුභව කොට නුඹලා මට පිළිකුල් නොවිය යුතු ය.
26
නුඹලා මට ශුද්ධ ව සිටිය යුතු ය. සමිඳාණන් වහන්සේ වන මම ශුද්ධ ය. නුඹලා මට ම අයිති වනු පිණිස අවශේෂ ජාතීන්ගෙන් මම නුඹලා වෙන් කෙළෙමි.
27
“යම්කිසි ස්ත්රියක හෝ පුරුෂයෙකු හෝ ආත්ම බන්ධනකාරයන්ගේ හෝ මන්ත්රකාරයන්ගේ හෝ පිහිට සෙව්වොත්, ඔවුන්ට ගල් ගසා ඔවුන් මරණයට පත් කළ යුතු ය. ඔවුන්ගේ මරණ ගැන ඔවුන් ම වගකිව යුතු ය.”
← Chapter 19
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 21 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27