bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Leviticus 23
Leviticus 23
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 22
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 24 →
1
සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා,
2
“ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “නමස්කාරය සඳහා රැස්වීමක් පැවැත්විය යුතු සමිඳාණන් වහන්සේගේ මංගල්‍ය පහත සඳහන් ඒවා ය කියා ප්‍රකාශ කළ යුතු ය.”
3
“දවස් හයක් වැඩ කළ යුතු ය. හත් වන දින වන්දනාමාන පිණිස රැස්වීම් පවත්වන නිවාඩුවේ සබත් දිනය ය. එදින කිසි ම වැඩක් නොකළ යුතු ය. නුඹලා සියලු දෙන කොතැනක වාසය කළත්, එදින සමිඳාණන් වහන්සේට අයිති සබත් දින වේ.
4
තවද, ශුද්ධ නමස්කාරය සඳහා රැස්වීමක් පැවැත්විය යුතු, පහත දක්වන සමිඳාණන් වහන්සේගේ මංගල්‍ය, නියමිත කාලවල දී නුඹ ප්‍රකාශ කළ යුතු ය.”
5
“සමිඳාණන් වහන්සේගේ ගෞරවය පිණිස පවත්වන පාස්කුව අරඹනුයේ පළමු වන මාසයේ දහහතර වන දින සවස ය.
6
එම මාසයේ ම පසළොස් වන දින සමිඳාණන් වහන්සේගේ ගෞරවය පිණිස පවත්වන නුමුහුන් රොටි මංගල්‍යයයි. දවස් හතක් නුඹලා නුමුහුන් රොටි අනුභව කළ යුතු ය.
7
පළමු වන දින නුඹලා ශුද්ධ නමස්කාරය සඳහා රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින කිසි බර වැඩක් නොකළ යුතු ය.
8
දින හතක් තුළ නුඹලා සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන ආහාර පූජා ඔප්පු කළ යුතු ය. හත් වන දින ශුද්ධ නමස්කාරය සඳහා පවත්වන රැස්වීමකි. එදින කිසි බර වැඩක් නොකළ යුතු ය.”
9
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:
10
“ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කියන්න: ‘මා නුඹලාට දෙන්නට යන දේශයට නුඹලා පැමිණ, එහි අස්වැන්න නෙළාගත් විට, අස්වැන්නෙන් පළමුවෙන් ම කපාගත් ගොයම් මිටිය නුඹලා පූජකවරයා වෙත ගෙනා යුතු ය.
11
නුඹලා උදෙසා එය පිළිගනු ලබන ලෙස ඔහු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි එය පිදිය යුතු ය. ඔහු එය පිදිය යුත්තේ සබත් දවසට පසු දවසේ ය.
12
ධාන්‍ය පූජාව ඔප්පු කරන දින ම අවුරුද්දක් වයසැති කැළැල් රහිත බැටළු පැටියෙකු දවන යාග පූජාවක් වශයෙන් සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය.
13
ඒ සමඟ ම තෙලින් මිශ්‍ර සිහින් පිටි කිලෝග්‍රෑම් දෙකක් ධාන්‍ය පූජාවක් වශයෙන් සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් වන ලෙස ගින්නෙන් දවා උන් වහන්සේට පූජා කළ යුතු ය. තවද, මුද්‍රික පානය ලීටර එකක් ගෙන එය ද පානීය පූජාවක් ලෙස ඔප්පු කළ යුතු ය.
14
නුඹලාගේ නාඹුල් පල පඬුර දෙවියන් වහන්සේ වෙත ගෙනෙන දින වන තෙක් නුඹලා අලුත් ධාන්‍ය රොටි මෙන් සාදා හෝ අමුවෙන් හෝ විළඳ ලෙස හෝ අනුභව නොකළ යුතු ය. නුඹලා කොතැනක වාසය කළත්, නුඹලාගේ පෙළපත් තුළ මෙය සදහට ම වලංගු නියෝගයකි.”
15
“නුඹලා පිළිගැන්වීමේ පිළිවෙතින් පළමුවෙන් කපාගත් ගොයම් මිටිය පඬුරු ලෙස පුද කළ සබත් දිනට පසු දින පටන් සම්පූර්ණ සබත් දින හතක් ගණන් කළ යුතු ය.
16
හත් වන සබත් දිනට පසු පැමිණෙන පණස් වන දිනේ දී නුඹලා නව ධාන්‍ය පූජාවක් සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය.
17
එක් එක් පවුල, සිහින් පිටි කිලෝග්‍රෑම් දෙකක් ගෙන මුහුන් මිශ්‍ර කොට පුළුස්සන ලද රොටි දෙක බැගින් පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කරනු පිණිස ගෙනා යුතු ය. ඒවා සමිඳාණන් වහන්සේට පුදන නාඹුල් පල වනු ඇත.
18
තවද, නුඹලා රොටි සමඟ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් හත් දෙනෙකු ද එක ගොන් වස්සෙකු ද එළුවන් දෙදෙනකු ද ඔප්පු කළ යුතු ය. ඒවා දවන යාග පූජාවක් ලෙස ධාන්‍ය පූජාව සහ පානීය පූජාව සමඟ සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය. මෙලෙස ගින්නෙන් දවා පුදන පූජාව උන් වහන්සේට සුමිහිරි සුවඳක් වනු ඇත.
19
ඉන්පසු පාප පූජාවක් සඳහා එක එළු පැටියෙකු ද සහභාගිකමේ පූජාවක් සඳහා අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් දෙදෙනෙකු ද පුද කළ යුතු ය.
20
පූජකවරයා නාඹුල් පල වශයෙන් ගත් රොටි සමඟ බැටළු පැටියන් දෙදෙනෙකු පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කරමින් පුද කළ යුතු ය. උන් වහන්සේට ශුද්ධ පඬුරු වන ඒවා පූජකවරයාට හිමි වනු ඇත.
21
එදින නුඹලා ශුද්ධ නමස්කාරය පිණිස රැස්වන ලෙස ද බර වැඩ නොකරන ලෙස ද ප්‍රකාශ කළ යුතු ය. මෙය නුඹලාගේ පෙළපත් තුළ නුඹලා කොතැනක විසුවත්, සදහට ම වලංගු නියෝගයකි.
22
“නුඹලාගේ කෙත්වල අස්වැන්න නෙළන විට, කෙතේ මායිම්වල තිබෙන ගොයම් සියල්ල ම නොකැපිය යුතු ය. ඉතිරි වූ කරල් ඇහිලීමට කෙතට ආපසු නොයා යුතු ය. ඒවා දුප්පතුන් හා විදේශිකයන් සඳහා නුඹලා ඉතිරි කළ යුතු ය. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.”
23
සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, “ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කියන්නැ”යි වදාළ සේක.
24
“හත් වන මාසයේ පළමු වන දින දී නුඹලා විශේෂ සබත් දවසක් පැවැත්විය යුතු ය. හොරණෑ නද දෙන විට ශුද්ධ නමස්කාරය සඳහා රැස්විය යුතු ය.
25
එදින නුඹලා බර වැඩ නොකළ යුතු ය. එහෙත්, ආහාර පූජාවක් ගින්නෙන් දවා ඔප්පු කළ යුතු ය.”
26
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට මෙසේ වදාළ සේක:
27
“හත් වන මාසයේ දස වන දින පව් කමාව ලැබීමේ පිළිවෙත ඉටු කරන දිනයකි. එදින නුඹලා ශුද්ධ නමස්කාරය සඳහා රැස්විය යුතු ය. එදින උපවාස කර, ගින්නෙන් දවා ආහාර පූජාවක් සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය.
28
එදින කිසි ම වැඩක් නොකළ යුතු ය. එදින නුඹලා දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නුඹලා උදෙසා පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කරන දිනයකි.
29
එදින යමෙක් උපවාස නොකරන්නේ ද ඔහු තම සෙනඟ අතරෙන් නෙරපාදමනු ලැබේ.
30
එදින යමෙක් වැඩ කරන්නේ ද, ඔහු ද තම සෙනඟ අතරෙන් මරණයට පත් කරනු ලබනු ඇත.
31
එදින කිසි වැඩක් නොකළ යුතු ය. නුඹලා කොතැනක විසුවත් මෙය නුඹලාගේ පෙළපත් තුළ සදහට ම වලංගු නියෝගයකි.
32
එදින නුඹලා උපවාසය රකින මහා සබත් දවසක් විය යුතු ය. නව වන දින සවස සිට පසු දින සවස දක්වා මේ සබත් දිනය නුඹලා පැවැත්විය යුතු ය.”
33
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට,
34
“ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “සත් වන මාසයේ පසළොස් වන දින කූඩාරම් මංගල්‍යය අරඹනු ලැබේ. එය හත් දිනක් පැවැත්විය යුතු ය.
35
පළමු වන දින ශුද්ධ වන්දනාමාන පිණිස රැස්වීම පැවැත්විය යුතු ය. එදින නුඹලා බර වැඩ නොකළ යුතු ය.
36
හත් දිනක් ම සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා ආහාර පූජාවක් ඔප්පු කළ යුතු ය. අට වන දින ශුද්ධ නමස්කාරය සඳහා රැස්වීමක් පවත්වා ගින්නෙහි දවා ආහාර පූජාවක් සමිඳාණන් වහන්සේට ඔප්පු කළ යුතු ය. එදින ශුද්ධ නමස්කාරය සඳහා ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වන බැවින් කිසි බර වැඩක් නොකළ යුතු ය.
37
“ඒ ඒ දවසට නියමිත ලෙස කළ යුතු වූ, සමිඳාණන් වහන්සේට ගින්නෙන් කරන පූජාවන් නම්, දවන යාග පූජා, ධාන්‍ය පූජා, යාග පඬුරු සහ පානීය පූජාවන් ය. මෙම පූජා ඔප්පු කිරීම පිණිස ශුද්ධ සභා රැස්වීම කැඳවා ප්‍රකාශ කළ යුතු ය.
38
මෙකී මංගල්‍ය, සමිඳාණන් වහන්සේගේ සබත් දින, උන් වහන්සේට දෙන නුඹලාගේ පඬුරුවලට, බාරවලට හා ස්වේච්ඡා පූජාවලට අමතර ව වේ.”
39
“හත් වන මාසයේ පසළොස් වන දින නුඹලා දේශයේ පලදාව රැස්කරගත් පසු, හත් දිනක් ම සමිඳාණන් වහන්සේට මංගල්‍ය පැවැත්විය යුතු ය. පළමු වන දවස හා අට වන දවස විවේක ගත යුතු දින විය.
40
පළමු වන දවසේ දී නුඹලා ඉස්තරම් පලතුරු ද තල් අතු ද කොළ පිරුණු අතු ද ගං තෙරින් ගත් විලෝ ද ගෙන, නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ප්‍රීති ප්‍රමෝද වෙමින් හත් දිනක් මංගල්‍ය පැවැත්විය යුතු ය.
41
මෙලෙස අවුරුද්දට හත් දිනක් තුළ සමිඳාණන් වහන්සේට මංගල්‍ය පැවැත්විය යුතු ය. මෙය නුඹලාගේ පෙළපත් තුළ සදහට ම වලංගු නියෝගයකි. නුඹලා මේ මංගල්‍ය පැවැත්විය යුත්තේ හත් වන මාසයේ දී ය.
42
හත් දිනක් ම නුඹලා පැල්පත්වල වාසය කළ යුතු ය. ඉශ්රායෙල් ජාතිකයන් සියලු දෙන මෙසේ විසිය යුතු ය.
43
මෙලෙස මා ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් පිටතට ගෙනෙන විට මා ඔවුන්ට පැල්පත්වල වාසය කිරීමට සැලැසූ බව නුඹලාගේ අනාගත පරම්පරා දැනගන්නෝ ය. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම ය.”
44
මෝසෙස් සමිඳාණන් වහන්සේගේ මංගල්‍ය ඉශ්රායෙල් ජනයාට ප්‍රකාශ කෙළේ ය.
← Chapter 22
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 24 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27